මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

    මරේ වත්ත කියන්නේ නල්ලතන්නියෙන් සිරිපාදේ යද්දි මාවුස්සාකැලේ ජලාශය පහුවුනාට පස්සේ තියෙන තේ වත්ත.. මේ තේ වත්තේ තියෙන ෆිෂින් හට් කියන ලස්සන නවාතැනට තියෙන්නේ මරේ වත්තේ කෙළවරේ. මේ මරේ වත්ත කෙළවරේ සිට සිරිපාදයට තියෙන්නේ පොඩි දුරක්.. පොඩි කිව්වේ කිලෝමීටර 5ක වගේ දුරක්..
    Screenshot%2Bfrom%2B2016-10-28%2B22-03-00.png

    මරේ වත්තමේ පිංතුරය අනුවශ්‍රී පාද රක්ෂිතභූමිය ඝන කොල පාටිනුත් දුඹුරු සහලා කොල පාටින් මරේ වත්තත් ඔබට පැහැදිලිවම පෙනී යනු ඇත.

    මේ සිතියම අනුව නල්ලතන්නිය හැටන් පාරේ ඉදලා ‍ෆිෂින් හට් වලට කිලෝමීටර 8කට වඩා තිබෙනවා. ඒ කිව්වේ සිරිපාදේ යන නල්ලතන්නි පාරේ ඉදලා මරේ වත්ත කෙලවරට කිලෝමීටර 8-9ක් තියෙනවා. ඒ වගේම ගූගල් සිතියමේ නිකමට වර්ගඵලය මැනලා බැලුවොත් පෘෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර 5ක් ඒ කිව්වේ අක්කර 1200ක් වගේ භූමියක් මරේ වත්තට අයිති වෙනවා කියල පේනවා. එක් පසෙකින් මාවුස්සාකැලේ පෝෂක රක්ෂිතය අනික් පසින් මැප් එක අනුව සිරිපාද හා සමනල අඩවි රක්ෂිත තිබෙනවා .මේ දෙකට මායිම් ප්‍රදේශය විශාල එකක්.. කදු සහිත වටපිටාවකදී අහසින් බලන වර්ගඵලය වැඩිවෙනවාද අඩුවෙනවාද කියල මට නිච්චියක් නෑ..ඒත් කොහොම වෙතත් මරේ වත්ත කියන්නේ අඩු තරමේ අක්කර 1000ක් වත් තිබෙන වත්තක්.

    මරේ වත්තේ තේ වගා කරල තිබුනත් ෆිෂින් හට් හරියේ එයාලම කොටසක් පරිසරය වෙනුවෙන් ඉතිරි කරගෙන තියෙනවා.. ඇතැම් විට ඒ කොටස දැන් එක්තරා රක්ෂිතයකට අයිති වෙනවා ඇති. නමුත් එකල සුද්දාගේ කාලේ පටන්ම මේ වනාන්තර කොටස වත්ත අයිති අයම වෙනම වෙන් කොට තිබිල තියෙනවා.. මේ වනාන්තරය තුල අලංකාර දිය ඇල්ලක් වගේම..දොල මතින් දිය ඇල්ලට ඇදෙන බොහොම කුල්මත් වූ චාරිකාවක්ද මා විදගෙන තිබෙනවා.

    1.jpg

    හම්බකොප්ටරය බාල තියෙන්නේ කොහේද?

    මම දැක්ක පිංතුර අනුව හම්බයින් හෙවත් අරාබි ජාතිකයින් බැහැල තිබුන හෙලික‍ොට්ටරුව බාල තිබුනේ මරේ වත්තේ තේ වගා කරන ලද භූමියකට.. තේ වත්ත මරේ වත්ත. එතන සිරිපාද අඩවිය නෙමෙයි.. අක්කර 1000ක විතර තේ වත්තේ ඇත්තටම ඔය හෙලිය බාල තියේනනේ කොහේද? ඒ වගේම හෝටලය හදන්නේ කොතනද කියලා තවමත් හරිහමන් තොරතුරක් නෑ..

