අඩු ආදායම් ලාභීන්ට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ වැඩපිළිවෙලක්
අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදීගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථීර රැකියාවක් නොමැති සහ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථීර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන්නන් සිටින පවුල්වලට මෙම හිමිකම ලැබෙන බව සඳහන්.
ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
සීනි, තේ කොළ, සහල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්,කරවල, අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබා දීම මෙහිදීසිදු කෙරෙයි.
ලංකා සතොස, සමූපාකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙහිදී මූලික වශයෙන් අවස්ථාව සැලසෙනු ඇති.
අදාල වෙළඳසැල් ජනාකීර්ණ ප්‍රදේශවලද අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇත.
බලයලත් වෙළඳසැල් තෝරා ගැනීමේදී කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතිය මගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නඟා සිටුවීම සිදු කෙරෙන අතර දේශීය නිෂ්පාදනයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සෘජුවම වෙළඳපොලට ලබාදීම සිදු කෙරෙනු ඇති.
Source: http://sinhala.adaderana.lk/