අති සුන්දර ගලබොඩ ඇල්ල

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    අති සුන්දර ගලබොඩ ඇල්ල

    FE-galaboda.jpg


    ලංකාවේ අතිශය ජනප්‍රිය දිය ඇලි වගේම බෙහෝ දෙනා නොදන්න අති සුන්දර දිය ඇලි තියෙනවා. මේ ඒ වගේ ගොඩාක් ජනප්‍රිය නැති දිය ඇල්ලක් ගැන හෙලිදරව්වක්. මේ දිය ඇල්ල බලන්න යන එක හිතන තරම් ලේස වැඩක් නෙවෙයි. මොකද මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝචිචියෙන් යන එක. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය පහු කළාට පස්සේ හමු වෙන දෙවන දුම්රිය ස්ථානය වන “ගල්බොඩ“ දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න ඕන.

    DSCN0526.jpg


    ගලබොඩ දිය ඇල්ල බලන්න යන ගමන කෝච්චියෙම යන්න සැලසුම් කරගන්න එක හොඳයි. උදේ පාන්දරින්ම උඩරට කෝච්චියේ නැගලා ගිහින් ගලබොඩ දුම්රිය ස්ථානයෙන් බැස්සම මේ ගමන පහසුවෙන් යන්න පුළුවන්.මේ ගලබොඩ ඈත අතීතයේ ඉඳලා ප්‍රසිද්ධයි පිරිසිදු ජලයට. මොකද අදටත් මේ ගලබොඩු දුම්රිය ස්ථානය අසල දකින්න පුළුවන් නිල් දිය පොකුණ කියලා පොකුණක්. අතීතයේ ඉංග්‍රීසි පාලන කාලේ රජ ගෙදරට පවා මේ පොකුනෙන් වතුර ගෙනියලා තියෙනවා.මොකද ආසියාවේ වැඩිම ඝනත්වයක් තියෙ පිරිසිදු ජලය මේ පොකුණේ තියෙනවා කියලා ඉස්සර ඉඳලාම විශ්වාසයක් තිබිලා තියෙනවා.ඒ නිසා ඉංග්‍රීසි පාලකයින්ට වතුර ගෙනියන්න හදපු පොකුණ තවමත් ගල්බොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දකින්න පුළුවන්.

    DSCN0640.jpg


    image0855.jpg


    ගලබොඩින් බැහැල දිය ඇල්ලට යන්න දුම්රිය මාර්ගය දිගේ නාවලපිටිය පැත්තට,ඒ කියන්නේ අපි ආපු පැත්තට 100mක් විතර යන්න ඕනෙ.ඔහොම යනකොට මුලින්ම ඒ කියන්නෙ ස්ටේෂමේ ඉඳල ටිකක් දුර ඇවිදගෙන යද්දි දකුණු අත පැත්තෙ කන්ද උඩට පාරක් අහුවෙනවා. (මේ පාර ගැන අතර මඟ හමුවෙන කොනෙක් ගෙන් අහගන්න එක හොඳයි)මෙන්න මේ පාර දිගේ තමයි ඊළඟට යන්න ඕනෙ. ඊට පස්සෙ දකුණු අත පැත්තට හැරිලා ගමන් කරන කොට මුලින්ම හම්බ වෙනව ටිකට් ගන්න තැන. එක්කෙනෙකුට රුපියල් 20/= ක මුදලක් මෙතනදි දියඇල්ල බලන්න යන්න අයකරනව.මේක සාධාරණද කියලත් කාටහරි හිතේවි…ඒත් කරන්න දෙයක් නැහැ..මෙතනින් එහාට තේ වතු මැදින් සහ පුංචි අඩි පාරවල් ඔස්සෙ ලස්සන වටපිටාවක සිරි නරඹමින් කිලෝමීටරයකට වැඩිය දුරක් ගමන් කරන්න තියෙනව.මේ පැත්තෙ නිතරම මිනිස්සු ගැවසෙනවා..ඒක නිසා පාර නිශ්චිත නැති හැම වෙලාවකම කලින් කිව්වා වගේ එයාලගෙන් අහන්න පැකිලෙන්න එපා.කොහොමත් කලින් ගිහින් නැත්තම් පාර අහගන්නම වෙනවා..දුම්රියපළේ ඉඳල දිය ඇල්ල ළඟට සාමාන්‍ය වේගෙකින් ගියොත් පැයකට අඩු කාලයකින් යාගන්න පුළුවන්.කාලය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන එක හොඳයි.මේ යන ගමනෙදි වටපිට බලන්න අමතක කරන්න එපා..මොකද මේ වගේ අති සුන්දර වටපිටාවක සුන්දරත්වය දැකගන්න ලැබෙන්නෙ බොහොම සුළු දෙනාටයි.ටික දුරක් ඔහොම ඇවිදගෙන යනකොට ගලබොඩ ඇල්ලෙන් පහලට බහින වතුර පහරෙ ඒ කියන්නෙ stream එකේ සද්දේ ඇහෙන්නත්, ඒක පේන්නත් පටන් ගන්නව.ඔහොම දිගටම යනකොට මේ වතුර පාර හරහා ලී කොටන් වලින් හදල තියෙන පාලමක් වගේ එකක් අහු වෙනව. මේ පාලමෙන් එගොඩ වෙලා ගියාම මේ ගලබොඩ සුන්දර දිය ඇල්ල ලඟටම යන්න පුළුවන්. මේ දිය ඇල්ලේ උස අඩි 98 ක් විතර වෙනවා. පළලත් ඒ වගේම තමයි.

