අත්හැරීම

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය .
    සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත .

    මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනගෙන සිටීමට මට සිදුවුවහොත්?ඉඳුරාම එය කල් නොතියා සිදුවනවාට මම කැමතිය.ඒ මක් නිසාද යත් කටුක යථාර්තයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් නොවන නිසාය .

    දිනක් එක්තරා රූපවාහිනි නාළිකාවකට පැමිණි වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ ඇඳුරුතුමා පැවසුවේ කෙනෙකුට තම දෑස් වසා ගෙන තමන් සතු සියළු දේ අතහැරී යනු සිතින් දකින්නට පුළුවන් නම් ඔහු ඒ මොහොතට හෝ “නිවන” අත් දකින බවය .මාද දිනක් එසේ කිරීමට උත්සාහ කලෙමි .මා සතු දේ අපරිමාණය .ඒ තරම් දේවල් දමා මා කෙසේ සමු දෙන්නද ? මිනිසකු ලෙස අපි අපරිමාණ තරම් වූ දේ රැස් කරමු .රණ්ඩු සරුවල් කරමු .අහස උසට බලාපොරොත්තු සහගත වෙමු .බෞද්ධ දර්ශනය බාලාංශයේ පටන් උගත්තද අපි අත් හැරීම නම්වූ හරය අවබෝධකරගෙන සිටිම්ද ? එසේ නම් සමාජයක් මේ තරම් සංකීර්ණ වන්නේ කෙසේද ?

    අප ආ අයුරු අපි නොදනිමු .යන දිනද නොදනිමු .එහෙත් ජීවත් වන නොදන්නා දින කිහිපයද අතිශය මහන්සිවී මිරිඟු පසු පස දුවන්නෙමු . ලෙඩ රෝග ,ස්වභාවික විපත් ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දේම අතරතුර අඩමින් ,සතුටු වෙමින් ඔහේ දුවන්නෙමු .සියළු දේ නැති වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුය .බෞද්ධ දර්ශනය එයයි .එහෙත් අවංකවම මට මරණය තව දින කිහිපයකින් බව දැනුනහොත් ඉතා අධික දුකක් හා පසු තැවීමක් හිතට එනු නොඅනුමානය.ඒ අතහැර යාමට ඇති බිය නිසාය.
    මගේ ලෙයින් ඉපදුණු දරුවන්,මා මළපසු බිරිඳ,දරුවන්,දෙමව්පියන් ජීවත් වන්නේ කෙසේද ?

    අත්හැරීම නම් වූ දෙය එතරම්ම දුෂ්කරය.අප එකිනෙකාට අත් හැරීමට අපහසුම දේ ඇසුවහොත් සිතා ගැනීමටවත් නොහැකි ලැයිස්තුවක් ඇත .සසර යනු ඉතාම භයානක දෙයක් බව මා අසා ඇත .ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත .දුක, සතුට ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දෙයම එසේමය . මගේ දිනය හෙට විය හැකිය තව වසර කීපයකින් විය හැකිය .මා එතෙක් අත්හැරීම හැකි උපරිමයෙන් ප්‍රගුණ කල යුතුය .ඒ මා පොළව යට මා රැස්කළ කිසිවක්ම නැතුව යටවන දිනය මට නොදන්වා ලංව එන බැවිනි .


    දැන් ඔහේ ඔය දේවල් අල්ලන් ඉන්නේ ඇයී?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    "තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ

    විමුක්තිය පතා - තණ්හාව නසා

    නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.

    එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්

    ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්

    තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින

    ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන?

    එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.

    බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප?

    ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා

    කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද?

    නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු

    එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?

    ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද?

    නො එසේ නම් එය - සිත නැති කය නැති

    කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි

    මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක්

    ගත කර නිහඬව - පැවසීය මෙසේ

    “ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”

    එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ

    පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු

    බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා

    එහි සිටි සෙසු - දන සැම අමතාලා

    දෙසූහ මේ - සුළු කතාව උපමා.



    දවසක් මම ගෙයක් දුටිමි

    එය ගින්නට හසුව තිබුණි

    රත් පැහැ ගත් ගිනි ජාලා

    එහි පියසෙන් උසට නැගුණි

    ගේ තුළ මම දනන් දුටිමි

    දොර හැර ඔවුනට හඬගා

    පිටවෙන්නැයි මම කීවෙමි

    එහෙත් එදන සැලුණේ නැත

    හදිසි බවක් පෙන්වුවෙ නැත

    එක් අයෙකුගෙ රැවුල පවා

    පිළිස්සෙද්දි ඔහු ඇසුවේ

    ගෙයින් පිටත මීට හොඳද?

    වැසි වසීද? සුළං තදද?

    දැවෙන නිවස දමා ගොසින්

    ඉන්නගෙයක් තිබෙනවාද?

    මෙවැනි ප්‍රශ්න රාශියක්ය.

    මම පිළිතුරු නොදී ඔහුට

    නැවතවරක් වුනෙමි නිහඬ

    මට සිතුණා මේ දරුවා

    නගන ප්‍රශ්න නවත්වන්නෙ

    ගින්නෙන් නැසුනාම කියා

    සත්තකින්ම ප්‍රිය දරුවෙනි,

    යම් මිනිසකු පොළෝතලේ

    තැබූ දෙපා දැවෙන තුරා

    වෙන තැනකට නොයාවි නම්

    ඒ දනහට සරණ වෙන්න

    බණක් නැතිය මට කියන්න

    එලෙසයි අප හිමි ගෞතම

    පිළිතුරු දුන්නේ පෙර කල


    කෙසේද? මේ දෙය

    කෙසේද? අර දෙය

    කුමක් වේද? මා රැස් කළ ගිණුමට

    මා සතු අගනා පණ මෙන් රකිනා

    අක්කර පනහේ කුමක්ද ඉරණම?

    යනුවෙන් පෙරළා අසන දනන්හට

    තොපට දෙසන්නට අපට බණක් නැත."



    ලොව ප්‍රකට නාට්‍යකරුවක වන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත කවියකි.

    සිංහලට පරිවර්තනය මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා.
     
    Last edited:
    • Like
    Reactions: S.E.R.E.N.A