අටපිරිකර පූජා භාණ්ඩ

-333-

Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    අටපිරිකර පූජා භාණ්ඩ

    COLOMBO අවට QUALITY අටපිරිකර පූජා භාණ්ඩ සාදාරන මිලකට ගන්න පුලුව කොහෙන් ද? සාමන්යෙන් මොනපාට සිවුරු පිරිකර ද පුජ කරන්න ඔන.?

    සිවුරුපිරිකර වලට අමතර ව මොනවගෙ ඒවද ගොඩාක් ම වෑදගත් වෙන්නෙ.?

    කවුරුහරි දන්න පින්වතෙක් උදවු කරන්න පුලුවන්ද ඉක්මනට. අද හෙටම ඉක්මනට ගන්න ඔන.

    අටපිරිකර ගන්නකොට මොනවද සමන්යෙන් බලන්න ඔන දෙවල්?
     
    • Like
    Reactions: hichchiputha

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    යාලු පූජා කරන තැන අනුව වෙනස් වෙනවා..ඒ පන්සලේ /ආරණ්‍යය හාමුදුරුවෝ අදින සිවුරු වල පාට බලල දෙන්න.දන්නෙ නැත්නම් ගිහින් හාමුදුරුවන්ගෙන් අහගන්න. තායි කොට්න් කියලා එකක් තියෙනවා ඒක තමා හොදයි කියන්නෙ.
    පිරිකර හදන බිස්නස් එක ගොඩක් කරන්නෙ තම්බි. ඇලුමිනියම් මුට්ටි දාල පරණ සිවුරු දාල හදපුවා තියෙනවා බලල ගන්න.

    නැදිමාලෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ බලන්න.

    පිරිකරට අමතරව;

    හොද razor 1, gillette වගෙ, shaving cream
    Nail cutter, ear picker, small scissor
    Tooth brush,toothpaste,dettol soap, detergent
    hadun kuru,gini petti, a pen
    Vintegeno, panadol, axe oil,
     
    Last edited:

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    COLOMBO අවට QUALITY අටපිරිකර පූජා භාණ්ඩ සාදාරන මිලකට ගන්න පුලුව කොහෙන් ද? සාමන්යෙන් මොනපාට සිවුරු පිරිකර ද පුජ කරන්න ඔන.?

    සිවුරුපිරිකර වලට අමතර ව මොනවගෙ ඒවද ගොඩාක් ම වෑදගත් වෙන්නෙ.?

    කවුරුහරි දන්න පින්වතෙක් උදවු කරන්න පුලුවන්ද ඉක්මනට. අද හෙටම ඉක්මනට ගන්න ඔන.

    අටපිරිකර ගන්නකොට මොනවද සමන්යෙන් බලන්න ඔන දෙවල්?

    -------------------------------------------------------
    Check with ganagaramaya temple,colombo 02
     
    • Like
    Reactions: -333-

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,309
    642
    113
    CIB vala thiyanava, Hodatama hodai kiyala hamuduru kenk kiuva. 6500i. - CIB is a sinhala store. Or gangarame panala laga thiyanva. 2500i
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    පෝරිසාදයා;24733725 said:
    යාලු පූජා කරන තැන අනුව වෙනස් වෙනවා..ඒ පන්සලේ /ආරණ්‍යය හාමුදුරුවෝ අදින සිවුරු වල පාට බලල දෙන්න.දන්නෙ නැත්නම් ගිහින් හාමුදුරුවන්ගෙන් අහගන්න. තායි කොට්න් කියලා එකක් තියෙනවා ඒක තමා හොදයි කියන්නෙ.
    පිරිකර හදන බිස්නස් එක ගොඩක් කරන්නෙ තම්බි. ඇලුමිනියම් මුට්ටි දාල පරණ සිවුරු දාල හදපුවා තියෙනවා බලල ගන්න.

    නැදිමාලෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ බලන්න.

    බොහොම පින්.. සහොදරයා..!!
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    CIB vala thiyanava, Hodatama hodai kiyala hamuduru kenk kiuva. 6500i. - CIB is a sinhala store. Or gangarame panala laga thiyanva. 2500i

    Yes. CIB eka hodai kiyanawa. prashne normal market aekey 5000 ta wage tiyana aeka may gollo 7000 ka ta wage denne...

    CIB aeken ganath gihilla.. wedi pura yana salli waling tawa monawahari puja karanna puluwan ne kiyalath hithenawa..
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    COLOMBO අවට QUALITY අටපිරිකර පූජා භාණ්ඩ සාදාරන මිලකට ගන්න පුලුව කොහෙන් ද? සාමන්යෙන් මොනපාට සිවුරු පිරිකර ද පුජ කරන්න ඔන.?

    සිවුරුපිරිකර වලට අමතර ව මොනවගෙ ඒවද ගොඩාක් ම වෑදගත් වෙන්නෙ.?

    කවුරුහරි දන්න පින්වතෙක් උදවු කරන්න පුලුවන්ද ඉක්මනට. අද හෙටම ඉක්මනට ගන්න ඔන.

    අටපිරිකර ගන්නකොට මොනවද සමන්යෙන් බලන්න ඔන දෙවල්?

    "Thummulla" -thiyanawa.. .
    "Sri Sambuddhathva Jayanthi Mandiraya"
    ph no:
    0112 559 603
    methana onama deyak ganna thiyanawa...oya balana awa..sadaranama ganan.
    mey building eka main road ekeymai...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    පිරිකරට අමතරව;

    හොද razor 1, gillette වගෙ, shaving cream
    Nail cutter, ear picker, small scissor
    Tooth brush,toothpaste,dettol soap, detergent
    hadun kuru,gini petti, a pen
    Vintegeno, panadol, axe oil,
    මේව තමා බ්‍රො අපි දන් දෙන්නෙ...
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    දාන පාරමිතාව පිරිය යුතු ආකරය share
    සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්‍යාග කිරීමෙන් ද, අන්‍යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය.

    දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත. නුවණින් ආරක්ෂිත නො වූ එබඳු දීම් පාරමිතා සංඛ්‍යාවට ද නො පැමිණේ. පාරමිතා කුශලය නුවණින් හාත්පසින් ගන්නා ලද්දක් ආරක්ෂා කරන ලද්දක් විය යුතු බැවින් පාරමිතා කුශලයක් වනු පිණිස දෙන තැනැත්තා සුදුසු සැටියට දෙන්නට දැන ගෙන ම දීම කළ යුතුය.

    දෙන තැනැත්තා විසින් ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය සලකා තමාට වඩා ගුණාදියෙන් උසස් ප්‍රතිග්‍රාහකයනට පූජා වශයෙන් දීම කළ යුතුය. අනුග්‍රහ කිරීමට සුදුසු අයට අනුග්‍රහ වශයෙන් දිය යුතුය. ඒ දෙයාකාරයෙන් ම දීමට සුදුසු ප්‍රතිග්‍රාහකයාට දෙපරිද්දෙන් ම දිය යුතුය.

    දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නො ගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. එය ද පහසු කාර්‍ය්‍යයක් නොවේ. ලෝභය ඉතිරි වී තිබෙන බව දායකයාට දැන ගැනීම ද පහසු නැත. දෙන බොහෝ දෙනා දුන් දෙය පිළිබඳ ලෝභය ඉතිරි කර ගෙන දෙන නමුත් ඒ බව ඔවුහු නො දනිති. "අසවල් හාමුදුරුවන්ට අසවල් පන්සලට මා මෙ පමණ දී තිබෙනවා ය. මෙ පමණ වැඩ කර තිබෙනවා ය. එහෙත් මට අසවල් දෙය දුන්නේ නැත. අසවල් දෙය කළේ නැත" ය යි ඇතැම් දායක භවතුන් භික්ෂූන්ට දොස් කියනු දක්නට ලැබේ. ඔවුන් එසේ දොස් කියන්නේ දුන් දෙය ගැන ආශාව හෙවත් බලාපොරොත්තුව ඉතිරි කර ගෙන දුන් නිසාය.

