2.6 Entertainment සඳහා යන වියදම් අඩු කර ගැනීම
මේක ගැන අපි කතා කලොත් ප්‍රධාන වශයෙන් අපිට යන වියදම තමා band එකක් හරි DJ එකක් හරි ගන්න යන වියදම. මේක ඉතින් තනිකරම තමන්ට වියදම් කරන්න පුළුවන් budget එක මත තීරණය වෙන දෙයක්. අපි බලමු band එකක් හෝ DJ එකක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්.
වියදම් කරන්න පුළුවන් ගාන
සාමාන්‍යයෙන් රුපියල් 30000ක 3 piece band එකක ඉඳල ලක්ෂ 3-4 වගේ වෙනකන්ම බෑන්ඩ් හොයාගන්න පුළුවන්. DJ එකක් ගත්තොත් රුපියල් 8000ක වගේ ඉඳල 90000ක් වගේ වෙනකන් පරාසෙක ගන්න පුළුවන්. මතක තියාගන්න මේවයේ නම් ගානත් එක්ක සපයන සේවයේ quality එකත් ගොඩක් දුරට රඳාපවතිනවා කියන එක. ලංකාවේ මම දන්නා හැටියට වැඩිපුරම අය කරන්නේ Gypsis සහ Marians කියන bands. මේවා නම් ඉතින් ලක්ෂ 2ත් පැනල තමා යන්නේ. හැබැයි ඒ වගේම ඉතින් performance එකත් සුපිරිම තමා. ලක්ෂ 1ත් 2ත් අතර නම් ගොඩක් හොඳ band එකක් හොයාගන්න පුළුවන්. අලුතෙන් field එකට ආපු දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ මම කතා කලේ full band ගැන. ඊට අඩුවෙන් 3 piece සහ one -man-show කට්ටියත් අඩුවට හොයාගන්න පුළුවන්.
DJ ගැන කතා කලොත් සාමාන්‍යයෙන් රුපියල් 20000ට අඩුවෙන් හොඳ basic package එකක් හොයාගන්න පුළුවන්. band එකක වගේම හොඳ lights, trust bar, sounds, smoke, snow වගේ full package එකක් quality එකට ගන්නවානම් 50000ක් හෝ ඊට වැඩියෙන් යනවා.
ඉතින් තමන්ට යන්න පුළුවන් ගානට තමන්ට හොඳටම set වෙන එකට තමා යන්න ඕන. සමහර විට සින්දු කියාගන්න බැරි quality sounds නැති ගිරිය කඩාගෙන කෑ ගහන band එකකට වඩා හොඳ quality sounds තියෙන DJ කෙනෙක් හොඳ ලස්සනක් ගෙන්න පුළුවන් event එකට.
උත්සවයට එන crowd එක
අපේ function එකට සහභාගී වෙන මිනිස්සු ප්‍රමාණය සහ ඔවුන්ගේ interest එක මතත් අපි තීරණය කරන්න ඕන අපි ගන්න band එක හෝ DJ එක මොන වගේ එකක් විය යුතුද කියල. band එකක් ගන්න පුළුවන්නම් ඉතින් උත්සවයට හොඳ live ගතියක් එනවා. ඒ වගේම තමන්ට හෝ උත්සවයට සහභාගී වෙන කෙනෙක්ට උනත් සින්දුවක් එහෙම කියන්න පුළුවන්. පොඩි posh ගතියකුත් එනවා.
DJ එකකට ගියොත් අපි කැමති ආස කරන සින්දු ටිකක් play කරගන්න පුළුවන්. ඒ වගේම අපේ function එකේ young crowd එක වැඩි නම් ගොඩක් වෙලාවට dance floor එකට හොඳ ගැම්මක් ලැබෙනවා DJ එකකින්, සින්දු කියන්න බැරි ගායකයෝ ටිකක් ඉන්න band එකකට වඩා. මොකක් ගත්තත් sounds නම් quality වෙන්න ඕන පුති. නැත්නම් wedding එක කොත්තු කඩේක ගත්ත වගේ feeling එකක් තමා එන්නේ.
