අටුළුගමින් කහවත්තට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අටුළුගමින් කහවත්තට

    බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු අද (28) නිවාස දෙකක නිරෝධායනයට යොමු කර තිබේ.

    ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනයට යොමු කර තිබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

    කහවත්ත නුගවෙල පදිංචි පුද්ගලයෙකු ඇඳීරී නීතිය ඉවත් කිරීමෙන් පසු අටළුගම පදිංචි තම දියණිය සහ බෑණා රැගෙන ඒමට ත්‍රීරෝද රථයක් කුලියට ගෙන ගොස් ඇතැයි හෙළී වී තිබේ.

    කුලි ගමන ගිය ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් , අටුළුගමට දියණිය කැඳවා ගෙන ඒමට ගිය තැනත්තා සහ අටුළුගම සිට පැමිණි එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ අය මෙසේ නිරෝධායනයට ලක් කර තිබේ. ඔවුන් ඇසුරු කළ තවත් අය සිටිදැයි සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකරන බව සබරගමුව පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පින් කෙල හෙල රන් දෙරණේ... යලි උපදින්නට....
    හේතු වාසනා.. වේවා හේතු වාසනා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය.

    සභාපති වරයා එසේ පැවසුවේ හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන් 70 ක භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා පැවසුවේ ඊයේ(27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් දේව මෙහෙයකට සහභාගී වූ හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපති වරයා ඇතුළු දාහත් දෙනෙකුට ඊයේ(27) නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය කටයුතු කර තිබිණි.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28) ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.

    මෙම පිරිස අටුලුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.

    ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වයිරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බව සෞඛ‍්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    කෝවිඩ් – 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය.

    රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසුයේ මොහු ඉන්දියාවේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.

    මොහු රෝගය සඟවා ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මුන්ගේ මොලේ හොඳ නැද්ද මන්ද බන්... අච්චර මහා ලොකු මක්කමත් වහල දාල තියනව කොරෝනා නිසා
    එහෙවු එකේ මෙහෙ තම්බිලා පල්ලි අස්සේ රිංගනව :rolleyes::rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය.

    සභාපති වරයා එසේ පැවසුවේ හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන් 70 ක භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා පැවසුවේ ඊයේ(27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් දේව මෙහෙයකට සහභාගී වූ හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපති වරයා ඇතුළු දාහත් දෙනෙකුට ඊයේ(27) නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය කටයුතු කර තිබිණි.

    ඔය පකයල දෙයක් වෙනකොට හෙලා දකිනව ආයෙ ඒකම කරනව . හැත්ත මැරිලම පල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls

    Bump
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls

    ada derana 6 55 da koheda

    fb eke balanna athi eka