මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
mokada බෝ ගස් vishesha vela thiyenne? buduhamuduruvo budu venakota pitadeepu gasa hindada, ehema gathoth anik buduvaru budu venakota pita deepu vivida vargavala gas thiyenavane... mithree budu hamuduruvo budu vena kaleka බෝ ගස් kapuvoth pavak ven nathda? ehema kalen kaleta venas vena pau thiyenava kiyala man ahala na...
Meka ahuve article eka kiyavanakota oluvata apu hinda, nathuva බෝ ගස් kapuvata aulak na kiyanna neveiBuduhamuduruvo kiyala thiyenne nikarune gasakin kolayakvath kadanna epa kiyala.....
![]()
මචං බෝ ගස කියලා ගසක් ඇත්තටම නැහැ. තියෙන්නේ ඇසතු ගස්. ඇසතු ගසක අප ගෞතම බුදුන් වහන්සේට සිය සම්මා සම්බුද්ධත්වය ලබාගන්න පිට දුන් වෘක්ශය නිසයි ඒකට බෝධීන් වහන්සේ කියන්නේ. අප බෝධීන් වහන්සේ නැමදීමට සජ්ජායනය කරන්නේ.
යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං
කියන ගාථා පාථය. එහි තේරුම තමයි : ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි. ඒ කියන්නේ අපි වන්දනා කරන බෝධීන් වහන්සේ එම පිට දුන් බෝධීන් වහන්සේගෙන් පැවත් එන ශාඛාවක් විදිහට සළකලයි. ඇත්තටම එහෙමනේ ලංකාවේ ඔව්වා ව්‍යයාප්ත උනේ මචං. අන්න ඒකයි කාක් බෝ පැල කියලා මිනිස්සු හඳුන්වන හුදෙක් ඇසතු බෝ පැල මිනිස්සු ගලවලා විසික් කරන්නේ. කවුරුහරි තර්ක කලොත් ඒ එහෙම ගෙනාව බෝදීන් වහන්සේ කෙනෙකුගේ ශාඛාවක පල අනුභව කරලා කියලා. කාක් වසුරු ගොඩකින් හටගන්නා පැලයක් හුදෙක් ඇසතු ශාඛයක් පමණයි. ඉතින් සහෝ කලින් බුදුවරුන්ට නා ගස්, කුඹ ගස්, මී ගස් ආදී එකී නොකී මෙකී ශාඛ තිබුනත් ඒ ශාඛ අද දක්වා පැවත එන්නේ නෑ. ඒ සියල්ල විනාශ වෙලා. ඉතින් අපි ඒවට වන්දනා කරන්නේ නෑ. දැන් මෙහෙම හිතන්න. මේ කල්පේ අවසානයේ මෛත්‍රී බුදු කෙනෙක් බිහිවෙන්නේ නා ගසකට පිට දීලා. එතකොට ඔබත් මමත් මේ සසරේ හිටියොත් අපි එදාට නා ගස් වලට වන්දනා කරාවි එදාට ඇසතු ගස ගණන් නොගනීවි. නමුත් මම නම් මේ සසරේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න හැමදාම ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඔබේ ගැටලුව පැහැදිලියයි සිතමි.
Buduhamuduruvo kiyala thiyenne nikarune gasakin kolayakvath kadanna epa kiyala..... 



