අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

    රටේ ජනාධිපති පදවියට සුදුස්සා තෝරන්නේ යැයි කියමින් මත විමසුමක් අන්තර්ජාලය හරහා මේ දිනවල ක්‍රියාත්මක වේ. මේ වන විට එමගින් වැඩිම චන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් “ෆේස්බුක් ජනාධිපති” ධූරයට පත්වී ඇත්තේ මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක මහතායි.

    සාමාන්‍යය මැතිවරණයකදී ප්‍රචාරණ කටයුතු සිදු කිරීම අමුත්තක් නොවුනත් මේ ෆේස්බුක් ජනාධිපති ධූරය සඳහාද අනුර කුමාර දිසානායක මහතා පවත්වාගෙන යන නිල ෆේස්බුක් සහෘද පිටුව හරහා ප්‍රචාරණ කටයුතු සිදු කරමින් තිබෙන අයුරු අපට නිරීක්ෂණය විය.විප්ලවාවාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක නායකත්වය මෙලෙස ප්‍රාථමික ක්‍රියාමාර්ගවල නිරතවීම මීට පෙර දක්නට නොතිබූ ප්‍රවණතාවයකි.විසේෂයෙන් සොමවංශ අමරසිංහ මහතා නායකත්වය දරන සමයේ ඔහු යම්කිසි පරිණත ආකාරයකින් කටයුතු කල අයුරු ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කරුණකි.

    මෙවැනිම සිදුවීමක් 2005 ජනාධිපතිවටණ සමයේ සිදු වූ අතර හිදී එස් SMS ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා තේරිණ.නමුත් එදා අනුර කුමාර දිසානායක මහතාද එම ක්‍රියාමාර්ගය රනිල් වික්‍රමසිංහ මහතාගේ බොළඳ ක්‍රියාවක් ලෙස උපහාසයට ලක් කලේය.

    අනුර කුමාර දිසානායක මහතා නායකත්වයට පත් වූ පසු බොහෝ දුරට මේ අන්තර්ජාලය හා ෆේස්බුක් ආදී සමාජ ජාලා වල සිටින ළමා හා තරුණ කොටස් ඉලක්ක කරගනිමින් ප්‍රචාරණ කටයුතු වල නිරතවීම පහසුවෙන් නිරීක්ෂනය කල හැකි කරුණකි.

    ‘ෆේස්බුක් ජනාධිපති’ ධූරය අනුර කුමාර දිසානායක දැරුවත් සැබෑ මැතිවරණ ප්‍රතිඵල වලීන් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය අභිබවා යාමේ බරපතල ගැටලුවකට ජනතා විමුක්ති පෙරමුණ මුහුන දී ඇති බවද විසේෂයෙන් සරත් ෆොන්සේකා මහතට වැඩි ආකර්ෂණයක් ඇති නාගරික තරුණ කොටස් වල චන්ද තමන් වෙත දිනාගැනීමේ උත්සාහයක් ලෙස මෙම ෆේස්බුක් චන්ද ව්‍යාපාරය හැඳින්විය හැකි බව එහි අභ්‍යන්තර තොරතුරු සනාථ කරයි.

    ඒ සමගම ‘ෆේස්බුක් චන්ද දායකයන්’ හමුවන රැස්වීමක් සඳහා අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටී. මැදපෙරදිග කලාපය පුරාම අරාබි රටවල් අස්ථාවර කිරීමේ බටහිර මෙහෙයුම් ආරම්භ වූයේ අන්තර්ජාලය හා ෆේස්බුක් වැනි සමාජ ජාලා ඔස්සේය යන්න බොහො දෙනා විස්වාස කරන කරුණකි. ඒ සඳහා අධිරාජ්‍යවාදී රටවල් එම රටවල විසේෂ වැඩමුළු ආදියද පවත්වා තරුණ කොටස් ආමන්ත්‍රණය කර තිබූ අයුරු පසුව සනාථ විය.

