අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන්

    271110_452212578176132_933269206_n.jpg


    අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් (බොහෝ දෙන හදුනන්නේ අජාන් බ්‍රහ්ම් නමින්) 1951 අගෝස්තු 7 වන දින peter betts නමින් එංගලන්තයේ ලන්ඩන් නගරයේ උපත ලද තේරවාදී බෞද්ධ භික්ෂුවකි. වර්තමානයේ බටහිර ඔස්ට්‍රේලියවේ සර්පන්ටයින් හි බෝධියාන විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක තනතුර හොබවයි. ඒ වාගේම බටහිර ඔස්ට්‍රේලියවේ බෞද්ධ සංසදයේ අධ්‍යාත්මික නායකයා වශයෙන්ද වික්ටෝරියා සංසදයේ අධ්‍යාත්මික උපදේශක වශයෙන්ද දකුණු ඔස්ට්‍රේලියවේ බෞද්ධ සංසදයේ අධ්‍යාත්මික උපදේශක වශයෙන්ද සිංගප්පූරුවේ බෞද්ධ සමූහයේ අනුශාසක වශයෙන් සහ ඔස්ට්‍රේලියවේ සිඩ්නි හි බෝධිකුසුම බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසක වශයෙන්ද කටයුතු කරයි.

    බ්‍රහ්මවංසෝ තෙරුන්ගේ දේශනාවන් ඉතාමත් විශිෂ්ඨ වන අතර ඉන් අප ජීවිතයට ලබාගත හැකි බොහෝ දේ ඇත. එම දේශනා ඇසුරෙන් සමරසිංහ ගුණසේකර විසින් සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් පොත් පෙළක්ද රචනා කර ඇත. ඔබට එම දේශනවලට යූ ටියුබ් ඔස්සේ සවන් දිය හැකි අතර ඉහත සදහන් කල පොත් පරිශීලනය කිරීමෙන්ද උගත හැකි කරුණු බොහෝ වේ.

    යූ ටියුබ් ඔස්සේ සවන්දීමට පිව්සෙන්න


    http://www.youtube.com/results?sear...0.0.405.405.4-1.1.0...0.0...1ac.1.IPrvTWr8R7s
     
    • Like
    Reactions: linkinpark_lk

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදිහට ඔය හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො ඉන්නෙ පෙරාදෙනියෙ.