දිය ඇලි, කදු වලින් වට උන මන්දාරම් නුවර

Danuva

Active member
  • Jan 27, 2018
    63
    134
    33
    api දවස් දෙකකට plan එකක් හදාගත්තා. අපි මේ ගමන පිටත් උනේ වෙසක් පෝය දවසේ කොලබින් පාන්දර 3ට විතර අපි නුවරට යද්දී උදේ 5.30 වගේ උනා, නුවර ඉදන් පදියපෙලෙල්ල (Padiyapelella), අපේ ගමන පටන් ගන්නේ පදියපෙලෙල්ල (Padiyapelella) කියන ගමෙන්.

    මුලින්ම අපිට හම්බෙන්නේ පදියපෙලෙල්ලට යද්දීම මහකඳුර ඇල්ල මේක තියෙන්නේ ටවුන් එකෙන් මන්දාරම්නුවර පාරට හරවද්දී මයි, (ලංකාවේ උසම දිය අලි 10 අතර තියෙනවා, පාරට පෙන්නේ පොඩි කොටසයි, සම්පුර්ණ ඇල්ල බලන්න යන්න ඕනේ උඩට, මේ ඇල්ල ගැන සම්පුර්ණ විස්තරය දැනගත්තේ ගෙදර ආවට පස්සේ ). පදියපෙලෙල්ල ටවුන් එකේ තියෙනවා ආරුක්කු පාලමක්

    මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls)

    මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls)

    ආරුක්කු පාලම පදියපෙලෙල්ල

    ආරුක්කු පාලම පදියපෙලෙල්ල

    ඊට පස්සේ අපි ගියේ ඇතිනිවල ඇල්ල (Ethiniwala waterfall) බලන්න

    500643850_1015799117410542_3736202687615790165_n.jpg

    ඇතිනිවල ඇල්ල

    ඊට පස්සේ අපි ගියේ කබරගල ඇල්ල බලන්න, කබරගල ඇල්ලට ඇතිනිවල ඇල්ලේ ඉදන් කිලෝමීටර් 9ක් වගේ තියෙනවා. කබරගල ඇල්ල මීටර් 25ක් වගේ උසයි.

    501162364_1015799094077211_4384563034474947282_n.jpg

    කබරගල ඇල්ල

    කබරගල ඇල්ල බලලා අපි පහලට එද්දී, අපිට හම්බෙනවා කලුපාලම් ඇල්ල ,

    502450790_1015800057410448_8487698828173768794_n.jpg

    කලුපාලම් ඇල්ල

    ඊට පස්සේ අපි ගියේ මන්දාරම් නුවර Viewpoint එකට, මන්දාරම් viewpoint එකට ගියාම අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පිදුරුතලාගල කන්ද එහම ලස්සනට පේනවා.

    501311466_1015800450743742_1217335856727992832_n.jpg

    පහලින් පෙන්නේ මන්දාරම් නුවර විව් පොයින්ට් එක

    ඊටපස්සේ අපි ගියේ කටුවැරැල්ල දිය ඇල්ලට , මේ ඇල්ල නම් ගූගල් මැප් එකේ පාරක් පෙන්වන්නේ නැ. යන්න පුළුවන් බයික් සහ ත්‍රීවිල් වගේ වාහන වලට විතරයි ඒවගේ ගිහිනුත් කිලෝමීටරයක් වගේ පයින් යන්නත් වෙනවා.

    501574308_1015799004077220_1979172073346220262_n.jpg

    කටුවැරැල්ල දිය ඇල්ල drone එකෙන් බලද්දී

    500647754_1015798914077229_8875161204458887065_n.jpg

    කටුවැරැල්ල දිය ඇල්ල

    ඊට පස්සේ අපි ගියේ Kurundu Oya Ella Falls මේ ඇල්ල ඇත්තටම අයිති වෙන්නේ වලපනේට..මම දැක්ක ලස්සනම පාරවල් වලින් එකක් මන්දාරම් නුවර ඉදන් නුවර එලියට යද්දී හම්බෙන ඒ පාර.

    500817707_1015800330743754_4482719366168784451_n.jpg

    කුරුඳු ඔය ඇල්ල

    දෙවැනි දෑසේ උදේ giye Kolapathana ella බලන්න.

    500924191_1015799210743866_5396278629044160772_n.jpg

    කොලපාතන ඇල්ල

    501041382_1015798937410560_1351812703419872404_n.jpg


    කොලපතාන ඇල්ල කියන්නේ මීටර් 70ක් විතර උස ලස්සන දිය ඇල්ලක්, මේ අල්ලා කෑලි 3කට වැටෙන්නේ, ඒ නිසා වෙනම ලස්සනක් තියෙනවා.
    ------ Post added on Aug 16, 2025 at 3:32 PM
     

    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33
    කොලපතාන ඇල්ලත් බලලා උදේ 10ට වගේ අපි පිටත් උනේ Eastland View Point එකට, යද්දී තව ඇල්ලක් හම්බෙනවා, හවරි ඇල්ල කියලා

    501146312_1015799244077196_3329604797587674938_n.jpg

    හාවරි ඇල්ල

    රිකිල්ලගස්කද ටවුන් එකේ ඉදන් හේවාහැට (Hewaheta Eastland View Point) එකට කිලෝමීටර් 30ක් විතර තියෙනවා.

    501369729_1015798900743897_7819293879212686638_n.jpg


    500427898_1015799950743792_8096004228741679639_n.jpg

    Eastland View Point එක

    501582275_1015799744077146_6572579370531027024_n.jpg


    501453497_1015799427410511_761711758082518100_n.jpg

    පුංචි ලෝකාන්තය

    ඊට පස්සේ පිටත් උනේ Eastland වල ඉදන් කොණ්ඩගල කන්දට, Eastland වල ඉදන් කිලෝමීටර් 30ක් විතර තියෙනවා කොන්ඩගලට. කොණ්ඩ ගලට යන පාර නම් ටිකක් අමාරුයි යන්න එත් අපි ගියපු වෙලාවත් එක්ක අපිට කොණ්ඩගල නගින්න බැරි උනා, එත් අපිට කොණ්ඩගල යද්දී හම්බෙන ජේම්ස් ටේලර්ගේ ආසනය (James Taylor's Seat) එකට යන්න පුළුවන් උනා. එතනින් අපේ ගමන නිමා උනා.

    500571089_1015800117410442_2709766868889296942_n.jpg


    501566622_1015800420743745_8065305870106333878_n.jpg


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    දුම් ගොල්ල ඇල්ල ගාවින් පල්ලෙහා පයිනස් කැලය කෙලවර පට්ට නාන පොට් එකක් තියෙනවා. යන්න ඕනේ ආපහු ඉක්මනට

    මෙව්වා නම් කව්රුත් යන තැන් නෙවේ. පිනකට set වුනොත් මිසක්

    location :-

    https://maps.app.goo.gl/FP7sRsKJegcoxKLF7
     
    Last edited:

    win7dot

    Active member
  • Apr 7, 2011
    426
    81
    28
    දුම් ගොල්ල ඇල්ල ගාවින් පල්ලෙහා පයිනස් කැලය කෙලවර පට්ට නාන පොට් එකක් තියෙනවා. යන්න ඕනේ ආපහු ඉක්මනට

    මෙව්වා නම් කව්රුත් යන තැන් නෙවේ. පිනකට set වුනොත් මිසක්

    location :-

    https://maps.app.goo.gl/FP7sRsKJegcoxKLF7
    Gas kapala thiyenne dn. mokuth ma na. thani thalavak. giya anduven okkoma kapala aran gihin