අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ
මිනිස් වර්ගයාගේ අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ
අද(26) මධ්‍යම රාත්‍රියේ අඟහරු මතට යානයක් ගොඩ බැස්සවීමට නියමිත බව නාසා ආයතනය පවසයි.
ලෝක ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් “ඉන්සයිට්” නම් රොබොටික් ලෑන්ඩරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සවීමට නාසා ආයතනය සැළසුම් කර ඇති අතර එම ඵෙතිහාසික අවස්ථාව ලොව පුරා සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට ද නාසා ආයතනය කටයුතු කර ඇත.
සජීව විකාශය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නොවැම්බර් 27 වැනිදා පෙරවරු 12:01 – 1:30 අතර කාලයේ ආරම්භවීමට නියමිතව ඇත.
අද මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි හතළිහක් පමණ ඇතුළත මේ ඉන්සයිට් නැවතුම් දාරකය අඟහරුගේ වායුගෝලයට අංශක 12 ආනතියකින් යුතුව, පැයට කිලෝමීටර් 19,872.83 ක වේගයන් ඇතුලු වීමට නියමිත ය.
කිසියම් ග්‍රහලෝකයකට අයත් වායුගෝලයකට ග්‍රහ වස්තුවක් පිවිසීමේ ආනතිය පිවිසුම් ආනතිය ලෙස හැඳින්වෙන අතර එය වස්තුවේ ස්කන්ධයය මත තීරණය වන ගුණයකි. එමෙන්ම පිවිසුම් ආනතිය නියමිත අංශක අගයට වඩා අඩු නම් එය වායුගෝල ස්ථරයකින් පොළා පැන, යළි අභ්‍යවකාශයට විසිවී, බොහෝ විට දිගටම පොළා පැනීමක් හෝ, නැත්නම් වඩා සිරස් ආනතියකින් යළි පැමිණ දැවීයාමේ හැකියාව ඇති බව නාසා ආයතනය පවසයි. මෙම පිවිසුම් ආනතිය තුළ අදාළ නැවතුම් දාරකය පවතින විනාඩි අටක පමණ කාළය නාසා විද්‍යාඥයන්ට අනුව භීෂණයේ විනාඩි අටක් ලෙස හැඳන්වෙන අතර එම විනාඩි අට තුළ අදාල වස්තුවේ පැවැත්ම හෝ විනාශය තීරණය වේ.
අඟහරුගේ වායුගෝලය තුළ ඉතාම සියුම් කොරිඩෝවක් ගෙන ප්‍රවිෂ්ඨ වීමෙන් පසුව, වායුගෝලීය ප්‍රතිරෝධය ( ඇට්මොස්ෆෙරික් ඩ්‍රැග් ) මඟින් මෙම ඉන්සයිට් ලෑන්ඩර් යානයේ වේගය පැයට කිලෝමීටර් 840 ක් දක්වා අඩු කෙරේ. අනතුරුව යානයේ ඇති සුපර්සොනික් පැරෂූටය දිගහැරී එහි වේගය පැයට කිලෝමීටර් 140 දක්වා තව දුරටත් අඩුකරයි. අඟහරු ග්‍රහයා මතුපිටට කිලෝමීටරයක පමණ උසකදී ඉන්සයිට් ලෑන්ඩරයේ, රෙට්‍රොග්‍රේඩ් රොකට් හෙවත් “ප්‍රවේග ඛණ්ඩක රොකට්” ක්‍රියාත්මක වීමෙන් එහි වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අඩු කෙරේ. එම වේගයෙන් ඉන්සයිට් ලෑන්ඩරය අඟහරුගේ නිරක්ෂය ආසන්නයේ පිහිටි “එලීසියම්” නම් චතුරස්‍ර නිම්නයට ගොඩබැසීමට සැළසුම් කර ඇත.
අද රාත්‍රියේ සිදුවීමට නියමිත මෙම ඵෙතිහාසික අවස්ථාව දැක ගැනීමට මේ වන විටත් ලෝකයේ නන් දෙස වෙසෙන ජනයා පුල පුලා බලා සිටියි. ගවේශනයේ සාර්ථකත්වය මත අඟහරු මත ජීවයක් පවතී ද එහි මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය හා එහි අනාගත භාවිතාවන් පිළිබඳ ගැඹුරු අදහසක් ලබාගැනීමට පෘථිවි වාසීන්ට හැකිවනු ඇත. එමෙන්ම මානව වංශ කතාවේ නව පරිඡේදයක් ආරම්භවනු ඇත.
සජීව විකාශය- https://youtu.be/wwMDvPCGeE0

උබ දන්නේ කොහොමද ? 