" අඩු කුලේ පරහැත්ත"
මෙන්න මේ වචන ටික විහිළුවට හෝ අපහසයට හෝ දැන හෝ නොදැන භාවිතා කරන සියළු දෙනාට මේ පුංචි ලිපිය බොහෝ වැදගත් වේවී අගටම කියවන්න .
අවුරුදු ගාණකට උඩදී සිදුවෙච්චි සංත්‍රෑසියක්. රාජකාරි වැඩකට ගමකට ගියා. පරම්පරාවෙන් වළං හදන මිනිස්සු. හොඳ සිංහලයො. ගෙවල් කීපයකට ගොඩවිය යුතුව තිබුණ. දෙවැනි ගෙදර උන්නු ඉහ නිකට පැහිච්ච මහ මනුස්සය මගෙත් එක්ක අදාල රාජකාරී කටයුත්ත කථා කොරැව්වේ බොහොම බය පක්ෂපාතව.
“..ගේන්ට මාමේ වතුර එකක් බොන්ට...“ ඒ මිනිහගේ ඇස් උඩ ඉන්දුනා! මගේ ලඟ උන්නු මගේ රියැදුරු තැන යමක් කියන්න හදනව මට බොරු ඇහෙන් පෙනුනා. ඒක තඹ දොයිතුවකට මායිමි නොකර තව ටිකක් වරිච්චි ගෙට ළං වෙච්චි මං...පිලේ පැදුරක් එළාල තුබුනු පැති බැම්ම් උඩ ඉඳ ගත්ත.
තාම මහ මනුස්සය කරේ තිවුන සාලු කෑල්ල අතේ තියං තනක්බීර් වෙලා බලා ඉන්නව..!
“ඇයි වතුර උගුරක් දෙන පුරුද්දක් නැද්ද ඔහේලගේ.........? මිනිහෙක් තිබහට ඉල්ලුවාම?“ සැරෙන් වගේ ඇහුවෙ මං
මිනිහ දනිපනි ගාල ගෙට දිව්වෙ ‘මේ ගේනව සෑර්..මේ ගේනව‘ කියාන. ආවේ එක අතකට වතුර කලගෙඩියයි අනිත් අතිං නෑබිලියකුයි අරන්.
මේ මොන සමයමක්ද, මම පත්තිනි හාමි නෙමෙයි. ගේනන මාමෙ වීදුරුවක්! උන්දැ වීදුරුවක් ගෙනාවේ හත්අට වතාවක් හෝදල.
ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියන රට මේ.!!!ජාතියක් විදිහට තවමත් හිංගල අපි ඉතිරි වෙලා ඉන්න එක ගැනිි ශාසන භාරධාරී, ලඞකාරක්ෂඛ දෙවිදේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්ට ඕන!. බොලව් අප තරම් අමනෝඥ විදිහට සුද්දාගේද, අපේ ජාතියේ අන්‍ය සතුරාගේද බලපෑමට ස්ව කැමැත්තෙන්ම අහුවෙලා ඉන්නිි වෙනත් ජාතියක් ඇත්තේම නෑ!!
වළං හදපු සිංහලයට බඩහැලය කියල සිංහලය ලව්වම පරිභව කෙරෙව්ව! මොකෑ උනේ? ඇලුමිනියම් වලං වල උයං කන්න පටන් ගත්ත? පස්සෙං පහු? විස විස විස...ලැජ්ජ නැතිව වළං හදල ජාතිය නිරෝගීව තියං උන්නු ඒ මාමන්ඩිට සම්මාන ගරු නම්බු නොදී, රෙද්ද පල්ලෙ වංසෙ බේරෙද්දි ආං පොලේ වලං හොයනව. ඇලුමිනියම් වලිං හදන එකාලට අපි පලිච්චි කළාද?
බෙර ගහන මිනිහ කොන් කළා...කැප්පපෙටිපොල මහ හිංගලය වීරයෙක් කරන්න තිත්තවෙල මහ පනික්කල කරපු හරිය දන්න එවුන්ද මේ මෝඩ හැත්ත? න!! සාම්ප්‍රදායිකව ඒ කටයුත්ත කරන අයියනඩිල මලයල මාමන්ඩිල ඈත් වුනා. දැං? කටින පෙරහැරේ ඉඳන් මහ පෙරහැර වෙනකං ගහපියව් ඉතිං නාගසලං!!! කොන්ඩ වවාගෙන, රැවුල් අවුල් කරගෙන හෝදපු නැති ඩෙනිම් හිර කරගෙන කලු කන්නාඩි දාල, අමුම අමු කුනුහරුප කිය කියත සුද්දගේ ඩ්‍රම් සෙට් එක ගහන එකාට සමාජයෙන් ආවද අවනඩුවක්? නෑ!!!
බලාපියව්!! හිතාපියව්!! උන්ට හිර දෙන්නෙත් මහ උජාරුවෙන්!!!ගස්මැදපු එකාලට හකුරො කිව්ව.. හකුරු පැනි නැති රටේ සිනී කෙළල, කකුල්, ඇඟිලි කපාගෙන, අකාලෙ ඇට සැකිලි වෙලා ඉන්නෙ ඇයි? වංසෙ කබල් ගෑමේ රඟ.!!! පල්ලෙ දෙල්තොට පැත්තේ වැඩකට ගිහිං හැතැප්ම බාගයක් විතර පයින් ගියා. මදින්න තියා අතවත් නොතියපු පීදිච්චි කිතුල් ගස් 213ක් ගැන්න. ඒවයේ සාරය අරන් හිංගලයො කෑවනං උන්ට ඉහෙන් බහින දොසයක් එනවද මට කියහල්ල බලන්ට.....
සිංහල කම්මල් වලට මොකෑ උනේ? ඒ කටයුත්ත කරන ඇත්තෝ උදලු තලේ, කැත්ත හදැව්වේ ඒ ඒ පළාතට ගැලපෙන්න. හැළ කුඹුරට එකක්, ගොඩට එකක්,..දැං අපි සුද්දට බැන බැන ආං එංගලන්තේ චිලින්ටන් වලින් ගේන කිඹුලා උදැල්ල කැපෙන්න කැපෙන් මුවහත් වෙනව කිය කියා රෙද්දක් ඇඳන් ලියැද්දකට බහිනවනේ අම්මපා! සුද්දගේ රටේ කම්මල් වැඩ කරන එකා මෙහෙ ආවම ටයිකෝට් දාල, අපි උගේ පුකත් හොදනව..පොත්ත සුදුයි..ඉංගිරිස් කතාව නෙව. නම බ්ලැක්ස්මිත්...නැත්නම් ගෝල්ඩ් ස්මිත්. ඒ උන් එහේ රන් කරුවෝ, කම්මල්කාරයෝ. බුචර් කියන්නේ සත්තු මරන එකා. අපි ඒ බුචර්ලට අගරු කරනවද? ළං වෙලා පොටෝ ගහල රාමු කරල එල්ල ගන්නවා. හරි හමං හිංගලයෙක් රජ වුනා නං සුද්ද ගියාට පස්සෙං පහු, වෙන රටවල එකාලට මේක හූර කන්න නෙවේ...අඩු ගානේ ඉන්දියාවටවත් උදලු දෙන්න අපේ සිංහල කම්මල් කලාව කාර්මීකරණය කරන්ට තිවුන!
පගා ගන්න එවුන්ට, රට පාවල දෙන එවුන්ට, බවලත් ඇත්තෝ දූෂණ කරන එවුන්ට, වෙනම කුළයක් හදල උන්ව පලිචිචි කරල තියනවද? නෑ, ඕං පුතේ අපේ චාරෙ!
දැං බලහල්ල..පොඩි එවුන් හැදෙන කැකුළෝ ඉස්කෝලෙ ගෙනියන්නෙ මොනවද? නූඩ්ලස්, ප්‍රයිඩ් රයිස්, ප්‍රේස්ටි, බර්ගර්, මේ හැම බිබික්කමක් ම හදාල තියෙන්නෙ අර සිල්වර් බ්‍රෝමයිඩ් දාල සුදු කරැව්ව පර සුද්දගෙ පිටි වලිං. ගෙනියයිද දැන් පැටියෙකුට කුරහං හැලප දෙකක්, බිබික්කමක්, ලැවැරියක්, තලපයක්, රොටියක්, ලොඩමක්, වන්ඩුවක් දාල දුන්නොත් උන්නෙ පෙට්ටි තඩියට? නෑ..අැයි සූක්ෂමව මනෝ සමාජ ප්‍රහාරයක් ක්‍රියාත්මක වුනා ඒව ගෙනියන එවුන්ට නම් පට බඳින්න...ලැවරියා..හැලපයා....රොටියා කියාල!!
තවමත් මේ දේවල් සලු වසයෙං හරි ඉතිරි වෙලා තියනව තැන තැන. පුතේ මේ සමාජ ආකෘතියේ දිග පළල තේරුං ගනිල්ල..ඒක රැක ගන්න ක්‍රියාත්මක වුනේ නැත්තං තව අවුරුදු විස්සයි....සමාජය වෙනස් වෙන්නෙ ගුනෝත්ර ශ්‍රේණි ක්‍රමයට... සියල්ල උඩුයටිකුරු වෙනව....සිංහල සමාජෙ බලන්ට කටු ගෙවල් වලට යන්න සූජානං වෙයව්!
ආචර්ය චමිල ලියනගේ විසිනි