Special Hints
photography වලට යන ගාන බාගේකටත් වඩා ඉතුරු කරගන්න කැමති ද?
ගොඩක් අයට හිතෙන්න පුළුවන් photography වලට ලොකු ගානක් යනවනේ කියලා. එච්චර ගානක් වියදම් කරන්න කැමති නැති අයට සහ එච්චර සල්ලි නැති අයට මම පොඩි idea එකක් දෙන්නම්. ඒ තමයි freelancer photographer කෙනෙක් book කරන එක. ඒ කියන්නේ අපිට එයාගෙන් package එකක් හම්බෙන්නේ නෑ. එයා කරන්නේ event එක cover කරලා අපිට raw photos ටික දෙන එක. මේක හැබැයි සැලකිල්ලෙන් කරන්න ඕන වැඩක්. responsibility එකක් ගන්න පුළුවන් කෙනෙක්ට තමා මේ වැඩේ බාරදෙන්න ඕනි. නැත්නම් ඔක්කොම ඉවරයිනේ.
ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ටික studio එකකට දීල ඔයාට ඕනි විදිහට albums, enlargements හදාගන්න. ගොඩක් studio වල retouching, album designing part එක free කරලා දෙනවා. ඔයාගෙන් album එකේ පිටු ගානට තමා charge කරන්නේ. normally පිටු 30ක magazine album එකක් ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් විතර ගෙවල ගන්න package එකේ හම්බෙන album එක ඔයාට රුපියල් 10,000කට වගේ හදාගන්න පුළුවන්. කොහොමද වැඩේ. ඉතින් මේ ක්‍රමෙත් compare කරලා බලන්න.