අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌

    downloaduh.jpg


    අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්‌නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක්‌ හෙළි නොවූ රහස්‌ හෙළි කර තිබේ. ස්‌නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්‌නිපර් කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.
    රුසියානු අභ්‍යවකාශ කොමිසමේ ජෝර්ඡ් ජයාකෙට්‌ පවසන්නේ අඟහරු මත දුම්රිය ස්‌ථානයක්‌ ඇති බවට ස්‌නිපර් කළ ප්‍රකාශය සත්‍ය බවයි.

    ජෝශප් ස්‌නිපර් දක්‌වන අන්දමට විශාල ආවාටයේ සිට සැතපුම් 1000 ක්‌ දුරින් දුම්රිය මාර්ගය විහිදී ඇත.
    මේ ආවාටය ඛනිජ වස්‌තුවලින් පිරි ස්‌ථානයක්‌ යෑයි ඔහු තවදුරටත් කියා සිටී. අපට වඩා දියුණු පිරිසක්‌ අඟහරු ග්‍රහයා මතුවිට සිටින බව මින් පැහැදිලි යෑයි ස්‌නිපර් කියා සිටියේය.
    ස්‌නිපර්ගේ මේ හෙළිදරව්ව සමග අඟහරු ග්‍රහයා තුළ පිටසක්‌වල ජීවීන් සිටින බවට සැකකෙරේ. මෙයට වසර ගණනකට පෙර ඇපලෝ යානාව සඳ මතට පා තැබූ අවස්‌ථාවේ විශාල ආගාධයක සිටි ජීවීන් පිරිසක්‌ තමා දුටු බව එක්‌ ගගනගාමියකු පවසනු ලැබීය.
    එහෙත් එම ප්‍රකාශයට නාසා පාලක මැදිරිය විසින් බාධා කර ඇතැයි පසුව හෙළි විය. මේ පසුබිම යටතේ අඟහරු ග්‍රහයා සම්බන්ධ වූ පරීක්‍ෂණ වැඩිදියුණු කර ඇත.
    ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" නමැති චන්ද්‍රිකාව සහ ඊට අනුබද්ධව ගොඩබැස්‌විය හැකි යානාවන් යෑවීමට සැලසුම් කර ඇත්තේ මේ තොරතුරු නිසාය.

    http://seramadewal.blogspot.com/2011/11/blog-post_15.html#more
     
    • Like
    Reactions: rpsnandana

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතින් හොදයි නේ මචන්. දැන් අපිටත් පුළුවන් අපේ රටෙන් ටීම් එකක් (ටීම් එකක් කිවුවේ 160 ක විතර) අද්යනයක් සදහා යවන්න, කොහොමද අගහරු ග්‍රහයාගේ railway system එක වැඩකරන්නේ කියල. හොදනම් ඉතින් engine තුන හතරකුයි, පෙට්ටි ටිකකුයි ගෙන්නන්නත් පුළුවන්නේ. :rofl::rofl::rofl::rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය සම්බන්දයෙන් කිසිම විස්තරයක් මට internet එකෙන් හොයාගන්න බැරි උනේ ඇයි ?
     

    Similar threads