    ඇතැම් භවත්හු එබඳු කරුණු නිසා ඉදිරියට දීම නවත්වති. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ භවත්හු දාන වස්තුව ගැන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් හැර දීමක් කරන්නට ම නො කැමති බව ය. දීමෙන් පසු තමන් දුන් දෙයට වූ දෙය, කළ දෙය, සොයන්නෝ ද ආශාව ඉතිරි කර ගෙන දුන් අය ය. දුන් දෙය පිළිබඳ ආශාව සම්පූර්ණයෙන් ම දුරු වුණා ද ඉතිරි වුණා ද යන බව දෙන අවස්ථාවේ දී දත නො හැකිය. ඉතිරි වී ඇති බව තේරුම් ගත හැකි වන්නේ එබඳු සිදුවීම් වල අනුසාරයෙනි. දෙන්නා වූ පින්වත්හු මේ සියුම් කරුණු තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. ආශාව ඉතිරි කරගෙන දෙන දාන උසස් දානයෝ නො වෙති.

    දන් දීම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් කිරීමකි. අනුග්‍රහයක් කිරීමකි. දෙන සෑම දීමකින් ම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් සිදු නො වේ. ඇතැම් දීම්වලින් ප්‍රතිග්‍රාහකයන්ට සිදුවන්නේ අලාභ හා කරදරය. එබඳු දීම්වල ද වටිනා කමක් නැත. දිය යුත්තේ එයින් ප්‍රතිග්‍රාහකයාට හෝ අනෙකකුට හෝ විපතක් කරදරයක් අලාභයක් නො වන සැටියටය. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් වන සැටියට ම ය. ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නො වන සැටියට ද, අලාභහානි වෙන සැටියට ද දෙන දානය, නො දීම ම යහපති. රෝගියකුට අපථ්‍යාහාරයක් අපථ්‍ය බෙහෙතක් දීම වැනි, ළදරුවකුට කැපෙන පිහියක් දීම වැනි දාන දීම නපුරකි.

    ඇතැම් බෞද්ධයෝ ස්වකීය විහාරයෙහි ලෙහෙසියෙන් ආහාරයක් වළඳන භික්ෂුවට එය කර ගන්නට නො දී බොහෝ දුර කැඳවාගෙන ගොස්, වෙහෙසට පත් කරවා මහා සංග්‍රහයක් සැටියට සිතා ආහාරයක් දෙති. එබඳු දාන වලින් ප්‍රතිග්‍රාහකයාට වන ලාභය කරදර වීම පමණෙකි. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් නොවන කරදරයක් ම වන එබඳු දාන දීම ම අනුන්ට කරන අවැඩකි. සමහර නිමන්ත්‍රණවලට යාමෙන් ආහාර ටිකක් හා නොවටිනා යම්කිසි සුළුදෙයක් ලැබෙතත් දවසක දෙකක වැඩ පාළු වීමෙන් ප්‍රතිග්‍රාහකයාට අලාභ වන ලෙස දීම ද අනුන්ට නපුරක් කිරීමෙකි.

