මොනවා උනත් තොවිල් කියන්නේ නියම කලාත්මක දෙයක්. රංගනය, හාස්ස්‍ය, බය ඔක්කොම තියන දෙයක් බලන්න ලස්සනයි.


මොනවා උනත් තොවිල් කියන්නේ නියම කලාත්මක දෙයක්. රංගනය, හාස්ස්‍ය, බය ඔක්කොම තියන දෙයක් බලන්න ලස්සනයි.


[FONT="]මේ කතාව සිද්ද වුනේ 2002 වර්ෂයේ අග භාගයේ විතර. එතකොට මම හිටියෙ 7 වසරේ.[/FONT]
[FONT="]අපේ අම්මගේ බාලම නංගී ඒ කියන්නේ මගේ පුංචි අම්මා විවාහ උනේ වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් එක්ක. අපේ බාප්පා වෘත්තිය නිසා ඔළුව උදුම්ම ගත්ත කෙනෙක් නෙමෙයි. හරිම සමාජශීලි අළුත් විදියට හිතන ගොඩක් හොද කෙනෙක්. පුංචි අම්මගෙයි බාප්පගෙයි විවාහයෙන් පස්සේ බාප්පට රැකියාවට යන්න පහසු වුන නිසාම බාප්පයි පුංචි අම්මයි ඇවිත් අපේ අම්මලාගේ මහගෙදර නතර වුනා. ඉතිං ඒ ගෙදර හිටියේ මේ දෙන්නයි අපේ කිරි අම්මයි විතරයි. අපේ බාප්පා මහ ගෙදරට ආවට පස්සේ එයා ප්‍රදේශයේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් වුනා. ඒ වගේම එයාට පෙරටත් වඩා යහමින් මුදල් ලැබෙන්න ගත්තා. ඇත්තටම එයාලට ලබලා තිබුනේ පුදුම සුභ කාලයක්.[/FONT]
[FONT="]ඔය විදියට හරිම සුන්දරව කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. බාප්පා සුපුරුදු පරිදිම වැඩට ගියා ආවා. විවාහයෙන් පස්සේ පුංචි අම්මා රැකියාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා තමයි හිටියේ. අපේ කිරි අම්මත් සුපුරුදු පරිදි පිං දම් කරමින් කාලය ගතකලා. ඔහොම ඉන්නකොට 2002 අගෝස්තු මාසයේ අපේ ගෙදර අයයි, අපේ ලොකු පුංචි අම්මලයි, පොඩි පුංචි අම්මලයි, එකතු වෙලා කතරගම දින තුනක චාරිකාවක් ගියා. [/FONT]
[FONT="]චාරිකාව නිමා වෙලා ඇවිත් අපි හැමෝම එදා හවස අපේ අම්මලාගේ මහ ගෙදර තමා නතර වුනේ. ගමන් විඩාවත් එක්කම අපි හැමෝම මහ ගෙදරට ආපු ගමන්ම නින්දට ගියත් අපේ තාත්තයි, බාප්පලා දෙන්නයි නින්දට නොගිහින් සතුටු සාමීචියේ යෙදිලා හිටියා.[/FONT]
[FONT="]වෙලාව 11.45ට විතර ඇති. එකපාරම තාත්තයි බාප්පලා දෙන්නයි කිරි අම්මගේ කාමරය පැත්තට වේගයෙන් දුවගෙන යන හඩින් අම්මත් මමත් පුංචි අම්මලත් අවදි වුනා. [/FONT]
[FONT="]ඇයි මොකද වෙලා තියන්නේ අම්මා තාත්තගෙන් ඇහුවේ කිරි අම්මගේ කාමරයට පිවිසෙන ගමන්මයි. [/FONT]
[FONT="]නෑ ප්‍රශ්නයක් නෑ, ඔයාලගේ අම්මා හීනෙන් බය වෙලා. තාත්තා අපට සිදුවී ඇති දෙය පහදා දීමෙන් පසු නැවතත් අප සැවොම නින්දට ගියා.[/FONT]
[FONT="]පසුදින උදෑසනම අවදී වූ සැවොම පෙර දින රාත්‍රියේ සිදු වූ දෙය ඒ තරම් ගනනකට ගත් බවක් පෙනෙන්නට නොතිබූ අතර නැවතත් අපි ඒ ගැන කතාකරන්නට වූයේ ආපසු නිවස කරා යන අතරවාරයේයි. [/FONT]
[FONT="]ඊයේ රෑ ඔයාලගේ අම්මගේ බෙල්ල කවුරු හරි මිරිකන්න හැදුවලු. ඒ වෙලාවේ එයාගේ කාමරයෙන් ඇහුණු අමුතු සද්දෙ නිසා තමා අපිත් එතනට දුවගෙන ගියේ. මන් හිතන්නේ නරක හීනයක් වෙන්න ඇති. තාත්තා පෙර දින රාත්‍රියේ වූ සිද්දිය සැකෙවින් ඉදිරිපත් කරයි.[/FONT]
[FONT="]චාරිකාවෙන් පසුව තවත් දින කීපයක් ගත්ව ගිය අතර සියළු දෙනාම තම තමන්ගේ සුපුරුදු රාජකාරී වල නියැලී සිටින්නට විය. ඔය අතර අප නිවසට දුරකතන ඇමතුමක් ලබා දුන් පුංචි අම්මා දන්වා සිටියේ පසු ගිය දින ටිකේම කිරි අම්මා හීනෙන් බය වී යටිගිරියෙන් කෑ ගසමින් ඇහැරුන බවකි. මුලින් මුලින් එය සාමාන්‍ය තත්වයක් ලෙස සලකා බැහැර කලද තව දුරටත් එය එසේ කල නොහැකි බවයි පුංචි අම්මා විසින් තරයේ දන්වා සිටියේ.[/FONT]
[FONT="]මේ පිළිබදව අම්මා විසින් තාත්තාව දැනුවත් කලේ තාත්තා රාජකාරිය නිමවා නිවසට ආ පසුවය. පුංචි අම්මාගේ වචන හමුවේ අම්මා සසල වී ගියද එය ඇසූ තාත්තා එය සාමාන්‍ය කරුණක් ලෙස සලකා බැහැර කලේ ඔයාලගෙ අම්මට පංසිල් අරන් නිදාගන්න කියන්න එතකොට ඕක අඩුවෙයි ලෙස කියමිනි.[/FONT]
[FONT="]එනමුත් අම්මාගේ දැඩි ඇවටිලි කිරීම මත තාත්තා පොඩි බාප්පාට දුරකතනයෙන් අමතා මේ සිදුවීම ගැන අසා සිටියේ මේ පිළිබදව විචාරශීලීව බලන පුද්ගලයාත් හොදින්ම දන්නා පුද්ගලයාත් ඔහු විය යුතු නිසාය. ඔහුත් තාත්තාට පවසා සිටියේ මෙය කිරි අම්මා විසින් හිතින් මවා ගත් මනස්ගාතයක් විය ඇකි බවයි.[/FONT]
[FONT="]තත්වය මේ ලෙසින් පවතිද්දී දින කීපයක ඇවෑමෙන් ලොකු පුංචි අම්මාද දුරකතනයෙන් අම්මා අමතා කියා සිටියේ ගෙවීගිය දින ටිකේම මේ සිදුවීම සිදුවී ඇති අතර ඔවුන් විසින් පෙර දින මහගෙදරට ගොස් සිටින විටදීත් පෙර පරිදිම කිරි අම්මා බියවී යටිගිරියෙන් කෑ ගැසූ බවයි. ඇයගේ නිගමනය වූයේත් මෙය නම් කොහෙත්ම සාමාන්‍ය සිදුවීමක් විය නොහැකි බවයි. [/FONT]
[FONT="]කරුණු කාරණා මේ විදියට සිද්ද වෙද්දි අපේ පොඩි පුංචි අම්මා ගැබිණියක් බවට පත් වුන බව ඇය විසින් දුරකථනයෙන් අමතා අම්මාව දැනුවත් කර සිටියා. මේ කාරණයත් පෙර කී කාරණයත් නිසාම අපේ නිවැසියන් විසින් නුදුරේම එළඹුණු සෙනසුරාදා දිනයේ මහ ගෙදරට ගියා. මහගෙදරට පිවිසෙන විටම අපට දැකගත හැකිවූයේ පෙර මෙන් අලංකාර වූ සොදුරු නිවහන වෙනුවට පාළු මූසල බවක් දිස්වන අදුරු නිවසකි. ඇත්තටම නිවසේ සියල්ලම පෙර මෙන්ම තිබුනද එහි වූයේ පාළු මූසල ගතියකි. අප එහි පැමිණි බව දැනගත් ලොකු පුංචි අම්මාත්, බාප්පාත්, මල්ලිලා කැටුව ආවේන් මගේ සිතට සතුටක් එක්විය.[/FONT]
[FONT="]රාත්‍රිය එළඹිණි. අම්මාත් පුංචි අම්මලාත් කිරි අම්මා සමග සාලයට වී කතාබහ කරමින් සිටි අතර තාත්තා බාප්පලා සමග ඉස්තෝප්පුවට වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියි. මාත්, මල්ලිලා තිදෙනා සමගින් කාමර වලට වී හැංගිමුත්තන් සෙල්ලම් කරන්නට විය. එක්වරම කිරි අම්මාගේ කාමරයේ හැංගී සිටි ලොකු මල්ලී යටිගිරියෙන් කෑ ගසන්නට විය. ඒ සමගම නිවසේ සිටි සියල්ලන්ම කිරි අම්මාගේ කාමරයට දුවගෙන ගිය අතර කාමරයේ ජනේලය අසල ලොකු මල්ලී සිහිසුන්ව වැටී සිටියේය. සිදුවූයේ කිමක්දැයි කිසිවෙක්ටත් අවබෝධයක් නොවීය. හැමදෙනාම වටවී ලොකු මල්ලීව ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උත්සහ කරයි. [/FONT]
[FONT="]සිහිය පැමිණීමෙන් පසු ලොකු මල්ලී ලොකු බාප්පාට තුරුළු වී කීවේ කිරි අම්මාගේ කාමරයේ ජනෙල් පියන් අතරින් අත දැමූ කිසිවෙකු තමාව පිටතට ඇදීමට උත්සහ කල බවකි (අදට වුවද ලොකු මල්ලී මේ කාමරයට යන්නේ නැත). මේ කතාවත් සමග සැවොම පුදුමයට පත්වූයේ ඒ සිදුවීම වන විටත් නිවසේ සිටි සියළුම දෙනා ඒ ජනේලය පැත්ත පලාතකවක් නොසිටි නිසාය. මේ සිදුවීමත් සමග අප බයට පත් කල තවත් සිදුවීමක් වූයේ කිරිඅම්මා එදිනත් පෙර මෙන් කිසිවෙකු බෙල්ල මිරිකන බව කියමින් යටිගිරියෙන් කෑ ගැසීමයි.[/FONT]
[FONT="]පසු දින තීරණාත්මක සාකච්චාවක් පැවැත්වුනේ තාත්තාත්, බාප්පලා දෙදෙනාත්, අම්මාත්, පුංචි අම්මලා දෙදෙනාත් සමගිනි. අම්මලාත් පුංචි අම්මලාත් මෙය භූත දෝශයක් ලෙස තීරණය කර තිබුණු අතර පොඩි බාප්පා එය තරයේම ප්‍රතික්ෂේප කර සිටියි. තාත්තා හා ලොකු බාප්පා මධ්‍ය[FONT="]ස්[/FONT]ථ මතයක හිදියි.[/FONT]
[FONT="]මම නම් ඕවා කොහොමටවට් විශ්වාස කරන්නේ නෑ අයියේ. ඕවා හුදු මනස්ගාත විතරයි. අපි ඕවා නිතර නිතර කතා කරන නිසාම තමා ඊයේ පොඩි එකත් බය වුනේ. ඒවා උන්ගේ ඔළුවලටත් ගිහින්. පොඩි බාප්පා සාකච්චාව අවසානයේ කීය. [/FONT]
[FONT="]ඔව් සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මානසිකව බලපාපු දෙයක්ද දන්නෙත් නෑනේ. මොනව වුනත් අම්ම නම් බය වෙලා ඉන්නේ. තාත්තා කී අතර අම්මගේ තීරණය වුනේ කිරි අම්මා අප සමග අපගේ නිවසට කැටුව ගොස් ටික දිනක් අප නිවසේ තබාගැනීම සුදුසු බවයි.[/FONT]
[FONT="]අප නිවසට කිරි අම්මා පැමිණිය පසු සිදු වූයේ තවත් දෙයකි. කිරි අම්මා සිහි මද තත්වයක් පෙන්නුම් කලාය. ඇයට කරමින් සිටින දෙය පවා එක්වරම අමතකව යයි. අප නිවැසියන් වහාම ඇයව ප්‍රතිකාර සදහා වෛද්‍ය සායන වලට ඇතුලත් කලද කිසිම ගුණයක් එමගින් නොලැබිණි. මේ අතර අපට දැනගන්නට ලැබුනේ කිරි අම්මා හීනේන් බය වුන පරිද්දෙන්ම පොඩි බාප්පාද රෑට රෑට සිය ගෙල මිරිකනවා ලෙස කියමින් බියට පත්වන බවකි. බාප්පා බියට පත්වන්නට පටන් ගැන්මත් සමගම ඔහු මෙය මන්ස්ගාතයක් ලෙස සිතා සිටි මතය වෙනස්ව තිබිණි. මේ සියළුම කාරණාත් සමගම මෙ ගැටළුව විසදන්න පොඩි බාප්පාගේ දෙමාපින්ද මැදිහත් වෙන්නට වුනා.
[/FONT][FONT="]**********
ඔවුන්ගේ මතය වූයේ මේ ගැන අදුනක් බැලිය යුතු බවයි. දැඩි විශ්වාසයක් නොතිබුනද ඇතිවී ඇති තත්වයේ හමුවේ අපේ තාත්තත් ලොකු බාප්පත් ඒ සදහා ඉදිරිපත් වූ අතර පොඩි බාප්පගේ තාත්තා අර්න්ස්ට් සීයා හා සහෝදරයෙක්ද ඒ ගමනට සහභාගී වුනා. [/FONT][FONT="]අදුන බලන පුද්ගලයා තිදෙනෙක්ට පමණක් ඇතුලට එන ලෙස පවසා සිටිය නිසා තාත්තත්, ලොකු බාප්පත්, අර්න්ස්ට් සීයාත් ඇතුලට ගියා. අදුන බලන්නා ආරූඪයෙන් නිවසේ පිහිටීම ගැනත් නිවැසියන් ගැනත් පුංචි අම්මට ලැබීමට සිටින දරුවා ගැනත් ඉතාමත් නිරවද්‍ය අනාවැකි ඵල ඵලකර තුබූ අතර නිවසට කවුරුන් හෝ හූනියමක් කර ඇති බව කි[FONT="]යා [FONT="]තිබුනා[/FONT][/FONT]. තවදුරටත් එය විග්රහ කල ඔහු ප්‍රකාශකර තිබිනේ මළගිය ප්රාණකාරයෙකුට සම්බන්ධකර බන්ධනයක් බැද ඇති බවකි. මේ නිසා මේ නිවසේ වාසය කරන නිවැසියන්ගෙන් ග්‍රහ බලය දුර්වල පුද්ගලන්ගෙන් පටන්ගෙන සියළුම ප්‍රාණීන්ට උපද්‍රව ගෙනෙදෙන අතර නිවැසියන්ගේ ජීවිත පවා අවධානමකට ලක්වන බව පවසා සිටීයා. අවසානයේ ඔහු සහසුද්දෙන්ම පවසා සිටියේ පොඩි පුන්චි අම්මට ලැබෙන්න ඉන්න දරුවා අනිවාර්යෙන්ම විනාශ වන බවයි. එමෙන්ම මෙම බන්ධනය හැකි ඉක්මනින්ම කපාදැමීම මගින් නිවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගතහැකි බවත් ඔහු කියා සිටියා.[/FONT]
[FONT="]අදුන් බලන්නා කී දෙය එක්වරම විශ්වාස කිරීමටත් ඉවත දැමීමටත් නොහැකි තත්වයක් උද්ගතවූයේ ඔහු නිවසේ පිහිටීම හා නිවැසියන් ගැන නිරවද්‍යම ප්‍රකාශ සිදුකල හෙයිනි. අනතුරුව අදුන් බැලීමට ගිය සිවුදෙනා මේ සිදුවීම පොඩි බාප්පට කී අතර දරුවා නැතිවන සිදුවීම ඔහුට කියා නැත. එමෙන්ම මේ සියළු දේවල් ඔවුන් පුංචි අම්මාගෙන් වසන් කලේ ඇය මේ වන විටත් සිව් මස් ගැබිණියක් වූ නිසාය.[/FONT]
[FONT="]මේ වන විට මහගෙදර තත්වය එන්න එන්නම බැරෑරුම් වූ අතර මේ ප්‍රශ්න හමුවේ පොඩි බාප්පා මේ නිවස හැර යන්නට තීරණය කර තිබිණි. ඒ තීරණයත් සමගම පුංචි අම්මා හා බාප්පා අතර පෙර නොතිබූ පරිදි ගැටුම් අඩදඹර වර්ධනය වන්නට විය. නිවසේ තිබූ කලඑළිය දැන් නැත. සියල්ලම වියවුල්ව ගොසින්. මේ ගැටළු හමුවේ අනෙක් අය තීරණය කලේ ඉතාම ඉක්මනින් මේ බන්ධනය කපා දැමිය යුතු බවයි.[/FONT]
[FONT="]මේ අතර අප ගම් ප්‍රදේශයට නුදුරු ඉතාමත් ප්‍රසිද්ධ මලයාලම් ශාස්ත්‍ර අදුන් බලන තැනකට අම්මා ලොකු පුංචි අම්මා සමග ගොස් ඇත්තේ තවදුරටත් සැක දුරුකරගැනීමටය. එහි දී එම අදුන් බලන්නා අම්මාට මල් වර්ග පහක නම් කියන්න කියා ඇති අතර අම්මා වද මල්ද ඒ මල් අතර කියා ඇත. අනතුරුව අදුන් බලන්නා කියා ඇත්තේ අනිවාර්යෙන්ම මෙය හූනියම් බන්ධනයක් බවත්, එම බන්ධනය සිදුකර ඇත්තේ මළගිය ප්රාණීයෙකුට සම්බන්ධ කරමින් බවයි.[/FONT]
[FONT="]මේ සියළුම කරුණු කාරණා සලකා බැලූ පසු මෙම බන්ධනය කැපීම සදහා හොද යකදුරුවරයෙක්ව සොය ගැනීමේ දැඩි අපහසුතාවයකට අපට මුහුණ දෙන්න විය. අවසානයේ [FONT="]අර්න්ස්ට් [FONT="]සීයා[/FONT][/FONT] විසින් ඒ සදහා පුද්ගලෙක් සොයාගෙන පැමිණි අතර ඔහු විසින් මහගෙදරට පැමිණ පරීක්ෂාකර බලා එළඹෙන සෙනසුරාදා දිනය ඒ වෙනුවෙන් සූදානම් කරන්නට දන්වා අවශ්‍ය ද්‍රවය ලැයිස්තුවද සපයා ගිය අතර ඒ දින කීපය නිවැසියන්ට නිවස තනි නොකර සිටින් ලෙසටද දන්වා [FONT="]තිබුනා[/FONT]. ඉතිං ඒ දින කීපය නිමාඩු දමාම මහගෙදර රැදී සිටීමට අපේ නිවැසියනුත්, ලොකු පුංචි අම්මලාත්, පොඩි බාප්පගේ සහෝදරයන් දෙදෙනාත් පැමිණ සිටි නිසා කිසිවෙකුටවත් හිත් තුල තිගැස්මක් නොවීය. එමෙන්ම කිරි අම්මාද නැවතත් අප සමගම මහ ගෙදරට එක්කරගෙන ගියා.[/FONT]
[FONT="]සිදු වූයේ අප නොසිතූ දෙයකි. වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු කිහිපයකි. කෙනෙක් වේදනාවෙන් කෑ ගහන හඩක් ඇසී අපි අවදි වූ අතර පොඩි පුංචි අම්මා බෙල්ල අල්ලගෙන යටිගිරියෙන් කෑ ගසන්නට ගත් අතර අප කාමරයට යන විටත් ඇය කෑගසාගෙන කාමරයෙන් එලියට [FONT="]පැමිණ [FONT="]තිබිණි[/FONT][/FONT]. පොඩි බාප්පා ඇයව වත්තන් කරන්නට තැත් කලද ඔහුවත් පෙරළාගෙන ඇය ඉදිරියට දිව යද්දී අම්මාත් ලොකු පුංචි අම්මාත් පිරිත් කියමින් ඇයව අස්වැසුවා. ඇය සුවපත් වී ගතවූයේ සුළු මොහොතකි කිරි අම්මා මහගෙදර දෙවනත් වන්නට කෑ ගසයි. සැවොම වටවී කිරි අම්මව වත්තන් කරගත්තද ඇයව පියවි සිහියට එන්නට විශාල වෙලාවක් ගතවිය.[/FONT]
[FONT="]මේ සිදුවීමෙන් පසුව සෑම දිනකම මහගෙදර නිවැසියන් රාත්‍රිකාලයේ නින්දෙන් හෝ තනිව සිටින විට බියවන අවස්ථා එන්න එන්නම වැඩිවියි. කිසිදාක අත්නොවිදි මෙවැනි සංසිද්ධියක් නිසා අනෙක් අයද රෑ වන විට බියට පත්වන්නට වුනා.
[FONT="][FONT="]
[FONT="]5 [FONT="]පිටුව [FONT="]බලන්න....[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT]
උබට උන දේත් කියපන් මචන්...


අප්පේ බෑ මචං....මං ආස නෑ....
උඹේ කතාවට ගොඩක් සමානයි ඒක.....හැබැයි ඒක ඉවර කරද්දිත් ඒක අපිට කරපු එකා මැරිල සෑහෙන කල්...
ඌ අත්හදා බලන්න ඕවගේ ඒව කරල නොසෑහෙන්න...
මන්තර පොත් වගයක් උට හම්බෙච්ච නිසා ඌ ඒවගේ ඇත්ත නැත්ත බලන්න කරල තියෙන්නේ


කතා නම් ගොඩයි බං.....පොඩි කාලෙ ඉඳලම සෑහෙන්න දේවල් දැකල තියනවා.....
පිස්සු කියල හිතයි මුං![]()

සිරා කතාව උබේ එක මුලින් කියපන් අපේ ඒවත් දැම්මොත් පැටලෙනවා.. මටත් තියනව අපේ ගෙදර උන සිර වැඩක්...

අඩේ උඹේ ලිවීමේ ශෛලියනම් පට්ටයි..![]()
මමත් මේ වගේ සිද්දි ගැන අහන්න ගොඩක් ආසයි.. හැබැයි අත්දැකීම් නම් නෑ.. එහෙමයි කියල බොරු කතා, මනස්ගාත කියල අයින් කරන්නත් කැමති නෑ..
මම හදිස්සියට බම්ප් එකක් දාගෙන ගියා කියවන්න වෙලා මදි නිසා.. දැන් තමයි කොටස් තුනම කියෙව්වේ.. ඉලඟට වෙන්නෙ මොකද කිය කිය පුදුම කුතුහලයකින් කියෙව්වේ.. මේකෙ තියෙන කමෙන්ට් පවා එකක් නෑර කියෙව්වා..
කොච්චර පිළි ගන්නේ නෑ කියල හිටියත් පිළි ගන්න වෙන සිද්දි වලට මූණ දීපු අය ඉන්නව බං..
මම වෙලාවක දාන්නම් මචන්...කොහොම ගලපලා දාන්නද තේරෙන්නෙ නෑ මචෝ කොහොම උනත් ඔවල ඇත්තක් තියෙනවා...
හැබැයි ඔය ස්ටෝරි එකම facebook එකේ ගෘප් එකක දාලා තිබුනා

අඩෝ මගේ ඔරිජිනල් ස්ටෝරිය දාලා තිබ්බ FB ගෘප් එක මොකක්ද..????![]()

අඩෝ මගේ ඔරිජිනල් ස්ටෝරිය දාලා තිබ්බ FB ගෘප් එක මොකක්ද..????