    - විශේෂ ලියුම්කරුවකු විසිනි….
    source lankacnews

    :rofl::rofl::rofl::lol::shocked:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ෆෙස්බුක් හරහා බලපැමක් කරන්න පුලුවන් මදය්ම ප්‍රාන්තිකයන්ට
     
    • Like
    Reactions: nvhcc89

    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ඕක විකාරයක් වගේ පේන්නෙ මෝඩ බයියොන්ට ඉස්සරහට ඕවා තමයි සිවිල් ජනතාවට වැඩියෙන්ම බලපෑම් කරන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    "විප්ලවාවාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක නායකත්වය මෙලෙස ප්‍රාථමික ක්‍රියාමාර්ගවල නිරතවීම මීට පෙර දක්නට නොතිබූ ප්‍රවණතාවයකි"

    ayi aluth thakshanaya JVP ekata hariyanne naha kiyanne kawuda? kohomath anduwe kakkussi hodana ewun nah fb ekata pattama tharahayi........kattiya tikak bayawela kiyalanam penawa......:lol::lol::lol:

    මමනම් කියන්නෙ උබලා වගෙ කවියන්ට වැඩි අවස්තාවක් දෙන්න ඔන පක්ශෙ මොකද උබලට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැනෙ උබ කොහොමත් පාරෙ කවි කියන එකානෙ:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මමනම් කියන්නෙ උබලා වගෙ කවියන්ට වැඩි අවස්තාවක් දෙන්න ඔන පක්ශෙ මොකද උබලට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැහැනෙ උබ කොහොමත් පාරෙ කවි කියන එකානෙ:)

    ow ban .....pare kavi kiyanawa ....ubalawage hamotama salli karayo wenna bahane ban....api ithin dadiya kadulu wagurana minissune....ubalage hinawata lak wena:(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ow ban .....pare kavi kiyanawa ....ubalawage hamotama salli karayo wenna bahane ban....api ithin dadiya kadulu wagurana minissune....ubalage hinawata lak wena:(:(:(
    නැහැ නැහැ මම කිවුවෙ උබලා දන්නවා සමාන්‍ය් මනුස්සයගෙ හිතට කතා කරන විදිය එක ගැන කිවුවෙ:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නැහැ නැහැ මම කිවුවෙ උබලා දන්නවා සමාන්‍ය් මනුස්සයගෙ හිතට කතා කරන විදිය එක ගැන කිවුවෙ:)

    kohomath nathi bari ekek elakiri awahama hina wena eka ubalage puruddane....apita owa huruyi machan.....api dannawa his athin ipadila his athin marila yanawa kiyala.....:(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    kohomath nathi bari ekek elakiri awahama hina wena eka ubalage puruddane....apita owa huruyi machan.....api dannawa his athin ipadila his athin marila yanawa kiyala.....:(:(:(
    අනෙහ් මෙහ් නිකන් හිටන්:lol::lol: අසරණ සරණ පාට් නොදා:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනෙහ් මෙහ් නිකන් හිටන්:lol::lol: අසරණ සරණ පාට් නොදා:angry::angry:

    අත මිට යහමින් ඇති අය සත් මහලේ ......වැජබෙනවා
    උඩට උඩුවියන් බැදලා පයට පාවඩත් ...........එලනවා
    හැම් බේකන් චීස් පුඩින් අතිරික්තය කුණු ........වෙනවා
    අසරණ අපි වගේ උදවිය ලුණු ඉහගෙන බත් .....කනවා
    :(:(:(:(
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    FB එකෙන් promotion කරට කමක් නෑ... technology තියෙන්නේ use කරන්න තමා... poster ගහල පරිසරේ කන්නේ නැතුව....

    මේක සම්පුර්ණ ඉරිසියාව....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අමන කුමර දිසානායක පව් අප්ප,fb හරි හොර චන්දෙන් ජනාධ්පති වෙච්චාවෙ. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    විසේෂයෙන් සොමවංශ අමරසිංහ මහතා නායකත්වය දරන සමයේ ඔහු යම්කිසි පරිණත ආකාරයකින් කටයුතු කල අයුරු ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කරුණකි.

    මෙන්න යකෝ එකපාරටම හිටපු නායකයා හොඳ වෙලා....
    කන්න ඕනේ වුනාම කබර ගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි මචන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විසේෂයෙන් සොමවංශ අමරසිංහ මහතා නායකත්වය දරන සමයේ ඔහු යම්කිසි පරිණත ආකාරයකින් කටයුතු කල අයුරු ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කරුණකි.

    මෙන්න යකෝ එකපාරටම හිටපු නායකයා හොඳ වෙලා....
    කන්න ඕනේ වුනාම කබර ගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි මචන්
    ඉතින් ඇත්තනෙ බන් සොමවන්ස fb එකෙන් ජනාධිපති වෙන්ඩ ගියෙ නැනෙ.:lol::P