    ප්‍රතිග්‍රාහකයාට තමාගේ වැඩ පාළුවීමෙන් වන අලාභයට වඩා මහත් වූ ද, කරදරයට වඩා ප්‍රයෝජනවත් වූ ද, වටිනා සංග්‍රහයක් කිරීමට නම් දුර බැහැර කැඳවාගෙන ගොස් දීම ද වටනේ ය. යම්කිසි වස්තු වර්ගයක් වුවමනා පමණටත් වඩා ඇතියකුට ඒ දෙය ම දීම ද නිෂ්ඵල ය. පැවිද්දකුට කබායක් දීම වැනි, ගිහියකුට පාත්‍රයක් සිවුරක් දීම වැනි ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නැති දෑ දීම ද සංග්‍රහයක් නො වේ. බොහෝ දෙනෙකුට එක් දෙයක් දීම ද, ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව නො පිරිමැසෙන ලෙස මඳ කොට දීම ද නිෂ්ඵල ය. එබඳු දීම් වල ද වටිනාකමක් නැත. කෙනකුට ආහාරයක් දෙත හොත් කුසගින්න නිවෙන පමණට දිය යුතු ය. වස්ත්‍රයක් දෙත හොත් ප්‍රතිග්‍රාහකයාට හැඳීමට හෝ පෙරවීමට හෝ අන් ප්‍රයෝජනයකට හෝ සෑහෙන වස්ත්‍රයක් දිය යුතුය.

    දෙන තැනැත්තා විසින් ගිහියකුට දෙත හොත් ගිහියාට ප්‍රයෝජනවත් දෙයක් ද, පැවිද්දකුට දෙත හොත් පැවිද්දාට ප්‍රයෝජනවත් දෙයක් ද, ස්ත්‍රියකට දෙත හොත් ස්ත්‍රියකට ප්‍රයෝජනවත් දේ ද, පුරුෂයකුට දෙත හොත් පුරුෂයකුට ප්‍රයෝජනවත් දේ ද, බාලයකුට දෙත හොත් බාලයාට ප්‍රයෝජනවත් දෙය දො, තිරිසනකුට දෙත හොත් තිරිසනාට ප්‍රයෝජනවත් දෙය ද දිය යුතුය.

    සත්ත්ව හිංසාවට පාවිච්චි කරන ආයුධ විෂාදිය නො දිය යුතු ය. මත්පැන් නො දිය යුතුය. අනර්ථයට හේතු වන ක්‍රීඩාභාණ්ඩාදිය නො දිය යුතුය. රෝගීන්ට අසත්ප්‍රාය ආහාරාදිය නො දිය යුතු ය. සත්ප්‍රාය දෙය වුව ද පමණ ඉක්මවා ඔවුනට නො දිය යුතුය. ගවාදි සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන අයට හා හිංසා කරන අයට නො දිය යුත්තාහ. කුනු වූ දිරූ දෙයක් අහක දමන්නාක් මෙන් අනාදරයෙන් නො දී ප්‍රතිග්‍රාහකයාට යහපතක් කිරීමේ අදහසින් කරුණා මෛත්‍රියෙන් ම දිය යුතු ය.

    දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද දීමෙහි දී ද සිත පහදා ගෙන දිය යුතුය. දුන් පසු ද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතු ය. ප්‍රතිග්‍රාහකයන් නො වෙහෙසවා දිය යුතු ය. ප්‍රතිග්‍රාහකයන් ගෙන් හෝ අනිකකුගෙන් හෝ ප්‍රශංසා බලාපොරොත්තුව නො දිය යුතුය. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බෝධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිද්දන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මුන් වහන්සේලා සුඛිත ව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදු කර ගනිත්වා යි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මාගේ වස්තුවෙන් මොවුහු සුඛිත වෙත්වායි, සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසු කුමක් කෙරෙත් දැ යි වැඩි දුරට සොයන්නට නො යා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක් වී කරගත් පිනේ ශක්තිය ද හීන විය හැකිය.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    පෝරිසාදයා;24734283 said:
    පිරිකරට අමතරව;

    හොද razor 1, gillette වගෙ, shaving cream
    Nail cutter, ear picker, small scissor
    Tooth brush,toothpaste,dettol soap, detergent
    hadun kuru,gini petti, a pen
    Vintegeno, panadol, axe oil,
    මේව තමා බ්‍රො අපි දන් දෙන්නෙ...

    පෝරිසාදයා;24734289 said:

    බොහොම පින්...!!