අගෝස්තුවේ යුද ගිනිදැල්
යුක්රේනය නැගෙනහිර ප්‍රදේශයේ බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වන බව ඔබ සැම දන්නා සිද්ධියකි.බෙදුම්වාදීන්ට රුසියානු රජයේ සහාය ලැබෙන බව කුප්‍රකට කරුණකි.අගෝස්තුව ආරම්භයේදී රුසියානු සහාය ලබන බෙදුම්වාදීන් සහ යුක්රේන රජයේ හමුදා අතර හදිසි ප්‍රහාර සිදුවිය.තවද එම මාසයේදී රුසියාව යුක්රේන-රුසියා දේශසීමාව අසල සිය හමුදා තර කිරීමත් සමග දෙරට අතර යුද උණුසුම තවත් වර්ධනය විය.යුක්රේනය ,ක්‍රිමියාවේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමත් සමග රුසියාව යුක්රේන දේශසීමාව අසල යුද අභ්‍යාසයක් දියත් කරන ලදි.
දකුණු චීන මුහුද යනු ගැටුමක් දක්වා දුරදිග යා හැකි ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය.මෙම අර්බුදය දුර දිග ගියේ චීනයේ ආක්රමණකාරී ක්‍රියාකලාපය හේතුවෙන්ය.පසුගිය ජූලි 12 දා හේග් නගරයේ දී ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් තීන්දුවෙන් කියවුනේ චීනය දැනට අයිතිවාසිකම් කියන සහ ඉදිකිරීම් කල සහ කරමින් පවතින දූපත් සම්බන්ධව ඔවුන්ට අයිතියක් නොමැති බවයි.නමුත් එම තීන්දුව නොසලකා හරිමින් චීනය තම ආක්රමණකාරී ක්‍රියාකලාපය තවදුරටත් පුළුල් කරමින් සිටින බව වාර්තා වේ.ඒ අතරතුර එක්සත් ජනපදය එම කලාපයේ සිටින සිය මිත්‍ර රාජ්‍යයක් වන පිලිපීනය ධෛර්යයමත් කිරීමට කටයුතු කරමින් සිටියි.චීනයේ ආක්රමණකාරී ස්වභාවයට බාධා පැමිණවීමට එක්සත් ජනපදය එම කලාපයේ ජංගම කාලතුවක්කු පද්ධති රැදවීමට සලකා බලන බවද වාර්තා වේ.
දකුණු සුඩානය බිහිවූයේ සුඩානය නම් රාජ්‍යය ස්වභාවික සම්පත්(තෙල්),ආගම් බේදය නිසා කැඩී යෑමෙනි.දකුණු සුඩානය 2011 ජූලි මාසයේදී වෙනම රාජ්‍යයක් බවට පත්විය.නමුත් 2013 වර්ෂයේ අග භාගයේදී දකුණු සුඩානයේ සිවිල් යුද්ධයක් ඇරඹුණේ දේශපාලන බලය ලබාගැනීමට රට ජනපති සහ උප නායකයා අතර ඇතිවූ අරගලය නිසාවෙනි.2015 අගෝස්තු මාසයේදී ජනපති සල්වර් කීර් විසින් විරුද්ධවාදී රීක් මචර් සමග සටන් විරාමයක් සඳහා අත්සන් තබන ලදි.නමුත් 2016 ජූලි මාසයේදී සාම සාකච්ඡා බිද වැටුණි.මේවන විට සටන් යළි ඇරඹී තිබේ.යුනිසෙෆ් සංවිධානයට අනුව දකුණු වියට්නාම රජය සිය හමුදාවට ළමා සොල්දාදුවන් බදවා ගන්නා බව කියවේ.
යේමනය යනු පාර්ශ්ව රැසක් යුද වැදී සිටින සිවිල් යුද්ධයකි.මෙම සිවිල් යුද්ධය ඇරඹෙන්නේ දශක දෙකකට වැඩි කාලයක් එරට පාලනය කල අලි අබ්දුල්ලා සලෙහ් 2012 වර්ෂයේදී සිය බලය අතහැර යෑමෙන් පසුවයි.මේවන විට යේමනයේ සටන් වැදී සිටින පාර්ශ්වයන් වන්නේ අල්කයිදා සංවිධානය,ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්,සෞදි අරාබියේ සහාය ලබන වර්තමාන රජය, ඉරානයේ සහාය ලබන කැරලිකරුවන්(පෙර පැවැති රජයට පක්ෂපාතී හමුදා සාමාජිකයින්)ආදීන්ය.සටන් නිසා යේමනයට මේවන විට දැඩි හානි සිදුව තිබේ.මේ දක්වා සටන්වලින් මිය ගිය සිවිල් වැසියන් ගණන අවම වශයෙන් 10,000 පමණ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා සඳහන් කරන්නේ.
