දිඹුල
Yes... A search shows
දිඹුල යන නමින්ද හැඳින්වෙනුයේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම දකුණු ආසියානු රටවල, බහුලව දකින්නට ලැබෙන අත්තික්කා ශාකය වේ. මෙම ශාකය අයත් වන්නේ Ficus නම් ශාක ගණයටය. බෝ, නුග වැනි ශාකද මෙම ගණයටම වැටේ. ඔබට හුරු පුරුදු, බෝ ගස්වල හෝ නුග ගස්වල, වෙනත් මල් හටගන්නා ගස් වල මෙන්, මල් පිපී තිබෙනු ඔබ කිසිවිටක දකින්නට නැති බව සත්‍යයකි. එහෙත් මෙම ගස්වල ගෙඩි හටගන්නා බව ඔබ නිරීක්ෂණය කර ඇත. Ficus ගණයටම අයිති, අත්තික්කා හෝ දිඹුල් ගස් වලත් එසේමය. දිඹුල් ගසට උදුම්බර යන නමකුත් යෙදෙන බව සාහිත්‍ය පොත්වල හමුවේ.
ශීත දේශගුණය හෝ මධ්‍යධරණී දේශ ගුණය පවතින රටවල Ficus ගණයටම අයිති ෆිග් (Fig) නම් ශාකයේ ඵලය රසවත් පලතුරු විශේෂයකි.