අතිශයින්ම_කාන්තාවන්ට_පමණයි

Jun 30, 2014
160
99
0
අතිශයින්ම_කාන්තාවන්ට_පමණයි

ලංකාවේ ගැහැණුන්ගෙන් සියයට 90ක් බ්‍රෙසියර් අඳින්නේ වැරදියට - බ්‍රෙසියරය හරියට අඳින හැටි ලිපි පෙළ . බ්‍රා එක ගැන කෝටියක් විස්තර. මෙය උපුටා ගත්තේ මෙතනින්. හැබයි සලකන්න වෙයි මට. මොකද මේක කොපි පේස්ට් කරනවා කියන්නෙත් සෙල්ලම් වැඩක් නොවෙයි.

bra-history.jpg


ලෝකයේ තවමත් ගොත්‍රික සංස්කෘතීක යුගයන් පසුකරන ඇතැම් ජන කණ්ඩායම්හී කාන්තාවන් හැර අන් සෑම සමාජයකම කාන්තාවන්ට බ්‍රෙසියරය යන්න අලුත් ඇඳුමක් නොවේ. ලමිස්සියක නැතිනම් ගැටිස්සියක වන විට බ්‍රෙසියරය සිය ඇඳුම් පැළඳුම් ගොන්නට එකතුකර ගැනීම සෑම ගැහණු ළමයෙකුගේම අත් දැකීමක්නේ.

එහෙත් ඒ පළමුවරට ඇන්ද දා සිට සිය මරණ මංචකය තෙක් ඇඳගෙන සිටියත් මේ අති බහුතරය බ්‍රෙසියරයක් අඳින්නේ කොහොමද කියන කාරනය මැරෙනකම්ම දැනගෙන්න ඉඳලා නෑ කිව්වොත් ඒ පුදුමයට කාරනයක් වේවී. ඔව් කවුරුවත් පිළි ගන්න එකක් නෑ. ඒත් ඇත්ත කතාව නම් අපේ රට අනුව නම් බ්‍රෙසියරය අදින්න දන්න නැති ප්‍රතිශතය සියයට 90 ක තරම් විය හැකියි. නෑ සමහර විට ඊටත් ඉහළ වෙන්න පුලුවන්.



ඉහළ සංවර්ධනයක් ඇති රටක් වන ඕස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් සොයාගෙන තියෙනව එරට කාන්තාවන්ගෙන් සියයට 80 ක් 85ක් පමණ පිරිසක් බ්‍රෙසියරය අඳින්නෙ වැරදියට කියලා.



හරි. මිරර්ගර්ල්, අපි පොඩි උත්සාහයක් ගත්ත හරියට බ්‍රෙසියරය අඳින්නේ කොහොමද කියන එක ගැන දන්න කියන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ තමන්ට ගැලපෙන හරියටම හරියන පහසු බ්‍රෙසියරයක් ‍තෝරගැනීමත් ඒ නිවැරදිව ඇඳීම ගැනත් තොරතුරු ටිකක් ඉදිරි පත් කරන්න. ඊට ඉස්සෙල්ල මේ බ්‍රෙසියරයේ ඉතිහාස කතාව දැනගෙන ඉඳිමු.

bra-history-1.jpg



බ්‍රෙසියරයක් හෝ බ්‍රා එකක් ලෙසින් පොදුවේ හැඳින්වෙන තනපටක් යනු ඇයගේ පයෝධර නැත්නම් දෙතන සඳහා ආධාරකයක් වන කාන්තා යට ඇඳුමකි. තනපට සාමාන්‍යයෙන් රූපාකාරයට-අනුසීහුම්-වන බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර විලාසිතාමය ඇඳුමක් බවටද පත්වී ඇත.



කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර වස්ත්‍ර සච් චාරිත්‍රයක් වැනි සාමාජීය ධර්මතාවන්ට අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයට නිසා විය හැක.

තනපට විසින් පයෝධර එල්ලා වැටීම වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි.


සත්‍ය වශයෙන්ම කාන්තාවක් වයස්ගත වත්ම ස්වභාවික වශයෙන් පයෝධර එල්ලා වැටෙන අතර එය රඳා පවතිනුයේ ඇයගේ පියයුරු වල ප්‍රමාණය සහ අනෙකුත් කරුණු මතය.

තනපටක් ඇඳීම නිසා ආධාරක බන්ධනියන් දුර්වල වන බැවින්, එය සත්‍ය වශයෙන් පයෝධර එල්ලා වැටීම කෙරෙහි දායකත්වයක් සපයන බවට සාක්ෂි ඇතැම් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.විශේෂයෙන්ම තනපට නො අඳින්න සමාජවල තරුණ කාන්තාවන්ගේ පයෝධර වඩාත් සුන්දර බවට පිළි ගැනීමකුත් තිබේ.

bra-history--5.jpg


කොහොම හරි අතීතයේ කාන්තාවන් තනපට අඳිනු නොලැබූ අතර කාලයක් තිස්සේ කෙරෙන සමාජ භාවිතාවන් වල වෙනස් වීම් මත තනපට ඇඳීමට කාන්තාවන් පෙළැඹුණි. ශ්‍රී ලංකාවේද ඉතා මෑතක් වන තුරුම තනපට නො ඇඳි ග්‍රාමීය ජන කොටස් දකින්නට ලැබුණි. නගරයේ සම්බන්ධතාවලින් බොහෝ දුරස් වූ මහනුවරට ආසන්න ගම් ප්‍රදේශයක කාන්තාවන් උඩු කය පවා නිරාවරණව සිටිනු මීට දශක දෙකකට පෙරත් දකින්නට පුලුවන් විය.



කෙසේ හෝ පසුකාලීනව තමන්ගේ වැඩුණු පියයුරු වලට ආධාරකයක් වශයෙන් එසේ අඳිනු ලැබූ තනපට පසුකාලීනව මෝස්තර විලාසිතාවක් ලෙස කා අතරත් ජනප්‍රිය වූවකි.



අතීතයේ තනපට සඳහා නියම කෙරුණු නිශ්චිත ප්‍රමාණය තිබුණ අතර භාවිතාව වැඩිවත්ම එක් එක් ප්‍රමාණයන්ගෙන් එය නිෂ්පාදනය කළේය.



තනපට විලසිතාවක් ලෙස බාරගත් කාන්තාවන් උඩුකයට තනපටය විතරක් පැළැඳි බවද පත පොතෙහි සඳහන්ය.
අපේ සීගිරි අප්සරාවන්ද තනපට විලාසිතාවක් කර ගත්තු හැඩයක් තමයි තියෙන්නේ..



කොහොම හරි නූතන තනපට ප්‍රථම වරට පියයුරු සහායකයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දදේ ග්‍රීසීයේය. එය වූල් සහ කොට්න් වලින් නිෂ්පාදනය කොට ඇත. මෙම තනපට කාන්තා ශරීරයේ හැඩය ඉස්මතු කරලීම සඳහාම පසුකාලීනව නිපැයුණු බව පත පොතහි සඳහන් වේ.



අතීතයේ ප්‍රංශ හමුදාව තම පපු ප්‍රද්ශයේ ආරක්ෂාවට පළදිනු ලැබූ පැලඳුමද "arm protector" ලෙසින් හඳුන්වා ඇති අතර තනපටද "arm protector" ලෙසින් හඳුන්වා තිබේ. ජන සමාජ භාවිතාවන් වර්ධනය වීමත් සමග හමුදාව විසින් ආරක්ෂාවට පැළදූ පැළදුම military breast plate ලෙසත් තනපට woman's corset ලෙසත් හඳුන්වා තිබේ.

bra-history--8.jpg


කෙසේ වෙතත් නූතනයේ විවිධ සමාජයන් රටවල් සංස්කෘතීන් එක්ක ගැට ගැහුණු හේතුන් මත මෙන්ම සෞඛ්‍ය හේතූන් මතද තනපට භාවිතා කරන්නේ නැත. පයෝධර තදවන පරිදි ඇඳුම් ඇඳීම සෞඛ්‍යයට හොද නැති බව ඔවුන්ගේ අදහස වුවත් ආසියාතික රටවල් හි තනපට ඇඳීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සැළකේ.



තනපට සඳහා වූ පළමු පේටන්ට් බලපත්‍රය නිකුත් කොට ඇත්තේ 1930 දී Mary Phelps Jacob සඳහාය.මේ වන විට නානා ප්‍රකාර වෙළඳ නාමයන්ගෙන් විවිධ ගුණාත්මක භාවයන්ගෙන් යුතු බ්‍රෙසියර වර්ග ලෝකය පුරා නිශ්පාදනය කරයි.

කෙසේ වෙතත් ලංකාවේ ද විවිධ වූ තනපට වර්ග වෙළඳ පොලේ ඇතත් ට්‍රම්ෆ් වෙළඳ නාමය ජනප්‍රියම එක විය හැකිය.


නූතන බ්‍රෙසියරයට වසර සිය ගනනක ඉතිහාසයක් තිබුණද තව්මන් ලෝකයේ බහුතරයක් කාන්තාවන් බ්‍රසියරය ‍තෝර ගැනිමේ සිට එය ඇඳීම දක්වා බරපතල වැරදි කරමින් සිටී.. ඉතින් මීළඟ ලිපියේ සිට තමන්ට ගැලපෙන බ්‍රෙසියරයක් ‍තෝර ගන්නා ආකාරය හා එය නිවැරදිව අඳින ආකාරය ගැන කතා කරමු..

 
Last edited:
Jun 30, 2014
160
99
0
bra-history--6.jpg





bra-fit-450-151113.jpg


ඉතිං බ්‍රෙසියරයේ ඉතිහාස ගත කතන්දර කිහිපයක් අපි පසුගියදා ඉදිරිපත් කළා.. අද අපි හිතුවා නිවැරදි ලෙස බ්‍රෙසියරය අඳින හැටි කතා කරන්න පෙර නූතන බ්‍රෙසියරයේ අංගෝපාංග ගැන ටිකක් කතා කරන්න. මොකද මේ අංගෝපාංගවලින් කරන කියන දෑ දැන ගන් නැතුව තමන්ට ගැලපෙන බ්‍රෙසියරය ‍තෝර ගැනීමත් සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

අනෙක් කාරණය බ්‍රෙසියරය නැතිනම් තනපට කියන්නේ නිකම්ම පයෝදර වහගන්න තියෙන ඇඳුමක් විතරක් නොවෙන හින්දා..

හැබැයි ඉතින් බ්‍රෙසියරය වෙළඳ පොලට නිකුත් වූ මුල් කාලයේ ඇතැම් කාන්තාවන් එය පමණක් හැඳ වීදි දිගේ ගමන් කළ බවත් පසුව තනපටය යන්න යට ඇඳුමක් ලෙස ඔවුන් හඳුනාගත් පසුව එය යට ඇඳුමක් ලෙස භාවිතා කර ඇති බවද සඳහන් වෙයි.

මුල් යුගයේ එය කළු සුදු වර්ණ දෙකකින් පමණක් යුතු වූ බවද තනපට ඉතිහාසයේ සඳහන්.

bra-fit-450-151113.-1.jpg


එහෙත් අද වෙනකොට තනපට යනු කාන්තාවන්ගේ තිබෙන ආකර්ශනීයම පැළදුමයි කියල කිව්වට වැරද්දක් නෑ. කාන්තාවක තනපටත් එක්ක දකින්න කිසිම පිරිමියෙකු අකමැතිවෙන එකකුත් නෑ. මොන මොන සංස්කෘතික බැමිවලින් ආසාවන් බැඳිල තිබුණත් හොරෙන් හරි බලනවාමයි..

ඉතින් තනපට කියන ඇඳුම විලාසිතාවක් වශයෙන් විශේෂයෙන්ම අවිවාහක කාන්තාවන් අතරෙයි ඉතා ජනප්‍රිය. විවාහයෙන් පස්සේ තමන්ගේ ශරීරයේ අංගෝපාංග ගැන එතරම් තැකීමක් කාන්තාවන් කරන්නේ නෑනේ. හරි කොහොම ඇන්දත් තනපටක අංගෝපාංග මොනවද කියන එක හරියටම දැන ගෙන තිබීම හොඳයිනේ..


අපි දැන් තනපටයේ ඇති විවිධාකර අංග උපංග පිලිබඳ සාකච්ඡා කරමු.


බ්‍රෙසියර යනු කාන්තා ශරීරයේ ආධාරකයක් ලෙස සැලකෙනවා. සාමාන්‍ය වශයෙන් එය වර්තමානය වන විට fashion item එකක් බවට පරිණාමය වී ඇතත් එයින් කෙරෙන සුවිශේෂී කාර්යයනම් එය පළදින්නාගේ පියයුරු වඩාත් සුව පහසු ආකාරයෙන් රඳවා තබා ගැනීමය.

bra-fit--Anatomy-of-a-bra.jpg


මේ සුව පහසුව අරඹයා ඇඳුම් නිර්මාණ ශිල්පීන් කාලාන්තරයක් තිස්සේ කරන ලද පර්යේෂණ අත් හද බැලීම් වලින් පසුව මේ වන විට නිර්මාණය වී ඇති නිර්මාණශිලී සහ තාක්ෂනයෙන් අනුන බ්‍රෙසියරයේ විවිධ කොටස් ගනනාවක් බිහිව ඇත්තත් තවමත් එහි ප්‍රාථමික සැකිල්ලේ පොදු අංග ලක්ෂණ ගනනාවක් එහෙම්මම තියෙනු දකින්නට පුලුවන්.

විවධාකාර කොටස්


Cup

කප් දෙක යනු සාමාන්‍යයෙන් පියයුරු ආවර්ණය වන හෝ ඔසවා ගෙන සිටින රෙදි වලින් නිපැයුනු කොටස් දෙකකි. කප් තනි රෙද්දදෙන් නිමවා ඇති අතර එය කොටස් දෙකකින් සමන්විතයයි. මෙමගින් පියයුරු කුඩාවට හෝ කුඩා පියයුරු ලොකු කර හෝ ඉතා අලංකාර ලෙස පිටතට පෙන්වයි. මෙමගින් වාසි සහ අවාසි දෙකම සිදුවේ.

Apex

මෙය කප් වලට ඔසවා තබන පටි සම්බන්ධ කරන ස්ථානයයි. ඇතැම් තනපට වල මේ සඳහා කුඩා මුදුවක් තිබේ.

Strap


මෙය උරහිස් මතින් ගොස් පිටුපසට වන ඉලාස්ටික් සහිත රෙද්දට (band ) සවිවන පටියයි. මෙවැනි පටි දෙකකින් තනපටය සකස් වී ඇත. (වත්මනේ පටි රහිත තනපටත් වෙළඳ පොලේ ඇති අතර තනි පටි සහිත තනපටද ඇත. ඒවා ගැන පස්සේ කියන්නම්.)


Adjuster

මෙය කුඩා මුදුවකින් යුක්තය. එමගින් අප ඉහත පෙන්වා දුන් පටිවල දිග අඩු වැඩි කළ හැකිය.

Wing

විශාල පියයුරු සහිත කාන්තාවන්ට මෙමගින් සෙත සැළසේ. කිහිලි දෙපැත්තෙන් පියයුරු එළියට ඒමට නොදී මනා පෙනුමක් ගෙන දෙන ඇඳෙන සුළු රෙදි කොටසකි.

bra-fit-450-151113_2.jpg


Hook and Eye

බඳ වටා යන ඇඳෙන සුළු රෙදි පටිය(band) එක මනාව පිටට තද වන සේ සම්බන්ධ කරන කොකු වේ. (සාමාන්‍ය ව්‍යවහාරයේ එය හක් ලෙස හැඳන්වේ.)


Center front gore


මෙය කප් දෙක සවිකරන ආධාරකයක් ලෙස සැළකිය හැක. පපු ප්‍රදේශයට එය මනාව තද වන සේ රඳවා තබන්නේ එමගිනි.


Ring/Slider

මෙය තනපටයේ පටි උස් පහත් කරන කුඩා මුදුවයි.


Cradle

මෙමගින් පටි සහ කප් මගින් පියයුරු වලට වන අපහසුතාවය නැති කරයි. සුව පහසුතාවයක් ගෙනදෙන කොටසයි.


Band


තනපටයේ පදනම එය වේ. ඉලඇට කූඩුව වටේට ගිහින් ශරීරයට මනාව සිටින සේ එය නිපවා තිබේ. එය තනපටයේ සුවිශේෂි කොටසක් ලෙස සැලකේ. එය පියයුරු රඳවා තැබීමට 75% ක් 90% අතර ප්‍රමාණයක දායකත්වය හිමිවෙයි.

bra-fit-450-151113_3.jpg


මන්ද පියයුරු නියමාකාරයෙන් රඳවා තැබෙන්නේ එමගිනි. කප් වලට පහලින් බඳ වටේ ගොස් පිටුපසින් රැඳවා තැබිය හැකි කොකු වලින් සමන්විතවේ. බොහෝ විට මෙය ඇදෙන සුළු ඉලාස්ටික් පටියකින් එය යුක්ත වේ.


මෙම කොටස් හා තමන්ගේ පියයුරු අතර සම්බන්ධ නිවැරදිව තබා ගැනීමට නොහැකිවුව හොත් වන්නේ මේව ඇන්දට වැඩිය හොඳයි නිකම් හිටියනම් කියල හිතෙන එක. මොකද තමගේ පියයුරු ප්‍රමාණයට හැඩයට ගැලපෙන වඩාත් පහසු බ්‍රෙසියරය නොලැබුණොත් ඒ පැළඳගෙන සිටීම ඉතා අපහසු කරුණක් වේවී.

සුව පහසු බ්‍රෙසියරයක් ‍තෝර ගන්න හැටි ඊළඟට කතා කරමු එතකම් මේ විඩියෝව බලන්න..



 
Jun 30, 2014
160
99
0

bra-two-girl.jpg


ගැහැණු දැරිවියක් ටිකෙන් ටික උස් මහත් වෙද්දි ඇයට පට බැඳෙන නමක් තමයි ගැටිස්සිය ළමිස්සිය කියන්නේ. ළමිස්සිය කියන්නේ ලැම ඉස්සුනු තැනැත්තිය කියලත් ජනවහරෙදි කියවෙනවා.

ඉතින් අන්න ඒ විදිහට ගැහැණු දැරිවියක් ලමිස්සියක් බවට පත් වද්දි ඇයට නැතුවම බැරි ඇඳුමක් තමයි තනපටය. එහෙමත් ඉතින් මෙතන තියෙන්නෙ දහයයි. ඉතිරි 25නැතිනම් Bra එක කියන්නේ.

කෙල්ලකුගේ ලස්සන වැඩි කරවන්න හෝ තියෙන ලස්සන නැති කරවන්නත් මේ පියයුරු වලට පුළුවන්. ඒ වගේම පියයුරු ආධාරකය වන තනපට වලටත් පුළුවන්.

ඇතැම් රටවල සංස්කෘතිය අනුව සෞඛ්‍ය විද්‍යාත්තමක මති මතාන්තර අනුව ඇතැම්හු තනපට අඳිනවා. තවත් සමහරු අඳින්නැතුව ඉන්නවා.

කොහොම වුනත් මේ පයෝධර, පියයුරු සාහිත්‍යධරයන්ට කවියන්ට කවියෝ වුණ හාමුදුරු ගොල්ලන්ටත් පේනන්ම බැරි දෙයක් වෙලා තිබුණා. මොන වර්ණනාව කළත් කොතැන හරි ගැහැණියකගේ පයෝධර ගැන ලියවිලා ඇති.

ඉතින් එදා කවි ලියවෙන්න තරම් කාන්තාවන්ට ලස්සන පියයුරු තිබුණා. හැබැයි අද වගේ නවීන පන්නයේ තනපට වර්ග තිබුණෙනම් නැහැ. ඇන්දේ ඒ අද එකම වර්ගයක්. අද අපි ආච්චි බොඩිය කියන එකම විතරයි.

අද විලාසිතාවන්ට, අවශ්‍යතාවයට හා ශරීරයේ සුව පහසුව ගැන වැඩිපුර හිතල ඒ වගේම අවස්ථාවට ගැලපෙන්න නිර්මාණය කළ විවිධ Bra වර්ග 35ක්ම තියෙනවා.

අපි අපේ පළමු ලිපි 2 තුළින් කතා කළානේ තනපටයේ ඉතිහාසය සහ තනපටයේ අංග ගැනත්.

හරියට Bra එකක් අඳින හැටි ඉගෙන ගන්න කලින් Bra වර්ග හඳුනගෙන ඉඳිමු.

Front fastening bras(ෆන්ට් ෆාස්ට්නින්ග් බ්‍රා)

BraPhoto1.jpg


දැන් ඉතින් අත් උලුක් කරන් පිට පිටිපස්සෙන් කොකු දාන්න ඕන නැහැ. පියයුරු මැදි කර Bra එකේ hooks එහෙමත් නැතිනම් කොකු දමාගත හැකියි. මෙය වඩාත් සුව පහසු Bra වර්ගයක් කියලා මතයි කියන්නේ. මෙය පටි සහිතව වගේම රහිතවත් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමන් කැමැති විවිධ පාට වර්ග වලින් , ප්‍රමාණයන්ගෙන් තෝරා බේරා ගන්නත් පුලුවන්. විශේෂයෙන්ම සවස් කාලයේ ඇඳීමට සුදුසු වන අයුරින් නිෂ්පාදනය කරලා තියෙනවා.

Nursing Bra (නර්සින් බ්‍රා)

BraPhoto2.jpg


මෙය විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන් වෙනුවෙන්ම නිපදවූවක්. තන පුඩුව ප්‍රදේශය පමණක් එනම් ඉදිරිපසින් විවෘත කල හැකි බැවින් මෙමගින් දරුවාට පහසුවෙන් කිරි දීමට හැකියි. ඒත ඉතින් අපේ රටේනම් බහුතරයක් මව්වරුන් Full Support Bra, Full Cup Bra ඇඳගෙනත් කිරිදෙන අවස්ථා අපි ඔය ඔනෑ තරම් මග තොටේදි දැකලා තියෙනවනේ. කොහොම වුනත් මග තොටේදී තමන්ගේ දරුවට කිරි දෙන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලයි මගේනම් දැනීම. ඇඳුම් 3ක් 4ක් ඇඳන් ඉඳලා ඉඳලා දාඩිය පිටින්ම දරුවට කිරි දීම හොඳද මන්ද? (ඒ ගැනත් පස්සේ හොයලා ලියන්නම්කෝ)

Full Support Bra (ෆුල් සපෝට් බ්‍රා)

BraPhoto3.jpg


එදිනෙදා පාවිච්චියට ඉතා සුදුසුයි. පියයුරු සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් මෙය නිපදවලා තියෙනවා. අපේ රටේ ගැහැණු අයනම් වැඩියෙන්ම අඳින්නේ මේ වර්ගය තමයි

Minimizer Bra (මිනිමයිසර් බ්‍රා)

BraPhoto4.jpg


මෙමගින් විශාල පියයුරු කුඩා කර පෙන්වනවා. මෙය පියයුරු විශාල අයට සැපපහසු වර්ගයක්. ඒත් ඉතින් ලොකු ඒවා පොඩි කරන්න කියලා ඕනෑවට හිරට පියයුරු තද වන ලෙස Bra අඳින එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔන්න ඔනෑවට වඩා පියයුරු විශාල අය Minimizer Bra එකකට ගියොත් තමයි හොඳ.

Sport Bra (ස්පෝර්ට් බ්‍රා)

BraPhoto5.jpg


දුවන පනින නටන අපේ කෙල්ලන්ට වගේම ජිම් යන අයටත් හොඳයි. මොකද පියයුරු නොසෙල්වන සැප පහසු අයුරින් හසුරුවන Bra වර්ගයක්. විහේෂයෙන්ම දුවන පනින කොට පියයුරු සෙලවෙනවා. එකඅතකින් එතකොට අපේ කෙල්ලෝ අපහසුතාවය වගේම ලැජ්ඡාවටත් පත්වෙනවනේ. ඉතින් එවැනි අවස්ථාවන් වලට දැන් මුහුණ දෙන්න ඕන නැහැ.

ඒකට තමයි මේක තියෙන්නේ. අනෙක් වැදගත්ම දේ තමයි පියයුරු සෙලවෙද්දි සියුම් පටක වලට හානි වෙන්න පුලුවන්. ඔය කියන්නනේ tissues damage වෙලා අනේ කියලා. ඉතින් මොකටද දැන දැන අමාරුවේ වැටෙන්නේ. අදම අඳින්න Sport Bra එකක්. වැඩේ ඉවරයිනේ.

Shelf Bra (ෂෙල්ෆ් බ්‍රා)

BraPhoto6.jpg



මේක නම් ඉතින් මොකට අඳිනවද මන්ද? කොහොම වුණත් මෙහි Bra Cup එකක්නම් නැහැ. අනෙක් ඒවා වගේම සිහින් පටියක් ආකාරයට බඳ වටා යන එකක්. මෙය විශේෂයෙන්ම නිරූපන ක්ෂේත්‍ර යේ නිරත ගැහැණු උදවිය අඳින එකක්. පේන නොපෙනෙන ගානට ගවුම් අඳින අයටත් නරකම නැහැ.

Push-up Bra (පුෂ් අප් බ්‍රා)

BraPhoto7.jpg


මෙමගින් කඩා වැටුණු පියයුරු ඔසවා , ලංකර පියයුරු දෙක අතර බෙදුම මැනවින් පෙන්නුම් කරයි. බොහෝ විට මෙය පැඩඩ් බ්‍රා මෙන්ම රබර් වලින් හෝ ජෙල් වලින් පුරවා ඇත.

බැන්ඩේයු බ්‍රා(Bandeau Bra)

BraPhoto8.jpg


සරල රෙදි පටියක් ආකාරයට මෙය නිපදවා ඇත. පුරාණයේ අපේ ආදි වාසි කාන්තාවන් තනපට ආවරණය කළෙත් මෙන්න මේ විදිහට. පියයුරු වලට විශේෂ හැඩයක් නොදුන්නත් සුව පහසුවටනම් ලොකු බාධාවක් නැහැ. හැබැයි ඉතින් තනපටයක් පළඳින්නේ පියයුරු ඔසවා තබා ගැනීමට ආධාරකයක් විදිහට. ඒකනම් වෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා.


බ්‍රෙසියරය හරියට අඳින හැටි - තෙවන ලිපිය
bra-two-girlගැහැණු දැරිවියක් ටිකෙන් ටික උස් මහත් වෙද්දි ඇයට පට බැඳෙන නමක් තමයි ගැටිස්සිය ළමිස්සිය කියන්නේ. ළමිස්සිය කියන්නේ ලැම ඉස්සුනු තැනැත්තිය කියලත් ජනවහරෙදි කියවෙනවා.

ඉතින් අන්න ඒ විදිහට ගැහැණු දැරිවියක් ලමිස්සියක් බවට පත් වද්දි ඇයට නැතුවම බැරි ඇඳුමක් තමයි තනපටය. එහෙමත් නැතිනම් Bra එක කියන්නේ.

කෙල්ලකුගේ ලස්සන වැඩි කරවන්න හෝ තියෙන ලස්සන නැති කරවන්නත් මේ පියයුරු වලට පුළුවන්. ඒ වගේම පියයුරු ආධාරකය වන තනපට වලටත් පුළුවන්.

ඇතැම් රටවල සංස්කෘතිය අනුව සෞඛ්‍ය විද්‍යාත්තමක මති මතාන්තර අනුව ඇතැම්හු තනපට අඳිනවා. තවත් සමහරු අඳින්නැතුව ඉන්නවා.

කොහොම වුනත් මේ පයෝධර, පියයුරු සාහිත්‍යධරයන්ට කවියන්ට කවියෝ වුණ හාමුදුරු ගොල්ලන්ටත් පේනන්ම බැරි දෙයක් වෙලා තිබුණා. මොන වර්ණනාව කළත් කොතැන හරි ගැහැණියකගේ පයෝධර ගැන ලියවිලා ඇති.

ඉතින් එදා කවි ලියවෙන්න තරම් කාන්තාවන්ට ලස්සන පියයුරු තිබුණා. හැබැයි අද වගේ නවීන පන්නයේ තනපට වර්ග තිබුණෙනම් නැහැ. ඇන්දේ ඒ අද එකම වර්ගයක්. අද අපි ආච්චි බොඩිය කියන එකම විතරයි.

අද විලාසිතාවන්ට, අවශ්‍යතාවයට හා ශරීරයේ සුව පහසුව ගැන වැඩිපුර හිතල ඒ වගේම අවස්ථාවට ගැලපෙන්න නිර්මාණය කළ විවිධ Bra වර්ග 35ක්ම තියෙනවා.


අපි අපේ පළමු ලිපි 2 තුළින් කතා කළානේ තනපටයේ ඉතිහාසය සහ තනපටයේ අංග ගැනත්.



හරියට Bra එකක් අඳින හැටි ඉගෙන ගන්න කලින් Bra වර්ග හඳුනගෙන ඉඳිමු.



Front fastening bras(ෆන්ට් ෆාස්ට්නින්ග් බ්‍රා)

BraPhoto1.jpg


දැන් ඉතින් අත් උලුක් කරන් පිට පිටිපස්සෙන් කොකු දාන්න ඕන නැහැ. පියයුරු මැදි කර Bra එකේ hooks එහෙමත් නැතිනම් කොකු දමාගත හැකියි. මෙය වඩාත් සුව පහසු Bra වර්ගයක් කියලා මතයි කියන්නේ. මෙය පටි සහිතව වගේම රහිතවත් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමන් කැමැති විවිධ පාට වර්ග වලින් , ප්‍රමාණයන්ගෙන් තෝරා බේරා ගන්නත් පුලුවන්. විශේෂයෙන්ම සවස් කාලයේ ඇඳීමට සුදුසු වන අයුරින් නිෂ්පාදනය කරලා තියෙනවා.


Nursing Bra (නර්සින් බ්‍රා)

BraPhoto2.jpg


මෙය විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන් වෙනුවෙන්ම නිපදවූවක්. තන පුඩුව ප්‍රදේශය පමණක් එනම් ඉදිරිපසින් විවෘත කල හැකි බැවින් මෙමගින් දරුවාට පහසුවෙන් කිරි දීමට හැකියි. ඒත ඉතින් අපේ රටේනම් බහුතරයක් මව්වරුන් Full Support Bra, Full Cup Bra ඇඳගෙනත් කිරිදෙන අවස්ථා අපි ඔය ඔනෑ තරම් මග තොටේදි දැකලා තියෙනවනේ. කොහොම වුනත් මග තොටේදී තමන්ගේ දරුවට කිරි දෙන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලයි මගේනම් දැනීම. ඇඳුම් 3ක් 4ක් ඇඳන් ඉඳලා ඉඳලා දාඩිය පිටින්ම දරුවට කිරි දීම හොඳද මන්ද? (ඒ ගැනත් පස්සේ හොයලා ලියන්නම්කෝ)

 
Jun 30, 2014
160
99
0


Full Support Bra (ෆුල් සපෝට් බ්‍රා)

BraPhoto3.jpg


එදිනෙදා පාවිච්චියට ඉතා සුදුසුයි. පියයුරු සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් මෙය නිපදවලා තියෙනවා. අපේ රටේ ගැහැණු අයනම් වැඩියෙන්ම අඳින්නේ මේ වර්ගය තමයි.


Minimizer Bra (මිනිමයිසර් බ්‍රා)

BraPhoto4.jpg


මෙමගින් විශාල පියයුරු කුඩා කර පෙන්වනවා. මෙය පියයුරු විශාල අයට සැපපහසු වර්ගයක්. ඒත් ඉතින් ලොකු ඒවා පොඩි කරන්න කියලා ඕනෑවට හිරට පියයුරු තද වන ලෙස Bra අඳින එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔන්න ඔනෑවට වඩා පියයුරු විශාල අය Minimizer Bra එකකට ගියොත් තමයි හොඳ.

Sport Bra (ස්පෝර්ට් බ්‍රා)

BraPhoto5.jpg


දුවන පනින නටන අපේ කෙල්ලන්ට වගේම ජිම් යන අයටත් හොඳයි. මොකද පියයුරු නොසෙල්වන සැප පහසු අයුරින් හසුරුවන Bra වර්ගයක්. විහේෂයෙන්ම දුවන පනින කොට පියයුරු සෙලවෙනවා. එකඅතකින් එතකොට අපේ කෙල්ලෝ අපහසුතාවය වගේම ලැජ්ඡාවටත් පත්වෙනවනේ. ඉතින් එවැනි අවස්ථාවන් වලට දැන් මුහුණ දෙන්න ඕන නැහැ.

ඒකට තමයි මේක තියෙන්නේ. අනෙක් වැදගත්ම දේ තමයි පියයුරු සෙලවෙද්දි සියුම් පටක වලට හානි වෙන්න පුලුවන්. ඔය කියන්නනේ tissues damage වෙලා අනේ කියලා. ඉතින් මොකටද දැන දැන අමාරුවේ වැටෙන්නේ. අදම අඳින්න Sport Bra එකක්. වැඩේ ඉවරයිනේ.


Shelf Bra (ෂෙල්ෆ් බ්‍රා)

BraPhoto6.jpg


මේක නම් ඉතින් මොකට අඳිනවද මන්ද? කොහොම වුණත් මෙහි Bra Cup එකක්නම් නැහැ. අනෙක් ඒවා වගේම සිහින් පටියක් ආකාරයට බඳ වටා යන එකක්. මෙය විශේෂයෙන්ම නිරූපන ක්ෂේත්‍ර යේ නිරත ගැහැණු උදවිය අඳින එකක්. පේන නොපෙනෙන ගානට ගවුම් අඳින අයටත් නරකම නැහැ.


Push-up Bra (පුෂ් අප් බ්‍රා)

BraPhoto7.jpg


මෙමගින් කඩා වැටුණු පියයුරු ඔසවා , ලංකර පියයුරු දෙක අතර බෙදුම මැනවින් පෙන්නුම් කරයි. බොහෝ විට මෙය පැඩඩ් බ්‍රා මෙන්ම රබර් වලින් හෝ ජෙල් වලින් පුරවා ඇත.


බැන්ඩේයු බ්‍රා(Bandeau Bra)

BraPhoto8.jpg


සරල රෙදි පටියක් ආකාරයට මෙය නිපදවා ඇත. පුරාණයේ අපේ ආදි වාසි කාන්තාවන් තනපට ආවරණය කළෙත් මෙන්න මේ විදිහට. පියයුරු වලට විශේෂ හැඩයක් නොදුන්නත් සුව පහසුවටනම් ලොකු බාධාවක් නැහැ. හැබැයි ඉතින් තනපටයක් පළඳින්නේ පියයුරු ඔසවා තබා ගැනීමට ආධාරකයක් විදිහට. ඒකනම් වෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා.

Maternity Bra (මැටනිටි බ්‍රා)

BraPhoto9.jpg


ගැබ් සමයේ පියයුරු වල සිදුවන වෙනස්කම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි මෙය නිපදවා ඇත්තේ.

Bridal Bra/Corset (බ්‍රයිඩල් බ්‍රා / කෝසෙට්)

BraPhoto10.jpg


අපේ කෙල්ලොත් දැන් Western මනමාලියෝ වෙන්න කැමතියිනේ. ඉතින් වෙස්ටන් ගවුමක් අඳිනවනම් මෙවැනි Bra එකක් අඳිය යුතුමයි. ගවුමට කප් සවි කරන වැඩෙත් ඒතරම්ම සාර්ථක එකක් නෙමෙයිනේ.

ඔය ටයර් පැනපු ඇඟවල් ටිකක් Slim කරලා පෙන්වන්න නම් මේ වර්ග කදිමයි. වරු ගානක් රෑ ඉඳන් නිදිමරන් පහුවදාත් රෑ වෙනකල් ඇහැරිලා ඇඳුම් මහ ගොඩාක් ඇඳන් ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ.

ඉතින් මේ Bra එකනම් එහෙම අමාරුවක් අපහුසුවක් දනවන එකක් නෙමෙයි.



ඉතින් මෙතන තියෙන්නෙ දහයයි. ඉතිරි 25 ගැන ඊළඟ දවසෙ ලියන්නම්..,

අපි දන්නව මේ ලිපියත් අපේ අනෙක් ලිපි වගේම වෙනත් වෙබ් අඩවි වල බ්ලොග් අඩවිවල ෆෝරම් වල ෆේස්බුක් එකේ උපුටල පළ කරන විත්තිය. එකට කමක් නෑ. දැනුම බෙදා හදා ගැනීම විය යුතුයි. ඒත් අපි මේ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ මහන්සියට කෘතගුණ වෙන්න තරම් ආචාරධාර්මික වෙනවනම් හොඳයි.

නූතන තනපටේ පැරණිතම නෂ්ඨාවශේෂය හමුවුණේ ඕස්ට්‍රියාවේ බලකො‍ටුවකින් ඒ 2008 වසරේදී. මෙම තනපට 1400 යුගයට අයත් යයි හඳුනගෙන තියෙනවා. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එම තනපටයි.



පහු ගිය ලිපියෙන් අපි බ්‍රා වර්ග 10 ක් ගැන කතා කළා. ඊළඟ ලිපියෙන් තවත් 25ක් ගැන කතා කරනව කිව්වා වගේම ඔන්න ඒ 25 ත් ගෙනාවා.මේ ලිපි පෙළට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම ගොඩක් අය නොදන්න දෙවල් දැනගත්තා කියලා අපිට කතා කරලම කිව්වා. ඇත්ත අපි විලාසිතාවන් පවා අනුකරණය කරනවා ඒ ගැන කිසි දෙයක් දන්නේ නැතිව.

විශේෂයෙන් විදේශීය විලාසිතා. විදේශීය විලාසිතා ලෙසින් අපි අනුකරණය කරන බොහෝ දෑ බිහිවෙලා තියෙන්නේ සමාජ ආර්ථික පාරිසරික සංස්කෘතික ආදියෙහි බලපෑම නැතිනම් අවශ්‍යතා නිසා.

ඇත්තටම අපි විලාසිතා කියල අනුකරණය කරන දේවල් සමහරක් ඇත්තටම විලාසිතා නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි යට ඇඳුම් කියන එකත්. අවශ්‍යතාවය අනුව ඒ විවිධාකාරයන් ගත් නිර්මාණයන් බිහිවෙලා තියෙනවා. හැබැයි අපිට නොතේරෙන ගැටළුව තමයි අපි අපේ රටේ අපිට ගැලපෙන ඇඳුමක්වත් නිර්මාණය කරගන්න අපි අසමත් වෙලා තියෙන්නෙ ඇයි කියන එක. අපි අඳින්නේ කොහෙවත් රටක මිනිස්සු ඒ අයට ගැලපෙන්න නිර්මාණය කළ ඇඳුම්.

හොඳටම ෂුවර් අපේ රටේ ගැහැනුන් බ්‍රා අඳින එක අනෙකා අඳින නිසා අඳිනව මිසක් අඳින්නේ මොකටද කියන එක කවුරුවත් දන්නේ නෑ.( දෙතන වහ ගැනීම විලිය පිළිබඳ හේතුවක් වීම බහුතරයකගේ උත්තරය වනවාට සැකයක් නෑ..ඒත් ඒක නිවැරදි නොවේ) මේ ගැන අයේ වෙලාවක තවත් කතා කරමු. දැන් ආපු වැඩේ කරගෙන යමු.

ඇඩෙසිව් බ්‍රා(Adhesive Bras)

bra-131213-adeshiv.jpg


තනපුඩුව වැසෙන ලෙස අලවා ගත හැකි ආකාරයට නිමවා ඇති මේ වර්ගය සිල්ක් ඇඳුම් අඳින විට බොහෝ අය භාවිතා කරනවා. පිට ප්‍රදේශය හා උරහිස නිරාවරණය වන ඇඳුම් සඳහා විශේෂයි.

ටී ෂර්ට් බ්‍රා (T-shirt Bra)

bra-131213-t-shirt.jpg


ඉලිප්පුණු වාටී නොපෙනෙන ලෙස ඇඟටම ඇලෙන ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ, අද ජනප්‍රිය ඇඟටම හිරවෙන ලෙස අඳින ටී ෂර්ට් සඳහාමය.

Water Bra(වෝටර් බ්‍රා)

bra-131213--water.jpg


මෙහි කප් සඳහා සිලිකන් ජෙල් පුරවා ඇත. මෙය වඩාත් වැදගත් වන්නේ පියයුරු කුඩා කාන්තාවන් සඳහාය. සිලිකන් සහිත ජෙල් මගින් පියයුරු විශාල කර පෙන්වනු ලබයි.

U-plunge Bra (යූ ප්ලන්ච් බ්‍රා)

bra-131213-u-pluging.jpg


බෙල්ල වටා ඇති පටියක් ආධාරයෙන් මෙය රඳවා තබයි. ඉදිරිපස කොටස Uහැඩයෙන් ගැඹුරට කපා ඇත.. වැඩිපුර ගවුම් අඳින අයටනම් මේ වර්ගය හරියටම හරි.

Trainer Bra ( ට්‍රේනර් බ්‍රා)

bra-131213-trainer.jpg


ඔන්න බ්‍රා අඳින්න පුරුදුවෙන කාලේට මෙව්ව තමා හොඳ. වැඩිවියට පත්වූ කෙල්ලන්ගේ වැඩෙන පියයුරු සඳහාම නිපදවා ඇත. බොහෝ විට 100% සේද රෙදි වලින් නිර්මාණය කර ඇත.

Built-in Bra (බිල්ට් ඉන් බ්‍රා)

bra-131213-bult.jpg


පපු ප්‍රදේශය පුළුල් ඉලාස්ටික් පටියක් හෝ අන්ඩර්වයර් හෝ පැඩඩ් ඒවා වල මෙන් කප් වලින්ද යුතුය. බොහෝ වෙලාවට මෙය Swimming කරද්දි අඳින්න පුලුවන්.

Racerback Bra (රේසර්බැක් බ්‍රා)

bra-131213-receback.jpg


පිට ප්‍රදේශය පේන්න අඳින ඇඳුම් වලට ගැලපේ. කර පටි පිටුපසින් ඉංග්‍රීසි වී අකුරේ හැඩයට ඇත.ක්‍රීඩා කිරීමේදී අඳින බ්‍රා එකද මේ හැඩයේ වෙයි.

Padded Bra (පැඩඩ් බ්‍රා)

bra-131213-padded.jpg


යයුරු කුඩා අය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. බොහෝ විට සැටින් වලින් නිමවා පැඩින් වලින් පුරවා ඇත. තරුණ කෙල්ලන්ගේ කෝමල ගතියෙන් යුතුව අඟ පසඟ පෙනෙන අයුරින් මෙය නිපදවා ඇත.

Novelty Bra(නවෙල්ටි බ්‍රා)

bra-131213-novelty.jpg


කාමුක හැඟීම් ඇවිසෙන සුළු බ්‍රා වර්ගයක්. පදම් කරපු හම්, පොල් කටු වගේම නිතර දකින්න නොලැබෙන ගණ ද්‍රව්‍යවලින් මෙය නිපදව තිබේ. කාමුකමය උත්සව අවස්ථා වෙනුවෙන් මෙවා නිර්මාණය කර ඇත.

Mastectomy Bra(මස්ටැක්ටොමි බ්‍රා)

bra-131213-mace.jpg


පියයුරු පිළිකා ගැන අහන්න ලැබෙනව දැන් එන්න එන්නම වැඩියි. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ දෙ පියයුරම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම අයට මේ වර්ගය විශේෂයි. සැත්කම් මඟින් පියයුරු ඉවත් කළ කාන්තාවන් සඳහා එම අඩු පාඩුව මැකෙන සේ මේ නිර්මාණය කර තිබේ.

Front Closure Bra (ෆ්‍රන්ට් ක්ලෝෂර් බ්‍රා)

bra-131213--front.jpg


තනපට අඳින එකත් ලේසි වැඩක් නෙමේ සමහර අය පිටිපස්ස ඉස්සරහට අරන් හුක් එහෙම දාලා ආයෙත් රකවලා කප් ඉස්සරහට අරගෙන තමයි අත් දාගෙන අඳින්නේ. මේ වර්ගය කිසි කරදරයක් දෙන එකක් නෙමෙයි. හුක් එහෙම නැත්නම් කාස දාන්න තියෙන්නේ ඉස්සරහින්. පිටුපස කොටස බඳ වට ඉලාස්ටික් පටියක් මගින් රඳවා තබනවා.

Demi Bra (ඩෙමී බ්‍රා)

bra-131213-demi.jpg


දැන් තරුණියන් අතර ජනප්‍රියම ඩෙමී බ්‍රා, තන පුඩු වලින් තරමක් ඉහල දක්වා ආවරණය කරනවා. මෙහි උරපටි තිබෙන්නේ අත් වලට ගොඩාක් කිට්ටුවෙන්. ඒවගේම කප් දෙක මැදින් යන පටියකින් තමයි කප් දෙක එකතුවෙන්නේ. බඳ වටා යන පටියත් ඒ තරම් ලොකු මහතක් නැහැ.

Convertible Bra (කොන්වර්ටබල් බ්‍රා)

bra-131213-multi.jpg


බොහෝවිට මෙය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් කප් නිර්මාණය කරනු ලබයි. මෙහි උර පටි ගලවා කැමති ආකාරයකට සකස් කර ගත හැකිය. විවිධ මෝස්තරවල සාරි ජැකට් අඳින අයටනම් වැදගත්. මිලනම් ටිකක් වැඩියි හැබැයි.

Plunge Bras (ප්ලන්ජ් බ්‍රා)

bra-131213-plunge.jpg


පියයුරු දෙක අතර එක ප්‍රමාණය දුර අඩු කර එහි විශාලත්වය වැඩි කර පෙන්වන අතරම පියයුරු වලට හොඳ සහයක් ලබාදීම. ඩීප් ප්ලන්ජ් හා යූ ප්ලන්ජ් නමින්ද තියෙන්නේ මේ වර්ගයෙම මෝස්තරයි.

Vintage Bra (වින්ටාජ් බ්‍රා)

bra-131213-vintage.jpg


පියයුරු වල හැඩය වෙන් වෙන්ව පෙන්වීම සඳහා නිර්මාණය කළ වර්ගයකි. කිරි ගොට්ටක (ඉස්සර තිබුණ කිරි ගොට්ට ගැනයි මේ කියන්නේ) හැඩයට පියයුරු පෙන්වයි. 1940 දී වෙළඳ පොළට හඳුන්වා දුන් මෙය පියයුරු ඔසව තැබිම සඳහා සම්පූර්ණයෙන් සහාය ලබා දෙයි.

Peephole Bras (පීප් හෝල් බ්‍රා)

bra-131213-peephole.jpg


බටහිර රටවල බොහෝ කාන්තාවන් තන පුඩු හිරවන ආකාරයට තනපට අඳින්නේ නැහැ. තන පුඩු ඕනැවට වඩා තද වන සේ බ්‍රා ඇඳීම පියයුරු පිළිකා වලට හේතුවක් කියලා ඒ අය හිතන එක. කෙහොමත් ඕනෑවට වඩා හිරට අඳන්නේ මොකටද? මෙමගින් තනපුඩු ආවරණය වන්නේ නැහැ.

Multiway Bra(මල්ටිවේ බ්‍රා)

bra-131213-multyway.jpg


මෙය එක් පටියකින් පමණක් යුක්ත වේ. බඳ වටා තිවෙන පටියෙහි මැදින් උරහිස හරහා ඉදිරිපසට සවිවන ලෙස මෙය නිපදවා ඇත. සාමාන්‍ය. බ්‍රා වලින් නිදහස්ව සැහැල්ලු බවකින් යුතු වෙයි. විශේෂයෙන් සැඳෑ සාද වලට සහභාගි වන යුවතියන්ට සරල ඇඳුම්, T Shirt සඳහා මෙය ඇඳිය හැකියි.

Belly Dance Bra(බෙලි ඩාන්ස් බ්‍රා)

bra-131213-bella.jpg


බෙලි ඩාන්ස් කියන්නේ බොහෝම කාමුක නැටුමක්. මේ නැටුමට අඳින බ්‍රා තමයි මේ නමින් හඳුන්වන්නේ. බොහොම තදට අඳින්නේ. විවිධ වර්ණ වගේම පබළු වැනි දෑ මගින් ලෙස නිමවා තියෙනවා. මේ වර්ගයේම නොවුනත් මුතු මැණික් අල්ලපු ඒවා වගේම දියමන්ති අල්ලපුවත් තියෙනවා කියලා තමයි කියන්නේ.

Full Cup Bra(ෆුල් කප් බ්‍රා)

bra-131213-fullcup.jpg


දිනපතා පාවිච්චියට වඩාත් සුදුසුයි. පියයුරු සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙය නිපදවා ඇත. එල්ලා වැටුණු පියයුරු සහිත යුවතියන්ට මෙය වැදගත්. ඒ වගේම පිට කැක්කුම් ඇති අයටත් හොඳයි කියලා තමයි වෛද්‍ය නිගමනය.

Balcounette Bras (බැල්කොනෙට් බ්‍රා)

bra-131213-Balcounette-Bras.jpg


දැන් ඩෙමී බ්‍රා වලටත්, ෂෙල්ෆ් බ්‍රා වලටත් මුල් වෙලා තියෙන්නේ මේ ස්ටයිල් එකයි. විශේෂත්වය වන්නේ කප් එක තිරස් හැඩයෙන් යුක්ත වීමයි. පියයුරු වඩාත් පුළුල් කොට පෙන්වනු ලබයි.

Moulded Bra (බ්‍රා)

bra-131213-Moulded-Bra.jpg


සමේ වර්ණයෙන්ම මිළදී ගන්නත් තියෙනවලු. තනපටයක් ඇඳපු බවක් කිසිසේත්ම නොපෙනෙන ලෙස වාටී කිසිම දෙයක් නොපෙනන ආකාරයට නිමවා ඇත. මෙය රෙදි වලින් නිමවා ඇති නිසාම ඉතා සුව පහසුය.

Strapless bra (ස්ට්‍රැප්ලස් බ්‍රා)



bra-131213-Strapless-bra.jpg


උරපටි නොමැතිව නිපදවා ඇත. උඩුකය නිරාවරණය වන ලෙස නිපදවූ ගවුම් හෝ ටී ෂර්ට් වලට විශේෂයි.

Halter Neck Bra (හෝල්ටර් නෙක් බ්‍රා)

bra-131213Halter-Neck-Bra.jpg


මෙය ඕනෑම අයෙකුට ඇඳුමකට සුදුසු වේ. විශේෂයෙන්ම උරපටි නොමැති ඇඳුම් සඳහාද සුදුසු වේ.

Half Cup Bra (හාෆ් කප් බ්‍රා)

bra-131213-Half-Cup-Bra.jpg


තනපටයක් නිර්මාණයේදී තිබිය යුතු සාමාන්‍ය කොන්දේසි වලින් එපිටට ගොස් තමයි මේ නිර්මාණය වෙන්නේ. පියයුරුවෙන් වැඩි කොටසක් ආවරණය නොවෙන ආකාරයට මේ සකස් කොට ඇත. ඇඳුම් විලාසිතාවන් හීදී මේ භාවිතාවට ගැනේ.

Backless Bra ( බැක්ලස් බ්‍රා )

bra-131213-Backless-Bra.jpg


මෙහි පි‍ටුපස කොටස සම්පූර්ණ වශයෙන්ම ආවරණය නොවේ. සාමාන්‍ය බ්‍රා එකක බඳවටා යන පටියක් තියෙනවනේ. මේ රඳා පවතින්නේ උරහිස් මතින් යන පටි දෙකක් මඟින්. ඇඳුම් වල පිටිපස ගොඩක් නිරාවරණය වන ඇඳුම් ඇඳීමේදී මේ බ්‍රා එක පාවිච්චි කරන්න පුලුවන්.



මේ ඕනැම වර්ගයක් අද මෙරට වෙළඳපොළෙන් මිළදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් ලෝක ප්‍රකට බ්‍රෑන්ඩඩ් එවා තමයි තියෙන්නේ. මිළෙන් ටිකක් වැඩියි. ඒ වුනාට තමන්ගේ පහසුව, සෞඛ්‍ය ගැන හිතනවා නම් මිළ ගැන හිතන්න දෙයක් නෑ.

ඉතිං මේ ලිපි පෙළෙන් බ්‍රෙසියරයේ ඉතිහාසය පරිණාමය එහි කොටස් වගේම විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිර්මාණය කළ බ්‍රෙසියර් වර්ග 35ක් ගැන තොරතුරු මිරර්ගර්ල් ගෙන ආවා. ඊගාවට තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට අනුව බ්‍රෙසියරයක් ‍තෝරා ගැනීමත් එය නිවැරදිව අඳින හැටි ගැනත් කතා කරන්නත් විතරයි ඒක ඊළඟ ලිපියෙන් බලමු.

අපි දන්නව මේ ලිපියත් අපේ අනෙක් ලිපි වගේම වෙනත් වෙබ් අඩවි වල බ්ලොග් අඩවිවල ෆෝරම් වල ෆේස්බුක් එකේ උපුටල පළ කරන විත්තිය. එකට කමක් නෑ. දැනුම බෙදා හදා ගැනීම විය යුතුයි. ඒත් අපි මේ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ මහන්සියට කෘතගුණ වෙන්න තරම් ආචාරධාර්මික වෙනවනම් හොඳයි.
 
  • Like
Reactions: c2r

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමහර දේවල් දැනගෙන හිටියත් ...... හරියට දැනගත්තේ දැන්


    ඇත්තටම දැන් බ්‍රා අදින්නේ තනේ size එකට නෙමේ විලාසිතාවට හරියන්න .... අනේ මන්ද


    රේප් +19
     
    • Like
    Reactions: sandaru d