අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    ඇත්තටම කියනවනම් ලංකාව අතීතයේදී රජ කාලෙදී සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බේ නෑ ...තොරතුරු හොයලා බලද්දී ලංකාවෙන් හල් පිට රට යැව්වා කියලා වාර්තාවල හම්බෙන්නෙ නෑ .ඒ උනාට ඉන්දියාවේ නැව් තොටවල් වල වාර්තා වල තියෙනවා ලංකාවට හාල් එව්වා කියලා ..එහෙම වුණේ කොහොමද ..දැන් සිංගප්පූරුව කරනවා වගේ වැඩක් තමා ලංකාව ඒ කාලේ කරලා තියෙන්නේ ..ඒ කියන්නේ අන්තරාල වෙලදාම ..මොකද්ද මේ ..උදාහරණයක් විදිහට වර්තමානයේ සිංගප්පූරුවේ කරන්නේ වෙනත් රටවලින් භාණ්ඩ එහෙට ගෙනල්ලා තවත් රටවලට බෙදා හරින එක ..අපිට ඛනිජ තෙල් ගන්න ඕන්නං අපි යන්නේ ඉරානයට ඉරාකයට නෙවේ සිංගප්පූරුවට ..ඉතිං ලංකාව ඒ කාලේ ඔය විදිහ අන්තරාල වෙළඳාම මධ්‍යස්ථානයක් ..එතකොට ලෝකෙම තියෙන හාල් බෙංගාලයේ , සියමේ
    .කාම්බෝජයේ අපේ රටට තමා ආවෙ ..යම්කිසි කෙනෙකුට හාල් ගන්න ඕන්නං එන්න ඕනේ අපේ රටට ..අපේ රට තමා "පෙරදිග ධාන්‍යාගාරය"ඒ අපේ රටේ හාල් නෙවෙයි පිටරටින් ආව හාල්.උදාහරණයක් විදිහට මහාවංශ තියෙනවා විජය කුමාරයා ආපු වෙලාවේ එයාගේ පිරිස කුවේණි හැංගුවා ..ඉතිං විජය කුමාරයාගේ දක්ෂතාව මත කුවේණි යටත් කර ගත් වෙලාවේ කුවේණි බත් වේලක් දීලා තියෙනවා විජය කුමාරයාට ..කොහෙන්ද බත් උයන්න හාල් ..ඒ හාල් හොයාගෙන තියෙන්නේ මුහුදු බත් වුණ නැව්වලින් ..ඒකෙන් කියන්නේ විජය කුමාර එන්නත් කලින් ලංකාවට පිටරටින් හාල් ගෙනල්ලා තියෙනවා ..අදත් ඒ වගේ නේ ..කන්ටේනරයක් පාරේ ඇක්සිඩන්ට් වුනොත් ඒකෙ තියෙන බඩු ටික අපේ මිනිස්සු එකතු කරගන්නවා ..ඒ කාලෙත් එහෙමයි..ඒත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේකට තහනමක් දාලා තියෙනවා ..ඒ කියන්නේ මුහුදු බත් වෙන නැව් වල සම්පූර්ණ අයිතිය රජතුමාට ..උදාහරණයක් විදිහට නෑවේ අශ්වයෝ හිටියනම් ඒකෙන් බාගයක් රජතුමාට අනේක් බාගේ නැව් හිමියට..මෙහෙම නීති රීති පැනෙව්වේ ඒ කාලේ අපේ රට වැදගත් නාවික මධ්‍යස්ථානයක් හින්දා ..

    ඉතිං ඇත්තටම ලංකාව කවදාවත් අතීතයේදී සහලින් ස්වයංපෝෂිත වෙලා නෑ..ඒකනේ මහාවංශය තියෙන්නේ හාමුදුරුවරු ගස්වල පොතු කෑවා ඉන්දියාවට ගියා කියලා ..ඒ වගේම අපි ඒ කාලේ විශාල නියං සා වලට මුහුණදීලා තියෙනවා ... ඉතින් ලංකාවට ආපු පෘතුගීසි ලංකාවට පිටරටින් සහල් ගෙන්නුවා ..ඒ වගේම ලන්දේසි එයාලගේ දියුණු කෘෂිකර්ම භාවිතා කරලා ලංකාවෙ වවන්න හැදුවත් අපේ මිනිස්සුන්ගෙ මිත්‍යා විශ්වාස මත ඒක සාර්ථක වෙලා නෑ ..බ්‍රිතාන්‍ය කාලයේදී මේක තවත් උග්‍ර වෙලා තියෙනවා .. 1948 අපි නිදහස ලබද්දී අපේ හාල් අවශ්‍යතාවෙන් සියයට අසූවක් අපි පිටරටින් ආනයනය කරල තියනවා ..

