අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා
රටේ ජනාධිපති පදවියට සුදුස්සා තෝරන්නේ යැයි කියමින් මත විමසුමක් අන්තර්ජාලය හරහා මේ දිනවල ක්‍රියාත්මක වේ. මේ වන විට එමගින් වැඩිම චන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් “ෆේස්බුක් ජනාධිපති” ධූරයට පත්වී ඇත්තේ මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක මහතායි.
සාමාන්‍යය මැතිවරණයකදී ප්‍රචාරණ කටයුතු සිදු කිරීම අමුත්තක් නොවුනත් මේ ෆේස්බුක් ජනාධිපති ධූරය සඳහාද අනුර කුමාර දිසානායක මහතා පවත්වාගෙන යන නිල ෆේස්බුක් සහෘද පිටුව හරහා ප්‍රචාරණ කටයුතු සිදු කරමින් තිබෙන අයුරු අපට නිරීක්ෂණය විය.විප්ලවාවාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක නායකත්වය මෙලෙස ප්‍රාථමික ක්‍රියාමාර්ගවල නිරතවීම මීට පෙර දක්නට නොතිබූ ප්රවණතාවයකි.විසේෂයෙන් සොමවංශ අමරසිංහ මහතා නායකත්වය දරන සමයේ ඔහු යම්කිසි පරිණත ආකාරයකින් කටයුතු කල අයුරු ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කරුණකි.
මෙවැනිම සිදුවීමක් 2005 ජනාධිපතිවටණ සමයේ සිදු වූ අතර හිදී එස් SMS ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා තේරිණ.නමුත් එදා අනුර කුමාර දිසානායක මහතාද එම ක්‍රියාමාර්ගය රනිල් වික්‍රමසිංහ මහතාගේ බොළඳ ක්‍රියාවක් ලෙස උපහාසයට ලක් කලේය.
අනුර කුමාර දිසානායක මහතා නායකත්වයට පත් වූ පසු බොහෝ දුරට මේ අන්තර්ජාලය හා ෆේස්බුක් ආදී සමාජ ජාලා වල සිටින ළමා හා තරුණ කොටස් ඉලක්ක කරගනිමින් ප්‍රචාරණ කටයුතු වල නිරතවීම පහසුවෙන් නිරීක්ෂනය කල හැකි කරුණකි.
‘ෆේස්බුක් ජනාධිපති’ ධූරය අනුර කුමාර දිසානායක දැරුවත් සැබෑ මැතිවරණ ප්‍රතිඵල වලීන් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය අභිබවා යාමේ බරපතල ගැටලුවකට ජනතා විමුක්ති පෙරමුණ මුහුන දී ඇති බවද විසේෂයෙන් සරත් ෆොන්සේකා මහතට වැඩි ආකර්ෂණයක් ඇති නාගරික තරුණ කොටස් වල චන්ද තමන් වෙත දිනාගැනීමේ උත්සාහයක් ලෙස මෙම ෆේස්බුක් චන්ද ව්‍යාපාරය හැඳින්විය හැකි බව එහි අභ්‍යන්තර තොරතුරු සනාථ කරයි.
ඒ සමගම ‘ෆේස්බුක් චන්ද දායකයන්’ හමුවන රැස්වීමක් සඳහා අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටී. මැදපෙරදිග කලාපය පුරාම අරාබි රටවල් අස්ථාවර කිරීමේ බටහිර මෙහෙයුම් ආරම්භ වූයේ අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලා ඔස්සේය යන්න බොහො දෙනා විස්වාස කරන කරුණකි. ඒ සඳහා අධිරාජ්‍යවාදී රටවල් එම රටවල විසේෂ වැඩමුළු ආදියද පවත්වා තරුණ කොටස් ආමන්ත්‍රණය කර තිබූ අයුරු පසුව සනාථ විය.
- විශේෂ ලියුම්කරුවකු විසිනි….
source lankacnews