https://www.facebook.com/groups/atampahiya/
අක්කා
අපේ අක්කා මට වැඩිය වැඩිමල්ය. ඇය බාල උවානම් ඇය මාගේ නන්ගි වන බව තාත්‍තා දවසක් මට පැවසුවේය. අපේ අක්ක ටිකක් මහතය තෙලෙලුය. නමුත් ඇය සිතාගෙන සිට්යේ ඇය ප්‍රීතී සින්ටා කියාය. ඇය එසේ සිතන්නට ගත්තේ ඇයගේ චිත්තරපටියක් බැලූ දා සිටය. එදා සිට් ඇය මුලු ජීවිත රටාවම වෙනස් කලේය. සුදු වෙන්නට අපේ බල්ලා දමන මල පහ පවා ගෑවේය. ප්‍රීතීගෙ මෙන් මුහුනේ වලක් හැරීමට සීයගෙ බුරුමය මුහුනට තමා කරකවා තුවාල වී රෝහල් ගත වූ අවස්තාවෙනම් අපේ අම්මට ඌරු ජුවල් නැග්ගේය. වල කෙසේ වෙතත් නගර සභාවෙන් වැසූ පාරක මෙන් දැන් එහි කැලලක් ඇත්තේය.
අපේ අක්කා ඉගෙන ගත්තේ නැත. පාසල් ගියේ අට වෙන තුරු පමනය. පාසලේ සිටින සියලු කොල්ලන් ඇගේ හිටපු පෙම්වතුනය. අක්කගේ වැඩ නිසා දිනපතා ප්‍රින්සිපල් හමුවීමට යාමට සිදු වූ බැවින් තාත්තා ඇයට සැලෝන් එකක් දා දී ඇයව ගෙදර තියාගත්තේය. අක්කා එය කලේ මාස කිහිපයක් පමනය. ඇයගේ යෙහෙලියකව මනාලයෙක් බලන්න එන දිනයේ ඇයව මේක් අප් කරන්නට දුන්නේ අක්කාටය. බිම බලාගෙන සිටි මනමාලය බුලත් හෙප්පුව ගන්නා වෙලාවේ මනාලියගේ මුහුන දැක සිසිහිමූර්ඡා වී වැටී ඔලුව පැලුනේය. කලබල වූ මනාලිය අතින් ගිලිහුන බුලත් හේප්පුව බිම වැටී සිටි මනමාලයාගෙ වැදි නහය හා තොල තුවාල විය . දියනියගේ මගුල කැඩීයාම ගැන මල අතට ගත් ජේන් නැන්දා අප නිවස් ඉදිරියෙ කරන ලද ස්තූති කතාවෙන් පසු අපේ අක්කාගෙ සැලෝන් කෙරුවාව නතර විය. මෙම සිතූති කතාවට අක්කාගෙ පමනක් නොව අප හත්මුතු පරම්පරාවේම ගුන දොස් එකතු කිරීමට ජේන් නැන්දා අමතක නොකලාය. සීයාගෙ අයතා සම්බන්දතා මී මුත්තාගෙ ස්ත්‍රී දූෂන ඇතුලු අපද දැන සිටි නොසිටි කාරනා මෙයට ඇතුලත් විය.
අපේ අක්කාගෙ දැන් පෙම්වතා ත්‍රීවීලර් විජේය. ත්‍රීවීලර් විජේට ත්‍රීවීලර් එකක් තිබ්බේ නැත. තිබ්බේ බයිසිකලයක් පමනය. එය මට පදින්නට ලැබෙන්නේ මමත් අක්කාත් පමනක් ගෙදර සිටින විටකය. අම්මා තාත්තා ගෙදර නැති වන වෙලාවන් විජේ කෙසේ දනගන්නේදැයි හරිම පුදුම සහගතය. එසේ අම්මලා ගමනක් යන වේලාවල් එනතුරු මාත් බලා සිටින්නේ නොයිවසිල්ලේන්ය. අම්මලා ගිය සැනින් අනිවාර්යයෙන් විජේ එන බව දන්නා මම මග බලාසිටින්නෙමි. විනාඩි පහක් ඇතුලත විජේ පැමිනේ. බයිසිකලය ද රුපියල් පනහක්ද මට දී පැය දෙකකින් පැමිනෙන ලෙස ඔහු පවසයි. මමද බයිසිකලය රැගෙන ඇති තරම් එය පදී. වරක් මිතුරෙකුගේ ත්‍රීවීලර් එකක් රැගෙන කොලබ ගොස් එය අමතක කොට දමා බසයේ නැවත ගමට ආදා සිට විජේට එම නම පටබැදීය. ඔහුගේ ඇත්‍ත නම් විජේ නොවේය. දෙමල ෆිල්ම් වල විජේ මෙන් අදින පලදින නිසා කොල්ලෝ ඔහුට විජේ කියන්නේය. වරක් අක්කා වැවේ නාද්දි දියරෙද්ද ගැලවුනේය. එම වෙලාවේ වැව් බැම්මේ බයිසිකලයෙන් ගිය විජේ එය දැක වැව් බැම්මෙන් පෙරලි තුවාල වී සිටියදී බෙහෙත් කලේ අපේ අක්කාය. පසුව එය ආදර සමසම්බන්ධතාවක් බවට පත්විය.
