සියළුම බෝසත්වරු, බුදුවරු පහල වෙන්නෙ දඹදිව මධ්‍ය මණ්ඩලය කියන යොදුන් 300ක් විතර ප්‍රදේශයක පමණයි.සියළුම බෝසතාණන් වහන්සේලා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නේත්, බුදු වන ආත්ම භාවයේ උපදින්නෙත්, බුදු බව ලබන්නේත්, පිරිනිවන් පාන්නේත් ගෞතම බුදුන් වහන්සේ පරිහරණය කරපු ඒ ස්ථාන වලමයි. ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශයේ. නමුත් කලයෙන් කාලයට රාජධානි වල නම් ගම් වෙනස් වුණත් ඉහත සිද්දි සිද්වන්නේ ඒ තැන් වලමයි.