band එකක් ගත්තම එන limitations
ගොඩක් අපි හොඳ නමක් තියෙන band එකකට යනවනම් එයාල කැමති නෑ පිට අය සින්දු කියන්න එනවට. සමහර band ඒ වගේ කියනවනම් එක සිංදුවකට රුපියල් 10000ක්-15000ක් අය කරනවා. සමහරු සින්දු 2ක් හෝ 3ක් කියල limit කරනවා. ඒකත් එයාල එක practice උනාට පස්සේ. මේක පොඩ්ඩක් නිදහස සීමා වීමක්. හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියනවා. ඔය දෙකක් දාගෙන mic එකක් අතට ගත්තු මයික් ටයිසන් කෙනෙක් එහෙම ලේසියෙන් stage එකෙන් බස්සනවා බොරු. අපි ඕන තරම් එහෙම ඒවා දැකල තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් නැති කරගන්න පුළුවන් ඒ වැඩෙන්.
band එකක සින්දු කියන්නෙත්, play කරන්නෙත් අපි වගේම මිනිස්සු. ඉතින් එයාලට පැය 5ක් 6ක් එක දිගට ඔය වැඩේ කරන්න බෑ. කෑම කන්න, ශරීර කෘත්‍ය කරන්න, සින්දු අතර උගුරට පොඩි විවේකයක් දෙන්න එහෙම සින්දු නවත්තන්න වෙනවා. ඉතින් සමහර වෙලාවක function එක boring වගේ ගතියක් දැනෙන්න පුළුවන්. ඒවා පුළුවන් තරම් අවම කරගෙන වැඩේ කරගන්න කතා කරගන්න.
band එකක් ගන්නවා කියන්නේ players ල singers ල ඊළඟට sounds සහ lights arrange කරන මිනිස්සු එක්ක ඔයාගේ function එකට අමතරව 10-15ත් අතර පිරිසක් එකතු වෙනවා කියන එක. ඉතින් එයාලට කන්න බොන්න යන වියදමත් ඔයාලගේ wedding එකට additionally එකතු වෙනවා. එකත් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාල 250කට ආරාධනා කරනවානම් plates 260 - 270ක් book කරන්න වෙනවා අරගොල්ලන්ටත් එක්ක.
DJ එකක් ගත්තම එන limitations
DJ එකක් ගත්තම අපිට සින්දු කියන්න බැරි වෙනවා. සමහර වෙලාවට track එකක් දාලා කියන්න පුළුවන් උනත් අපි professional singers ල නෙවෙයි නිසා ඒ track එකටම කියවෙන්නේ නෑ. ඒ වගේම sound balancing නැති නිසා quality output එකක එන්නේ නෑ.
DJ එකකින් band එකක තියෙන live ගතිය ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මේක sound quality මත depend වෙනවා. හොඳ sounds තියෙනවනම් DJ එකක් band එකකටත් වඩා හොඳ feeling එකක් ගන්න පුළුවන්.
hotel එකේ limitations
සමහර හොටෙල් තියෙනවා full band ගහන්න දෙන්නේ නැති. ඒ වගේම සමහර හොටෙල් වල full band එකක් දාන්න ඉඩ කඩ මදි. ඒ නිසා ඒ දේවල් ගැනත් හිතල බලන්න book කරන්න කලින්.
ඔයාල band එකක් book කලත් DJ එකක් book කලත් එයාලගේ sounds කොහොමද ඒවත් එක්ක එන lights මොනාද වගේ දේවල් හොයල බලන්න. DJ එකක් එක්ක ගොඩක් වෙලාවට package එකක් එනවා. සමහරු projectors, mics, snow /smoke machine වගේ දේවල් වලට වෙනම අය කරනවා. ඉතින් ඒවා එකකට එකක් compare කරලා බලන්න. තමන්ට අවශ්‍ය දේවල් අඩුවට ගන්න talk කරන්න. බලල වියදම් කරන්න පුළුවන් ගානට තියෙන හොඳම package එක ගන්න.
ඔයිට අමතරව අද කාලේ ඉතින් dancing group එහෙමත් wedding වල items කරනවා. තව එක එක ගරා යක්කු එහෙමත් ගෙනල්ල නටවනවා. මට නම් ඉතින් වැඩිය සෙට් වෙන්න නෑ ඒවා. අමතර වියදමක් වගේම නිකන් wedding එක ඉස්කෝලෙක විවිධ ප්‍රසංගයක් වගේ වෙනවනේ. ඉතින් අඩුවට වැඩේ ගොඩ දාගන්න නම් ඒවා පුළුවන් තරම් අවම කරන්න.

ඔයා අනාගතෙන් ආපු කෙනෙක් ද බ්‍රෝ? 
ඔයා හරි මචන්. හිතල වියදම් කලොත් හෙන ගානක් ඉතුරු කරගන්න බැරි නෑ .