අත්තම්මලාගේ කතා – ඇත්ත නැත්ත කොහොමද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අත්තම්මලාගේ කතා – ඇත්ත නැත්ත කොහොමද?

    “වැස්සෙ තෙමෙන්න එපා, හෙම්බිරිස්සාව හැදෙයි”

    මේ අපේ අම්මලා, නැන්දලා, අත්තම්මලා අපි පොඩි පොදකටවත් තෙමෙනවා දු‍ටුවොත් නිතරම අපට කියන දෙයක්. “ඉර එළියෙ විටමින් D තියෙනවා”, “කොණ්ඩෙ දිගට වැවෙන්න නම් මස් ජාති නොකා පළා කොළ කන්න”, කැරපොත්තෙක්ගෙ මූත්‍රා ඇ‍ඟේ තැවරුනොත් සුදු කබර හැදෙයි”. මේ සියල්ල අප කුඩා කල වැඩිහිටියන්ගෙන් ඇසූ, එහෙමත් නැතිනම්, කටින් කට පැවත ආ නිසා විශ්වාස කළ තවත් එවැනි කීම් කීපයක්.

    අපිත් ඒ බොහොමයක් කීම් පිළිගන්න පුරුදු වුණා පමණක් නොවෙයි, අපේ මිතුරන්, කුඩා දරුවන් ආදීන් වැස්සකට තෙමෙනවා දු‍ටු විට ඔවුනටත් මෙය කීමට පුරුදු වුණා. මේ ඇතැම් කීම් වල යම් විද්‍යාත්මක සත්‍යතාවක් තිබුණත්, බොහොමයක් පි‍ටුපස පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විද්‍යාත්මක සත්‍යතාවක් නැහැ. මේ ලිපියෙන් එදිනෙදා ඇසීමට ලැබෙන එවැනි කීම් කීපයක සත්‍යාසත්‍යතාවය පැහැදිලි කිරීමටයි අද අපි උත්සාහ ගන්නේ.

    හිරු එළියේ විටමින් D තිබෙනවා

    අසත්‍යයක්. හිරු එළියේ විටමින් වර්ග නැහැ.

    කෙසේ නමුත් සමෙහි මත විටමින් D නිපදවීම සඳහා බලපෑම් කිරීමේ හැකියාව හිරු එළියට තිබෙනවා. සමෙහි ඇති 7-dehydrocholesterol නම් කොලෙස්ටරෝලය මතට හිරු එළියෙහි ඇති පාරජම්බුල B (UVB) එල්ල කළ විට, අදාල රසායනය මගින් විටමින් D3 නිපදවනවා. එම නිසා “හිරු එළියේ විටමින් D තිබෙනවා” යන ප්‍රකාශය අසත්‍ය වුවත්, එහි අර්ධ සත්‍යයක් තිබෙන බවට යමෙකුට තර්ක කිරීමට හැකියි.

    කැරපොතු/ මී මූත්‍රා සිරුරේ ස්පර්ශ වූ විට සුදු කබර හටගන්නවා

    අසත්‍යයක්. සතුන්ගේ මූත්‍රා මගින් සුදු කබර රෝගය හටගන්නේ නැහැ.

    සුදු කබර යනු සමෙහි ස්වභාවික පැහැය අහිමි කර සුදු පැහැ පුල්ලි සම මත ඇති කරවන චර්ම රෝගයක්. සුදු කබර රෝගය හටගන්නේ සමට, හිස් කෙස් වලට, සහ ඇසෙහි කළු ඉංගිරියාවට වර්ණය ගෙන දෙන මෙලනින් නිපදවන චර්මීය සෛල අසාමාන්‍ය ලෙස මියයෑම, හෝ මෙලනින් නිශ්පාදනය නවතා දැමීම නිසායි. මෙම රෝගයට හේතු වන නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැති වුනත්, ජානමය සාධක හෝ ප්‍රතිශක්තීකරන පද්ධතිය ආශ්‍රිත රෝග මෙම රෝගය ඇති කිරීමට හේතු වන බවට වෛද්‍යවරු විසින් විශ්වාස කරනවා.

    සිරුරට පහසුවෙන් යකඩ ලබාගන්න නම් කොළ වර්ග කන්න

    අසත්‍යයක්. සිරුරට පහසුවෙන් යකඩ ලබාගැනීමට නම් කළ යුත්තේ මාංශ අනුභවයයි.

    අප ලබාගන්නා ආහාර වල හීම් සහ හීම් නොවන යකඩ ලෙස යකඩ ආකාර දෙකකින් පවතිනවා. මෙයින් හීම් යකඩ බහුලවම මාංශමය ආහාර වල (මස්, කුකුළු නිශ්පාදන, මාළු) අඩංගු වන අතර, හීම් නොවන යකඩ කොළ පැහැ එළවළු හා පලතුරු වල අඩංගු වනවා. හීම් යකඩ ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගන්නා නමුත්, හීම් නොවන යකඩ එතරම් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගන්නේ නැහැ. එම නිසා සිරුරට පහසුවෙන්ම යකඩ ලබාගත හැකි ක්‍රමය කොළ වර්ග අනුභවය නොව මාංශමය ආහාර අනුභවයයි.

    මෙම නිසා නිර්මාංශ ආහාර පුරුදු අනුගමනය කරන බොහොමයක් පිරිස් අතර නීරක්තිය නිරීක්ෂණය කළ හැකියි. ඔබ නිර්මාංශ ආහාර වේලක් අනුභව කරන්නෙකු නම්, හීම් නොවන යකඩ අවශෝෂණය පහසු කරවන විටමින් C අඩංගු ආහාර ද තම ආහාර වේලට එක් කර ගැනීම අනිවාර්ය වෙනවා.

    පින්නට හෝ වැස්සට තෙමුණු විට හෝ සිසිල් කළ ආහාර පාන අනුභවය මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ

    අසත්‍යයකි. සෙම්ප්‍රතිශ්‍යාව වැළ‍ඳෙන්නේ වයිරසයක් ආසාදනය වීමෙනි.

    පින්නට හෝ වැස්සට තෙමුණු විට දී හෝ අයිස්ක්‍රීම්, සිසිල් බීම වැනි ශීත කළ ආහාර පාන අනුභවය මගින් සෙම්ප්‍රතිශ්‍යාව නොවැළඳේ. රෝගය වැළඳීමට නම් රෝගකාරක වෛරසය මගින් ආසාදනය විය යුතුමය.

    කෙසේ වුව ද, ශීත කළ ආහාර පාන අනුභවය නිසා නාස් කුහරය හා කෝටරක තුළ ඇති සෙම ඉවත් වීමේ වේගය අඩු වීමෙන් අපහසුතා ඇති වීමේ ඉඩකඩ ඇත. එසේම වර්ෂා සමය තුළ ප්‍රතිශ්‍යා රෝග පැතිරීමේ වේගය ඉහළ නිසා “වැස්සට තෙමුණු විට හෙම්බිරිස්සාව වැළ‍ඳෙන්නේය” යන මතය ඇති වූවා විය හැක.

    ආර්තවය අතරතුර දී දිය නෑමෙන් රුධිරය පිටවීම ඉහළ යයි

    අසත්‍යයකි. ආර්තවය සිදුවන කාල පරිච්ඡේදය අතරතුර දී දිය නෑම හා පිටවන රුධිර පරිමාව ඉහළ යෑම අතර පිළිගත හැකි කිසිදු සාධකයක් නොමැත.

    ඔබේ හෝමෝන මට්ටම්, හා අනෙකුත් ශාරීරික සාධක මත ආර්තවය සමයේ පිටවන තරල පරිමාව තීරණය වන අතර ස්නානය කිරීම සමඟ එහි කිසිදු සම්බන්ධතාවයක් නැත. ආර්තවය සමයේ ස්නානය කර, තම සිරුර පිරිසිදුව තබාගැනීම අතවශ්‍ය වන අතර, ශාරීරික පිරිසිදුකම මද වීම නිසා ලිංගාශ්‍රිත පෙදෙස් වල ආසාදන තත්ත්වයන් පවා ඇති විය හැක.

    සුදු කෙස් ගසක් උගුල්ලා දැමූ විට ඒ අවට කෙස් ගස් ද සුදු පැහැ වේ

    අසත්‍යයකි. සුදු කෙස් ගසක් ගලවා දැමීම හා එම හේතුවෙන් අවට කෙස් ගස් ද සුදු වීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත.

    සුදු කෙස් ගස් හටගන්නේ, කෙස් ගසට වර්ණක සපයන මෙලනින් නිශ්පාදක සෛල වල මෙලනින් නිශ්පාදනය අඩාල වූ විට ය. එම නිසා සුදු කෙස් ගසක් ගලවා දැමූ විට අදාල කුහරයේ තවත් සුදු කෙස් ගසක් හටගනු ඇති අතර, අවට ඇති කළු කෙස් සුදු වීමට අදාල කෙස් ගස ගලවා දැමීම හේතු නොවේ.

    මිරිස් සහිත හෝ ‘උෂ්ණ’ ආහාරය අනුභවය මගින් මුව හා ආමාශය තුළ තුවාල හටගනී

    අසත්‍යයකි. මුව තුළ හෝ ආමාශය තුළ වණ හා තුවාල බොහොවිටම හටගන්නේ බැක්ටීරියා ආසාදන, හා මානසික පීඩා හෝ ප්‍රතිශක්තීකරණ දුර්වලතා හේතුවෙන් ආමාශය ආශ්‍රිතව හටගන්නා ඉහළ ආම්ලික තත්ත්වයන් නිසා ය.

    ‘උෂ්ණ’ යැයි සැලකෙන ආහාර මගින් මෙම තත්ත්වයන් ඇති නොකරන අතර, ‘ශීත’ යැයි සැලකෙන ආහාර මගින් මෙම තත්ත්වයන් සුව කරන්නේ ද නැත.

    අප එදිනෙදා අසන, පිළිපදින, විශ්වාස කරනා කරුණු සිය ගණනක් අතුරින් අප විසින් මේ පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ කරුණු සතක් පමණි. සමාජයේ බහුලවම පැතිරී ඇති තවත් මෙවැනි කරුණු විටින් විට මෙවැනි ලිපි මගින් සරලව පැහැදිලි කිරීමට අපි අදහස් කරමු. මේ සම්බන්ධව ඔබේ අදහස් අප හා බෙදගන්නේ නම් මෙම ලිපි මාලාව වඩාත් සාර්ථක කරගැනීමක හැකි වනු ඇති.

    හොඳනම් සලකන්න

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    +6

    ඒ වුනාට බන් තෙමුනම පටස් ගාල හෙම්බිරිස්සාව හැදෙනවනේ මටනං. බාගෙට නෑවමත් එහෙමයි. :oo:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    +6

    ඒ වුනාට බන් තෙමුනම පටස් ගාල හෙම්බිරිස්සාව හැදෙනවනේ මටනං. බාගෙට නෑවමත් එහෙමයි. :oo:

    මම හිතන්නෙ තෙමුනට පස්සෙ virus එක පැතිරීම ඉක්මන් වෙනව ඇති
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,887
    17,111
    113
    Kottawa

    මිරිස් සහිත හෝ ‘උෂ්ණ’ ආහාරය අනුභවය මගින් මුව හා ආමාශය තුළ තුවාල හටගනී

    අසත්‍යයකි. මුව තුළ හෝ ආමාශය තුළ වණ හා තුවාල බොහොවිටම හටගන්නේ බැක්ටීරියා ආසාදන, හා මානසික පීඩා හෝ ප්‍රතිශක්තීකරණ දුර්වලතා හේතුවෙන් ආමාශය ආශ්‍රිතව හටගන්නා ඉහළ ආම්ලික තත්ත්වයන් නිසා ය.

    ‘උෂ්ණ’ යැයි සැලකෙන ආහාර මගින් මෙම තත්ත්වයන් ඇති නොකරන අතර, ‘ශීත’ යැයි සැලකෙන ආහාර මගින් මෙම තත්ත්වයන් සුව කරන්නේ ද නැත.

    අප එදිනෙදා අසන, පිළිපදින, විශ්වාස කරනා කරුණු සිය ගණනක් අතුරින් අප විසින් මේ පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ කරුණු සතක් පමණි. සමාජයේ බහුලවම පැතිරී ඇති තවත් මෙවැනි කරුණු විටින් විට මෙවැනි ලිපි මගින් සරලව පැහැදිලි කිරීමට අපි අදහස් කරමු. මේ සම්බන්ධව ඔබේ අදහස් අප හා බෙදගන්නේ නම් මෙම ලිපි මාලාව වඩාත් සාර්ථක කරගැනීමක හැකි වනු ඇති.

    හොඳනම් සලකන්න


    කටේ උෂ්ණ බිබිලි දැම්මම මට නම් සාමාන්‍යෙන් දවස් 3 4 යනවා හොද වෙන්න.. හැබැයි උදේට දිය බත් වගේ හදල කෑවම ඊලග දවසේ සෑහෙන්න දුරට තුවාල අඩු වෙනවා.. අත්දැකීමෙන් කියන්නේ... :yes: :yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]විද්‍යාත්මකව කෙසේ වෙතත් තෙමුනහම, අයිස් ක්‍රීම් වැඩියෙන් කෑවහම හෙම්බිරිස්සාව හැදෙනවා. මටත් එහෙමයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිත් එක උෂ්ණාධික කෑම කෑවහමත් කටපැලෙනවා. දවස් කීපයක් දිගටම සැමන් කාල බලන්නකෝ මොකද වෙන්නේ කියල.[/FONT]
     
    [FONT=&quot]විද්‍යාත්මකව කෙසේ වෙතත් තෙමුනහම, අයිස් ක්‍රීම් වැඩියෙන් කෑවහම හෙම්බිරිස්සාව හැදෙනවා. මටත් එහෙමයි.[/FONT]
    [FONT=&quot]අනිත් එක උෂ්ණාධික කෑම කෑවහමත් කටපැලෙනවා. දවස් කීපයක් දිගටම සැමන් කාල බලන්නකෝ මොකද වෙන්නේ කියල.[/FONT]
    සුද්දගෙ රටේ දේශගුණය නිසා , කෑම වල උෂ්ණ ශීත ගුණය ස්නායු වලට දැනෙන්නෙ නෑ. මොකද බාහිර වායුගෝලයේ උෂ්ණත්වය අඩු නිසා උෂ්ණ කෑම කෑවාම ඇතිවෙන තාපය ඉක්මනින් වායුගෝලයෙන් උරා ගන්න නිසා. ඉතිං සුද්දා කියපි කෑම වල ඌෂ්ණ ශීත ගුණයක් නෑ කියලා. ඉතිං උගෙ තියරියෙන් දොස්තර ඉස්කෝලෙදි මොළ හෝදගත්තු මේ රටේ ඉන්න බත් කන හරකුත් ගිරව් වගේ කිසි කල්පනා කෙරිල්ලක් නැතුව සුද්දගෙ මන්තරේ එහෙම්මම මතුරනවා. ඇයි නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි දියුණුයි උගත් බුද්ධිමත් නේ. ඕකයි මෙතන තියෙන විපිරියාසේ :yes: