අඟහරු කාල උමග

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    MSS (Mars Space Station) මෙහෙයුමේ කමාන්ඩර්වරයා වූ මයික්, සිය අජටාකාශ ඇඳුම් කට්ටලයේ වූ ඩිජිටල් තිරය දෙස බැල්මක් හෙලුවේය. මෙහෙයුම අවසානයට තව පැය හතරක් ඉතුරුව තිබුනි. ඉන්පසු ඔහු මොඩියුලයේ සවිකර තිබූ ආධාරක අල්ලු භාවිත කර ඉහලට යන්නට විය.

    ඉහල කොටසේ තිබූ යානා තොටමුණ අමුනා සම්පූර්ණ කිරීම ඔවුන්ගේ අවසාන රාජකාරිය විය. මයික් ඉහළට ළඟාවනවිට ඔහුගේ කන්ඩායම් සඟයින් පස් දෙනා විවිධ කටයුතුවල නිරත වෙමින් සිටියහ.

    බොබ්, යානයේ අල්ලුවක් අල්ලාගෙන ආරක්ෂක පටියද නොමැතිව කරනම් ගසමින් සිටියේය. ;) අනෙක් අය ඔහුගේ විකාරවලට සිනාසෙමින් රේඩියෝ ජාලයම හිනා වලින් පුරවමින් සිටියහ.
    මයික් සිය ගෙල මත වූ පාලකයෙහි බොත්තමක් ඔබා මුලු ජාලයම නිහඬ කළේය.

    "මොනවද ඕයි බොබ් ඔය පිස්සු කෙළින්නෙ? :angry: තව පැය හතරක් ඇතුලත අපි මේක එකලාසයක් කරල ආපහු යන්නත් ඕන." මයික් පැවසීය.

    "නෑ.., කමාන්ඩර්... මම මේ..." ආධරකයක් අල්ලාගෙන ස්ථාවර වූ බොබ් වචන ගලපාගන්නට අසාර්ථක උත්සාහයක් දැරුවේය.

    "හරි හරි, කියවන්නෙ නැතුව වැඩේ කරපන් :angry: ." ඔහු මැඩගත් කෝපයකින් පැවසීය.

    මයික් මොඩියුලය මතින් බැස නැවතත් වාසස්ථානයට ඇතුල් විය.

    තම කතාබහ මයික්ට නොඇසෙන බව තහවුරු කරගත් රිචඩ්, "මේ යකාට මොනව වෙලාද මන්දා :confused:" යැයි පැවසුවේය.

    "මොකක් හරි අවුලක් හින්ද කේන්ති ගිහිල්ල. නැත්නම් ඔහොම බනින්නෙ නෑ. උඹ ගනන් ගන්න එපා බොබ්.:yes:" ටිම් පැවසුවේය.

    ඔවුන් නොනවත්වාම කාර්‍යය කරගෙන ගියහ. රේඩියෝ ජාලයේ බීප් ශබ්දයක් ඇසුනි.

    "බොබ්, මයික් අමතනවා..." මයික්ගේ හඬ රේඩියෝවෙන් ඇසුනි.

    "කියන්න කමාන්ඩර්."

    "මම බැනපු එක එච්චර ගනන් ගන්න එපා, මට ටිකක් කේන්ති ගිහිල්ලා හිටියේ."

    "අවුලක් නෑ බන්.."

    සියලු ගැටලු එතැනින් අවසන් විය. කන්ඩායම යුහුසුලුව ඔවුන්ගේ රාජකරිවල යෙදුනහ.

    ඔවුන් නිසි පරිදි රාජකාරි කටයුතු හමාර කළේ මෙහෙයුම් අවසන් වීමට පැය භාගයක් පමන තිබෙද්දීය. මා(ර්)ස් කැප්සියුලයක් මගින් අඟහරු මතුපිටට ගොඩ බෑමට යන්නේ මිනිත්තු කිහිපයකි. නමුත් එය ඉතා භයානක සහ අපහසුකාරි ගමනකි.

    ඔවුන් සියලුදෙනාම කැප්සියුලය තුලට ගොඩවී අසුන් ගත්හ. ඉන්පසු මයික් අවසර ලබා ගැනීම සඳහා ඔලිම්පස් මොන්ස් මෙහෙයුම් පාලන ඒකකයට රේඩියෝ පනිවුඩයක් යොමු කළේය.

    "ඔලිම්පස් මොන්ස්, අපි මතුපිටට ඒම සඳහා කැප්සියුලයට ගොඩ වුනා. නැවත-ඇතුල්වීම සහ ගොඩබෑම සඳහා අවසර ලබා දෙන්න."

    සාමන්‍යයෙන් තත්පර කිහිපයක් තුල පිලිතුරක් ලැබුනි.

    "MSS, මාස් කැප්සියුල් 1, ඔලිම්පස් මොන්ස් අමතනවා.. කැප්සියුලය නැවත-ඇතුල්වීම සඳහා -" විකෘති ශබ්දයක් සමග රේඩියෝ සංඥා ඇණ හිටිනි.

    අලුතින් අඟහරු කක්ෂයේ ඉදිකෙරූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, එයට සම්බන්ධ කර තිබූ කැප්සියුලයද සමග හිටිවනම වේගයෙන් කැරකැවෙන්නට පටන් ගත්තේය. MSS කන්ඩායමට අත්විදීමට ලැබුනේ අධික ගුරුත්ව බලයකි. මුලු විශ්වයම ඔවුන් වටා කරකැවෙන්නා සේ ඔවුන්ට දැනුනි. සියලුම දෙනා අධික භීතියකින් යුක්තව ගල්ගැසී බලා සිටියහ.

    මතු සම්බන්ධවීමට ඉඩ ඇත​
     
    Last edited: