mcq එකට,
පේපරේ මුල ඉඳන් කියවගෙන ඒ ගමංම දැක්ක ගමන් කරන්න පුලුවන් ලේසි ප්‍රශ්න ටිකට කොටු කපං එන්න. දවසම ගත්තත්
කරන්න බෑ කියල හිතෙන ඒව ඒ ගමංම මාක් කරගෙන එන්න.
ඊට පස්සෙ වෙලා යන ගනං ටික කරගෙන එන්න. එක ගානකට විනාඩියකට වඩා දෙන්න එපා (මතක විදිහට, දෙන වෙලාව ප්‍රශ්න ගානින් බෙදල බලන්න එකකට කොච්චර වෙලා තියෙනවද කියල) . වෙලාව යනවනං අතහරින්න.
ඊටපස්සෙ ටිකක් අමාරු, බාගෙට හදාපු ප්‍රශ්න ටික කරගෙන එන්න, අන්තිමට විනාඩි 5ක් විතර තියල මග හැරුන ඒවට, ආනා රූනා ගැනල කොටු කපන්න කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාව වගේ උපකාරක අවස්ථා වලට යන්න.
ලොකු පේපරේ,
යාන්ත්‍ර විද්‍යාව, ද්‍රවස්ථිතිය, ප්‍රත්‍යස්ථතාව, වගේ මුලු ගාණම හදන්න පුලුවන් කියල ශුවර් ගණං ටික මුලින් කරන්න.
ආලෝකය, තාපය, ශක්තිය වගේ දෙකට දෙමාරුවට නැති ගණං ටික පස්සෙ කරන්න. (ඔය උදාහරනෙට දැම්මෙ මට ලේසි ඒව. බොට ලේසි ටික මුලින් හදන්න.)
ස්පීඩ් එක හදාගන්න පාස්පේපර්ස් කරන්න.