අතීතය_සිහිනයක්_පමණයි

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    අතීතය_සිහිනයක්_පමණයි

    2unwpd4.jpg





    80 දශකයේ වැඩිහිටියෝ. (වර්තමාන සීයලා ආච්චිලා)

    බලන්න දැන් හැදෙන තරුණ ළමයි කිසි චාරයක් නැහැ. මුන් දැන් කසාද බදින්නත් කලින් ඉස්කෝලේ යන කාලෙම මදන විසේ ඔලුවට ගහල ලවු ලෙටර් ලියනවා. අපි එහෙමද? අපි ගෙදරින් හොයල දෙනකල් ඕවා ඔලුවට ගත්තේ නැනේ.
    දැන් එවුන් අහන සින්දු බලන්න , අර ජෝතිපාල කියල කසිකබල් ගායකයන්ගේ හින්දි කොපි අහන්නේ, නැත්තන් ක්ලැරන්ස් ගේ තුට්ටු දෙකේ ගිටාර් සින්දු. මොකාද මේ මයිකල් ජැක්සන් කියන දගර පණුවෙක් වගේ දගලන හිපාටුව. අපේ කාලෙනේ නියම සංගීතේ තිබ්බේ, ඒ කාලේ වැර්ලස එකේ ගිය සින්දුත් එක්ක බලද්දී මේවා මොනවද? ඒ කාලේ රුක්මනී දෙවිලගේ ෆිල්ම් වගේද අද ෆිල්ම්. කවුද මේ විජය කුමාරතුංග කියන ගස් වටේ කැරකෙන එකා. මොනවද මේ බෙල් බොටමුයි , මිනි ගවුමුයි. අදින්නවත් හරියට දන්නවද අද කාලේ එවුන්. අපේ කාලේ වගේ සරම බැනියම හරි, ෆුල් සුට් අදින්න එපයි. අපේ කාලෙනේ නියම කාලේ. දැන් එවුන්ට කොයින්ද ඒවගේ ආතල්.

    වර්තමාන වැඩිහිටියෝ (80 දශකයේ තරුණ පිරිස)

    බලන්න දැන් හැදෙන තරුණ ළමයි කිසි චාරයක් නැහැ. මුන්ට දැන් ඉන්ටනේටුයි , මොබයිල් ෆොනුයි නිසා ලවු කරන එකත් හරි සිල්ලර වෙලා. අපේ කාලේ එහෙමද? අපි නම් අහිංසක විදියට ලියුම ලියල තමයි ආදරේ ප්‍රකාශ කරේ. මුන් අහන සින්දු වල හැටි බලපන්කෝ, රැප් කියයි රොක් කියයි. අර එමිනම් කියල බෙරිහන්දෙන උන්ගේ සින්දු තමයි මුන්ට හොද. අර කසුන් කල්හාරගේ උනත් සින්දු වල ඉස්සර ඒවගේ තරම් කිසිම රසයක් නැහැ. ඉස්සර ජෝතිපාලගේ හරි ක්ලැරන්ස් ගේ හරි සින්දු කොච්චර අගෙයිද? අනික මොනාද මේ දැන් කාලේ එන ෆිල්ම් . කර්ම කියයි, සංකාරා කියයි , සමනල සංධ්වනිය කියයි. ඔවද ෆිල්ම්. අපේ කාලෙනේ ෆිල්ම් තිබ්බේ. විජය ගේ ෆිල්ම් කොච්චර හොදද? මුන් අදින හැටි බලපන්කො, හැම තැනටම යන්නේ ඩෙනිම් ගහල. නැත්තන් ෂොට් ගහල. කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැහැ. මුන් හිතන් ඉන්නේ ඩෙනිමයි ටී ෂට් එකයි අන්දම හෙන පිළිවෙලයි කියල. ඒ කාලේ ෂොට් ඇන්දේ හිරකාරයෝ විතරයි. ඒ කාලෙනේ ෆැෂන් තිබ්බේ. දැන් එවුන්ට කොයින්ද ඒවගේ ආතල්.