ලිබියාව නිමාවක් නැති සංග්‍රාමයකට මැදිවුනේ අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙසයි.ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා සටන් කල කණ්ඩායම ගඩාෆිගේ මරණයෙන් පසුව අවි අත්නොහැරීමත් ඔවුනොවුන් අතර බලය සදහා සටන් ඇතිවීමත් ඇරඹිණි.2014 වර්ෂයේදී ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ රජයත් විරුද්ධවාදී ඉස්ලාමීය රජයත් අතර දැනට ප්‍රධාන වශයෙන්ම සටන් පවතියි.එම පාර්ශ්ව දෙක දැනට ලිබියාව දෙකඩ කරගෙන පාලනය කරයි.ඊට අමතරව ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඇතුලුව ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් කුඩා භූමි ප්‍රදේශවල(නගර)බලය අල්ලාගෙන සිටියි.ලිබියානු හමුදා,එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල සහාය ඇතිව ලිබියාවේ සිරට් නගරයේ බලය අල්ලාගෙන හුන් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉන් නෙරපා හැරීමට සමත්විය.
මෙක්සිකෝව යනු මත්ද්‍රව්‍ය නිසා විනාශයට පත්වන රටක් බව අමුතුවෙන් කිව යුතු නැත.එරට මත්ද්‍රව්‍ය වෙළදාමේ ආධිපත්‍ය වෙනුවෙන් විවිධ කණ්ඩායම් සටන් වැදී සිටියි.පසුගිය ජූලි මාසයේදී මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල මරණ 2073ක් වාර්තා විය.ජනපති එන් රික් පෙනා නීටෝ 2012 වර්ෂයේදී බලයට පත්වීමෙන් පසුව වාර්තා වූ වැඩිම මරණ ගණන මෙන්ම 2011 අගෝස්තු වල සිට මේ දක්වා එක් මාසයකදී මරණ ගණන 2000 ඉක්මව වූ පළමු වතාවද මෙය බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙක් සමග අල්ලා ගත් අවි මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කල අවස්ථාවක්
ඉරාකයේ සදාම් හුසේන් බලයෙන් පහකිරීමෙන් පසුව එරට ප්‍රජාතන්තවාදය ඇතිකල හැකි බව බොහෝදෙනා විශ්වාස කල මේවන විට එරට තිබූ සාමයවත් දැන් දක්නට නොමැත.ෂියා-සුන්නි ගැටුම් බහුල ඉරාකයක් නිර්මාණය වූයේ එරට තුල ඇමෙරිකානු හමුදා රැඳී සිටියදීය.යැංකි හමුදා ඉරාකයෙන් ඉවත් වූ පසුව ඉරාකයේ උතුරු දිග ප්‍රදේශයේ බලය අල්ලාගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සමත් විය.කෙසේවෙතත් ඉරාකයේ ෂියා රජය,බටහිර ආධාර සහිතව අහිමි වු ප්‍රදේශවල බලය නැවත ලබාගනිමින් සිටියි.කුර්දි හමුදාද ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෙහිව අධිෂ්ඨානශීලීව සටන් වැදී සිටියි.
සිරියානු සිවිල් යුද්ධය යනු අරාබි වසන්තයේ තවත් එක් අසාර්ථක ප්‍රතිපලයකි.කලාපයේ අනෙක් රටවල ඒකාධිපතියන් මෙන් සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ගේ පාලනයද අවසන් කිරීමට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ප්රයත්න දැරුවද අද වන තෙක් එය අසාර්ථක වී තිබෙන්නේ අසීරුම අවස්ථාවේදී අෂාඩ්ගේ සහායට රුසියාව ඉදිරිපත් වීමත් සමගයි.සිරියාව තුල අෂාඩ්ගේ හමුදාවන්ට එරෙහිව බටහිර සහාය ලබන කැරලිකරුවන් මෙන්ම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානය ඇතුලුව ත්‍රස්තවාදී කණ්ඩායම් සටන් වැදී සිටියි.රටේ උතුරු ප්‍රදේශයේ කුර්දි හමුදා තනිවම ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් හා සටන් කරයි.ඒ අතරතුර ඔවුන්ට තුර්කි හමුදාවල ප්රහාරලටද ලක්වන්නට සිදුවී තිබේ.පසුගිය දා තුර්කියද සිරියානු සිවිල් යුද්ධයට නිල වශයෙන් හමුදා මැදිහත්වීමක් සිදුකරන ලද්දේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සහ කුර්දි හමුදාවලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට උතුරුදිග සිරියාව ආක්‍රමණය කිරීම හරහාය.
වයස විසිගනන් වල පසුව කුර්දි සටන්කාරියන් පිරිසක් ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෙහිව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වල යෙදුණු බව පසුගිය මාසයේදී වාර්තා විය.අගෝස්තු මස 23දා ඔවුන් සබ්මැරීනවලින් දියත් කරන මිසයිලයක් අත්හදා බලා තිබිණි.එම මාසයේ ආරම්භයේදී ඔවුන් ජපන් මුහුදේ බැලස්ටික් මිසයිල 2ක් අත්හදා බලන ලදි.චීනය,ජපානය සහ දකුණු කොරියාව මෙම අත්හදා බැලීම් වලට සිය අකමැත්ත ප්‍රකාශ කලහ.උතුරු කොරියාවට අලුතින් සම්බාධක පැනවිය යුතු බව කියමින් ජපානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කල බවද වාර්තා විය.
Source:businessinsider.com
-HarshaLulzSec-
ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයෙක් මරාදැමීමේ සිට යුක්රේනයේ සන්නද්ධ අරගලය තෙක් අගෝස්තු මාසය උණුසුම් කල ලොව පුරා සටන් බිම් මෙම සිතියමින් විස්තර කර තිබේ.
යුක්රේනය නැගෙනහිර ප්‍රදේශයේ බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වන බව ඔබ සැම දන්නා සිද්ධියකි.බෙදුම්වාදීන්ට රුසියානු රජයේ සහාය ලැබෙන බව කුප්‍රකට කරුණකි.අගෝස්තුව ආරම්භයේදී රුසියානු සහාය ලබන බෙදුම්වාදීන් සහ යුක්රේන රජයේ හමුදා අතර හදිසි ප්‍රහාර සිදුවිය.තවද එම මාසයේදී රුසියාව යුක්රේන-රුසියා දේශසීමාව අසල සිය හමුදා තර කිරීමත් සමග දෙරට අතර යුද උණුසුම තවත් වර්ධනය විය.යුක්රේනය ,ක්‍රිමියාවේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමත් සමග රුසියාව යුක්රේන දේශසීමාව අසල යුද අභ්‍යාසයක් දියත් කරන ලදි.
රුසියානු හමුදාව
දකුණු චීන මුහුද යනු ගැටුමක් දක්වා දුරදිග යා හැකි ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය.මෙම අර්බුදය දුර දිග ගියේ චීනයේ ආක්රමණකාරී ක්‍රියාකලාපය හේතුවෙන්ය.පසුගිය ජූලි 12 දා හේග් නගරයේ දී ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් තීන්දුවෙන් කියවුනේ චීනය දැනට අයිතිවාසිකම් කියන සහ ඉදිකිරීම් කල සහ කරමින් පවතින දූපත් සම්බන්ධව ඔවුන්ට අයිතියක් නොමැති බවයි.නමුත් එම තීන්දුව නොසලකා හරිමින් චීනය තම ආක්රමණකාරී ක්‍රියාකලාපය තවදුරටත් පුළුල් කරමින් සිටින බව වාර්තා වේ.ඒ අතරතුර එක්සත් ජනපදය එම කලාපයේ සිටින සිය මිත්‍ර රාජ්‍යයක් වන පිලිපීනය ධෛර්යයමත් කිරීමට කටයුතු කරමින් සිටියි.චීනයේ ආක්රමණකාරී ස්වභාවයට බාධා පැමිණවීමට එක්සත් ජනපදය එම කලාපයේ ජංගම කාලතුවක්කු පද්ධති රැදවීමට සලකා බලන බවද වාර්තා වේ.
දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් සඳහා ගෙන ආ ඇමෙරිකානු ජංගම කාලතුවක්කු රථ
දකුණු සුඩානය බිහිවූයේ සුඩානය නම් රාජ්‍යය ස්වභාවික සම්පත්(තෙල්),ආගම් බේදය නිසා කැඩී යෑමෙනි.දකුණු සුඩානය 2011 ජූලි මාසයේදී වෙනම රාජ්‍යයක් බවට පත්විය.නමුත් 2013 වර්ෂයේ අග භාගයේදී දකුණු සුඩානයේ සිවිල් යුද්ධයක් ඇරඹුණේ දේශපාලන බලය ලබාගැනීමට රට ජනපති සහ උප නායකයා අතර ඇතිවූ අරගලය නිසාවෙනි.2015 අගෝස්තු මාසයේදී ජනපති සල්වර් කීර් විසින් විරුද්ධවාදී රීක් මචර් සමග සටන් විරාමයක් සඳහා අත්සන් තබන ලදි.නමුත් 2016 ජූලි මාසයේදී සාම සාකච්ඡා බිද වැටුණි.මේවන විට සටන් යළි ඇරඹී තිබේ.යුනිසෙෆ් සංවිධානයට අනුව දකුණු වියට්නාම රජය සිය හමුදාවට ළමා සොල්දාදුවන් බදවා ගන්නා බව කියවේ.
