අතිශයින්ම_කාන්තාවන්ට_පමණයි
ලංකාවේ ගැහැණුන්ගෙන් සියයට 90ක් බ්‍රෙසියර් අඳින්නේ වැරදියට - බ්‍රෙසියරය හරියට අඳින හැටි ලිපි පෙළ . බ්‍රා එක ගැන කෝටියක් විස්තර. මෙය උපුටා ගත්තේ මෙතනින්. හැබයි සලකන්න වෙයි මට. මොකද මේක කොපි පේස්ට් කරනවා කියන්නෙත් සෙල්ලම් වැඩක් නොවෙයි.
ලෝකයේ තවමත් ගොත්‍රික සංස්කෘතීක යුගයන් පසුකරන ඇතැම් ජන කණ්ඩායම්හී කාන්තාවන් හැර අන් සෑම සමාජයකම කාන්තාවන්ට බ්‍රෙසියරය යන්න අලුත් ඇඳුමක් නොවේ. ලමිස්සියක නැතිනම් ගැටිස්සියක වන විට බ්‍රෙසියරය සිය ඇඳුම් පැළඳුම් ගොන්නට එකතුකර ගැනීම සෑම ගැහණු ළමයෙකුගේම අත් දැකීමක්නේ.
එහෙත් ඒ පළමුවරට ඇන්ද දා සිට සිය මරණ මංචකය තෙක් ඇඳගෙන සිටියත් මේ අති බහුතරය බ්‍රෙසියරයක් අඳින්නේ කොහොමද කියන කාරනය මැරෙනකම්ම දැනගෙන්න ඉඳලා නෑ කිව්වොත් ඒ පුදුමයට කාරනයක් වේවී. ඔව් කවුරුවත් පිළි ගන්න එකක් නෑ. ඒත් ඇත්ත කතාව නම් අපේ රට අනුව නම් බ්‍රෙසියරය අදින්න දන්න නැති ප්‍රතිශතය සියයට 90 ක තරම් විය හැකියි. නෑ සමහර විට ඊටත් ඉහළ වෙන්න පුලුවන්.
ඉහළ සංවර්ධනයක් ඇති රටක් වන ඕස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් සොයාගෙන තියෙනව එරට කාන්තාවන්ගෙන් සියයට 80 ක් 85ක් පමණ පිරිසක් බ්‍රෙසියරය අඳින්නෙ වැරදියට කියලා.
හරි. මිරර්ගර්ල්, අපි පොඩි උත්සාහයක් ගත්ත හරියට බ්‍රෙසියරය අඳින්නේ කොහොමද කියන එක ගැන දන්න කියන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ තමන්ට ගැලපෙන හරියටම හරියන පහසු බ්‍රෙසියරයක් තෝරගැනීමත් ඒ නිවැරදිව ඇඳීම ගැනත් තොරතුරු ටිකක් ඉදිරි පත් කරන්න. ඊට ඉස්සෙල්ල මේ බ්‍රෙසියරයේ ඉතිහාස කතාව දැනගෙන ඉඳිමු.
බ්‍රෙසියරයක් හෝ බ්‍රා එකක් ලෙසින් පොදුවේ හැඳින්වෙන තනපටක් යනු ඇයගේ පයෝධර නැත්නම් දෙතන සඳහා ආධාරකයක් වන කාන්තා යට ඇඳුමකි. තනපට සාමාන්‍යයෙන් රූපාකාරයට-අනුසීහුම්-වන බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර විලාසිතාමය ඇඳුමක් බවටද පත්වී ඇත.
කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර වස්ත්‍ර සච් චාරිත්‍රයක් වැනි සාමාජීය ධර්මතාවන්ට අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයට නිසා විය හැක.
තනපට විසින් පයෝධර එල්ලා වැටීම වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි.
සත්‍ය වශයෙන්ම කාන්තාවක් වයස්ගත වත්ම ස්වභාවික වශයෙන් පයෝධර එල්ලා වැටෙන අතර එය රඳා පවතිනුයේ ඇයගේ පියයුරු වල ප්‍රමාණය සහ අනෙකුත් කරුණු මතය.
තනපටක් ඇඳීම නිසා ආධාරක බන්ධනියන් දුර්වල වන බැවින්, එය සත්‍ය වශයෙන් පයෝධර එල්ලා වැටීම කෙරෙහි දායකත්වයක් සපයන බවට සාක්ෂි ඇතැම් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.විශේෂයෙන්ම තනපට නො අඳින්න සමාජවල තරුණ කාන්තාවන්ගේ පයෝධර වඩාත් සුන්දර බවට පිළි ගැනීමකුත් තිබේ.
කොහොම හරි අතීතයේ කාන්තාවන් තනපට අඳිනු නොලැබූ අතර කාලයක් තිස්සේ කෙරෙන සමාජ භාවිතාවන් වල වෙනස් වීම් මත තනපට ඇඳීමට කාන්තාවන් පෙළැඹුණි. ශ්‍රී ලංකාවේද ඉතා මෑතක් වන තුරුම තනපට නො ඇඳි ග්‍රාමීය ජන කොටස් දකින්නට ලැබුණි. නගරයේ සම්බන්ධතාවලින් බොහෝ දුරස් වූ මහනුවරට ආසන්න ගම් ප්‍රදේශයක කාන්තාවන් උඩු කය පවා නිරාවරණව සිටිනු මීට දශක දෙකකට පෙරත් දකින්නට පුලුවන් විය.
කෙසේ හෝ පසුකාලීනව තමන්ගේ වැඩුණු පියයුරු වලට ආධාරකයක් වශයෙන් එසේ අඳිනු ලැබූ තනපට පසුකාලීනව මෝස්තර විලාසිතාවක් ලෙස කා අතරත් ජනප්‍රිය වූවකි.
අතීතයේ තනපට සඳහා නියම කෙරුණු නිශ්චිත ප්‍රමාණය තිබුණ අතර භාවිතාව වැඩිවත්ම එක් එක් ප්‍රමාණයන්ගෙන් එය නිෂ්පාදනය කළේය.
තනපට විලසිතාවක් ලෙස බාරගත් කාන්තාවන් උඩුකයට තනපටය විතරක් පැළැඳි බවද පත පොතෙහි සඳහන්ය.
අපේ සීගිරි අප්සරාවන්ද තනපට විලාසිතාවක් කර ගත්තු හැඩයක් තමයි තියෙන්නේ..
කොහොම හරි නූතන තනපට ප්‍රථම වරට පියයුරු සහායකයක් ලෙස නිෂ්පාදනය කරන ලද්දදේ ග්රීසීයේය. එය වූල් සහ කොට්න් වලින් නිෂ්පාදනය කොට ඇත. මෙම තනපට කාන්තා ශරීරයේ හැඩය ඉස්මතු කරලීම සඳහාම පසුකාලීනව නිපැයුණු බව පත පොතහි සඳහන් වේ.
අතීතයේ ප්‍රංශ හමුදාව තම පපු ප්‍රද්ශයේ ආරක්ෂාවට පළදිනු ලැබූ පැලඳුමද "arm protector" ලෙසින් හඳුන්වා ඇති අතර තනපටද "arm protector" ලෙසින් හඳුන්වා තිබේ. ජන සමාජ භාවිතාවන් වර්ධනය වීමත් සමග හමුදාව විසින් ආරක්ෂාවට පැළදූ පැළදුම military breast plate ලෙසත් තනපට woman's corset ලෙසත් හඳුන්වා තිබේ.
කෙසේ වෙතත් නූතනයේ විවිධ සමාජයන් රටවල් සංස්කෘතීන් එක්ක ගැට ගැහුණු හේතුන් මත මෙන්ම සෞඛ්‍ය හේතූන් මතද තනපට භාවිතා කරන්නේ නැත. පයෝධර තදවන පරිදි ඇඳුම් ඇඳීම සෞඛ්‍යයට හොද නැති බව ඔවුන්ගේ අදහස වුවත් ආසියාතික රටවල් හි තනපට ඇඳීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස සැළකේ.
තනපට සඳහා වූ පළමු පේටන්ට් බලපත්‍රය නිකුත් කොට ඇත්තේ 1930 දී Mary Phelps Jacob සඳහාය.මේ වන විට නානා ප්‍රකාර වෙළඳ නාමයන්ගෙන් විවිධ ගුණාත්මක භාවයන්ගෙන් යුතු බ්‍රෙසියර වර්ග ලෝකය පුරා නිශ්පාදනය කරයි.
කෙසේ වෙතත් ලංකාවේ ද විවිධ වූ තනපට වර්ග වෙළඳ පොලේ ඇතත් ට්‍රම්ෆ් වෙළඳ නාමය ජනප්‍රියම එක විය හැකිය.
නූතන බ්‍රෙසියරයට වසර සිය ගනනක ඉතිහාසයක් තිබුණද තව්මන් ලෝකයේ බහුතරයක් කාන්තාවන් බ්‍රසියරය තෝර ගැනිමේ සිට එය ඇඳීම දක්වා බරපතල වැරදි කරමින් සිටී.. ඉතින් මීළඟ ලිපියේ සිට තමන්ට ගැලපෙන බ්‍රෙසියරයක් තෝර ගන්නා ආකාරය හා එය නිවැරදිව අඳින ආකාරය ගැන කතා කරමු..

Last edited: