අජන්තා රණසිංහ දැඩි සත්කාරයට

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අජන්තා රණසිංහ දැඩි සත්කාරයට

hqdefault.jpg


ප්‍රවීණ ගීත රචකයෙක් මෙන්ම පුවත්පත් කලාවෙදියෙකු වන අජන්තා රණසිංහ මහතා හදිසි අනතුරකට මුහුණ පා තිඛෙනවා. ලැබුනු තොරතුරු අනුව තත්ත්වය බරපතලයි. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හදිසි ශල්‍යකර්මයක් ද සිදුකර තිඛෙනවා.

අද උදෑසන එතුමා ගුවන් විදුලි සංස්ථාව වෙත යාම සඳහා මෝටර් රථය වෙත ගොඩවිමට තැත් කරද්දි බිම වැටි තිඛෙනවා. ඔහුගේ ඔලූව බිම වැදි අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවෙලා තිඛෙනවා. නාසයෙන් සහ කන් දෙකින් ලේ පිට වෙලා තියෙනවා. ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව හදිසි ශල්‍ය කර්මයක් සිදුකර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අවධානම් තත්ත්වයකින් පසුවෙන බව තමයි කියැවෙන්නේ අප සැම රසවත් කල ගීත දහස් ගණනක් රචනා කල එතුමා හට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේබා කියා ප්‍රාර්ථනා කරනවා !

මේ එතුමා ලියු සුන්දරතම ගීතයක්

 
Last edited: