අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.6 Entertainment සඳහා යන වියදම් අඩු කර ගැනීම

    මේක ගැන අපි කතා කලොත් ප්‍රධාන වශයෙන් අපිට යන වියදම තමා band එකක් හරි DJ එකක් හරි ගන්න යන වියදම. මේක ඉතින් තනිකරම තමන්ට වියදම් කරන්න පුළුවන් budget එක මත තීරණය වෙන දෙයක්. අපි බලමු band එකක් හෝ DJ එකක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්.

    වියදම් කරන්න පුළුවන් ගාන
    සාමාන්‍යයෙන් රුපියල් 30000ක 3 piece band එකක ඉඳල ලක්ෂ 3-4 වගේ වෙනකන්ම බෑන්ඩ් හොයාගන්න පුළුවන්. DJ එකක් ගත්තොත් රුපියල් 8000ක වගේ ඉඳල 90000ක් වගේ වෙනකන් පරාසෙක ගන්න පුළුවන්. මතක තියාගන්න මේවයේ නම් ගානත් එක්ක සපයන සේවයේ quality එකත් ගොඩක් දුරට රඳාපවතිනවා කියන එක. ලංකාවේ මම දන්නා හැටියට වැඩිපුරම අය කරන්නේ Gypsis සහ Marians කියන bands. මේවා නම් ඉතින් ලක්ෂ 2ත් පැනල තමා යන්නේ. හැබැයි ඒ වගේම ඉතින් performance එකත් සුපිරිම තමා. ලක්ෂ 1ත් 2ත් අතර නම් ගොඩක් හොඳ band එකක් හොයාගන්න පුළුවන්. අලුතෙන් field එකට ආපු දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ මම කතා කලේ full band ගැන. ඊට අඩුවෙන් 3 piece සහ one -man-show කට්ටියත් අඩුවට හොයාගන්න පුළුවන්.
    DJ ගැන කතා කලොත් සාමාන්‍යයෙන් රුපියල් 20000ට අඩුවෙන් හොඳ basic package එකක් හොයාගන්න පුළුවන්. band එකක වගේම හොඳ lights, trust bar, sounds, smoke, snow වගේ full package එකක් quality එකට ගන්නවානම් 50000ක් හෝ ඊට වැඩියෙන් යනවා.
    ඉතින් තමන්ට යන්න පුළුවන් ගානට තමන්ට හොඳටම set වෙන එකට තමා යන්න ඕන. සමහර විට සින්දු කියාගන්න බැරි quality sounds නැති ගිරිය කඩාගෙන කෑ ගහන band එකකට වඩා හොඳ quality sounds තියෙන DJ කෙනෙක් හොඳ ලස්සනක් ගෙන්න පුළුවන් event එකට.

    උත්සවයට එන crowd එක
    අපේ function එකට සහභාගී වෙන මිනිස්සු ප්‍රමාණය සහ ඔවුන්ගේ interest එක මතත් අපි තීරණය කරන්න ඕන අපි ගන්න band එක හෝ DJ එක මොන වගේ එකක් විය යුතුද කියල. band එකක් ගන්න පුළුවන්නම් ඉතින් උත්සවයට හොඳ live ගතියක් එනවා. ඒ වගේම තමන්ට හෝ උත්සවයට සහභාගී වෙන කෙනෙක්ට උනත් සින්දුවක් එහෙම කියන්න පුළුවන්. පොඩි posh ගතියකුත් එනවා.
    DJ එකකට ගියොත් අපි කැමති ආස කරන සින්දු ටිකක් play කරගන්න පුළුවන්. ඒ වගේම අපේ function එකේ young crowd එක වැඩි නම් ගොඩක් වෙලාවට dance floor එකට හොඳ ගැම්මක් ලැබෙනවා DJ එකකින්, සින්දු කියන්න බැරි ගායකයෝ ටිකක් ඉන්න band එකකට වඩා. මොකක් ගත්තත් sounds නම් quality වෙන්න ඕන පුති. නැත්නම් wedding එක කොත්තු කඩේක ගත්ත වගේ feeling එකක් තමා එන්නේ.

    band එකක් ගත්තම එන limitations
    ගොඩක් අපි හොඳ නමක් තියෙන band එකකට යනවනම් එයාල කැමති නෑ පිට අය සින්දු කියන්න එනවට. සමහර band ඒ වගේ කියනවනම් එක සිංදුවකට රුපියල් 10000ක්-15000ක් අය කරනවා. සමහරු සින්දු 2ක් හෝ 3ක් කියල limit කරනවා. ඒකත් එයාල එක practice උනාට පස්සේ. මේක පොඩ්ඩක් නිදහස සීමා වීමක්. හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියනවා. ඔය දෙකක් දාගෙන mic එකක් අතට ගත්තු මයික් ටයිසන් කෙනෙක් එහෙම ලේසියෙන් stage එකෙන් බස්සනවා බොරු. අපි ඕන තරම් එහෙම ඒවා දැකල තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් නැති කරගන්න පුළුවන් ඒ වැඩෙන්.
    band එකක සින්දු කියන්නෙත්, play කරන්නෙත් අපි වගේම මිනිස්සු. ඉතින් එයාලට පැය 5ක් 6ක් එක දිගට ඔය වැඩේ කරන්න බෑ. කෑම කන්න, ශරීර කෘත්‍ය කරන්න, සින්දු අතර උගුරට පොඩි විවේකයක් දෙන්න එහෙම සින්දු නවත්තන්න වෙනවා. ඉතින් සමහර වෙලාවක function එක boring වගේ ගතියක් දැනෙන්න පුළුවන්. ඒවා පුළුවන් තරම් අවම කරගෙන වැඩේ කරගන්න කතා කරගන්න.
    band එකක් ගන්නවා කියන්නේ players ල singers ල ඊළඟට sounds සහ lights arrange කරන මිනිස්සු එක්ක ඔයාගේ function එකට අමතරව 10-15ත් අතර පිරිසක් එකතු වෙනවා කියන එක. ඉතින් එයාලට කන්න බොන්න යන වියදමත් ඔයාලගේ wedding එකට additionally එකතු වෙනවා. එකත් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාල 250කට ආරාධනා කරනවානම් plates 260 - 270ක් book කරන්න වෙනවා අරගොල්ලන්ටත් එක්ක.

    DJ එකක් ගත්තම එන limitations
    DJ එකක් ගත්තම අපිට සින්දු කියන්න බැරි වෙනවා. සමහර වෙලාවට track එකක් දාලා කියන්න පුළුවන් උනත් අපි professional singers ල නෙවෙයි නිසා ඒ track එකටම කියවෙන්නේ නෑ. ඒ වගේම sound balancing නැති නිසා quality output එකක එන්නේ නෑ.
    DJ එකකින් band එකක තියෙන live ගතිය ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මේක sound quality මත depend වෙනවා. හොඳ sounds තියෙනවනම් DJ එකක් band එකකටත් වඩා හොඳ feeling එකක් ගන්න පුළුවන්.

    hotel එකේ limitations
    සමහර හොටෙල් තියෙනවා full band ගහන්න දෙන්නේ නැති. ඒ වගේම සමහර හොටෙල් වල full band එකක් දාන්න ඉඩ කඩ මදි. ඒ නිසා ඒ දේවල් ගැනත් හිතල බලන්න book කරන්න කලින්.

    ඔයාල band එකක් book කලත් DJ එකක් book කලත් එයාලගේ sounds කොහොමද ඒවත් එක්ක එන lights මොනාද වගේ දේවල් හොයල බලන්න. DJ එකක් එක්ක ගොඩක් වෙලාවට package එකක් එනවා. සමහරු projectors, mics, snow /smoke machine වගේ දේවල් වලට වෙනම අය කරනවා. ඉතින් ඒවා එකකට එකක් compare කරලා බලන්න. තමන්ට අවශ්‍ය දේවල් අඩුවට ගන්න talk කරන්න. බලල වියදම් කරන්න පුළුවන් ගානට තියෙන හොඳම package එක ගන්න.

    ඔයිට අමතරව අද කාලේ ඉතින් dancing group එහෙමත් wedding වල items කරනවා. තව එක එක ගරා යක්කු එහෙමත් ගෙනල්ල නටවනවා. මට නම් ඉතින් වැඩිය සෙට් වෙන්න නෑ ඒවා. අමතර වියදමක් වගේම නිකන් wedding එක ඉස්කෝලෙක විවිධ ප්‍රසංගයක් වගේ වෙනවනේ. ඉතින් අඩුවට වැඩේ ගොඩ දාගන්න නම් ඒවා පුළුවන් තරම් අවම කරන්න.
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2.7 Wedding Cake / Cards / Cake Boxes වලට යන වියදම් අවම කර ගැනීම

    wedding cakes

    - ගෙදර හදාගන්න පුලුවන්නම් ගොඩක් අඩු වියදමින් කරගන්න පුළුවන්. බඩු ටික කොටුවෙන් ගන්න. හැබැයි මාස 3ක් වගේ කාලයක් යනවා මේ වැඩේට.
    - කාලය නැත්නම් යාලුවෙක්ට බඩු ටික අරන් දීල කරගන්න. නැත්නම් ගෙවල් ළඟ ඉන්න cake හදන කෙනෙක්ට order එක දීලා අඩුවට කරගන්න.
    - ලොකු ලොකු cake shop වලින් ගන්න ගියොත් ඔයාට cake කෑල්ලකට රුපියල් 100-200 අතර වගේ ගානක් යයි. හැබැයි ගෙදර හදනවනම් බඩු වලට යන වියදමත් එක්ක බැලුවම cake කැල්ලකට යන්නේ රුපියල් 30-50ක වගේ වියදමක්.
    - අද කාලේ wedding cake වෙනුවට සමහර කට්ටිය වෙන වෙන දේවල් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට cup cakes, candy box (ටොෆි,ජුජුබ්ස් අනන් මනං දාල හදපු මල්ලක්), මල් පැළ වගේ දේවල්. ඒවත් ගණන් අඩු වගේම ඔයාගේ event එකට අලුත් එළියක් එකතු කරන දේවල් තමා.

    Wedding cake structure

    - මේක ගැන නම් මට කියන්න තියෙන්නේ ලොකුවට couple එක පෙන්නේ නැති උස dummy ගන්නවට වඩා ඇත්ත cake එකක් හදාගන්න පොඩියට. ඊට පස්සේ ඕක කපල buffet එකට යවන්නත් පුළුවන් dessert එක්ක කන්න. dummy එකක් ගන්න ගියත් ඔයාලට රුපියල් 15,000ක ඉඳන් 100,000කටත් එහා වියදමක් යනවා. අපරාදේ සල්ලි.
    - උසට හදන්නම කැමති නම් dummy cake එකක් ඔයාල හදාගන්න. arpico එකෙන් regiform dummy ගෙනල්ල icing කරන්න තියෙන්නේ. එකේ උඩම තට්ටුවට ඔයාල හදපු real cake එක තියාගන්න. එතකොට කන්නත් පුළුවන්. ගානත් අඩු වෙනවා
    - cake එක සරසන්න fresh flowers යොදාගන්න. එකෙන් rich look එකක් වගේම ගානත් ඉතුරු වෙනවා. icing මල් වලට යන වියදම වගේම මහන්සියත් වැඩියි.

    Wedding cards/ Cake boxes

    - මේවා අඩුවට කරගන්න නම් ඉතින් කොටුව තමා පුතීලා. වෙන මගක් නැත. කොටුවේ මැලිබන් ස්ට්‍රීට් එක තනිකරම පිරිලා තියෙන්නේ මේ කඩ වලින්. කොනකින් පටන් අරන් හැම කඩේකම ඇවිදින්න. බය නැතුව talk කරන්න.
    - හැබැයි advance දෙද්දී sample එකක් එවෙලේම බලන්න. මට කෙල උනා ගොනා වගේ මුලින් advance කරලා. එහෙම දෙන්නැති ෂොප් එකකින් කරගන්න එපා.
    - ඒ වගේම print කරපු ටික අරන් එද්දිත් එකින් එකට බලන්න. අතරින් පතර හිස් ඒවා, අවුල් තියෙන ඒවා තියෙන්න පුළුවන්.
    - cake box වෙනුවට හුරුබුහුටි රෙදි bag එකක් වගේ options වලට යන්න මහන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. ගෝනි රෙදි එහෙම තියෙනවා කොටුවෙන් ගන්න අඩුවට.
    - මේවට වැඩිය වියදම් කරන්න එපා. උබලට දැන් මතකද ගිය සතියේ wedding එකට ගියපු එකාගේ card එක මොන වගේද cake box එක මොන වගේද කියල. නෑනේ. ඒ වගේම තමා. උබ කොච්චර ලස්සනට හැදුවත් ඕක මතක හිටින දෙයක් නෙවෙයි. ඒ නිසා අඩු වියදමින් වැඩේ කරගන්න.
    - basic design එක විතරක් shop එකකින් කරගෙන වැඩ දාන ඒවා ඔයාලම කරගන්න. පිටකොටුවේ රතු පල්ලිය ගාව තියෙනවා පබළු, රේන්ද, බොත්තම් වගේ cards/ cake boxes වලට වැඩ දන්නා පුළුවන් items ඕන තරම් තොගෙට ගන්න . මේකෙන් ඔයාට මානසික තෘප්තියක් ලැබෙනවා වගේම ගානත් ඉතිරි වෙනවා.
    - cards ඕන ප්‍රමාණේට විතරක් ගහන්න. ඔයා 300කට invite කරනවානම් cards 100ක්වත් ඕන වෙන්නේ නෑ. මොකද නෑදෑයන්ට සාමාන්‍යයෙන් දෙන්නේ බුලත්. ඊළඟට අපේ ඉස්කෝලේ campus වල කලින් වැඩ කරපු office වල යාළුවන්ට wedding කියන්න අමුතුවෙන් යන්න වෙලාවක් එන්නේ නෑ. ගොඩක් වෙලාවට call එකකින් හරි message එකකින් හරි තමා කියන්න වෙන්නේ. ඉතින් cards ඕන වෙන්නේ දැන් ඔය job එක කරන තැන කට්ටියට සහ විශේෂයෙන් කියන්න ඕන පොඩ්ඩක් වැදගත් කට්ටියට දෙන්න තමා. ඒ නිසා cards ගහද්දි ඒවත් හිතන්න.
    - ලස්සන e-card එකක් හදාගන්න fb,whatsapp හෝ mail එකකින් හැමෝටම යවන්න පුළුවන්. එතකොට ඔය වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම fb එකේ event එකක් හදල කට්ටියට invite කරන්න. කට්ටියගේ busy schedule එක්ක මේ වගේ වැඩක් කලාම කාටවත් ඔයාගේ event එක තියෙන දවස අමතක වෙන්නේ නෑ. ( photoshop වලින් card එකක් හදාගන්න උදව්වක් ඕන නම් මට PM කරන්න. වෙලාව තියෙන හැටියට හදල දෙන්නම්. සල්ලි වලට නෙවෙයි. මගෙන් wedding gift එකක් හැටියට)
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    Originally Posted by thanush000 View Post
    මගේ වෙඩිමට ගියේ ඔක්කොම ඔන් ලක්ෂ 12 යි අවුරදු 5කට කලින් කාටවත් නය උනෙත් නෑ ලෝන් ගැහුවෙත් නෑ එක දවසින් වැඩේ ඉවරයි මන් හිතන්නේ නම් මේ ගාන දැන් කලේ හැටියට ගොඩක් අඩු ගානක් කියල ... උබලට නම් කොහොම හිතෙනවද දන්නේ නෑ.. ගොඩක් අඩුවෙන් ගොඩක් දේවල් කරගත්තේ විස්තර පසුව දාන්නම්

    පොඩ්ඩක් බිසී නිසා මේකේ ඉතුරු ටික දන්න බැරි උන ඇත්තටම මන් ලංකවේ හිටපු නැති නිසා නෝනා තම ලංකාවේ ඉඳන් හැමදේම කලේ
    අපේ නෝනා කලේ මුලින්ම මචන්ලා ඔය BMICH එකේ තිබ්බ එනම් මනම් මන් දන්නේනම් නැ ඔය වෙඩින් ප්‍රදර්ශණ බලන්න ගියා ඒවගේ හැම ඉස්ටෝලේ එකකටම වගේ ගිහින් අඩුම තැනින් මගේ ඇඳුමසහ මාත් එක්ක තව යාලුවෝ දෙන්නයි පොඩි එක්කෙනයි (නිලමේ ),පෝරු ,අෂ්ටක ,නැටුම් තව මතක හැටියට සැරසිලි ටිකත් එකම තැනටම තමා දුන්නේ ,හැබැයි පොඩි වාසියක් උනා ,ඒ වැඩේ බාරදුන්න තැනට අපේ නෝනා තමා මුලින්ම ගිහින් තියෙන්නෙත් එයාලගේ මුල්ම වැඩේ එනිසා ගොඩක් අඩුවට කොලිටියට වැඩේ කරලා දුන්න සමාවෙන්න ඕනේ මට ගනම් නම් දැන් මතක නෑ පස්සේ හොයල කියන්නම් උඹලට ...(තව දෙයක් කියන්න ඕනේ අපි අලුත් එඋන් කියල උන් හරියට වැඩේ කරන එකක් නෑ කියල එදා වැඩේ බරනොදුන්නම් අපිට හෙනගනකට කෙළවෙන්න ඉඩතිබ්බ )

    පොඩි තව අඩුවට කරගන්න පුළුවන් දෙයක් ගැන උඹලට කියන්නම් උඹලගේ වයිෆ් ලනම් ඒදේට කැමති වෙයිද දන්නෙ නෑ
    මෙන්න මේකයි සින් එක වයිෆ් ගේ වෙඩින් සාරිය අපිකලේ රෙන්ට් එකට ගත්තු එක මොකද අපිදෙන්නාම කල්පනා කලේ අලුතින් අරන් වැඩිගනම් දීල තේරුමක් නැ කියන අදහස මොකද ආයි අඳිනවා කියල යෑ .
    ගොයින්නවේ ඇඳුම කලේ අපේ වයිෆ් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් එකක් තොරලා ඔය වෙඩින් ඇඳුම් මහන තැනට ඇළුතින්ම උන්ට ඒ ඩිසයින් එක දිල
    උන්ගේ රෙදිවලින්ම මහල අපේ වයිෆ් මුලින්ම රුපියල් 10000කට රෙන්ට් එකට ගත්ත (වයිෆ් තමා මුලින්ම ඇන්දේ )අලුතින්ගන්න ගියොත් කියක්වෙයිද කියල හිතපල්ලකො .

    අනික හොටෙල් එකත් අපි මහලොකු තැනක ගත්තේ නැ සාමාන්‍ය තැනක් පවුල් වල හැමෝටම එන්න ලේසි තැනක ගත්තේ ...

    මනලයගෙයි මනාලියගෙයි වාහන 2ම මන් යාලුවෝ දෙන්නෙක්ගෙන් ගත්තේ පොඩි වෙලවකටනේ එනිසා එක අවුලක් උනේ නෑ :yes::yes:

    ෆොටෝ සින් ඒක මන් බාරදුන්නේ මගේ යාලුවෙකුට ඌ අලුතින් ෆිල්ඩ් එකට පයතිබ්බ එකෙක් නිසා ඌට හෙල්ප් එකක් වශයෙන් උට වැඩේ බාර දුන්න ඌ වැඩෙත් සුපිරියට කල (ෆොටෝ ,වීඩියෝ ,ප්‍රිරී ශුට්):love::love:

    වයිෆ්ට අන්දන වැඩේ බාරදුන්නේ ලංකාවේ දැන් ප්‍රසිද්ද පොරක් හැබැයි අපි වැඩේ බාර දෙන කාලේ බුවා කරලියට පයතියපු කාලේ එනිසා අඩුවට වැඩේ කරගන්නපුළුවන් උනා :yes::yes:...

    තව හොටෙල් එකේ වියදම ගත්තම ඔක්කොටම 3.75ක් වගේ ගියා නෑදෑයෝ පවුලේ හිතවත්තු යාලුවෝ ඔක්කොටම 275කට වගේ කිව්වා තව ඩාන්සින් ගෘප් එකට ,බෑන්ඩ් එකටත් අමතර වියදම් ගිය හැබැයි ඒවත් යාළුවොන්ගේ කන්ටැක් වලින් සෙට් කරගත්තුව නිසා වැඩි ගනම් ගියේ නෑ ..(අනික අපි හොටෙල් බැලුවේ ඔය මොරටුව පැත්තේ ඉඳන් කළුතර පැත්තට වෙනකන් හොටෙල් එක ළඟ එකලඟ හොටෙල් තියන නිසා උන්ගේ අතරේ පොඩි තරගයක් තියනවා වගේම අඩුවට කරගන්න පුළුවන් එක කරන හැටි උඹලට කියල දෙන්න ඔනවෙන්නේ නැනේ .උදාහරණයක් විදියට හැමෙකකටම ගිහින් උන්ගෙන් ගනම් අහල අඩුම තැන් දෙකක්තුනක් සෙට් කරගෙන අනික් එකේ කෝටේෂන් එක අනික් එකට පෙන්නුවහම උන් අඩුවට වැඩේ කරලදෙනවා )

    පොඩිකාලේ ඉඳන් ගෙයි ගෙන්බ වගේ ගේ ඇතුලෙම ඉන්නැතුව එලියපහලියට බැහැල එකෙක් දෙන්නෙක් ආශ්‍රය කරපු නිසා යාලුවෝ ෆුල් සප් එකක් දුන්න

    අහ රත්තරන් බඩු ගැන කියන්න බැරිඋනා මගේ මුද්ද හැදුවේ නෑ එක මගේ තාත්ත දැනට ජිවතුන් අතර නෑ තාත්තගේ වෙඩින් මුද්ද අම්ම මට දුන්න වයිෆ්ගේ ඒවා හැදුව

    මෙතනින් සමහරක් දේවල් උඹලට කරන්න බැරිවෙන්න පුළුවන් හැබැයි පුළුවන් දේවලුත් ඇති එනිසා ඔන්න මන් උඹලට පොඩි අයිඩියා එකක් ගන්න දැම්මේ මේක
    සමවෙයල්ල ගනම් හිලව්නම් හරියට මතක නෑ දැන් 2014 නිසා
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    බම්ප්!

    bump for future reference 😉

    මචං මාරම හෙල්ප් එකක් මේක නම් උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්

    good thread

    15k Aniwa Yanawa Ahanan Deyak Na

    good work

    Thanx a lot for your comments :love::yes::yes:
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    Maath machan 2108 marry kala.. Uba kiyala tiyana vidytama thama math kale.. mata vtrak atthtama giye 14 laks..

    2108??? :shocked: ඔයා අනාගතෙන් ආපු කෙනෙක් ද බ්‍රෝ? :lol::lol:
    ජස්ට් කිඩින්. :) ඔයා හරි මචන්. හිතල වියදම් කලොත් හෙන ගානක් ඉතුරු කරගන්න බැරි නෑ . :yes:
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාමල් රජපක්ෂ චිචි යෝෂිතලා ගත්තා වගේ වෙඩින් එකක් ගනින්.සත පහක වියදමක් නෑ. හොටෙල් එක නිකන්,පෝරුව නිකන්,කේටරින් නිකන්, මගුල් සාරි හෝම් කමින්ස් සාරි මගුල් සූට් ඔක්කොම නිකන්.එහෙම නැත්නම වෙන අය ඒවට ස්පොන්සර් කරා.