23 ශ්‍රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.
ඔච්චරකල් තියන් ඉන්න එකම හොදයිනේ
තව පොඩ්ඩකින් එකෙක් ඇවිත් කියයි ජෙප්පො ගිනිතියන්ඩ හැදුවට ගිනි ගත්තෙ නැති එකක් කියල
23 ශ්‍රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.
ඔච්චරකල් තියන් ඉන්න එකම හොදයිනේ
oya image ekath awul mewath awul, accident walin marena un adu kara ganna puluwan godak bumpers walata adala laws haduwa nam hariyata lankawe.
අඩු කුලේ දම් රැජින, කිබි රැජින වගේද මේවා.
ලදරම් නම් මෙහෙම තියන් ඉන්න ඕනේ ඒ විදියට . ඒවා පොෂ් කරන්න ගියාම ගැලපෙන්නේ නෑ.

මේ ගැන යමක් කියන්නම්..ලගදි හම්බුනා සිටිබි එකේ වැඩ කරපු අන්කල් කෙනෙක්. ඒ දවස් වල තිබිල තියෙන්නේ බෙන්ස් බස් ලු. එය වැඩ කරන කාලේ දේශපාලන පත් වීම පිට ඉංජිනේරුවෙක් කියල ඇමතිගේ පුතෙක් වෙන එකෙක් ඇවිත් වැඩ කරන්න. දුව දුව තියපු බස් ක්‍ෂය වෙලා කාලේ ඉවරයි කියල ටෙන්ඩර් දාල උන් උන්ම බෙදාගෙන. හවස දුවල ආපු බස් එක පහුවද දුවන්න දුන්නේ නැහැලු. පස්සසේ ලේලන්ඩ් ලදරම් උඩ යන්න උනා. හෙනම මස්තබාල්දු ජාන ගොඩක් බන් මේ රටනම්.
මේ ගැන යමක් කියන්නම්..
CTB එකට බෙන්ස් තිබුන එක ඇත්ත. නමුත් 60 දශකයේ අග/70 මුල කාලයෙන් පස්සේ ගෙනාවේ "ටාටා බෙන්ස්".
බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථ ලංගමය පිහිටවූ (බස් ජනසතුව සිදු කල)කාලයේ ඉඳලාම තිබුනත්, අශෝක් ලේලන්ඩ් 60 දශකයේ මුල් කාලේ ඉඳලා තිබුනා. බ්‍රිටිෂ් ලේලන්ඩ් /BMC WF 830 වගේ ලොරි චැසි වලට බස් බොඩි ගැසීම ඒ කාලෙත් සිදු උනා.
ඔය කියන විදියට හොඳට දුවන බස්, එක රැයින් ගර්හිත හැටියට විකුනන්න දැමීමේ හැකියාව බොහොම අඩුයි.
ලංගම බස් ගර්හිත කිරීමේ නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබුනා. මුළු බස් එකම විනාශ උනත්, ඒ බසයේ නොම්මරය ගර්හිත කිරීමේ කාල සීමාවට අයත් නැතිනම්, එය විකුණුවේ නැහැ. උදාහරනෙකට කියනවානම්, 1980 විතර වෙනකම් 23 ශ්‍රී කාණ්ඩය ගර්හිත කිරීමට අවසර තිබුනේ නැහැ. 1985/86 වෙනකොට 23 ශ්‍රී 5000 න් ඉහල ගර්හිත කිරීමට අවසර තිබුනේ නැහැ. (මෙහි කියන කාණ්ඩ හා වර්ෂ උදාහරණයක් පමණයි)
නමුත්, කලාතුරකින් හොඳට දුවන, පරණ නොම්මරයක් තියන බස් එකක් (මේ පෝස්ට් එකේ තියන බස් එක වාගේ) ඔය කියන විදියට විකිණීමේ හැකියාවක් තිබුනා. එහෙම ඒවා තිබුනේ ඉතාමත්ම කලාතුරකින් බව කියන අතරම ඊට හේතුවත් කියන්නම්.
බස් ගර්හිත කිරීමට යම් නොම්මර කාණ්ඩයක් තිබුනා වගේම, අබලන් වූ පසු, නැවත අලුත්වැඩියා නොකිරීමේ නොම්මර කාන්ඩයකුත් හැම විටම තිබුනා. උදාහරනෙකට 1980 වෙනකොට IC හෝ 22 ශ්‍රී නොම්මර නැවත අලුත්වැඩියා කලේ නැහැ. ඒ කාණ්ඩ වලට අයත් බස් වල යම් අලුත්වැඩියාවක් ආවොත්, අලුත්වැඩියාව නොකර ඒ බස් එක ගර්හිත කර විකිණීම හෝ , ආපදා රථයක් හෝ පාස් බස් එකක් ලෙස යොදා ගැනීම සිදු උනා. එවැනි බස් එකක අලුත්වැඩියාවක් ආවොත්, අලුත්වැඩියාව නොකර, මේ පෝස්ට් එකේ කියන ආකාරයට, ගර්හිත කර විකිණීමේ හැකියාවක් තිබුනා