අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සබ්බාසව සුත්‍ර පැහැදිලි කිරීම - පළමුවන කොටස.
සද්ධර්මශ්රවනාභිලෂි ගුණගරුක කාරුණික පින්වත්නි, කාර්යබහුල ජීවිත ගතකරන මේ හැම කෙනෙක්ම ජිවිතයේ මොහොතක් නමුත් සද්ධර්මය වෙනුවෙන් වැයකරන්න කැපකරන්න මේ ගතනකරන කලපරිච්චේදය බොහොම වටිනවා. කවදාහරි දවසක මේ සංසාර දුක නිමකරන ඒ අමා ශාන්තිය ලබන්න පුළුවන් වෙන්නේ තථාගත සද්ධර්මයෙන්මයි. ඒ තථාගත සර්ධර්මයට සවන්දිමෙන්මයි ඒ අමාදොර විවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ පින්වතුන් මේ මොහොත ගතකරන්නේ ඒ අම ද්වාරය ලඟයි. බුදුරජානන්වහන්සේ අපි හැමදෙනාටම ඒ අමා ද්වාරය විවර කරගෙන නිවන් පුරට වඩින්නට දේශනා කල වටිනාම සුත්‍ර ධර්මයයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තබාගන ඉඩ ලැබෙන ලැබෙන කාලවේලාව අනුව ඒ දේශනා ධර්මය පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙන්නේ.
පින්වතුනි, ලොවුතුරා බුදුරජානන් වහන්සේ එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවදියේ එක්තරා දවසක භික්ෂුන්වහන්සේලා අමතනවා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෑත් ඔසවා ඇඟිලි බැඳගෙන නමස්කාර කරගෙනම උන්වහන්සේට සවන්දෙනවා. මේ වෙලාවේදි උන්වගන්සේ භික්ෂුන් වහන්සේලාගේ නිහඬතාවය දැක උන්වහන්සේලාට කතාකරල කියනවා මහණෙනි, මම අද නුඹලාට සියලු ආශ්‍රව ක්ෂය කරන සියලු ආශ්‍රව නැති කරන ප්‍රතිපදාව දේශනා කරනවා. හොඳින් සවන් දෙන්න ඕනෙ. ඒ අනුව සිහි කරන්න මෙනෙහි කරන්න ඕනේ. මෙසේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ සබ්බාසව සුත්‍රය ආරම්භ කලා මේ උතුම් සදහම් දේශනාව.
ඒ දේශනාව තුල උන්වහන්සේ ආරම්භයේදීම මතක් කරනවා “ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ යෝනිසොචමනසිකාරන් අයෝනිසොචමනසිකාරන්” මහණෙනි මේ යෝනිසෝමනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක ජානතෝ පස්සතෝ දන්න කෙනාම දකින කෙනාම ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂයවීම කරන්නේය, ක්ෂය කරන්නේය. යමෙකු යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් නොදන්නේද නොදක්නේද එබඳු කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමක් මා නොකියමි. දැන් බුදුරජාණන් වහන්සේ පළමු කොටම අවධාරණය කල තැනක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාමයි දකින කෙනාමයි සියලු ආශ්‍රව ක්ෂය කරන්නේ.යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න කෙනා නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක් කරන්නේ නැහැ. එය උන් වහන්සේ තවදුරටත් අවධාරනය කරනවා “අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ” අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා නුනුවනින් මෙනෙහි කරන නිසා “අනුප්පන්නාචේව ආසවා උප්පජ්ජන්ති” නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා එයාට “උප්පන්නාච ආසවා පවඩ්ඩන්ති" උපන් ආශ්‍රව වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරය භාවිතා කලොත් නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා උපන් ආශ්‍රව කෙලෙස් වැඩි දියුණු වෙනවා. “යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නචේව අසවා න උප්පජ්ජන්ති උප්පන්නාච අසවා පහීයන්තී”. යෝනිසෝමනසිකාරය භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා උපන් ආශ්‍රව ක්ලේශයෝ ප්‍රහින වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නුපන් ආශ්‍රව නුපදින්නත් උපන් ආශ්‍රව දුරුවෙන්නත් දේශනා කලේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරයයි.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුල ඇති අදහස ටිකක් ගැඹුරින් විමසා බලන්න වටිනවා. උන්වහන්සේ මෙහිදී යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය භාවිතාව පෙන්නුවේ අයෝනිසෝමනසිකාරය භාවිතා කිරීමෙන් නුපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා. එතන යෝනිසෝමනසිකාරයට පෙන්වන්නේ නුපන් ආශ්‍රව නුපදින උපන් ආශ්‍රවය දුරු කරන වැඩපිළිවෙල. හැබැයි එතන පෙන්වල නැහැ නුපන් කුසලය උපදවන උපන් කුසලය වැඩෙන තැන. මෙහි මේ සුත්‍රයෙහි එන ඉදිරි කරුණු ටික විමසා බලනකොට අපට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබගන්නට පුළුවන් වෙයි.
