අඩුම ගානකින් ඉන්දියා යමුද ?

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
අඩුම ගානකින් ඉන්දියා යමුද ?

ඉස්සර කොළොඹ කොටුවේ සිට ඉන්දියාවේ චෙන්නායි (මදුරාසිය ) නුවරට ඒක ටිකට් එකෙන් මිනිස්සු ගමන් කරලා තියෙනවා .:shocked::shocked:
කොටුවේ සිට තලයිමන්නරම ,තලයිමන්නරමේ සිට ධනුෂ්කොඩි (රාමේශ්වරම් ) නැවකින්ද එතැන් පටන් නැවතත් කොච්චියෙන්ද ගමන් මාර්ගය විය ,ඒ දවස් වල ටිකට් එක 300 විතරලු වෙන්නේ:shocked::shocked: .
dhanushkodi.jpg

ඉස්සර සුද්දන්ගේ කාලේ ලංකාව හා ඉන්දියාව අතර පාලමක් හදන්න යෝජනා වෙලා තියෙනවා (22 KM) එය තලයි මන්නාරමේ සිට ධනුෂ්කොධිය දක්වා වේ ,ඔවුන් ඒ සදහා ඉන්දියාව පැත්තෙන් පාම්බන් පාලම සාදා අවසන්කරලත් තියෙනවා නමුත් යම් යම් හේතුන් උඩ පාලම සෑදීම නතරවී තිබේ:(:(
නමුත් ඒ වෙනුවට ඔවුන් එම ගමන යැමට නැවක් යොදාගෙන ඇත.:yes:
Adams_bridge_map.png

300px-Pamban_Bridge.jpg

පාම්බන් පාලම​

පසුව 1982 වෙනකම් මේ විදියට කොළොඹ කොටුවේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවරට කට්ටිය කෝච්චියෙන් ගියේ .

නමුත් දැන් යුද්දෙත් අවසන් නිසා, තලයිමන්නරම දුම්රිය මාර්ගය 2013 දී ප්‍රති නිර්මාණය කරලා අවසන් කරන්න ඉන්දියානු සමාගමක් මගින් ගිවිසුමකුත් ගහලා :oo:

හොදයි නැවත මෙම සේවය ඇරඹුවා කියමුකෝ :confused:
ඒ සදහා අපිට යන වියදමුත් මම උපකල්පනය කරා
කොළොඹ සිට මැදවච්චියට(231km) --->
1st class 560.00
2nd class 310.00
3rd class 170.00
මැදවච්චිය සිට තලයිමන්නරමට (දැනට හදන කොටස, 106 km,මෙහිදී ගාස්තුව ගණනය කිරීම සදහා මම ගත්තේ 106 km දුර ප්‍රමාණය වන කොටුව සිට වෙල්ලාව දක්වා අයකරන ගස්තුවයි )--->
1st class 320.00
2nd class 170.00
3rd class 95.00

නැවු ගාස්තුව ලෙස 300 විතර උපකල්පනය කරා 22 km (ගාස්තුව අඩු කෙසේ වෙතත් වැඩි නම් වෙන්න පුළුවන් :P)
එතකොට ඉන්දියාවට(රාමේශ්වරම් ) යන්න මුළු වියදම
1st class 1120
2nd class 780.00
3rd class 565.00

දැන් රාමේශ්වරම් සිට චෙන්නායි නුවරට (ඉන්දියානු දුම්රිය සේවාවන් වෙනම කථා කරන්න ඕනි ,ඒ ගැන අලුත් ත්‍රෙඩ් එකක්ම දාන්නම්කො )
වැඩිම ගණන 1075(INR )=2633.75 (LKR)
අඩුම ගණන 124(INR) =303.8(LKR)
මේ අතර තමයි ගණන් වෙනස් වෙන්නේ
ඒ අනුව මුළු ගාස්තුව
වැඩිම 3760
අඩුම 870 :D:D
නමුත් ගුවනින් යන්න නම් 9000 ක් විතර වියදම් යනවා
එහෙම නම් ළඟදීම අපිටත් ට්‍රිප් එකක් ,ෂොපින් කරන්න ,ලංකාවේ මැච් එකක් IPL මැච් එකක් අඩුම ගානකින් බලන්න යන්න පුළුවන් වෙයි :D:D
හැබැයි සම්පුර්ණ ගමන යන්න නම් දවස් දෙකක් හෝ තුනක් විතර යයි
හෝව් හෝව් ඉවර නැහැ තව තියෙනවා
ඔයාලා දන්නවද ලංකාව හා ඉන්දියාව අතර LAND BORDER එකක් ක් තියෙනවා කියලා ,දැනට ලෝකෙයේම තියෙන කුඩාම land border වලින් එකක් ලු ,යාර 50 විතර දිගයි ලු :D,වැලිපරයක්ද කොහෙද ,එකේ එක පැත්තක් ඉන්දියාවටද ,අනික් පැත්ත ලංකාවටද අයිති .
 

Valour

Member
Jan 16, 2013
152
4
0
patta mage yaluwo balala anna puluwan.
and mage ex girl friend wath meet wenna puluwan tawa 4000 wage wiyadam kaloth.
she is in karnataka. train ticket is around INR 600 from chennai to mangalore