රීක් මචර්ට පක්ෂ හමුදාව
යේමනය යනු පාර්ශ්ව රැසක් යුද වැදී සිටින සිවිල් යුද්ධයකි.මෙම සිවිල් යුද්ධය ඇරඹෙන්නේ දශක දෙකකට වැඩි කාලයක් එරට පාලනය කල අලි අබ්දුල්ලා සලෙහ් 2012 වර්ෂයේදී සිය බලය අතහැර යෑමෙන් පසුවයි.මේවන විට යේමනයේ සටන් වැදී සිටින පාර්ශ්වයන් වන්නේ අල්කයිදා සංවිධානය,ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්,සෞදි අරාබියේ සහාය ලබන වර්තමාන රජය, ඉරානයේ සහාය ලබන කැරලිකරුවන්(පෙර පැවැති රජයට පක්ෂපාතී හමුදා සාමාජිකයින්)ආදීන්ය.සටන් නිසා යේමනයට මේවන විට දැඩි හානි සිදුව තිබේ.මේ දක්වා සටන්වලින් මිය ගිය සිවිල් වැසියන් ගණන අවම වශයෙන් 10,000 පමණ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා සඳහන් කරන්නේ.
යේමන් සෙබලෙක්
ලිබියාව නිමාවක් නැති සංග්‍රාමයකට මැදිවුනේ අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙසයි.ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා සටන් කල කණ්ඩායම ගඩාෆිගේ මරණයෙන් පසුව අවි අත්නොහැරීමත් ඔවුනොවුන් අතර බලය සදහා සටන් ඇතිවීමත් ඇරඹිණි.2014 වර්ෂයේදී ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ රජයත් විරුද්ධවාදී ඉස්ලාමීය රජයත් අතර දැනට ප්‍රධාන වශයෙන්ම සටන් පවතියි.එම පාර්ශ්ව දෙක දැනට ලිබියාව දෙකඩ කරගෙන පාලනය කරයි.ඊට අමතරව ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඇතුලුව ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් කුඩා භූමි ප්‍රදේශවල(නගර)බලය අල්ලාගෙන සිටියි.ලිබියානු හමුදා,එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල සහාය ඇතිව ලිබියාවේ සිරට් නගරයේ බලය අල්ලාගෙන හුන් ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉන් නෙරපා හැරීමට සමත්විය.
මෙක්සිකෝව යනු මත්ද්‍රව්‍ය නිසා විනාශයට පත්වන රටක් බව අමුතුවෙන් කිව යුතු නැත.එරට මත්ද්‍රව්‍ය වෙළදාමේ ආධිපත්‍ය වෙනුවෙන් විවිධ කණ්ඩායම් සටන් වැදී සිටියි.පසුගිය ජූලි මාසයේදී මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල මරණ 2073ක් වාර්තා විය.ජනපති එන් රික් පෙනා නීටෝ 2012 වර්ෂයේදී බලයට පත්වීමෙන් පසුව වාර්තා වූ වැඩිම මරණ ගණන මෙන්ම 2011 අගෝස්තු වල සිට මේ දක්වා එක් මාසයකදී මරණ ගණන 2000 ඉක්මව වූ පළමු වතාවද මෙය බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙක් සමග අල්ලා ගත් අවි මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කල අවස්ථාවක්
ඉරාකයේ සදාම් හුසේන් බලයෙන් පහකිරීමෙන් පසුව එරට ප්‍රජාතන්තවාදය ඇතිකල හැකි බව බොහෝදෙනා විශ්වාස කල මේවන විට එරට තිබූ සාමයවත් දැන් දක්නට නොමැත.ෂියා-සුන්නි ගැටුම් බහුල ඉරාකයක් නිර්මාණය වූයේ එරට තුල ඇමෙරිකානු හමුදා රැඳී සිටියදීය.යැංකි හමුදා ඉරාකයෙන් ඉවත් වූ පසුව ඉරාකයේ උතුරු දිග ප්‍රදේශයේ බලය අල්ලාගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සමත් විය.කෙසේවෙතත් ඉරාකයේ ෂියා රජය,බටහිර ආධාර සහිතව අහිමි වු ප්‍රදේශවල බලය නැවත ලබාගනිමින් සිටියි.කුර්දි හමුදාද ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෙහිව අධිෂ්ඨානශීලීව සටන් වැදී සිටියි.
මෝසුල් නගරය ආසන්නයේ සිටින කුර්දි හමුදා

thnks bro