මේ සටහන ඊලාම් සටනේ 3 වැනි අධියර ආරම්භවීමට සති දෙකකට පෙර සිදුවීමකි
මා මන්නාරම ශ්‍රීලංකා නාවික නෞකා ගජබා අණදෙන නිළධාරී ලෙස කටයුතු කරමින් සිටි එම වකවානුවේ ගජබා කඳවුරේ මූලස්ථානය පේසාලේ පිහිටා තිබුණු අතර මාගේ කඳවුරට අල්ලපු වැටේ මන්නාරම රදගුරු රාසප්පු ජෝෂප් බිෂෝප් හිමිගේ නිවස්නය පිහිටා තිබිනි.
ඒ අසල නිවාසයක ලක්ෂ්මී යනුවෙන් හඳුන්වන ( ආරක්ෂක හේතූන් මත සැබෑ නම හෙලි නොකරම් ) අවුරුදු දොලහක් පමණ වයැසැති ගැහැණු දරුවෙක් මවත් සොහොයුරත් සමඟ ජීවත් වූ අතර ධීවරයෙක් වූ ඇයගේ පියා කොටි ත්‍රස්තවාදීන් සහ ඉන්දියානු හමුදා අතර ඇතිවූ සටනකදී ඊට මැදි වී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබිණි.
ඉඳහිට නාවික සෙබළුන්ට ආරක්ෂක හේතූන් මත යෑමට තහනම් කඳවුර ආසන්නයේ තිබුණු කජුවත්තේ කජු ඇහිඳ ගේට්ටුවේ රාජකාරි කරනා සෙබළුන්ට ගෙනවිත් දීම ලක්ෂ්මීගේ පුරුද්දක් විය
එම වකවානුවේ නිවාඩු යන නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය සඳහා බස් රථ සමග සන්නද්ධ රථ පෙලක් ( convoy ) යොදාගත් අතර එක් දිනක ( පුද්ගලික ආරක්ෂක හේතූන් නිසා සමහර තොරතුරු සහ නිවැරැදි නම් හෙලිකල නොහැක ) කොළඹ සිට මන්නාරම බලා එන සන්නද්ධ රථ පෙල මැදවච්චිය පසුකර චෙට්ටිකුලම හා මන්නාරම අතරදී කොටි ප්‍රහාරයකට ( ambush ) ලක් වී බස් රථ දෙකක් නාවික භටයන් 113 ගේ ජීවිත අහිමි කරමින් විනාස විය.
මෙම ආරංචිය ලැබීමත් සමගම බලවත් කම්පනයක් සහ කලබලයක් කඳවුරේ ඇතිවිනි මෙවැනි අවස්ථාවලදී කඳවුරේ සිටින අතිරේක භටයන් සිද්ධිය වූ ස්ථානයට යැවීම කල යුතු බැවින් මා ඉක්මනින්ම ඒ සඳහා සූදානම් වෙමින් සිටියදී ප්‍රධාන ගේට්ටුවේ සිටි මුර පාලක මා අමතා කියා සිටියේ ලක්ෂ්මී නැමැති ගෑහැණු ළමයාට ලොකු මහත්තයා ( අණදෙන නිළධාරී ) හමුවීමට අවශ්‍ය බව කියා ගේට්ටුව අසල සිටින බවයි.
එම අවස්ථාවේ කඳවුර තුලට පිටස්තර අයෙකු ගැනීම නුසුදුසු බැවින් ගේට්ටුවේ දුරකථනය මගින් ඇය සම්බන්ධ කරගතිමි.
සර් බෝම්බ තීනවා යනුවෙන් කැඩුණු සිංහලෙන් ඇය දුන් පණිවිඩය වැදගත් බව හැඟුනු මා කඩිනමින් දෙමළ භාෂාව හොඳින් දන්නා ඉන්ට් (intelligence ) එකේ මුස්ලිම් නාවික භටයෙකු සමග ගේට්ටුව අසලට ගිය අතර ඇය දුන් තොරතුරු ලබාගෙන භට කංඩායම් යොදවා මාර්ග පරීක්ෂා කිරීමේදී මන්නාරම බිෂෝප් නිවාසය ඉදිරිපිට තල් ගසක් උඩ සවි කර තිබුණු සුවිශාල ක්ලේමෝ බෝම්බයක් සොයා ගතිමි
කොන්වොයි බස් පුපුරුවා හැරිය පසු එම තුවාලකරුවන් ගෙන යෑමට සහ සහායට එන අතිරේක හමුදා වාහන ඉලක්ක කර කඳවුරේ ගේට්ටුවේ සිට මීටර් 50 පමණ දුරින් අටවා තිබුණු එම ක්ලේමෝ බෝම්බය සොයා නොගත්තේ නම් එදින තවත් සෙබළුන් සිය ගනනකගේ ජීවිත විනාස වීමට ඉඩ තිබුණු අතර ලක්ෂ්මී නිසා එය වැලැක්විනි.
පසු කාලීනව ඇය තම මව සහ සොහොයුරා සමග වත්තල ප්‍රදේශයේ ඤාතියෙක්ගේ නිවසට ගිය බව දැනගත් අතර ඉතා අසීරුවෙන් ඇයගේ ලිපිනය සොයාගෙන ගියත් ඇය හෝ පවුලේ කිසිවෙකු නොසිටි බැවින් මා මාගේ පුද්ගලික දුරකථන අංකය සහ ලිපිනය නිවැසියන්ට ලබාදී ආපසු පැමිනියෙමි.
කාලය සියල්ල අමතක කල අතර සිද්ධියෙන් වසර ගනනකට පසු මගේ නිවසට මඟුල් ඇරැයුම් පතක් ලැබුණි, වැල්ලවත්තේ ෂැෆැයර් හෝටලයේ පැවැත්වූ එම මංගල උත්සවය කාගේද යන්න මට නිච්චි නොවිනි.
කෙසේ වුවද මා සිතුවේ මා දන්නා යාපනයේ සිටි කාලයේ හඳුනාගත් මිත්‍රයකුගේ දුවක් හෝ පුතෙක් විය හැකි බවයි,එතරම් උනන්දුවක් නොවූවද මාගේ බිරිඳ භද්‍රගේ දිරි ගැන්වීම නිසා මෙම විශේෂ ආරාධනය ප්‍රතික්ෂේප නොකර මමත් භද්‍රාත් විවාහා උත්සවයට ගිය අතර එහි සිටි සිංහල පුද්ගලයන් වූයේ අපි දෙදෙනා පමණි.
එහිදී මනමාලිය අප දුටු විගස සිනාසෙමින් සර්ට මන් මතකද කියා ඇසූ විට මට හඳුනා ගැනීමට අපහසු බව දැනගෙන ඇයම හඳුන්වාදෙමින් සර් මම පේසාලේ කෑම්ප් ලඟ ලක්ෂ්මී කියලා කෙල්ලෙක් හිටියේ කියා කීවිට මට සියල්ල සිහියට නැගුනි.
වැඩි යමක් කීම නුසුදුසු බැවින් සිනාසෙමින් ඇයට ආචාර කල විට ඇය කියා සිටියේ සර් අපි පේසාලේ ඉඩම් වික්කා මම කැනැඩා ගියා මේ මගේ මහත්තයා කැනැඩාවේදී හමුවුනේ,මගේ අයියා සිවා සර්ට මතකද එයාත් කැනැඩාවේ ඉන්නවා.අම්මා නැතිවුනා ,එයා අසනීපයෙන් ටිකක් කල්හිටියා,
මම නේව් එකට කැමැති නිසා ඔක්කොටම වෙඩින් කියන්න ඕනි වුනත් සර්ගේ එඩ්ඩ්‍රස් විතරයි තිබුනේ මම හිතුවා සර් එනවාම කියල තැන්ක්ස් ආවාට කියා කී විට මම නෑවිත් සිටියානම් මොන තරම් පසුතැවිල්ලක් ඇතිවේදැයි මට සිතුනි.
ඇයගේ විවාහයට පසු මට නැවැත ඔවුන් හමු නොවුනු අතර ඔවුන් කැනැඩා යන බව කිව් නිසා එසේ යන්න ඇතැයි සිතුනි.
දීර්ඝ කාලයකට පසු පසු ඊයේ මට ලක්ෂ්මී ගේ මහත්තයගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණු අතර එය ඇසූ මා බලවත් කම්පනයට ලක්විය, ඉන් කියවුනේ පිලිකා රෝගී තත්වය නිසා ඇය මිය ගිය බවත් ඇය රෝහලේ සිටිය
දී කල අවසන් ඉල්ලීම වූයේ තමා මියගිය පසු ඇය කුඩා කාලයේ සිට දන්නා නාවික හමුදාවේ පේසාලේ සිටි හිතවත් සෙබළුන්ටත් දන්වන ලෙසය.
මෙය කියවන මා සමග මන්නාරම පේෂාලේ ගජබා කඳවුරේ සේවය කල ලක්ෂ්මී කජු කෙල්ල (ඇගේ නියම නම වෙනත් එකකි) දන්නා නාවික සෙබළුන් සිටී නම් මා අමතන්න 0779833220 එවිට තොරතුරු ලබා දිය හැකිය.
ඇයට නිවන්සුව ලැබේවා !
දේශබන්දු නීතීඥ කොමාන්ඩර් නිහාල් චන්ද්‍රසිරි .බිබිල