අඩෝ මෙහෙම වෙන්න පුලුවන්ද බන්? 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මම අද කියන්න යන දේ බස් වලින් යන එන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනවා. අපි සමාජයේදී ලබන විවිධාකාර අත්දැකීම් අන් අයගේ යහපත වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් දෙයක් කියල මම හිතනවා.

    මේ කතාව බසයක් තුළදී ඇහිඳගත් පසුම්බියක් සම්බන්ධ එකක්.

    එක් දිනක උදේ වරුවක මම පිටකොටුවේ සිට වත්තල යාමට බසයකට ගොඩ වුනෙමි. බසයේ ආසන ගණනට වගේ සෙනගක් තමා හිටියේ. බස් එක ඉදිරියට යනවා. ක්‍රමයෙන් සුගතදාස ස්ටේඩියම් එකට ආසන්න වෙත්ම මට වඩා මඳක් ඉදිරියෙන් සිටි වයස අවුරුදු 70 ක පමණ වැදගත් පෙනුමැති මහත්මයෙක් ඉදිරි බස් නැවතුමේ බහින්න ඉදිරියට යනවා. පසු පසින් පැමිණි ගැහැණු කෙනෙක් දඩිබිඩියේ අර මහත්මයා පසු කර ඉදිරියට ගිය හැටි මම දැක්කා. එහෙම යනවිට පර්ස් එකක්ද බිම වැටෙනවා. හෝල්ට් එකේ බස්රථය නවත්වන විට අර කාන්තාව බහිනවා. එයාගෙ පර්ස් එක අර මහත්මයා ඇහිඳ ගෙන කොන්දොස්තරට කියනවා..

    "අනේ අර මිස් ගෙ පර්ස් එක වෙන්න ඇති මේ තියෙන්නේ" කියල කොන්දොස්තරට ඒක දෙන්න උත්සාහ කරණවා. නමුත් දෙන්න ලැබෙන්නෙ නැහැ. කොන්දොස්තර ඒක ගන්න උනන්දුවක් දැක්වූයෙත් නැහැ.

    නමුත් එම සැනින්ම ආපහු බස් එකට අර ගැහැණිය ගොඩවුනා. දැන් එයාගෙ පර්ස් එක අර මහත්මයාගෙ අතේ. එවිටම එම කාන්තාව "ආ..උඹ මගේ පර්ස් එකට ගැහුවා නේද " කියමින් ඒක උදුරාගෙන පර්ස් එක ඇරලා බැලුවා. ඒකෙ සල්ලි සත පහක්වත් නැහැ. දැන් අමු තිත්ත අසභ්‍ය වචන කියමින් බලෙන්ම අර අහිංසක මනුස්සයගෙ සාක්කුවෙන් පර්ස් එක ඇදලා අරගන්නවා. එහෙම අරගෙන "මේ තියෙන්නේ මූ මගෙන් පොකට් ගහපු සල්ලි" කියල කෑගහනව. අර මහත්මයා ඉතාමත් අසරණ වෙලා ලැජ්ජාවට පත්වෙනවා.

    බැරිම තැන එයා කියන්නෙ "මම පැන්ෂන් කාරයෙක්. අද ක්ලිනික් ගිහින් බෙහෙත් අරගෙන එන ගමන්. මේ තියෙනවා මම ATM එකෙන් සල්ලි ගත්ත රිසිට් එක" කියල පෙන්නුවා. ඒත් පර්ස් එකේ තිබුණ සල්ලි ඔක්කොම ඒ ගැහැණිය අරගෙන පර්ස් එකෙන් මූණට දමලා ගහලා බස් එකෙන් බැහැලා යන්න යනවා. හැබැයි අර මහත්මයා ඒ හෝල්ට් එකේ බහින්න හිටියත් බැස්සෙ නැහැ බයටම වෙන්න ඇති.

    මම මේ සිද්ධිය මුල ඉඳන් හොඳින් බලාගෙන හිටියේ. කොන්දොස්තර දැක්කා මම ඒක බලාගෙන හිටපු විදිහ. ඊට පස්සෙ කොන්දොස්තර මගේ ලඟට ඇව්ත් හෙමින් කියනවා..

    "මහත්තයා නොදැක්කා වගේ ඉන්න. මොකද ඕකට මැදිහත් වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම දැලිපිහි පාරක් කන්න වෙනවා ඒ ගෑණිගෙ සෙට් එකක් බස් එකේ ඉන්නවා." කියල. ඉතින් මම මොනවා කරන්නද ? වැරද්ද ඇහැට පෙනි පෙනී කරබාගෙන ඉන්න උනා.
    කවදාවත් බස් වලදී අනුන්ගේ මුදල් පසුම්බියක් දැකලා ඒක අරගන්න යන්න නම් එපා. එහෙම ගත්තොත් ඔබට ලැජ්ජාවට පත්වෙලා හිස් අතින් තමා ගෙදර එන්න වෙන්නෙ.

    මේක පොකට් ගැසීමේ අලුත්ම ක්‍රමය වෙන්න ඇති කියල හිතෙනවා. පුළුවන් තරමින් මේ පිළිබඳව හැමෝම දැනුවත් කරන්න.

    උපුටාගැනීමකි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕම කෝමද හේසාන් පවුල් ජීවීතයක් ගෙනියන්නෙ. පරිනත වෙයන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    😡 වෙන්න බැරි කමකුත් නෑ

    ටයිට්ල් එක මිස්ලීඩින්. නිනූකා පොඩි කාලේ ස්පෝර්ට්ස් කරපු වගේ දෙයක්නෙ එන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතාව ඇත්ත නම් හොඳ වැඩේ නාකියට. ගෑනුන්ගේ පර්ස්වලට විදින්න යනවට ... නාකියා අහිංසක නම් මේ හෑල්ල ලියපු එකා ඌ වෙනුවෙන් ඉදිරිපත් වෙනවනෙ. හා නැද්ද?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    බස් වල යන එක නවත්තලා ගොඩක් කල් දැන්. දන්නේ නැති එවුන්ට උදව් කරන එකත් නවත්තලා ගොඩක් කල් දැන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    මම මේ සිද්ධිය මුල ඉඳන් හොඳින් බලාගෙන හිටියේ. කොන්දොස්තර දැක්කා මම ඒක බලාගෙන හිටපු විදිහ. ඊට පස්සෙ කොන්දොස්තර මගේ ලඟට ඇව්ත් හෙමින් කියනවා..
    හොදින් බලාගෙන ඇට දෙක පුකේ ගහගෙන ඉදපු එකෙක්.

    ඒ ගෑණිගෙ සෙට් එකක් බස් එකේ ඉන්නවා." කිය
    ලොල්
     
    • Wow
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,290
    21,226
    113
    මම අද කියන්න යන දේ බස් වලින් යන එන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනවා. අපි සමාජයේදී ලබන විවිධාකාර අත්දැකීම් අන් අයගේ යහපත වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් දෙයක් කියල මම හිතනවා.
    උගෙ අප්පගෙ වැදගත්කම. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda