කණු වලටයි ස්ලබ් එකටයි කම්බි වියදම අඩු කරගන්න ක්රමයක් තියෙනවද ?
කණු දාද්දි දාන කණු ප්රමාණය අඩු කරගන්න පුළුවන්, හරියට බැලන්ස් කරලා වැඩේ කරගත්තොත්.
මොකද අගල් නමයේ පුච්චපු ගඩොලෙන් බිත්තිය එනවා නං,අත්තිවාරම හොද නං කණු ඕනි නෑ.
කණු දාද්දි හිතමු පොලවේ එක පැත්තක පස ටිකක්,අනික් පැත්තට වඩා දුර්වලයි කියල. එතකොට ඒ පැත්තට විතරක් කණු දාලා, අනික් හොද පැත්තට කණු ඕනි නෑ.
මොකද කණු කියන්නේ කම්බි විතරක් නෙමෙයි, කොන්ක්රීට්. කොන්ක්රීට් කියන්නේ වැලි,සිමෙන්ති,මෙටල්,ශ්රමය කොයිතරම් වියදමක්ද.
අන්න ඒකයි මම මුලින්ම කිව්වේ ප්ලෑන් එක අදිද්දී හොද සමාගමක් ලව්වා කරගන්න කියල. මොකද ඒ අය ඉඩමට ඇවිත් බලලා කියනවා මේ මේ තැන් වලින් කණු ගියාම ඇති, මේ ප්රමාණයේ ගනකම තියෙන කම්බි දැම්මම ඇති කියල.
මොකද සමහර වෙලාවට මිලිමීටර් 12 කම්බිය දැම්මම ඉහටත් උඩින් ප්රමාණවත් වෙන තැනටත් සමහර අය මිලිමීටර් 16 කම්බි දානවා.
ඊළගට ලින්ටල් වගේ ඒවාට අලුත්ම කම්බි ඕනි නෑ, කණු වලත් අතරින් පතර පොඩි පොඩි කෑලි වලට අලුත්ම කම්බි වෙනුවට පරණ කම්බි යොදාගන්න පුළුවන්.
ඔය යකඩ බඩු එකතු කරන ස්ථාන වල තියෙනවා කම්බි. ඒවායේ මිල සැහෙන්න අඩුයි. ඒවත් ටිකක් ගන්න. ස්ලැබ් එකට නං අලුත්ම කම්බි ගන්න,ඒ පිරිවිතර වලට අනුව.
කම්බි ගනිද්දී කෙලින්ම සමාගමෙන් ගන්න පුළුවන්, පොඩි ලාබයක් තියෙනවා. හබැයි එක පාර ගන්න ඕනි ලොට් එකම. ටික ටික ගන්න බෑ.