    මොකද්ද හදන්න යන්නේ..
    මේ දිනවල තේ වගාවේ නිශ්පාදන වියදම ලැබෙන ආදායමට වඩා වැඩියි. තේ වගාව කියන එක යන්නේ ‍හොද දිශාවකට නෙමෙයි. ඒ නිසාම දෝ හෝ මේ මනරම් භූමි භාගයකට හිමිකම් කියන මරේ වත්තත් හෝටලයක් වෙනුවෙන් විකිනීමට තීරණය වන්නට ඇති.. තේ වගාවක් තියෙන භූමියක් කොහොමටව්ත රක්ෂිතයක් නෙමෙයි... රක්ෂිත වල වගා කරන්නට බැහැ.. මරේ වත්තේ තියෙන අක්කර සිය ගානකින් අක්කර 80ක් තමයි මේ අරාබි ජාතික සමාගමකට විකුනලා තියෙන්නේගොසිප් වලට අනුව..

    5.jpg

    හෝටලය හැදුවොත් රක්ෂිතයට මොකද වෙන්නේ..
    උස කදුකරයේ තේ වැවීම තමයි කදුකර පරිසරයට ලංකාවේදී එල්ල වුනු විශාලතම පහර.. මේ තේ වගාව හේතුවෙන් අක්කර දස දහස් ගානක් වනාන්තරය තේ වගාව වෙනුවෙන් එලි වුනා.. ඒ මීට අවුරුදු සිය ගානකට කලින්.. දැන් හෝටල් කියන්නේ මේ කාලයේ ආර්ථික උපාය මාර්ගය. එහි හොදක් තිබෙනවා කියල කියන්නට අමාරුයි නමුත්..තේ සුද්දා හදුන්වා දුන්නයින් පස්සේ මෑතක් වනතුරු ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය තේ..

    දැන් තේ වගාවෙනුත් පස්සේ වැලිමඩ.. බණ්ඩාරවෙල බදුල්ල පැත්තේ ඇතිවෙල තියෙන තත්වය මොකද්ද? මිනිස්සු තේ වලට වඩා එලවලු වලින් ලාබ ගන්න පෙලඹිලා..කුඩා කුඩා පාත්ති හැම තැනකම.. පස ජල වහනය හා ස්වාභාවික පරිසරය ගැන මෙලෝම වගක් නැතුව හැම තැනම ඕනෑම බෑවුමක එලෝලු වවනවා.. මුලින් තේ වගාවන් වලදී ඇතැම් විට කදු වල ඉහලම කොටස් ඉතිරි කිරීම,නිසි පරිදි කානු සහ ජල මාර්ග තැබීම ආදී කදුකර පරිසරයකදී තිබිය යුතු මූලික ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වුනා.. ඒත් දැන් කුඩා එලවලු වගාකරුවන් ගැන වගේ වගක් නැතුව කදුකරය පුරා හිතුන හිතුනු විදියට ගෙවල් හදනවා..වවනවා..

    මේ ආකාරයේ දැන් මේ වැලිමඩ දිහාවේ පාර දෙපැත්තේ තියෙන එලවලු වගාවල අක්‍රමවත් බව දැක්කාම හිතෙන දෙයක් තමයි එක අතකින් තේ තිබුනනම් මීට හොදයි කියන එක..

    ජනගහනය වැඩි වෙනකොට ඒ කදුකර අය දල බෑවුම් පවා සකස් කොට වගා කරනවා. ගෙවල් හදනවා.. අපේ රට වගේ දුප්පත් රටකදි මිනිස්සු වගේම දේශපාලකයිනුත් දැක්ම අතින් දුප්පත්.. ඔවුන්ට යන හුළගට ගසාගෙන ගොස් යමක් කමක් කරගන්නවා මිසක ලොකු දැක්මක් නෑ..ඉතිං කදුකරයේ නගර ටිකවත් සැලසුම් සහගතව හදලා ක්‍රමවත්ව ජලවහන පද්ධති සකස් කරන්න ඕනි ..කියල ලියන්න පුලුවනි.. නමුත් කවදා වෙන දේවල්ද ඔව්වා..

    සංචාරක හෝටල කියන්‍ේන පරිසරේ කන්නම ආපු දෙයක්ද?
    සංචාරක හෝටල කියද්දි කලකට පෙර තිබුන සංචාරක කර්මාන්තය සහ වර්ථමානය මදක් වෙනස්.. කලකට පෙර සුද්දෝ අැවිල්ල අලින්ගේ පිටේ ගිහින්..අලි එක්ක සෙල්පි ගහලා.. වන සතුන් එක්ක මුහු වෙලා ගෙනියපු ඒ සංචාරක කර්මාන්තයට දැන් දැන් සුද්දෝ කැමති නෑ.. පින්නවල ගැන ට්‍රිප් ඇඩ්වයිසර් සයිට් එකේ තියෙන රිවිව්ස් කියෙව්ව නම් පින්නවල අපිට තියෙන ලස්සන සුද්දන්ට පේන්නේ නෑ කියල සෝක් එකට පේනවා..

    දැන් කාලෙ තියෙන සංචාරක රැල්ල තමයි පරිසරයට වැඩිමනක් හිරිහැර නොකර පරිසරයේම ජීවත් වෙමින් අවම කරදරයක් කර පරිසරය විදීම සහ බැලීම.. ඒ අනුව සංචාරක හෝටල හැදීම සහ ඒවා සැලසුම් කිරිමේදී පරිසරය සමග බද්ධ වන අාකාරයට පරිසරයේම‍ කොටසක් ලෙස හැගෙන ආකාරයට ඒවා සැලසුම ්කරන්නත් ඉදිකරන්නත් සංචාරක ව්‍යාපාරිකයින් පෙළඹෙනවා.. සුවිසාල තරු පන්ති හෝටලයක් වගේ නම් අවට පරිසරය ගැන බොහෝිවට ඔවුන් විශේෂයෙන් සැලකිලිම්ත වේවි..

    සංචාරකයෙක් හැටන් මස්කෙළිය වගේ දුර පැත්තකට ගිහින්.. පාරවල් වල වෙහෙසකර ගමනකින් පස්සේ ඒ සංචාරකයාගේ අරමුණ වන්නේම කදුකර පරිසරය විදීම.. එහෙම නැතුව කොළඹ තියෙන කැරොකේ, නයිට් ක්ලබ්, වගේ නයිට් ලයිෆ් එකක් වැඩියම ඔ්‍ය වගේ ඈත පලාතකදි වැඩිය මාකට් නෑ.. ඉතිං ඒ වගේ අරමුණකින් හොට්ලයක් හදනවිට බොහෝවිට ඔවුන් ඒ පරිසරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වේවි.

    හම්බයෝ ගේන හැමදේම එපාද ?
    මුස්ලිම් කිව්වාට මුලු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සු එක වගේ නෙමෙයි... ආකල්ප සමාජ මට්ටම ආදිය ‍විවිධ ජාතිකයින් අතර වෙනස්.. සැබැවින්ම ආවේ අරාබි ජාතිකයින් නම් ඔවුන් මේ අපේ ගමේ ඉන්න සයිබු නානා වගේ නෙමෙයි.. ඊට වඩා වෙනස්..

    අරාබියේ තෙල් නිසාම කප් ගහල උන්නට මුස්ලිම් අය අතරේ බුද්ධිමතුන් නිර්මාණ ශිල්පින් අඩුයි.. ඔවුන් සියලුම නිර්මාන කටයුතු කරගන්නේ බටහිර රටවල ශිල්පීන්ගෙන්..ඒවා නිමකරන්න දායක වෙන්නේ ලංකාව ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය සහ අප්‍රිකාවේ සිට ආපු වෘත්තිකයින් සහ කම්කරුවන්.. අරාබි කාරයින්ව තම්බලා හොදම මස් කෑළි ටික යුරෝපයේ ඇමරිකාවේ ඉන්න බුවාල ටික ගද්දි කටු ටිකක් ලැබෙනවා අපි වගේ දුප්පත් රටවලට..

    එක හෝටලයක් ලොකුවට හැදෙනවා කියන්නේ, ඔය වගේ කදුකර පලාතක ඉන් පස්සේ අර ඇල්ල වගේ හෝටල සහ සංචාරක කර්මාන්තය හොදින් ව්‍යාප්ත වෙලා යාවි.. ඉන් පස්සේ කාලෙකදි තේ වගාවට වඩා සංචාරකයින් හරහා ලොකු මුදලක් උපයාගන්න ඒ පැත්තේ ජනතාවට ඉඩකට ලැබේවි..

    නීති මොකුත්ම නැතුව හම්බයින්ට රගන්න දෙන්න..
    ගොඩනැගිල්ලක් හදනකොට අපි කාට වුනත් අදාල භූමිය පිහිටි තැනට බලපවත්වන නීති රීති වලට සහ ආයතන වලට යටත් වන්නට සිදු වෙනවා.. මරේ වත්තේ හෝටලයක් හැදුවත් එහෙමම තමයි.. පරිසර වාර්ථා, ඉදිකිරීම ්වාර්ථා, සැලසුම ආදිය නිකංම නිකං පාස් වෙන්නේ නෑ...ඒවා නිකං පාස් වෙනවනම් ඒකෙ වැරැද්දත් අරාබි අයගේ නෙමෙයි අපේම අයගේ..

    ඉඩම් විකුනල තියෙන්නේ මරේ වත්තෙන්..ඒක තේ වත්තක්.. මාවුස්සාකැලේට සහ සිරිපාදේ කියන දෙකටම මේ මරේ වත්තේ මැද සිට කිලෝමීටර 5-6කට වඩා දුරක් තිබෙනවා.. තේ වත්තක හදන්න යන ඉදිකිරීමකට පරිසරය විනාස වෙනවා කියල පැමිණිලි කරන්න නම් අඩුම තරමේ හදන තැන සහ ඉදිකිරීමේ සැලසුම වත් අපි සතුව තිබෙන්නට ඕනි.. ඒ මොකුත් නැතුව හෙලිකොප්ටරයක් බාලා අරාබි ජාතිකයින් දෙතෙුන් දෙනෙක් බැස්ස පලියට කෑ ගහගෙන දුවන මේ පිරිස දැක්කම තල් අත්තට බෙලි ගෙඩිය වැටුන වෙලේ දිව්ව හාවා මතක් වීම හැර වෙන කිසිවක් කියන්න ඉතිරි වෙලා නෑ..

    මනරම් කදුකරයේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම් වූ...ලස්සන පරිසරයක හෝටලයක්..දිය ඇලි, ලස්සන දොලපාරවල් සතා සීපාවා අතලගම.... ඕක හැදුනොත්.. මට කාමරයක් ගන්න හැකි වුනොත්.. මමත් අනිවාර්යෙන් ඕකේ එක දවසක් හරි ඉන්න බලාපොරොත්තු වෙනවා.

    copy -http://ansathudinapotha.blogspot.com/2016/10/blog-post_28.html
     
    Mar 16, 2009
    24
    8
    3
    මචන් මේ හොටෙල් එක ගහන්නෙ මරේ වත්තෙ නෙමේ. මම දන්න විදිහට මේක පුද්ගලික ඉඩමක්. මරේ වත්ත කියන්නෙ මස්කෙලිය වැවිලි සමාගමට අයිති වත්තක්. ඒක තවමත් තියන්නෙ ආර්පිකො එකට.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    Cant we add these land to the forest again.. think about the impact
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    danata awurudu 4-5 kata kalin Oka Arpico 1k waththak banZ..
    dan nam kageda danne naa. Edath fishing hut thibba
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් ඒ ගැන හරියට දන්නේ නෑ , ඒත් රක්ෂිතයක් තුල ඉදිකිරීමක් කරනවානම් මාත් පුද්ගලිකව අකමැතියි .