අපේ අක්කා විජේ සමග නොගිය තැනක් නැත්තේය. පන්සල පහල පෙම් කෙලිමෙන් සිටනු දැක ලොකු හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් එකක් ආදා විජේ ගමෙන් මැරුන් නොකා බේරුනේය. අපේ අක්කා රස්සාවක් නොකලාය. ඒ ඇයට රස්සා හරි නොගිය නිසාය. තාත්‍තාගේ යාලුවෙකුගේ රෙදි කඩයක වරක් අක්කා වැඩ කලාය. එහිදී එහි පැමින බ්‍රා සයිස් එක ඇසූ පිරිමෙයකුට ගැසූ දින එම රස්සාව කෙලවර විය. බ්ලූටූත් හෙඩ් සෙට් එකක් ගසාගෙන ඔහුතම බිරිදගෙන් බ්‍රා සයිස් එක අසා ඇති බව පසුව හෙලිවිය. ඉන්පසු ඇය හාර්ඩ්වෙයාර් එකක වැඩ කලාය. ඔර්ඩර් කිහිපයක් පටලවා යවා ඇය රස්සාව නැති කරගත්තාය.කොහෙන්දෝ කොම්පැනියකින් ඉල්ලූ වැලි හා ගල් කියුබ් 500ක් පමන සෝමේ මමාගේ නිවස ඉදිරියේ බෑමට් සැලැස්වේමෙන් ඇය එතනින් ආවාය. දීග දුන් ලොකු දුවගේ ගෙදර යන ගමන් වැලි කියුබ් එකක් ඕර්ඩර කර ගිය සොමේ මාමාට ගේ ඉදිරියේ බා තිබූ වැලි ටික ඉවත් කොට ගෙට යාමට දින දෙකක් ගත විය. අහින්සක සෝමේ මමා නොපැමිණියත් සෝමේ නැන්දා පැමින හෙන ඉල්ලූ හැටියට නම් මමද බිය විය.
අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසාය. අක්කා අප පවුල්ට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දූ වූ බාරයක් ඔප්පු නොකිරීම නිසා බව අම්මා හැම තිස්සේම පැවසීය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරිය. වරක් ඇය හැදූ කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් බත් දෙන්නේ අබරාය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමනය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙලවරට දුවයන්නේය.
අපේ අක්කා සතුව මේක් අප් බඩු ක්‍රීම් ආදිය සෑහෙන්න ඇත්තේය. ඒවා ගෑවා කියා අක්කාගෙ අංශු මාත්‍රායක වෙනසක් වී නැත්තේය. කෙසේ වෙතත් අපේ ගෙදර එලවලු පලතුරු ගබඩා කරන්නේ අපේ අම්මාගේ අල්මාරියේය. වරක් ගාල්ලේ චූටි මාමලා එන දින කෑම සෑදීමට ගෙනා එලවලු පෙති කපා අක්කා මූනේ පේශල් කල දා සිට අම්මා මෙසේ මුතු මැනික් සේ එලවලු රකින්නේය. දැන් අක්කා ගාන්නේ විජේ අයියා ගෙනත් දෙන එලවලුය. විජේගේ යලුවෙක් වන මාකට් එකේ චොප්පේ කුනු වී විසික් කරන එලවලු නිකන් විජේට දෙන්නේය. ඌ ඒවා අපේ අක්කාට දෙන්ණේය.ඔවායේ ගුන දොස් තේරීමට නොදන්නා අක්කා ඕවා මූනෙ ගාන්නේය. වරක් කුනු එලවලූ ගා මූන වන වී බෙහෙත් කිරීමට සෑහෙන්න ගානක් වැය විය.
අපේ අක්කා මහත වුවද සෙක්සි බනනා මෙන් අදින්නට උත්සහා කරන්නේය. ඇය අදිනා ඩෙනිම් ටී ෂර්ට් හැට්ට වල බොත්තම් සෑහෙන්න පව් කර ඇත්තේය. ඒවා දරා සිටිනා පීඩනය වික්‍ටෝරියා වේල්ලවත් දරා නොසිටින තරම්‍ය. වරක් විජේ සමග ෆිල්ම් හෝල් එකේ බොක්ස් එකකට ගොස් ගැලවූ කලිසම ඇන්දවීමට විජේට මහා පුරුශ බල අවශ්‍යය විය. අර කුඩා බොක්ස් එකේ කලිසමෙන් උපරිම ග්ම්ම දමා ඇද්ද විජේ එහි ෆ්ලයිවුඩ් බෝඩ් කඩාගෙන අනිත් බොක්ස් එකට වැටුනේය. තිරයේ විකාශය වූ ෆිල්ම් එක නැරබීම නැවැත්වූ මිනිස්සු අක්කාගේ හා විජේගේ ෆිල්ම් එක එතැන් සිට නැරබුවේය.
අක්කාට ඇය ගැන මහා බලාපොරොත්තු නැත විජේටද නැත. කොටින්ම අම්මාට මට තාත්‍තාටද ඇය ගැන බලාපොරොත්තු නැත. අපේ බල්ලාටද ඇය ගැන තිබූ බලාපොරොත්තු කේක් කෑ දවසේ සිට නැත. එම නිසා අක්කා හොදින් ඉදීවා යන්න මගේ පැතුමයි.
