අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වටින වැඩක් මචං..
    ඔඩක් මහන්සි වෙලා විස්තරාත්මකව ලියලා තියෙනවා..
    බදින්න ඉන්න උන් බලන්නම ඕන ත්‍රෙඩ් එකක්,
    ජය!
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Normally market eke adu milata thiyena bothal warge mukadda?

    Black thama bn...mageth cousin ge wedding ekata rata idan ena aya black genawa maai family ekai wines bottles 14k genawa(4 from ausi rest from sl duty free) ..hoda welawata mattu une. Washine machine ekakuth gatha nisa check nokara express eken ariya :lol:
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda

    Thanks macho. rep ++



    thanks bro

    වටින වැඩක්! දිගටම කරගෙන යමු! Rep+


    වටින වැඩක් මචං..
    ඔඩක් මහන්සි වෙලා විස්තරාත්මකව ලියලා තියෙනවා..
    බදින්න ඉන්න උන් බලන්නම ඕන ත්‍රෙඩ් එකක්,
    ජය!




    Patta machn
    ++ added




    බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම. වැඩ වැඩි නිසා ටිකක් පරක්කු උනා post එකක් දාන්න:)

    subscribe for educational purposes
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Ada kaale rs 1500 ta vithara tikak hoda kama thiyena plate ekak ganna thanak nadda ban ?

    හොටෙල් එකක් නම් ගොඩක් වෙලාවට 2000 පන්නලා තමා හොයාගන්න වෙන්නේ මචන්. catering service නම් ඒ ගානට හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නම් මම කිව්වා වගේ outdoor wedding එකකට යන්න. location එකට උපරිම ලක්ෂ 2ක් ගෙවන්න වෙයි හොඳම හොටෙල් එකක උනත්.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Normally market eke adu milata thiyena bothal warge mukadda?

    Black thama bn...mageth cousin ge wedding ekata rata idan ena aya black genawa maai family ekai wines bottles 14k genawa(4 from ausi rest from sl duty free) ..hoda welawata mattu une. Washine machine ekakuth gatha nisa check nokara express eken ariya :lol:

    ගල් නැතුව shape එකේ හොඳ brand එකක් 3500 වගේ ඉඳල හොයාගන්න පුළුවන් මචන් black-market. මම කිව්වා වගේ duty free collect කරගන්න පුලුවන්නම් ඊටත් අඩුවෙන් හොඳ එකකට යතහැකි. මම දුන්නේ RED LABEL. කීල්ස් එකේ 750ml එකක් 8000ක් වගේ වෙනවා. blackmarket 5500ක් වගේ. මට duty free එකෙන් 1ltr බෝතලේකට ගියේ 3000ක්-3500ක් විතර.
    මම අමද්‍යප පොරක්. ඒ නිසා brand ගැන වැඩිය දන්නේ නෑ. හැබැයි VAT69, HIGHLAND QUEEN වගේ ඒවා ගොඩක් අඩුවට ගන්න පුළුවන්ලු. මට නම් office එකේ කට්ටිය එහෙම එන නිසා ටිකක් decent brand එකක් ඕන උනා. ඒකයි ගානත් shape නමත් හොඳ නිසා red label ගියේ.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Outdoor wedding karana ten mnwada hoda and ganan adu

    ඕනෑම ඉඩ තියෙන හොඳ හොටෙල් එකක් outdoor locations offer කරනවා මචන්. ගිහිල්ල කතා කරලා බලපන්. Waters-edge වගෙත් මම හිතන්නේ ලක්ෂ 2ක් වගේ ගන්නේ. ඉතින් අනිවා හොඳ locations තියෙන හොටෙල් ඇති ඊට අඩුවට.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.2 Photography වලට යන වියදම අවම කරගැනීම

    මම මුලින් කිව්වත් වගේ හොඳ decent wedding එකකට අපි ලක්ෂ 20ක් 30ක් වියදම් කරනවනේ. ඉතින් ඔය වියදම් සේරම වගේ පැය 5කින් 6කින් හබස්. හුළගේ ගියා වගේ වෙනවා. ඉතින් අපිට කසාදෙන් පස්සේ ඉතුරු වෙන දේවල් බොහොම ටිකයි. ඒ අතරින් මුල්ම තැනක ඉන්නවා photography කියන දේ. මොකද ඒ දවස මතක් වෙන්න අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඔය photos ටිකයි videos ටිකයි නොවැ. ඉතින් මම නම් කියන්නේ මේකට පොඩ්ඩක් වැඩිපුර වියදම් කළාට කමක් නෑ කියලා. අපි බලමු එහෙනම් වියදම් අවම කරගෙන හොඳම විදිහට මේ වැඩේ ගොඩ දාගන්නේ කොහොමද කියලා

    1. Wedding Exhibitions වලට අනිවා යන්න. මේවායේදී ඔයාලට discount හම්බෙනවා විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය එන නිසා කාලය මහන්සිය ඉතිරි කරගෙන එක දවසකින් කීප තැනකින්ම quotations ගැනීමේ අවස්ථාවක් හම්බෙනවා.

    2. නමට select කරන්න යන්න එපා. නමට ගණන් ගන්නවා ගොඩක්. event එකකට 1 million වගේ ගන්න උනුත් ඉන්නවා. අනික ගොඩක් ඔය ප්‍රසිද්ධ කට්ටිය book කරද්දී වගේ නෙවෙයි පස්සේ උන්ව හම්බෙන්නත් appointment දාන්න ඕනි. මටත් එහෙම වැඩක් උනා. එකෙක්ව book කරලා අපිට දෙතුන් පාරක් try කරලත් මිනිහව meet වෙන්න බැරි උනා. පස්සේ අපි advance එකත් ගෙව්වට පස්සේ ඌව අල්ලලා දැම්මා. ඕන තරම් පොඩි පොඩි කොල්ලෝ ඉන්නවා නියමෙටම වැඩේ දන්න, හොඳ ඇහැක් තියෙන. facebook එකේ පොඩ්ඩක් search කළානම් හොඳ අය ඕන තරම් ඉන්නවා.

    3. package එකේ තියෙන free offers ගැන සැලකිලිමත් වෙන්න. සමහර කෙනෙක් ගණන් අඩු වෙද්දී එයා free දෙන දේවල් අඩු වෙන්න පුළුවන්. ඒවා පිටින් කරගන්න ඊට වඩා වියදමක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරු album එකේ pages 30ක් කියල දානවා. වැඩි වෙන page එකකට වෙනම ගානක් දානවා. හැබැයි ඔය page 30 කියන එක පස්සේ එකෙක් කියන්න පුළුවන් සම්පුර්ණ පිටු 30ක් නෙවෙයි අපි කිව්වේ පැති 30ක් කියල, ඒ කියන්නේ පිටු 15ක්. අන්න ඔතනදි කෙල වෙනවා. අනිත් ෆොටෝස් වලට සල්ලි ගෙවල දාගන්න වෙනවා. එකෙක් enlargement 2ක් දෙනවා කියද්දී තව එකෙක් ඒ ගානට enlargement 4ක් දෙනවා කියයි. හැබැයි පස්සේ බලද්දී ඌ කියල තියෙන්නේ frame එක නැතුව. ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා. ඒ නිසා free දෙන දේවල් ගැන හරියටම අහගන්න විතරක් නෙවෙයි ඔයාලා book කරද්දී ඒවා ලිඛිතව අරගන්න. නැත්නම් පස්සේ පරක්කු වැඩි වෙයි.

    4. flexible කට්ටියක් book කරන්න. සමහර ඔය photo ගන්න උන් හිතන් ඉන්නේ උන්ගේ wedding එකට අපි ඇවිල්ල වගේ. එහෙම උන් එක්ක වැඩ කරන්න ගියාම අපිටත් මල පනිනවා. photosත් සවුත්තු වෙනවා. ඒ නිසා කතා බහ කරලා සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න

    5. pre-shoot location තොරගනිද්දී සැලකිලිමත් වෙන්න. ගොඩක් ලස්සන දුර පලාතක pre-shoot එකක් ගන්න කවුරුත් ආසයි. හැබැයි මතක තියාගන්න එහෙට යන්න transport , එදා දවසේ කෑම බීම වලට වියදම්, වගේ ගොඩක් දේවල් අමතර වියදම් විදිහට යනවා කියලා. ඒ වගේම සමහර ෆොටෝ locations වලට රුපියල් 30,000ක් වගේ ගෙවන්න වෙනවා. ඒ වගේ ඒවා ගැන නම් හිතන්නවත් එපා. ළඟ පාත හොඳ ලස්සන තැනක් book කරගන්න. අනික අද කලේ locations වලට වඩා couple එකේ random pics ගන්න එක තමා trend එක. ඒ වගේ දේකට ගියොත් ලොකු ගානක් ඉතුරු වෙනවා.

    6. videos වලට යනවනම් photography කරන කෙනාටම වැඩේ බාර දෙන එක තමා ලාබම ක්‍රමය. වෙනම තැනකට දෙනවනම් වියදමත් වැඩි වෙනවා. සහ ලොකුම දේ, photographer සහ videographer අතර හොද සුහදත්වයක් නොතිබ්බොත් වැඩේ බකල් වෙනවා.

    7. ලැබෙන දේවල් සහ කරන පිළිවෙල ලිඛිතවම ගන්න. ගොඩක් උන් මුලින් කියන දේවල් පස්සේ නැති වෙනවා. වැඩේ බාර දුන්නට පස්සේ අපිටත් ඉතින් කටයි අහවල් එකයි වහගෙන උන් කියන දේ අහන් ඉන්න වෙනවා. ඒ නිසා මුලින්ම හැම පොඩි දේ ගැනම කතා කරලා සල්ලි ගෙවද්දී ඒවා in-written ගන්න. මට මේවා වෙච්ච ප්‍රශ්න. ඔයාලට එහෙම නෙවෙන්නයි මේ කියන්නේ.


    හරි. ඔය කියපු විදිහට හොඳ photographer කෙනෙක් තෝරාගන්න. හැබැයි හදිස්සි වෙන්න එපා. wedding exhibition එකක් සාමාන්‍යයෙන් දවස් 3ක් විතර තියෙනවා. ඒ නිසා පළවෙනි දවසේ ගිහිල්ල තියෙන තියෙන හැම එකකින්ම quotations අරගෙන එන්න. ආයේ තමන්ගේ යාලුවන්ගේ recommendations මත හරි තමාට fb එකේ දැකල set උනු කෙනෙක් හරි ඉන්නවනම් එයාලගෙනුත් quotations ගන්න.
    ඊට පස්සේ ගෙදර ඇවිල්ල කරන්න පොඩි homework එකක් තියෙනවා දෙන්නට. මුලින්ම තමන් quotation අරන් ආපු අයගේ facebook පගේස් වලට ගිහිල්ල ඒවායේ තියෙන reviews කියවල බලන්න. දන්නා අයාගෙන අහල බලන්න.
    එහෙම බලල නරක reviews තියෙන උන් එහෙම අයින් කරලාඔයා quotation ගත්තු set එක shortlist කරගන්න.
    ඊට පස්සේ පොඩි chart එකක් හදාගෙන ඒ එක එක්කෙනාගේ ගණන් සහ එයාලගේ package එකේ හම්බෙන දේවල් ගැන comparison එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔය packages වල ඔයාලට free හම්බෙන albums ගැන, ඒවායේ පිටු ගැන, enlargements ගැන, thankyou cards ගැන, video තියෙනවනම්, preshoot තියෙනවනම් ඒවා කොහොමද වගේ හැමදෙයක්ම අඩංගු වෙනවා. මේකෙදි ඉස්සෙල්ල තමන්ට ඕන දේවල් ගැන list එකක හදාගෙන ඉන්න. ඊට පස්සේ එක එක්කෙනාගේ cost එක ඒකට ගැලපෙන්න හදන්න. උදාහරණයක් විදිහට අපි කියමු කෙනෙක්ගේ package එක ලක්ෂ 2යි, එකට enlargement 2ක් හම්බෙනවා කියලා. normally උබේ ගෙදරටයි wifege ගෙදරටයි wedding and Homecoming ෆොටෝ එක ගානේ enlargements 4ක් ඕන වෙනවනේ. ඉතින් වැඩිපුර 2කට අතින් ගෙවන්න වෙනවා. එකක් ඌ ගාව 7500යි නම් 2ට 15000යි. එතකොට අර පොරගේ ගැන ලක්ෂ 2යි නෙවෙයි 2.15යි. අන්න ඒ වගේ compare කරන්න.


    දැන් ඔය comparison එකයි ඔයාගේ හිතට අල්ලපු විදිහයි බලල අඩුම ගානට ඉන්න හොඳම කෙනාව තෝරාගන්න. ඔයාලට උදව්වක් විදිහට photography comparison එකකට මම හදපු format එකක් මම මේකේ upload කරන්නම්. ජය!


    View attachment Wedding Photography Comparison - format.zip
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Special Hints
    photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද?

    ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ අපිට එයාගෙන් package එකක් හම්බෙන්නේ නෑ. එයා කරන්නේ event එක cover කරලා අපිට raw photos ටික දෙන එක. මේක හැබැයි සැලකිල්ලෙන් කරන්න ඕන වැඩක්. responsibility එකක් ගන්න පුළුවන් කෙනෙක්ට තමා මේ වැඩේ බාරදෙන්න ඕනි. නැත්නම් ඔක්කොම ඉවරයිනේ.
    ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ටික studio එකකට දීල ඔයාට ඕනි විදිහට albums, enlargements හදාගන්න. ගොඩක් studio වල retouching, album designing part එක free කරලා දෙනවා. ඔයාගෙන් album එකේ පිටු ගානට තමා charge කරන්නේ. normally පිටු 30ක magazine album එකක් ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් විතර ගෙවල ගන්න package එකේ හම්බෙන album එක ඔයාට රුපියල් 10,000කට වගේ හදාගන්න පුළුවන්. කොහොමද වැඩේ. ඉතින් මේ ක්‍රමෙත් compare කරලා බලන්න.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    Special Hints
    photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද?

    ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ අපිට එයාගෙන් package එකක් හම්බෙන්නේ නෑ. එයා කරන්නේ event එක cover කරලා අපිට raw photos ටික දෙන එක. මේක හැබැයි සැලකිල්ලෙන් කරන්න ඕන වැඩක්. responsibility එකක් ගන්න පුළුවන් කෙනෙක්ට තමා මේ වැඩේ බාරදෙන්න ඕනි. නැත්නම් ඔක්කොම ඉවරයිනේ.
    ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ටික studio එකකට දීල ඔයාට ඕනි විදිහට albums, enlargements හදාගන්න. ගොඩක් studio වල retouching, album designing part එක free කරලා දෙනවා. ඔයාගෙන් album එකේ පිටු ගානට තමා charge කරන්නේ. normally පිටු 30ක magazine album එකක් ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් විතර ගෙවල ගන්න package එකේ හම්බෙන album එක ඔයාට රුපියල් 10,000කට වගේ හදාගන්න පුළුවන්. කොහොමද වැඩේ. ඉතින් මේ ක්‍රමෙත් compare කරලා බලන්න.
    meka patta rep dunna.. :cool:
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.3 Dressing & Costumes සඳහා යන වියදම් අවම කර ගැනීම

    මේ කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ අපේ බවලත් පාර්ශවයයට. මොකද wedding කියන business එක ඇතුලේ තවත් හොඳම business එකක් තමා මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මතක ඇති පහු ගිය කාලේ එහෙම අන්දන මිනිස්සු තමන්ගේ birthday party එහෙම ලොකුවට ගත්තු හැටි. ඒ සේරම ඉතින් අහිංසක උබල අපේ සල්ලි තමා.
    සාමාන්‍යයෙන් මේ වගේ bridal dressing package එකක් ලක්ෂ එකේ ඉඳල ලක්ෂ 10ක් විතර වෙනකන්ම තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ bridal saree එකක් අද market එකේ රුපියල් 60,000 ඉඳන් ලක්ෂ 2ක් විතර වෙනකන් යනවා. සාරිය විතරක් තිබිල බෑනේ. ඕකට හැට්ටේ මහන්න රුපියල් 10000 වගේ ඉඳන් 30000ක් විතර ගන්න කට්ටිය ඉන්නවා. ආයේ ඉතින් ඕවට සෙරෙප්පු, ආබරණ, ඊළඟට දෙවෙනි මනාලියන්ගේ ඇඳුම්, එයාලගේ සෙරෙප්පු, ආබරණ, flower bouquet කීයක් නම් දේවල් ද. ඉතින් පුතෝ මනමාලිට ඕවට යන වියදම සුලුපටු නෑ.
    මනමාලයට කියලත් ඉතින් ඔයිට ලොකු වෙනසක් නෑ. නිළමේ ඇඳුම් අදිනවානම් ඒවා rent කරන්න යන වියදම, එහෙම නැත්නම් full suit අදිනවානම් ඒවා මහන්න, ඒවාට සපත්තු සෙරෙප්පු ගන්න යන වියදම, දෙවෙනි මනමාලයන්ට යන වියදම කොන්ඩ කපන්න රාවුල් කපන්න, කොන්ඩ set කරන්න වගේ දේවල් විතරක් නෙවෙයි දෙවෙනි දවසේ මනාලිගේ ඇඳුම අරන් දෙන්නත් ඕන උඹ. ඉතින් එහෙම බැලුවම එකත් සැලකියයුතු වියදමක්.
    හරි. වියදම් වියදම් කියල ඉතින් හොඳ makeup එකක් නැතුව එදාට යන්න උඹේ ගෑණි කැමති වෙන්නේ නෑනේ. makeup නැතුව ගියත් ඇඳුම් නැතුව එලියට බහින්න බෑනේ. අපි ඉතින් මේ thread එක පටන් ගත්තෙම වැඩේ බාල විදිහට කරන්න නෙවෙයි. හොඳම වැඩක් ලාබෙට කරන්නනේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වියදම් අවම කරගෙන එදාට ලස්සනට ඉන්නේ කියලා.

    මනමාලිට

    1. මහපු සාරි ගන්නේ නැතුව සාරියට රෙදි අරන් සාරි මහගන්න. මහපු සාරියක් මම කලින් කිව්වා වගේ ලොකු ගානක් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 80000ක් විතර වෙයි. උඹල විශ්වාස කරනවද මගේ wife ගේ සාරියට ගියේ රුපියල් 18000යි කිව්වොත්? සාරියේ රෙද්දට විතරක් නෙවෙයි, එකට දාන lining, underskirt වලට රෙදි, සාරිය work කරන්න පබළු, ඒවා අලවන්න ගම් අනන් මනං ඔක්කොම එක්ක. ඒ රෙද්දෙන්ම කරපු homecoming සාරි එකක් ඒ කඩේ තිබ්බ රුපියල් 85000කට. කොහොමද ඒක? :cool:
    දෙවෙනි දවසේ අපි Indian ඇන්දේ. මහපු ලෙහෙන්ගා එකක් උනත් රුපියල් 30000ක්වත් වෙනවා normal ම එකක්. අපිට ඒකටත් රුපියල් 8000 ගානයි රෙදිවලට ගියේ. ලස්සනටම මහල work කළා. කවුරුත් හිතන්නේ නෑ එච්චර අඩුයි කියල.
    ඔව් මචන්. අපි හැමෝම දන්නා පිටකොටුව තමා එකම option එක. A /C කරපු ලොකු ලොකු shops වගේ නම් සුවපහසු නෑ ඉතින්. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා. කොටුවේ Second Cross Street එකේ තියෙන්නෙම මේ රෙදි කඩ. සාරි material කිව්වම බුරුතු පිටින් තියනවා. quality ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ. ලොකු ලොකු shops වල තියෙන ඒවම තමා. මේකේ ඉන්න උන්ට පිටකොටුව ගැන කියන්න දෙයක් නෑනේ. අනික බන් අපි ඔය ඇඳුම හෝද හෝද මාස ගණන් අඳින්නේ නෑනේ. එදාට විතරයි. ඉතින් කිසි බයක් වෙන්න එපා. හැබැයි හෙන අන්ඩයෝ ඉන්නේ. කනින් රිංගයි දන්නෙම නැතුව. ඒ නිසා කොටුවේ ඇවිදින්න දන්නා එකෙක් එක්ක යන්න. එකම කඩේකින් රෙදි ඔක්කොම ගත්තම ගාන තවත් අඩුයි.

    2. work කරපු රෙදි නැතුව රෙදි අරන් work කරගන්න. normally, work කරපු රෙද්දක යාරයක් 4000ක් වෙනවනම් ඒ රෙද්දම work නොකර ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000ට. ඒ රෙද්ද අරන් එහෙම්ම පිටකොටුවේ රතු පල්ලිය ගාවට ආවනම් පබළු packet එකක් ගන්න පුළුවන් රුපියල් 200කට. ගම් එකක් රුපියල් 150යි. wife ගේ මුළු සාරියටම ගියේ පබළු packet දෙකයි ගම් එකයි. ඒ කියන්නේ work කරන වියදම රුපියල් 1000ක්වත් නෑ. පිස්සු නෙහ්!
    (අඩෝ මේවා හැමෝටම මෙහෙම නිකන් කියල දෙනවට මට මොනා හරි දීයන් උබල. :lol: මේවා ඔය bridal dresser කෙනෙක් දැක්කොත් මට තැපෑලෙන් murder එකක් එවයි)

    3. work කරපු සෙරෙප්පු නැතුව සෙරෙප්පු අරන් work කරගන්න. සාමාන්‍යයෙන් bridal shoes කියන ඒවා මාර ගණන්. කඩේක බැලුවොත් රුපියල් 15000ක්වත් වෙනවා normal දෙකක්. බය වෙන්න එපා. ඒකම උබට කොටුවෙන් හදාගන්න පුළුවන් රුපියල් 2000කට. දෙවෙනි මනමාලිට නම් රුපියල් 1300ක් වගේ වෙයි. ඕන size එකකට ඕන උසකට. කලින් වගේම අරගෙන අපිට පබළු, ගල් අලවල work කරගන්න තියෙන්නේ. මගේ wife අඟල් 5ක shoes දෙකක් දැම්ම උස මදි නිසා. මුළු සේරෙප්පුවම පබළු අලවල work කලේ. Cinderella ගේ shoes දෙක වගේ ගතියට තිබ්බා. :yes:

    4. නමට dressers ල select කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු උන් ගත්ත කියල උන්ම අන්දන්නෙත් නෑ. ගෝලයෝ තමා වැඩේ කරන්නේ. අනික එහෙම ලොකු කෙනෙක් book කලාම අවාසි ගොඩක් තියෙනවා. උන්ට ගොඩක් තැන වලින් commission හම්බෙනවා. ඒ නිසා උන් කියන තැනින් සාරිය ගන්න ඕන, උන් කියන තැනින් සෙරෙප්පු ගන්න ඕන. උන් කියන තැනින් මහන්න ඕන, උන් කියන කියන facial අනන් මනං කරන්න ඕන. ඔය තැන වලට උන්ව එක්කන් යන්න, උන්ට එදාට transport, කන්න බොන්න දෙන්න, ඒවත් ඕන. ඔය ඔක්කොමත් හරි උන්ගේ line බලන්නත් ඕන. ඒ නිසා හොදට හොයල බලල ගණන් අඩු හොඳ කෙනෙක් තෝරාගන්න.

    5. flexible සුහදශීලී dresser කෙනෙක් තෝරාගන්න. ගොඩක් ලොකු ලොකු උන් ගත්තම උන්ට ඕන දේ තමා කරන්නේ. මනමාලිගේ කැමැත්තට වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් තෝරාගන්න. අපිට කැමති තැනකින් saree එක ගන්න අපිට කැමති තැනකින් මහගන්න දෙන කෙනෙක්නම් ගොඩක් හොදයි. ගොඩක් වෙලාවට අපි වගේ නෙවෙයි ඕන කෙල්ලෙක්ට ඔය day-today කොන්ඩ කපන්න, ඇහිබැම් උගුල්ලන්න, party වලට යද්දී makeup දාන්න, hairstyle දාන්න එහෙම පුරුදු salon එකක් තියෙනවා. ඉතින් එයා bridal කරනවානම් එතනම තෝරාගන්න එක හොඳ දෙයක්. පුරුදු තැන නෙ.

    6. package එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට දෙවෙනි මනමාලියන්ගේ ඇඳුම්, එයාලගේ makeup, flower bouquet, ආබරණ විතරක් නෙවෙයි මනමාලිගේ අම්මට අන්දන එක පවා ඔය package වල include වෙනවා. ඒ දේවල් ගැන කලින් කතාකරගෙන agreement එකකට එන්න. flowers කිව්වමත් fresh flowers ද artificial ද ඔය වගේ දේවල් පොඩි පොඩි දේවල් උනාට කලින්ම කතා කරගත්තේ නැත්නම් පස්සේ ප්‍රශ්න.

    මනමාලයට

    1. exhibitions වලට යන්න. ගොඩක් වෙලාවට මුල් ඇඳුම් අදිනවානම් quotations අරන් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන discounted price එකකට. මගේ wedding එකේ bestman ල 4ක් හිටියා. අපි 5දෙනාටම package එක උනේ 45000යි. photos, fb reviews බලන්න කෙනෙක් book කරන්න කලින්. සමහර උන් ඕක අන්දනවා බඩදරු ගෑනියෙක් නාන්න යන්න ඇඳගෙන වගේ. ඒ නිසා ගාන ගැනම නැතුව quality එක ගැනත් හිතන්න. අනික සමහර තැන් වල ඇඳුම් හරියට maintain කරන්නේ නෑ. පරණ charter වෙච්ච ඒවා තියෙන්නේ. හොයල බලල හොඳ කෙනෙක් book කරන්න.

    2. නමට ඇඳුම් මහන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු නම් තියෙන උන්ගේ පට්ට ගණන්. මගේ යාලුවෙක් full suit මැහුවා ඔය වගේ ලොකුම තැනකින්. උගේ ඇඳුමට 48000ක්, bestman කෙනෙක්ට 28000ක්. ඒ ඇඳුමම මම bestman හිටපු wedding එකක වෙන තැනකින් මැහුවා තව යාලුවෙක්, groom ට 14000යි, අපිට 11000යි. ඔන්න ඕකයි සීන් එක. හොඳ කට්ටිය ඉන්නවා ගණන් අඩු. හොයල බලල මහන්න.

    3. සපත්තු සෙරෙප්පු කොටුවෙන් ගන්න. ගොඩක් අඩුවට ගන්න පුළුවන් මල්වත්ත පාරට ගියානම්.

    4. full suit නිතර ඇඳෙන්නේ නැති කෙනෙක්නම් මහන්න එපා, rent කරන්න. මොකද නැත්නම් ඕක ගෙදර නිකන් පුස් කනවා. බොරු වියදමක් නෙ. rent කරපුව අඳින්න කැමති නැත්නම්, තියෙන design set වෙන්නේ නැත්නම් මම තව පොඩි රහසක් කියන්නම්.
    මහන තැන talk කරලා first fit-on මහගන්න. ඒ කියන්නේ අපේ measurement වලට ඇඳුම මහනවා. හැබැයි අපි ආයේ එක උන්ට දෙන්න ඕන. මෙහෙම කලොත් ඔයාගේ හිතේ තියෙන design එක ගාන අඩුවට මහගන්න පුළුවන්. මම ආසාවෙන් හිටපු කුර්තා design එකක තිබ්බ. මම ඒක මහගත්තා homecoming එකට ඒ වගේ. normal මහන ගාන වගේ තුනෙන් පන්ගුවක්වත් ගියේ නෑ first fit-on නිසා. (හැබැයි ඉතින් මේකට shop එක කැමති වෙන්නේ ඔයාගේ design එක හොඳ නම් සහ උස මහත ගානට තියෙනවනම් තමා. නැත්නම් උන්ට ආයේ ඒක rent කරන්න බෑනේ)

    5. හැම තිස්සෙම ලොකු වැඩ නැති simple decent design එකක් සහ common colours තෝරාගන්න. මොකද එක දවසකට විතරක් full suit එකක් මහල වැඩක් නෑනේ. ආයේ ඕක වෙඩිමකට, office එකේ event එකකට අඳින්න පුළුවන් විදිහේ decent design එකක් මහගන්න තොරොම්බල් කරත්තයක් වගේ එකක් නැතිව.

    ***නිලමේ ද? full suit ද?
    මෙහෙමයි, මේ කාරනේදී first priority දෙන්න ඕන අම්මලාගේ සහ wife ගේ preference එකට තමා. මම 3පාරක් නිළමේ ඇඳලා තියෙනවා යාලුවන්ගේ wedding වල bestman ට. ඕක ඇඳන් ඉන්නවා කියන්නේ අපා දුකක්. ඒ නිසා මම හිතන් හිටිය මගේ wedding එකේ නම් full suit තමා අඳින්නේ කියල. එත් පස්සේ අම්මයි wife යි ආසාවෙන් හිටිය මම නිළමේ ඇඳුම අදිනවට. ඒ නිසා පස්සේ එකට ගියා.
    cost එක ගැන හිතුවොත් නිලමේ අඳින එක සාපේක්ෂව ලාබයි. මොකද ඔක්කොම package එකේ හම්බෙනවා. full suit එකට ගියොත් ඒවාට හරියන්න උබටයි bestman ලටයි සපත්තු, belt , tie, cufflinks වගේ දේවල් ගන්න වෙනවනේ. සාපේක්ෂව එකත් ලොකු ගානක්. හැබැයි ඉතින් ඒවා උබලට හැමදාටම තියෙනවා. නිලමේ ඇඳුම් ටික අන්දපු එකා අරන් යනවා. ඒ නිසා දෙපැත්තම තියෙනවා. හිතල බලල හොඳ එකකට යන්න.


    හරි! මම හිතනවා ලොකු දෙයක් දැන ගන්නැති කියලා. මට මේවා කියාදෙන්න කවුරුත් හිටියේ නෑ. ලොකු කට්ටක් කාලා තම ගොඩ දාගත්තේ. එකයි ඉතින් උබලා එක්ක share කරගන්නේ මේ දේවල්. මම කිසිම කෙනෙක්ව personally recommend කරන්නේ නෑ. general idea එකක් තම දෙන්නේ. ඒ වගේ දෙයක් ඕනනම් PM කරන්න. දන්නා දේවල් කියන්නම්. ගොඩක් උන් post එක කියවනවා. එත් rep එකක් comment එකක් එහෙම දන්නේ හරි අඩුවෙන්. senior member කෙනෙක් වෙන්න අපිත් ආසයි. කමක් නෑ. කියවල හරි දෙයක් ගන්නවානම් සමාජ සේවයක් නෙ.