අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Athtgatama aduwata wedding ekak ganna awama kiyak vithara yaida? Oneday ekak.

    අඩුම වියදමකින් කියලා උබ අදහස් කරන්නේ ලක්ෂ 20ක් වගේද?:lol::lol: දාපන් මචං ලක්ෂ 2කින් විතර වෙඩිම අරගන්න ක්‍රමයක් ඊට පස්සේ ඉතුරැ ලක්ෂ 18 ට ඉඩමක් අරන්දාන වගේ වැඩක්:yes:

    budget එක හදාගන්න විදිහ මම වෙනම දාන්නම්. මෙහෙමයි අර කිව්වත් වගේ ලක්ෂ 2ට නෙවෙයි කච්චේරියකට ගියානම් රුපියල් 5000නුත් බඳින්න පුළුවන් ඇති. හැබැයි මම මුලිනුත් කිව්වා වගේ මේ thread එකෙන් කියන්න යන්නේ අද කාලේ විදිහට wedding එකක් කරගනිද්දී තියෙන වියදම් අවම කරගන්න විදිහ සහෝ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. සල්ලි අපරාදේ තමයි. හැබැයි ගොඩක් මිනිස්සු විශේෂයෙන්ම අපේ ගෑනු ආසයි tv එකේ හරි තමන්ගේ යාලුවෙක්ගේ wedding එකක් හරි දැකල ඒ විදිහට තමන්ට හැකි උපරිමයෙන් wedding එක හොදට කරන්න. ඉතින් මේ පැය පහ හයකට කරන වියදම අපරාදේ කියල තේරුම් ගන්න මනුස්සයෙක්ට හරි ඒ බව තමන්ගේ ගෙදර මිනිස්සුන්ටයි කෙල්ලටයි තේරුම් කරලා දෙන්න පුළුවන් අයට මේ වගේ වෙඩිමක් නොගෙන ඉන්න සම්පුර්ණ අයිතිය තියෙනවා. හැබැයි තව කෙනෙක් හිතනවානම් ජීවිතේ එක පාරක් හරි කරන දෙයක් පුළුවන් විදිහට ලස්සනට කරන්න ඕන කියල අන්න ඒ අයට යන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් ඉතුරු කරගන්න තමා මම මේ හෙල්ප් එක දෙන්නේ.
    තව දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් ගාන තීරණය කරන එක තමන්ගේ වැඩක්. හැබැයි කීයක් වියදම් කලත් ඒ වියදම් කරන ගාන අඩු කරගන්න හැටි තමා මේ කියන්නේ. ඒ නිසා ලක්ෂ 2කින් wedding එක ගන්න හිතන කෙනාටත් ලක්ෂ 40ක් 50ක් වියදම් කරන්න හිතන් ඉන්න කෙනාටත් පොදුවේ මේ කියන දේවල් අදාළයි
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    budget එක හදාගන්න විදිහ මම වෙනම දාන්නම්. මෙහෙමයි අර කිව්වත් වගේ ලක්ෂ 2ට නෙවෙයි කච්චේරියකට ගියානම් රුපියල් 5000නුත් බඳින්න පුළුවන් ඇති. හැබැයි මම මුලිනුත් කිව්වා වගේ මේ thread එකෙන් කියන්න යන්නේ අද කාලේ විදිහට wedding එකක් කරගනිද්දී තියෙන වියදම් අවම කරගන්න විදිහ සහෝ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. සල්ලි අපරාදේ තමයි. හැබැයි ගොඩක් මිනිස්සු විශේෂයෙන්ම අපේ ගෑනු ආසයි tv එකේ හරි තමන්ගේ යාලුවෙක්ගේ wedding එකක් හරි දැකල ඒ විදිහට තමන්ට හැකි උපරිමයෙන් wedding එක හොදට කරන්න. ඉතින් මේ පැය පහ හයකට කරන වියදම අපරාදේ කියල තේරුම් ගන්න මනුස්සයෙක්ට හරි ඒ බව තමන්ගේ ගෙදර මිනිස්සුන්ටයි කෙල්ලටයි තේරුම් කරලා දෙන්න පුළුවන් අයට මේ වගේ වෙඩිමක් නොගෙන ඉන්න සම්පුර්ණ අයිතිය තියෙනවා. හැබැයි තව කෙනෙක් හිතනවානම් ජීවිතේ එක පාරක් හරි කරන දෙයක් පුළුවන් විදිහට ලස්සනට කරන්න ඕන කියල අන්න ඒ අයට යන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් ඉතුරු කරගන්න තමා මම මේ හෙල්ප් එක දෙන්නේ.
    තව දෙයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් ගාන තීරණය කරන එක තමන්ගේ වැඩක්. හැබැයි කීයක් වියදම් කලත් ඒ වියදම් කරන ගාන අඩු කරගන්න හැටි තමා මේ කියන්නේ. ඒ නිසා ලක්ෂ 2කින් wedding එක ගන්න හිතන කෙනාටත් ලක්ෂ 40ක් 50ක් වියදම් කරන්න හිතන් ඉන්න කෙනාටත් පොදුවේ මේ කියන දේවල් අදාළයි

    ;);):yes: රෙප් +++++ එකගයි!
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    budget එක තීරණය කිරීම

    ඇත්තටම හොටෙල් එක book කරන විදිහ ගැන මුලින් කතා කලාට ඊට කලින් කතා කරන්න ඕන මාතෘකාවක් තමා මේක. අනික thread එකේ සමහරු අහල තිබ්බ ප්‍රශ්න වලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොටෙල් book කරද්දී සල්ලි ඉතුරු කරගන්න විදිහ කියන්න කලින් මේ ගැන කතා කරලා ඉන්නම්.
    මුලින්ම wedding budget එක තීරණය කරද්දී හිතන්න ඕන දේ තමයි තමන්ට කීයක් ඇත්තටම වියදම් කරන්න පුලුවන්ද කියන ගාන. ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන සල්ලි වලින් මම මේ කතා කරන විදිහේ decent wedding එකක් ගන්න අමාරුයි. අපි ඉතින් මහා සල්ලිකාරයෝ නෙවෙයිනේ බන්. ඔතන අපි ගොඩක් හිරවෙනවා අපේ ආශාවන් සහ අපිට කරන්න පුළුවන් උපරිමය කියන තැන. ඉතින් ඔය ඔක්කොම balance කරගෙන හොඳ wedding එකක් ගන්න නම් loan එකකට යන්න වෙනවා ගොඩක් වෙලාවට. ඔයාල දෙන්නම ජොබ් කරනවානම් දෙන්නම ණය නොවී එක්කෙනෙක් loan එකක් දාන එක තමා හොද. එතකොට loan එක ගෙවිල ඉවර වෙනකන් අනිත් කෙනාගේ පඩියෙන් ගේම ගහගන්න පුළුවන්නේ. ඒ වගේම තමා පවුල් වල අයත් එක්කත් කතා කරන්න ඕන මේකෙදි. ගොඩක් වෙලාවට අම්මල තාත්තල ළමයින්ගේ කසාදෙ වෙනුවෙන් ගානක් ඉතුරු කරනවා. ඉතින් එයාලා එහෙම යමක් දෙන්න හිතන් ඉන්නවනම් ඒකත් හරියටම දැනගන්න ඕන. එකම දේ තමයි ගොඩක් වෙලාවට ඔයාල වියදම් කරන ගානෙන් ඔයාලට ආපහු හම්බෙන්නේ 25%ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා හම්බෙන දේවල් බලාගෙන budget එක තීරණය කරන්න එපා. wedding එකට යන මුළු වියදමම අතේ තියෙන ගානයි, loan එකක් දාල ගන්න ගානයි, අම්මල තාත්තලාගෙන් ලැබෙන ගානයි එකතු කලාම පියවගන්න පුළුවන් වෙන්න ඕන.


    ඊළඟට අපේ budget එක අඩු කරගන්න කරන්න පුළුවන් හොදම decision එකක් තමා wedding සහ homecoming කියල දෙකක් නැතුව one day function එකක් ගන්න එක. අද කාලේ wedding වලට යන වියදමත් එක්ක ගොඩක් කට්ටිය මේකට යනවා. හැබැයි මේකත් ඉතින් අවබෝදෙන් කරන්න ඕන වැඩක්. දෙපැත්තක අදහස් එකට ගෙන්න වෙනවා. පවුල් දෙකේම අය shape නම් කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්නම් මතක තියාගනින් කසාදෙ අන්තිමට, අර පැත්තේ උන් වැඩිපුර බිව්වා, අර පැත්තේ උන් පිඟන් දෙක දෙක කෑවා, අපිට වඩා අර පැත්තේ උන්නේ වැඩිපුර ආවේ, ඔය වගේ ප්‍රශ්න ගොඩයි. අනික තමා ගොඩක් වෙලාවට one day function එකකට ගියත් ගෙදර පොඩියට හරි homecoming එකක් ගන්න වෙනවනේ. ගෙදර ගත්තත් ඒකත් මගුලක්නේ. ඉතින් එකටත් සැලකියයුතු වියදමක් යනවා. budget එක තීරණය කරද්දී ඒ ගැනත් හිතන්න.

    තව දැන් තියෙන trend එකක් තමා engagement එකක් වෙනම අරන් පස්සේ wedding එකක් ගන්න එක. විශේෂයෙන්ම කසාද බඳින්න හදිස්සියක් නැත්නම් මම හිතන්නේ මේක හෙන බොරු වැඩක්. බොරු වියදමක්. මොකද කසාදෙ දවසෙම registration එක කලානම් විනාඩි දහයෙන් වැඩේ ඉවරයි. ඉතින් විනාඩි දහයක වැඩේට අමුතුවෙන් ඇඳුම් හදාගෙන, අමුතුවෙන් photos අරන්, අමුතුවෙන් කන්න දීල වෙනම වියදමක් කරන්න ඕන නෑනේ බන්.

    දැන් අපි බලමු කසාදෙක තියෙන ප්‍රධානතම වියදම් සහ budget එකෙන් ඒවාට වෙන් කරන්න වෙන ප්‍රතිශතයන්

    1.Hotel charges (40% - 50%)
    මෙතන හොටෙල් එකේ plate එකක ගාන විතරක්ම නෙවෙයි, bites, liquor, sandy, transport, අමතර සේවාවන් සඳහා යන වියදම් ආදියත් add වෙනවා. ඒ නිසා budget එකෙන් බාගයක් විතරම මෙතනට වියදම් වෙනවා.

    2. Photography (5% - 10%)
    ගොඩක් වෙලාවට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ගානක් වියදම් වෙන්න පුළුවන්. මෙතැනදී නම් ගාන ගැනම හිතන්නතුව හොඳ කෙනෙක් ළඟට යන්න කියන එක තමා මගේ අදහස. මොකද අන්තිමේදී අපිට wedding එකක කරන වියදම් වලින් ඉතුරු වෙන්නේ ඔච්චරයි.

    3. Dressing & Costumes (10% - 15%)
    මෙතැනදී අපේ විතරක් නෙවෙයි අපි ගන්න යහළු මනමාලියන්, මනමාලයින් සඳහා යන වියදම් පවා ඇතුලත්. ඇදුම් විතරක් නෙවෙයි අන්දන්න යන වියදම, සපත්තු සෙරෙප්පු ආබරණ ඔය හැමදේම ගැන හිතන්න.

    4. Decoration (5% - 10%)
    setty back, පෝරුව, පොල්තෙල් පහන, table deco, entrance deco. ඔය වගේ ගොඩක් දේවල් මේ පැකේජ වල අඩංගු වෙනවා. මේවා ඔයාට fresh flowers සහ artificial flowers විදිහට මිලට ගන්න පුළුවන්.

    5. Jewelry (5%-10%)
    මංගල මාලය, මංගල මුදු සහ මනමාලිගේ මල්ලිට පා දොවනයේදී දෙන මුද්දත් අපි මිල දී ගන්න ඕන. මේකත් සැලකිය යුතු වියදමක් වගේම වියදම් කරන්න බය වෙන්න ඕන නැති තැනක්. මොකද රත්තරන් ගන්නවා කියන්නේ ආයෝජනයක්නේ.

    6. Entertainment (5%)
    music කියන දේ මගුලක තියෙන්නම ඕන දෙයක්නේ. ඉතින් band එකක් හරි එහෙම නැත්නම් dj එකක් හරි ගන්න වෙනවා. මේවයේ ගණන් ලොකුවට වෙනස් වෙනවා. ඒ නිසා කලින්ම තීරණය කරන්න තමන් මොන වගේ package එකකටද යන්නේ කියන එක.

    7. Wedding cakes (2% - 3%)
    wedding කේක්‌ කියන්නෙත් අපි හිතනවට වඩා ලොකු වියදමක්. wedding එකට එන නොඑන හැමෝටම දෙන්න වෙනවනේ. ගෙදර හදන්නත් පුළුවන්. හැබැයි කාලයක් යනවා.

    8. Wedding cards /cake boxes (1% - 2%)
    මේවත් ඉතින් වියදම් යන දේවල් තමා.

    9. අෂ්ටක/ වෙස් නැටුම් (<1%)
    බෞද්ධ wedding එකක අනිවා තියෙන වියදමක්

    10. Wedding car (<1%)
    couple එකට හොටෙල් එකට යන් එන්න car එකක් ගන්න වෙනවා තමන් ළඟ හරි තමන්ගේ යාලුවෙක් ළඟ හරි හොඳ එකක් නැත්නම්. ඒකේ deco වලටත් වියදමක් යනවා.

    11. cake structure/ champagne mountain(<1%)
    wedding එකේ ලොකු cake එකක් එහෙම කපන්න ආස නම් මේ වියදමත් ඔයාලට එනවා.

    12. Expenses for parents(<1%)
    wedding එක දවසට අම්මල තාත්තලාගේ ඇඳුම් වලට සපත්තු සෙරෙප්පු වලට, එයාලගේ dressing සහ transport පවා පිට arrange කරන්න වෙනවා. ඉතින් ඒ ගැනත් හිතන්න.


    මේ මම දාල තියෙන්නේ පොදුවේ දල වශයෙන් ප්‍රතිශත අගයන්. මේවා අඩු හෝ වැඩි වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඔයාගේ ආශාවන් හා ඔයාට යන්න පුළුවන් උපරිමය කියන දේ මත. උදාහරණයක් හැටියට ඔයා wedding එක Shangri-la ගන්නවානම් plate එකක් 8000කට යද්දී ගමේ ප්‍රජා ශාලාවේ ගනිද්දී පිටින් catering එකක් book කරලා plate එකක් 1000කට ගොඩ දාගන්නත් පුළුවන්. ඔය අන්ත දෙකටම නොයා අර මම කිව්වා වගේ අද කාලේ wedding එකක් ගන්න ඕන නම් oneday function එකකට සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් 20ක් විතර සහ two day එකක් නම් ලක්ෂ 20ක් 30ක් අතර වගේ යන්න පුළුවන්. ඒ වගේම තමා සමහර වියදම් දෙන්නටම එකම විදිහට වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට dressing වලට ගෑනු ළමයට වැඩි වියදමක් යද්දී jewelry වලට උබට වැඩි වියදමක් යනවා.


    මතක තියාගන්න මම මේ උඩ සදහන් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් wedding එකකට යන වියදම්. මේවා කොහොමද අවම කරගන්නේ කියන එක මම වෙන වෙනම කතා කරනවා.
    ඒ වගේම තමා ඔයිට අමතරව පොඩි පොඩි වියදම් ගොඩක් එනවා. හිතහන්කෝ කසාදෙ අත්සන් කරන පෑන පවා සල්ලි දීල ගන්න එපැයි. ඒ ඔක්කොම consider කරලා මම හදපු excel sheet එකක් තියෙනවා. මම එක මේකට upload කරන්නම්. nakath බලන්න යන වියදමේ ඉඳල honeymoon යන්න යන වියදම වෙනකන් හැම පොඩි දේම මට මතක් වෙන විදිහට දාල තියෙන්නේ. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. එහෙනම් එක download කරගෙන budget එක plan කරගෙන ඉන්න.


    View attachment Wedding Budget - format.zip
     
    Last edited:
    • Like
    Reactions: geethq

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විවාහ වෙන්න යන්නේ 1050/= තාම පුතී!

    :yes::yes::yes:ඕකතමයි යථාර්තය..විවාහ උත්සවයක් ගත්තට කමක්නෑ පොඩියට තමන්ගේ නිවසේ.වැඩි විච්චුරණ නැතිව චාරිත්‍රවලට ගරු කරලා.චාරිත්‍ර පන්සලේ කරන එකයි හරිම ක්‍රමේ ..තමන්ට නැති හොටෙල්,තමන්ට නැති වාහන පෙන්නලා බොරු සොබන දානවනම් ඒ ජාතියෙන් පෙන්නන්නේ උන්ගේ පුහු මාන්නක්කාරකම ..හිස් කම .බිස්නස්කාරයන්ටනම් රජ මගුල්. .:P:P:P
     
    • Like
    Reactions: Big Cass

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    :yes::yes::yes:ඕකතමයි යථාර්තය..විවාහ උත්සවයක් ගත්තට කමක්නෑ පොඩියට තමන්ගේ නිවසේ.වැඩි විච්චුරණ නැතිව චාරිත්‍රවලට ගරු කරලා.චාරිත්‍ර පන්සලේ කරන එකයි හරිම ක්‍රමේ ..තමන්ට නැති හොටෙල්,තමන්ට නැති වාහන පෙන්නලා බොරු සොබන දානවනම් ඒ ජාතියෙන් පෙන්නන්නේ උන්ගේ පුහු මාන්නක්කාරකම ..හිස් කම .බිස්නස්කාරයන්ටනම් රජ මගුල්. .:P:P:P

    එකඟයි සහෝ. මේක බිස්නස් එකක් වෙලා ඉවරයි. wedding එකක් නම් මෙහෙම තියෙන්න ඕන කියන එක, මිනිස්සුන්ගේ ඔලු වලට එ බිස්නස් කාරයෝ කවලා ඉවරයි. ඒක සමාජ තත්ත්වයක් මනින මිම්මක් වෙලා. හිතන්නකො සාමාන්‍ය පවුලක ඉපදිලා ඉගෙනගෙන ලොකු වැදගත් රස්සාවක් කරන කෙනෙක් කියලා. අන්න එතකොට ඒ මනුස්සයට සල්ලි නැති උනාට reputation එකක් තියෙනවා. ආශ්‍රය කරන්නෙ අර වගේ සමාජ තලයක මිනිස්සු. ඉතින් එහෙම සමාජයක කොල්ලො කෙසේවෙතත් කෙල්ල හරි පවුලෙ අය හරි කොච්චර නැති බැරි උනත් රටටම පේන්න wedding එකක් ගන්න බලපොරොත්තු වෙනවා. අන්න එතනදි සල්ලි නැති එකා හැඟීම්, ආශාවන්,සමාජ තත්ත්වය, රැකියාව සහ පවුලෙ අයගෙ කැමැත්ත කියන එක උඩ අසරණ වෙනවා. ඒ නිසා ඔයා ඔය කියන කතාව හරි උනාට ගොඩක් අයට ඔය සත්‍යයට මූණ දෙන්න බැරිව යනවා. අන්න ඒ අසරණ වෙන උන්ට පොඩි හරි සහනයක් වෙන්නයි මම මේ thread එක දාන්නේ.මොකද මමත් එහෙම අසරණ වීම ප්‍රායොගිකව අත්විඳපු නිසා.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.1 Wedding hall එකක් book කිරීමේදී වියදම අවම කර ගැනීම

    හරි! අපි හිතමු දැන් ඔයාලා budget එක හදාගෙන ඒකෙන් හොටෙල් එකට වෙන් කරන්න පුළුවන් ගාන තීරණය කරලා ඉවරයි කියල. දැන් තියෙන්නේ හොටෙල් එකක් book කරන්න. අපි බලමු මේ වැඩේ දී කොහොමද අඩුම වියදමකින් හොඳම හොටෙල් එකක් තීරණය කරන්නේ කියන එක..

    i ) wedding exhibitions කියන්නේ දැන් කාලේ මාසෙකට එකක්වත් කොහේ හරි තියෙන දෙයක්. ඉතින් දිනයක් දාගත්තට පස්සේ අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඔය වගේ wedding exhibitions දෙක තුනකට යන එක. මේකෙදි ගොඩක් දේවල් අපිට discounted prices වලට හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ exhibitions වලට යන්නේ උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. මොකද සල්ලි තියෙන එකා කරන්නේ wedding planner කෙනෙක් මගින් හරි තමන්ම ගිහින් හරි ඕන හොටෙල් එකට කෙලින්ම කතා කරන එක. එතකොට අපිට ලැබෙන්නේ ඒ හොටෙල් වල තියෙන normal rates. හැබැයි මේ වගේ exhibition එකකදී ඒ rate එකට 5%-10%ක discount එකක් ගන්න පුළුවන්. සහ bookings වැඩි කරගන්න වෙන වෙන වරප්‍රසාද දීමනා පවා ඔය packages වල එදාට තියෙනවා. මතක තියාගන්න ඔයාලගේ budget එකෙන් බාගයක්ම යන්නේ හොටෙල් එකට. ඉතින් එකට 5%ක discount එකක් හම්බෙනවා කියන්නේ ඔයාගේ සම්පුර්ණ වියදම 5%කින් අඩු උනා කියන එක.

    ii ) ගොඩක් අය හිතන් ඉන්න දෙයක් තමා තමන්ගේ යාලුවෙක්ගේ හරි නෑදෑයෙක්ගේ හරි wedding එකක් දැකල මමත් කවදා හරි wedding එක ගන්නේ මේ හොටෙල් එකෙමයි කියන එක. හැබැයි ඒ මතේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. මතක තියාගන්න ලංකාවේ wedding halls 100 ගානක් තියෙනවා. ඉතින් සමහර විට අපි හිතන් ඉන්න හොටෙල් එක වගේම හෝ ඊටත් වඩා හොද hall එකක් ඔයාට හොයාගන්න පුළුවන්. අන්න ඒ නිසා එකම හොටෙල් එකක් මත depend නොවී අඩුම තරමේ ඔයාට සෙට් වෙන විදිහේ reviews හොද හොටෙල් 10කින් වත් quotations ගන්න. පස්සේ අපිට compare කරලා බලල හොදම offer එකට යන්න පුළුවන්.

    ii ) නමට හොටෙල් select කරන්න එපා. ගොඩක් වෙලාවට නම හින්දම charges වැඩි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට cinnamon lakeside හරි waters edge හරි රුපියල් 6000ට විතර යන plate එකක් සමහර විට ඒ menu එකටත් වඩා options වැඩියෙන් වෙන හොටෙල් එකක රුපියල් 3000ට තියෙන්න පුළුවන්. අනික කොළබ අවට තියෙන හෝටෙල් වල ගණන් ටිකක් සාපේක්ෂව වැඩියි. හැබැයි ඒ වගේම ලස්සන ලොකු හොටෙල් එකක් ඔයාට කළුතර පැත්තට ගියොත් හරි මීගමුව side එකට ගියොත් හරි අර ගානෙන් බාගෙකට හොයාගන්න පුළුවන්.
    හිතන්න ඔයා ඉන්නේ නුගේගොඩ කියල. ඔයා ගලදාරි එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැයයි. plate එක 6000යි. 300ක් සෙනග ආවොත් වියදම ලක්ෂ 18යි. ඔයා මීගමුවේ Avenra Garden හොටෙල් එක book කලොත් නුගේගොඩ ඉඳන් යන්න පැය එකහමාරයි. (Highway එකේ විනාඩි 10නෙ) අර options වලට වඩා හොද menu එකක් තියෙන plate එකක් 4000යි. 300කට වියදම ලක්ෂ 12යි. transport වලට ලක්ෂයක් වැඩිපුර ගියත් ලක්ෂ 5ක් ලාබයි. මතක තියාගන්න මම මේ හොටෙල් දෙක ගත්තේ දෙකම හොඳ නමක් තියෙන හොටෙල් දෙකක් නිසා compare කරන්න ලේසි වෙන්න. ඔයාලාට ඔය range එකේම යන හොඳ අලුත් හොටෙල් එකක plate එකක් රුපියල් 2500ටත් ගන්න පුළුවන්.

    iii ) හොටෙල් එකේ package එකත් එක්ක නොමිලේ දෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. සමහර හෝටල් තියෙනවා ඔයාලට decorations, bites සහ sandy පවා නොමිලේ දෙන. සමහර හොටෙල් තියෙන්න පුළුවන් පුටු කවරේ පවා වෙනම සල්ලි වලට ගන්න වෙන. සමහරු හොටෙල් එක photo location හැටියට ගන්න දෙනවා. සමහරු ඒකටත් ගානක් අය කරනවා. ඒ නිසා හොටෙල් එකක් book කරද්දී plate එකේ ගානම හිතන්න එපා. offers වැඩි තැනක ඔයාට අමතර වියදම් අඩු වෙනවා. එතකොට ඒ වාසියත් ඔයාට එනවා.

    iv ) ඔයාගේ ආරාධිත සංඛ්‍යාවට ගැලපෙන hall එකක් තෝරාගන්න. ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම සහ අවම ගණනක් ඉන්නවා. අවම ගානට වඩා අඩුයි නම් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඉතින් ඒක බොරු වියදමක්නේ. ඒ නිසා ඔයාගේ invitee list එක කලින්ම හදාගන්න.
    මනමාලිගේ පැත්තෙන් එන ගාන, අම්මගේ පැත්තේ නෑයෝ, තාත්තගේ පැත්තේ නෑයෝ, අසල්වාසීන්, පාසලේ සහ campus එකේ යාළුවන්, office එකේ කට්ටිය විතරක් නෙවෙයි බෑන්ඩ් එකක් play කරනවානම් එයාල, නැටුම් කණ්ඩායම්, drivers ලා මේ හැමෝම මේ ලිස්ට් එකට ඇතුලත් වෙන්න ඕන.
    invitee list එක හදාගත්තට පස්සේ ඕකෙන් estimated guest list එකක් හදාගන්න. ඒ කියන්නේ එයි කියලා sure එකක් තියන්න පුළුවන් ගාන. wedding එක ලං වෙද්දී call කරලා එහෙම එන කට්ටිය හරියටම confirm කරගන්න. මොකද අපි හොටෙල් එකට කියන්න ඕන invite කරපු ගාන නෙවෙයි. estimated ගාන. ගොඩක් අය වැඩිපුර සල්ලි වියදම් කරන තැනක් තමා මේක. මොකද කියන හැමෝම එන්නේ නෑනේ. ඒ නිසා estimated ගාන හොටෙල් එකට කියන්න. ඔයාලට plate 50ක විතර ගානක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.

    v ) අඩු මුදලට posh wedding එකක් ගන්න කැමතිද? එහෙනම් outdoor wedding එකකට යන්න. outdoor wedding එකකදී ඔයාට location එකට ගෙවන්න වෙන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානක්. කෑම වෙනම catering service එකකින් ගන්න පුළුවන්. පුටු මේස පවා උත්සව භාණ්ඩ සපයන තැනකින් අඩුවට කරගන්න පුළුවන්. යන වියදමෙන් සැලකිය යුතු ගානක් ඉතුරු වෙනවා. තව අද කාලේ trend එකක් තමා පන්සලක බඳින එක. මේක ගොඩක් උන් බෞද්ධ වීම නිසාම කරන දෙයක් නෙවෙයි. මේකත් posh culture එකේ අය posh බව අමුතුම විදිහකට පෙන්නන වැඩක් වෙලා. මොකද බැඳීම් අත් හරිය යුතු තැනක බැඳීම් එක් කරන්න හදන එක මම පෞද්ගලිකව එච්චර සුදුසු දෙයක් හැටියට දකින්නේ නෑ. අලුත් ජීවිතයක් පටන් ගනිද්දී තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගන්න ඕන. හැබැයි එකට දිලිසෙන වෛවාරණ ඇඳුම් ආබරණ දාගෙන පන්සලකට එන එක මම අනුමත කරන්නේ නෑ. හැබැයි ඉතින් මේක මගේ පෞද්ගලික මතය විතරයි. ඔයාලට එහෙම wedding එකක් ගන්න ආස නම් ඒකත් budget එක ඉතුරු කරගන්න ලොකු උදව්වක් වෙයි. මොකද මස් මාළු, මත්පැන්, hotel charges, decorations වගේ ගොඩක් වියදම් කපාහරින්න පුළුවන්.

    vi ) Liquor. මේ ගැන යාලුවෙක් ප්‍රශ්නෙකුත් අහල තිබ්බා. මේක ටිකක් ලොකු topic එකක්. මුලින්ම හිතන්න ඕන උබල බොන්න දෙන්නම ඕනද නැද්ද කියන එක. සමහරු ගෙවල් වලින් පවා මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් උබ බොන එකක් නම් අනිත් උන්ගේ පාටි වලට ගිහින් බිව්වනම් උන් බලාගෙනම එන්නේ උබේ එකටත් arrears අල්ලන්න. ඒ නිසා බොන්න දෙන්න වෙනවනේ. කමක් නෑ. මම කියන්නම් කතාවක් අහන්නේ නැති වෙන්න බොන්න දෙන්නේ කොහොමද කියල ගානකුත් ඉතුරු කරගෙන.
    1. මේ ටිකේ රට යන උන් ඉන්නවනම් පුතෝ එකෙක්ට බෝතල් 2.5 ගානේ ගෙන්න පුළුවන්. duty free ගෙන්න ගනින්. මම නම් අවුරුද්දක් තිස්සේ එහෙම තමා ඔක්කොම බෝතල් ටික හොයාගත්තේ. Red Label 25ක් එකතු කර ගත්තා. එකක් රුපියක් 3000ක් වගේ උනේ. Keels එකේ 8000ක් විතර. හිතහන් ලාබේ.
    2. රට යන උන් නැත්නම් black market ගන්න. Red Label එකක් 5500ක් වගේ. එත් ලාබයි.
    3. කිසිම වෙලාවක table වලට බෝතල් දාල bar එකේ වගේ බොන්න දෙන්න එපා. අද කාලේ posh wedding වල කරන දෙයක් තමා table එක ළඟට ඇවිල්ල serve කරන එක. එතකොට වරකට ෂොට් එකයි. උපරිම rounds 3ක් වගේ ගියානම් shape. උබලත් පොෂ්, ගානත් ඉතුරුයි.
    4. උබලගේ ඉන්නේ අමුම බෙබද්දෝ ටිකක් නම් උබත් එහෙම එකෙක්නම් ටිකක් වැඩියෙන් බොන්න දෙන්න ඕන නම් cocktail tables ටිකක් දාන්න. දැන් කලේ wedding වල කරන්නේ එහෙමයි. මේකෙදි serve කරනවට වඩා ගානක් යයි. හැබැයි හිටන් නෙ බොන්න වෙන්නේ. ඉතින් බොන එකෙක් බොන්නේ හිටන් ඉන්න පුළුවන් ගානට නෙ. ඒ නිසා ලොකු අවුලක් නෑ.
    5. bites ජාති ගොඩකට යන්න එපා. මොකද හොටෙල් එකෙන් තමා අපිට cooked bites ගන්න වෙන්නේ. බොන එකා නම් බන් ලුණු කැටයක් හප හප හරි බොයි. ඒ නිසා chicken, ග්‍රීන් apple, mixture වගේ තිබ්බනම් හොදටම ඇති. ඉස්සෝ දැල්ලෝ අනන් මනං ගන්න එපා.

    ඉතින් මේ විදිහට ගියොත් උබට බොන්න දෙන්න යන වියදම බාගෙකටත් වඩා අඩු කරගන්න පුළුවන්. අර මම මුලින් කිව්ව estimated guest list එක තියෙනවනේ. ඕකෙන් හදාගන්න drinking crowd list එකක්. ඒ කියන්නේ බොන උන් ගාන. normally බොන උන් 100ක් ඉන්නවනම් shots serve කරන්න 3 rounds බෝතල් 15-18ක් වගේ යයි. open bar දාලා cocktail විදිහට යනවනම් බෝතල් 20-22ක් වගේ යයි.






    ඉතින් මේ විදිහට ගොඩ දාගන්නවනම් ඔයාලට හොටෙල් එකට යන්න ගියපු වියදම තුනෙන් පංගුවකටත් වඩා අඩු කරගන්න පුළුවන්. මම මෙතන කිසිම හොටෙල් එකක් හොදයි කියන්නෙවත් කිසිම හෝටල් එකක් නරකයි කියන්නෙවත් නෑ. ඔයාලට හොදයි කියල හිතෙන හොටෙල් වලින් හොඳම හොටෙල් එක අඩුවට ගොඩ දාගන්න හැටි කිව්වේ. special recommendations ඕන නම් PM කරන්න. අනික තමා එක හොටෙල් එකක plate එකේ ගාන අඩු වෙද්දී අනිත් හොටෙල් එකේ offers වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා වගේ හොටෙල් කිහිපයකින් quotations අරගෙන compare කරලා හොදම එකට යන්න. එකට hotel comparison එකකදී බලන්න ඕන දේවල් ගැන හිතල මම හදපු excel sheet එකක මම මෙතන upload කරන්නම් ඔයාලට උදව්වක් හැටියට.

    View attachment Wedding Hall Comparison - format.zip
     
    Last edited:
    • Like
    Reactions: Big Cass