    ඒත් ජේ ආර් ජයවර්ධන ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක යන නායකයින් මහවැලි ව්‍යාපාර පටන් ගත්තාට පස්සේ අපි සහලින් ස්වයංපෝෂිත උනා එහෙම වුණේ අලුතින් වී වවන ප්‍රදේශ වැඩි කරා..අනික් පැත්තෙන් ලැබෙන පලදාව වැඩි කරා ..ඉස්සර 1948 හෙක්ටෙයාර කින් වී 1000kg අද හෙක්ටයාරයකින් වී 4000-5000kg.. එහේම ගත්තේ ගෙවත්තේ හදලා නෙවෙයි .විද්‍යානුකූල ක්‍රම අනුව අලුත් බීජ වර්ග හඳුන්වලා දීලා .අලුත් නිෂ්පාදන ක්‍රම හඳුන්වලා දීලා ඇත්තටම මේ ඔක්කොම ගොවියා දන්නවා .ඒක නිසයි පොහොර ඉල්ලලා කෘමිනාශක ඉල්ලලා කෑ .ගැහුවේ .නායකයෝ කිව්වා ගොවින්ට පිස්සු කියලා ..

    අපිට දැන් හොඳටම පේනවා අපිට මොකද උනේ කියලා ......
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,780
    113
    Gampaha
    මම හිතාගෙන හිටියෙ,
    ඒ කාලෙ ගොඩක් මිනිස්සු ගොවිතැන කරපු නිසා, ගෙදරට අවශ්‍ය වී ටික විතරක් තනි තනියම වගේ වගා කරගන්න ඇති කියල,
    අතිරික්තය කම්මල් කාරයො, කුඹල් කාරයො, මුහුදු රස්සාව කරන අය, වගේ අය එක්ක හුවමාරු කරගන්න ඇති.

    රට ඇතුලෙ පරිභෝජනයට ඒ විදිහට වී වවන්න ඇති.... නැත්තං රජවරු වැවු අමුණු හදවන එකේ තේරුමක් නෑනෙ....

    කොහොමටත් රට පටවන්න තරමට වගා කරා කියලනං හිතන්න අමාරුයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට යැව්ව නම් ඒ රටවල ඉතිහාස පොත්වල තියෙන්න ඕනෙ ලංකාවෙන් හාල් ගෙනාව කියල.

    අපේ රටේ හිටපු රජාගෙ වන්දිබට්ටයොයි තට්ටයොයි එකතුවෙලා ගොතපු කතාවක් ඕක
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    හරි මචන් දැනුවත් උනා. රජ කාලය කියන්නේ එක රජෙක්ගේ කාලය නෙමෙයි. ලියපු එකාට කියන්න 6 වන පරාක්‍රමභාහු රජ සමය ගැන හොදට අධ්‍යයනය කරන්න කියල.

    හරි හාල් යැව්වා හෝ යැව්වේ නෑ. දැන් ඔකේ වැදගත්කම මොකක්ද වර්තමාන තත්වෙට ???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි මචන් දැනුවත් උනා. රජ කාලය කියන්නේ එක රජෙක්ගේ කාලය නෙමෙයි. ලියපු එකාට කියන්න 6 වන පරාක්‍රමභාහු රජ සමය ගැන හොදට අධ්‍යයනය කරන්න කියල.
    ඒ කාලෙ හාල් පිටරට යැව්වද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අතීතෙ මිනිස්සු තුන්න වේලම ව්‍යාන්ජන 3-4ක් එක්ක බත්ම කන්න නැතුව ඇති. කුරක්කන, අල වලින් වේලක් මැනේජ් කරගත්ත නම් හාල් ඔය තරම් ඕනෙ වෙන්නෙ නෑ.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඒ කාලෙ හාල් පිටරට යැව්වද?
    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:
    රට ගොඩගන්න තියෙන බාධාවක් තමයි ඔය අතීතයේ සහල් පිටරට යැව්ව කියන මිත්‍යාව.. ගෝටත් ඕවට රැවටිල තමයි රටේ කෘෂිකර්මාන්තය විනාශ කරේ
     
    • Like
    Reactions: Kalegana

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:
    එහෙම කරන්න ඕනේ ඇයි?
     
    • Like
    Reactions: Kalegana

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    එහෙම කරන්න ඕනේ ඇයි?
    මචන් මේකට සෑහෙන දිග උත්තරයක් ලියන්න වෙනවා. සෝ කෙටියෙන් ලියන්නම්. මම ජොබට පොඩි වගාවක් කරන්න හිතුන. මම කරේ අත්හැරපු කුඹුරක් වගාකරන්න ඉන්වෙස්ට් කරා (වෙන එකෙක්ට වියදම් දීලා කුඹුර කෙරෙව්වා). මමත් පුළුවන් වෙලාවට වගාවට යෙදෙවුනා. දැන් කන්න කිහිපයක් කරා. කොරෝනා කාලේ නැති බැරි උන්ටත් හාල් දුන්නා නිකන්. වගාව කියන්නේ වෙනම ආතල් එකක්. ආතල් එකක් උනත් නියම විදියට ගන්න දැනගන්න ඕන, එහෙම නැත්නම් ආතල් කුඩු.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම දන්නෙ මෙච්චරයි,,, කාලෙන් කාලෙට ඉන්දියාවෙන් බැහැලා ලන්කාවෙ උන්ට කෙල වෙන්න නෙලන කොට ලන්කාවෙ ගොබ්බ හැත්ත උන්ව තොලොන්චි කර්ලා දාන්නෙ නැතිව අගනුවරත් උස්සන් පහලට ආපු එක තමයි වෙලා තියෙන්නෙ,, මහින්දෙයා 2015 දිගටම උන්නා නම් ඌ අගනුවර හම්බන්තොටට උස්සන් යනවා, 2500 වගෙ වෙද්දි මෙකෙ අගනුවට වෙන්නෙ මාල දිවයින..... ඔන් බලපම්,,,
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,671
    3,386
    113
    මමනම් හිතන්නේ දියුනු ශිෂ්ටාචාරයක් ඉස්සරම තීලා උන් මොකක් හරි වෙලා වද වෙලා ගිහින් එක එක පැත්තෙන් ආපු උන් මෙහේ පදිංචි වෙලා වගේ..බලපන් ගොඩක් උන් කිසි කොලිටි එකක් නෑනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මචන් මේකට සෑහෙන දිග උත්තරයක් ලියන්න වෙනවා. සෝ කෙටියෙන් ලියන්නම්. මම ජොබට පොඩි වගාවක් කරන්න හිතුන. මම කරේ අත්හැරපු කුඹුරක් වගාකරන්න ඉන්වෙස්ට් කරා (වෙන එකෙක්ට වියදම් දීලා කුඹුර කෙරෙව්වා). මමත් පුළුවන් වෙලාවට වගාවට යෙදෙවුනා. දැන් කන්න කිහිපයක් කරා. කොරෝනා කාලේ නැති බැරි උන්ටත් හාල් දුන්නා නිකන්. වගාව කියන්නේ වෙනම ආතල් එකක්. ආතල් එකක් උනත් නියම විදියට ගන්න දැනගන්න ඕන, එහෙම නැත්නම් ආතල් කුඩු.
    උඹට වගාව ආතල් නිසා රටේම එවුන් වවන්න ඕනේ?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    උඹට වගාව ආතල් නිසා රටේම එවුන් වවන්න ඕනේ?
    දෙයක් කිව්වම ඒකෙ වචනයක් දෙකක් අල්ලන් බහුභූත දොඩවන්න එපා බන් (කමෙන්ට් එක පටන්ගද්දීම දිග කතාවක් කෙටියෙන් ලියනවා කියල දාල තියෙනව බන්). මම කිව්වේ නෑ රටේම උන් වවන්න කියල. සැලසුම් සහගතව වගා කරන එකෙක්ට වරදින්න තියන චාන්ස් <1%. වවන උන් වවාවී, සල්ලි තියන උන් සල්ලි වලට ගන්න පුළුවන්තාක් කල් කාවි ඊට පස්සේ සල්ලි කොලේ තම්බල කාවි. මොකුත්ම නැති උන් හිගා කාවි. එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and Pali8928

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    දෙයක් කිව්වම ඒකෙ වචනයක් දෙකක් අල්ලන් බහුභූත දොඩවන්න එපා බන් (කමෙන්ට් එක පටන්ගද්දීම දිග කතාවක් කෙටියෙන් ලියනවා කියල දාල තියෙනව බන්). මම කිව්වේ නෑ රටේම උන් වවන්න කියල. සැලසුම් සහගතව වගා කරන එකෙක්ට වරදින්න තියන චාන්ස් <1%. වවන උන් වවාවී, සල්ලි තියන උන් සල්ලි වලට ගන්න පුළුවන්තාක් කල් කාවි ඊට පස්සේ සල්ලි කොලේ තම්බල කාවි. මොකුත්ම නැති උන් හිගා කාවි. එච්චරයි.
    රටේ ඕනේ හැම දේම රට ඇතුලේ වවන්න ඕනේ කියල ඒ ඇයි කියල ඇහුවම මම වවන්න ආස නිසාලු. පිස්සෙක්ද ඕයි?
     
    • Like
    Reactions: Pali8928

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    රටේ ඕනේ හැම දේම රට ඇතුලේ වවන්න ඕනේ කියල ඒ ඇයි කියල ඇහුවම මම වවන්න ආස නිසාලු. පිස්සෙක්ද ඕයි?
    ඔයා මගෙන් ඔය හයිලයිට් කරපු ටික අහපු තැන පෙන්වන්න.. ඒක පෙන්නුවොත් මම පිස්සා කියන එක භාරගන්නම්. පිස්සා කලබල වෙලා හතර වටේ එවුන්ට පිස්සා, පිස්සා කියල කෑ ගැහුවට දොස්තර කලබල වෙන්නේ නෑ බන්. :lol: :lol:
    රටක් තමන්ට ඕන සේරම දේවල් වගා කරන්න ඕනේ නෑ. එත් පොටෙන්ෂල් එකක් + ආර්ථිකව වාසි තියන ඕනෑම දෙයක් වගා කරන්න ඕන. facts & figures එක්ක Netherlands, Japan වගේ රටවල් එක්ක පැහැදිලි කරනවා දෙයක් කියවල තේරුම් ගන්න පුළුවන් එකෙක් ප්‍රශ්නය ඇසුවා නම්. :lol:
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1970 ganan wala sathiyata deparayi kanna bath thibbe pitaratin gennana eka thahanan karapu hinda.
    Onna okai thathwe.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    හරි බන් උන් හාල් යැව්වත් අපට මොකද බන්. යවපු හාල් දැන් උන් අපට ආයේ දෙන්නේ නෑනේ. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ හාල් යැව්වද නැද්ද කියල හොය හොයා ඉන්න එක නෙමෙයිනේ. පුළු පුළුවන් විදියට තමන්ගේ ආහාර ටික රට ඇතුලේ හදාගන්න එක. රටක් විදියට හදන්න බැරි නම් අඩුම තරමේ පවුලක් විදියට හරි හදාගන්න තියෙන්නේ. :cool::cool:
    අඩෝ ආයේ ඉල්ලමු.. මතක නැද්ද බොලාට අපේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා හාල් දීපුවා අමතකද. අපිටක් කෙල වුනාම ටොන් එකක් දෙන්න බැරිද කියල ඉල්ලමු. 😎
     
    • Haha
    Reactions: HmNRazor and Tz4400

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    අඩෝ ආයේ ඉල්ලමු.. මතක නැද්ද බොලාට අපේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා හාල් දීපුවා අමතකද. අපිටක් කෙල වුනාම ටොන් එකක් දෙන්න බැරිද කියල ඉල්ලමු. 😎
    :lol: :lol: ලංකාවේ දිනක සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 ට වැඩියි බන්. ඕන නම් උබට ටොන් එක අරගෙන අල්ලපු ගෙදර නංගිට අවුරුදු ගානක් කැඳ හද හද පොවන්න පුළුවන් තොත්තු දිදී.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    අපි ඒ කාලේ කලෙත් රජෙක් හදාගෙන ඌව රජ මාලිගාවක තියලා ඌ කියන කියන ඒවා නෙල නෙල දැං වගේ ඌට බෑන බැන අලුත් රජෙක් පස්සේ ගිහින් එකම ලනුව කෑව එක . දැනුත් කරන්නේ ඒක . කබ්බෝ ෆෝම් කරලා දුක් විදින ජනතාවක්