    2040 වැඩිහිටියෝ (වර්තමාන තරුණ පිරිස)

    බලන්න දැන් හැදෙන තරුණ ළමයි කිසි චාරයක් නැහැ. මුන්ට දැන් ලවු කරන්නේ 'hologram technology' එකෙන්. එකෙන් මුළු රුපෙම මවාගනන බැරිනම් අද උන්ට ලවු කරන්න බෑ. අපිනම් ඉතින් ලවු කරේ අහිංසක විදියට ෆෝන් එකෙනුයි , ඉන්ටනෙට් එකෙනුයි. වැඩිම උනොත් ස්කයිප් එකෙන් විඩියෝ කෝල් එකක් ගනී. දැන් ආදරේ හරි සිල්ලර වෙලා. දැන් කාලේ මුන් අහන සිංදුවල හැටි. අර ලොස්පොලොස් කියන සින්දු කියන එකා සින්දු කියනවද නැත්තන් විසිල් ගහනවද? උට හරියට රැප් එකක් වත් කියන්න පුලුවන්ද? දැන් කාලේ උන් ඉතින් උට වදියි මල් තියල. ඒ වගේද අපේ එමිනම් අයිය. අපේ කාලෙනේ නියම සංගීතේ තිබුනේ. කසුන්ලගේ සින්දු වලට ගහන්න තාම ලංකාවේ එකෙක් ඉන්නවද? අනික මුන් අදින හැටි, මේවත් අදුම්ද? මුන් අදින්නේ පාට වෙනස් වෙන ඇදුම්. ඒවා හෝදන්න ඕනෙත් නැහැ ඔටෝ ක්ලීන් වෙනවා. ඕවට ඇදුම් කියන්න පුලුවන්ද? අවුරුද්දටම එකම ඇඳුමයි. ඒ වගේද අපේ කාලේ , කොච්චර ලස්සන ෆැෂන් තිබ්බද? මුන් දැන් අපි ඩෙනිමක් ඇන්දත් හිනාවෙනවා කාලකන්නි. අපේ කාලෙනේ ඉන්න තිබුනේ. දැන් උන්ට කොයින්ද ඒවගේ ආතල්.

    ප.ලි

    මේක ලියන්න හිතුනේ එළකිරියේ සමහර අයියලා සහ අන්කල්ලා වර්තමාන තරුණයින්ට දෙහි කපන ත්‍රෙඩ් එකක් දැකල.
    හැමෝම වැඩිහිටියෝ උනාම හිතන්නේ තමන්ගේ තරුණ කාලේ තරම් අද කාලේ හොදනැහැ කියල.
    එක අදත් තියනවා, එදත් තිබුනා , හෙටත් තියේවි.
    වැල යන අතට මැස්ස ගහන එක තම හැම කාලෙම වෙන්න ඇත්තේ.
    ඒ කාලේ ෆෝන් තිබ්බනම් ලවු ලෙටර් ලියන්නේ නැහැනේ.
    ඒවගේම කවද හරි telepathy ක්‍රමයට mind reading වගේ එකක් ආවොත් ආය කෝල් කර කර ඉන්න ඕනේ නැහැනේ.
    හැම කාලෙම ලස්සන අදහස් තියන නිර්මාණශීලි මිනිස්සු හිටියා , ඒ වගේම කාලකන්නිත් හිටිය.
    තමන්ට නැවත ඉස්කෝලේ යන්න බැහැ , අවුරුදු 20,25 තරුණයෙක් වෙන්න බැහැ කියල හිතෙනකොට එන දුකත් එක්ක වර්තමාන තරුණයෝ ගැන ලාවට පොඩි ඉරිසියාවක් එනවා.
    එක කවදාහරි දැන් ඉන්න තරුණයින්ටත් ඒවගේම වෙයි.

    අන්තිමට කියන්න තියෙන්නේ දිවුල්ගනේ ගේ සින්දුවක කෑල්ලක්.

    අතීතය සිහිනයක් පමණයි, සැබෑ සුවදක් නෑ


     
    • Like
    Reactions: ABACUS