අජාන් හිමිට ගුවන් යානය මග හෑරුනේ වී අයි පී හින්දාද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රනයක් ද ?
    එයාපෝට් එකේ ගොඩක් උං බෝනගේන් දැං
    පයිලට් කාරයත් කෝල් එකෙන් කියද්දී ගිහින් නේ
    ඌත් බෝන් අගේන් වගේ
     
    • Haha
    Reactions: malakadss

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    එම දේශනයේදී උන්වහන්සේ මෙසේ ද පැවැසුහ.

    "කොහොම හරි ප්‍රධාන දේශනය අවසන් වෙලා යළි මෙහෙට එන්න එදා,රෑ ගුවන් යානයට ගොඩ වෙන්නට මට තිබුණා. භික්ෂුවක් විදිහට මං ප්‍රසිද්ධ නිසා ඒ වගේ කෙනෙකුට ශ්‍රී ලංකාවෙදි වෙන දේ දන්නවනේ. ඒ නිසා ම් ගුවන්තොටුපළේදී වී අයි.පී. පහසුකම සුදානම් කරල තිබුණා. ඒ හින්ද මම එකට ගියා එතැනට ගියා. එතැනට සරලව යන්න බැහැ එතැන මැෂින් තුවක්කු තියාගත්තු සෙබළු ඉන්නවා. මම එතැනට යනකම්ම ඒ බව දැනගෙන හිටියෙ නෑ.

    ඒ දවසේ ඒ වෙලාවටම වගේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා එතැනට ඇවිත් වෙනම කාමරයක ඉන්නවා කියලා දැනගත්තා. ඔහුව දැක්කෙ නම් නැහැ. ඔහුත් බැංකොක් නුවර තියෙන ලොකු උත්සවයට යමින් සිටියේ. මමත් සිංගප්පූරුවට ඇවිත් එතැනින් ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් වෙලා හිටියේ. ඔහු පිරිවරාගෙන සෑසන සෙබළු පිරිසක් හිටියා. ගුවන් යනා නිරීක්ෂණ කටයුතු සිදු කරන්න ඕනැ තරම් වෙලා තිබුණා. ගුවන ටිකට්පත් රැගෙන ගමන් බලපත්‍රයෙහි මුද්‍රා තබා ඒ කටයුතු පිළිවෙළට නිම කරලා ගුවන් යානයට යෑමට ඕනෑ තරම් වෙලා තිබුණා.

    ගුවන් යානයට ගොඩ වෙන වෙලාව හා විට මම කිව්වා 'දැන් ගුවන් යානයට යන්න වෙලාව හරී නේද' කියලා. 'කරදර වෙන්න එපා අජාත් හාමුදුරුවනේ. තව වෙලාව තියෙනවා' කියලා පිළිතුර ලෙස ලැබුණා. ඉතින් මම බලාගෙන හිටියා. ඒත් මම නැවතත් කිව්වා දැන් වෙලාව හරි නේද කියල. එවිට ඔවුන් කිව්වේ, 'සියලු ද් පිළිවෙලට සිදු වෙනවා ඒ හින්ද කනගාටු වෙන්න එපා කියලා. ඔබ දන්නවා ඇති වී අයි පී පහසුකම ලබන්නන් ගුවන් යානය වෙත රැගෙන යන්නේ අවසාන අවස්ථාවට සමීප වෙලා. එහෙම කරන්නෙ ආරක්ෂාව ගැන හිතලා වෙන්න පුළුවන්.

    අවසානයේදී ඔවුන් මාව ගුවන් යානයට ගොඩ වන ගේට්ටු පිවිසුම වෙත රැගෙන ගියා. ඒ මොහොතේ මම දැක්කේ පිවිසුම් ගේට්ටුවට සමීප කර තිබු ගුවන් යානය පිටත් වීම සඳහා ඉන් ඈත් කරමින් තිබෙන බවයි.

    මං හිතන්නේ, සිදු වූ දෙය 'ප්‍රමාදය' කියා හැඳින්විය නොහැකි බවයි. ගුවන් යානයට ගොඩ වන වෙලාවක් පහු වෙලා. මාව එතැනට රැගෙන ගිය කාර්‍ය මණ්ඩල කාන්තාව එතැනින් ඇතුළට ගිහින් සිංගප්පූරූ ගුවන් සේවයේ නිලධාරින් සමග ඉතා උස් හඬින් වාද කරමින් කතා කරනවා ඇහුණා. කොතරම් උස් හඬින් ඔවුන් වාද කරමින් සිටියත් පිවිසුම් ගේට්ටුවෙන් තව තවත් ඈතට ගුවන් යානය ගමන් කරනු පෙනුණා. අනතුරුව ගුවන් යානය පිටත් වුණා. මට ගුවන් යානය මග හැරුණා.

    මේ අවස්ථාවේදී මට කරන්න කිසි දෙයක් තිබුණේ නැහැ. වී.අයි.පී. පහසුකම තියෙන විට ඒ අය ගැන බලා ගන්න එක එතැන වැඩක්. කවදාවත් වී.අයී. පී. හරහා නම් යන්න හදන්න එපා. ඔබගේ ගුවන් යානය මග හැරෙයි. මෙතැනදී මම තනියම ගුවන් යානයට ගියා නම් කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒත් මෙතැනදී එහෙම යන්නත් බැහැනේ. තුවක්කු තියාගෙන එළියේ සෙබළු ඉන්න නිසා. ඉතින් ගුවන් යානය මග හැරුණ නිසා ආයෙ ගුවන් යානයක් ගෙන යළි මෙහෙ ( ඕස්ට්‍රේලියාවට) එන්න ගමනෙදී යන කරදර රාශියකට මුහුණ පාන්න වුණා. මා සමග මෙතැන ඉන්න

    ස්වාමීන් වහන්සේ, අන්තර්ජාලය බලද්දී දුටු දේ ගැන කියන්නම්. ලංකාවේ පුවත් වෙබ් අඩවියක පළවුණ ලිපියක, ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා එතුමාට එතුමාට රට පාලනය කරන කටයුතු බොහෝ සෙයින් තිබියදීත්, ඒ වෙනුවට “අජාන් හිමිට ගුවන් යානය මගහැරුණේ ඇයි ද යන්න ගැන ද විමර්ශනයක් ආරම්භ කළා" කියලා සඳහන් වෙලා තිබුණා කියලා. ඇත්තටම ඒ ගුවන් යානයෙහි සෙනග පිරිලා ඉන්න ඇති. මෙතැනදී යමකුට පොඩි වැරැද්දක් වෙන්න ඇති. එතරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, කරුණා කරලා ගුවන් යානය මගහැරුණු එක ගැන සොයා බලනවාට වඩා, වඩ වඩාත් ‘සමාවදීම' යන කරුණ මුල් කරගෙන රට පාලනය යහපත්ව කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා." යැයි උන්වහන්සේ පැවැසූහ. "

    Seen this news on internet.. :yes: :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    It seems that SIA and VIP longue had no direct co-ordination about the passengers who were issued with a boarding pass. This may be due to the reason that SIA have their longue facilities separately and they were not informed about whereabouts of the passenger. This looks like a miscommunication between SIA and VIP longue. If you are in longue there is always possibility of missing the flight as no announcements are made in most , due to disturbance . When it is final call they should have called SIA and informed about the passenger immediately and may be a mistake by VIP longue or SIA. I do not think this has anything to do with any other incident which our media makes a huge fuss! Dont we have more important things to discuss than trying to give a political twist to any issue just to get cheap publicity!