    DSC_1466.jpg


    DSCN0534.jpg


    DSCN0562.jpg


    DSCN0562.jpg


    DSCN0594.jpg


    මෙතන නාන්න කලින් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද වටවල පැත්තට වහිනවනම් ඇල්ලෙ වතුර එකපාරටම වැඩි වෙනව.එහෙම උනොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.මොකද ගොඩ එන්න වෙලාව මදි.ඒක නිසා ඒකත් සිහියෙ තියාගන්න. ඉක්මනින් ගොඩ එන්න පුළුවන් ආරක්ෂා කාරී තැනකින් නාන්න පුළුවන්.

    DSC_0344.jpg


    ගලබොඩ ගැන කියද්දි අතීතයේ දී මලය දේශයේ රජවරු ආරක්ෂාව පතා තම වස්තුව හංගලා තිබ්බේ මේ ප්‍රදේශයේ කියලා කියනවා. ඒ නිසා ගබඩාගම යන අරුතින් පස්සේ කාලයකදී ගලබොඩ යන නාමය මේ ප‍්‍රදේශයට ලැබුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම දිය ඇල්ලට ඉහළ කඳුකර ප‍්‍රදේශය ගැන කියවෙන අපූරු කතාන්දරයක් තියෙනවා. ඒ දිය ඇල්ලට ඉහල කන්දේ උස්වැලකන්ද නම් ස්ථානයේ දේවාලයක් තියෙනවා කියන කථාව. මංමුලා වැල් කියලා වැල් වර්ගයක් තියෙන නිසා එතනට යන්න අමාරුයි කියලා ගම්මුන් කියනවා. මේයායේ ඇත්ත නැත්ත හොය හොය ඉන්නනම් දවස් කීපයක් එහෙ නවතින්න වෙනවා. ඒත් ආපහු උඩරට මැණිකේ කෝචිචිය අල්ලගන්න නම් දවල් කෑමෙන් පස්සේ ආයෙත් පල්ලම් පහින්න වෙනවා.
    මේ අප්‍රකට දිය ඇලි ගැන විස්තර කියන්නේ ගහට කොලට ආදරේ නැති නිකම්ම නිකං ආතල් ගන්න යන අයට නොවෙයි. ඇත්තටම ගහට කොළට පරිසරයට ආදරය කරන අයට යන්න විතරයි. එහෙම ගියත් අපි එහේ තියල එන්න ඕන අපේ පා සළකුණු විතරයි. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
    කෙහොම වුනත් නිවාඩු දවසකට වෙනසකටත් එක්ක යන්න පුළුවන් සුන්දර ගමනක් තමයි මේ ගලබොඩ දිය ඇල්ල බලන්න යන එක.

    Source
     
    Last edited:

    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    den nam me wage paalamak dala thiyenne. 6 parak gihin thiyenawa.
    private vehicle wala yannath puluwan den udatama. paara hadala thiyenne.
    photos nam thiyenawa upload karanna widihak ne :(