ඊළඟට බුදුරජානන්වහන්සේ මෙන්න මේ කියන යෝනිසෝමනසිකාරය පවත්වාගතයුතු ස්ථාන හතක් වැඩපිළිවෙලවල් හතක් ගැන දේශනා කරනවා.
“අත්තිභික්ඛවේ ආසවා දස්සනා පහා තබ්බා
අත්තිආසවා සංවරා පහා තබ්බා
අත්තිආසවා පටිසේවනා පහා තබ්බා
අත්තිආසවා අධිවාසනා පහා තබ්බා
අත්තිආසවා පරිවජ්ජනා පහා තබ්බා
අත්තිආසවා විනෝදනා පහා තබ්බා
අත්තිආසවා භාවනා පහා තබ්බාති “
මහණෙනි, දර්ශනයෙන් පහකලයුතු ආශ්‍රව තිබෙනවා. සංවරයෙන් පහකලයුතු ආශ්‍රව තියෙනවා. ප්රත්යවෙක්ශාවෙන් පහකලයුතු, දුරුකලයුතු ආශ්‍රව කෙලෙස තියෙනවා. ඉවසීමෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස තියෙනව .පරිවජ්ජනයෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. විනොදනයෙන් වීර්යයෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. භාවනාවෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. දැන් උන්වහන්සේ ආශ්‍රව කෙලෙස් දුරුකිරීම සඳහා වැඩ පිළිවෙලක් දේශනා කරනවා. දර්ශනයෙන්, සංවරයෙන්, ප්රත්යවෙක්ශාවෙන්, ඉවසීමෙන් , පරිවජ්ජනයෙන්, විනොදනයෙන්, භාවනාවෙන්.දැන් ආශ්‍රව ක්ලේශ දුරුකරන්න දේශනා කල සමස්ථ වැඩපිළිවෙල. මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ශිල, සමාධි, ප්‍රඥා ත්රිශික්ෂා මාර්ගය. දැන් අපි මෙතැනදී අදහසක් මතුවෙනවා අද වර්තමාන ලෝකයේ අපි හුඟක් දෙනෙක් ආශ්‍රව කෙලෙස් දුරු කරන්න තෝරාගන්නේ මෙයින් එකයි. ඒ භාවනා පහා තබ්බා. අපි හමොමකරන්නේ නිවන් දකින්න ආශ්‍රව කෙලෙස් නසන්න භාවනා කරනවා. හැබැයි මේ නිවන් මගේදී බුදුරජාණන්වහන්සේ ඒක දේශනා කලේ හත වෙනි තැනට. පලවෙනි තැනට නෙවෙයි. පලවෙනි තැනට උන්වහන්සේ දේශනා කලේ දස්සනා පහා තබ්බා. දර්ශනයෙන් පහකලයුතු ආශ්‍රව දර්ශනයෙන් පහකළ යුතුයි. ඒක සංවරයෙන් අධිවාසනයෙන් භාවනාවෙන් කරන්න බැහැ. සංවරයෙන් පහකලයුතු ආශ්‍රව දර්ශනයෙන් භාවනාවෙන් අධිවාසනයෙන් පරිවජ්ජනයෙන් බැහැ. ප්රත්යවෙක්ෂාවෙන් දුරුකලයුතු ආශ්‍රව ප්රත්යවෙක්ෂාවෙන් මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් බැහැ.ඉවසිඉමෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් ඉවසීමෙන්ම මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් විනෝදනයෙන් බැහැ. පරිවජ්ජනයෙන් දුරුකලයුතු ආශ්‍රව පරිවජ්ජනයෙන්ම දුරුකළ යුතුයි. වෙන විදිහකින් බැහැ. විනෝදනයෙන් වීර්යයෙන් දුරුකලයුතු කෙලෙස් විර්යයෙන්ම මිස වෙන විදිහකින් බැහැ. භාවනාවෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් භාවනාවෙන්මයි දුරුකළ යුත්තේ. ඉතින් බුදුරජාණන්වහන්සේ භාවනා පහා තබ්බා කියන තැන මේ සුත්‍රයේ දක්වල තියෙන්නේ බෝජ්ජංග ධර්ම හැටියට. බෝජ්ජංග ධර්ම වඩන එකටයි මේ සම්බුදු දහමේ භාවනාව කියන කොටස පනවල තියෙන්නේ. අද දවසේ වර්තමානයේ අපි භාවනා කියන හැම කොටසක්ම අයිති වෙන්නේ බොහෝ වෙලාවට අපිට හිතෙන විදිහට මේ විනෝදනා පහ තබ්බා කියන තැනට වෙන්න පුළුවන්. උපන් උපන් අකුසල් යටපත්කරන වැඩපිළිවෙල.
ප.ලි. ධර්මදේශනාව දිගු බැවින් කරුණාකර මෙහි ගොස් කියවන්න.
කොටස් වශයෙන් ඉතිරිය පසුව දමන්නම්
http://daham-sithum.blogspot.com/

Last edited: