අතුරුදන් මලයාසියානු මගී ගුවන් යානයේ රේඩා

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    අතුරුදන්(Update)

    New Updates::
    අතුරුදන් ගුවන් යානයේ කොටසක් වියට්නාම මුහුදෙන්

    අතුරුදන් වී ඇති මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 ගුවන්යානයේ සුන්බුන් වියට්නාම මුහුදේ පාවෙමින් ඇති බවට සැක පළවෙයි.

    මේ වනවිට සෘජුකෝණාස‍්‍රාකාර කොටසක් හමුවී ඇති අතර එය ගුවන් යානයේ ෙදාරක කොටසක් බවට සැක පළකෙරේ.

    මගීන් හා කාර්ය මණ්ඩල සේවකයන් 239දෙනකු සමඟ ක්වාලාලාම්පූර් සිට පැමිණෙමින් සිටියදී බිජිං වෙත ළගාවීමට පෙර ගොඩබිම ප‍්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටීමෙන් පසු වියට්නාම මුහුදට එය වැටී ඇතැයි සැකකරමින් මුහුදේ පරීක්ෂණ අරඹා ඇත.

    එම යානයේ රේඩාර් සංඥ පිළිබඳ නිරතුරුව අධීක්ෂණය කරනු ලබන ආරක්ෂක අංශ සහ මලයාසියානු ගුවන් සේවය පවසා තිබුණේ එක් අවස්ථාවකදී රේඩාර් සංඥ නිකුත් වු බවත් යානය යළි පැමිණිය හැකි යැයි අපේක්ෂා කරන බවත් ය.

    කෙසේවෙතත් සියලූ අංශ මගින් පරීක්ෂණ අරඹා තිබුණ ද අතුරුදන් ගුවන් යානයට සිදුවු බවට හෝ එම යානය බව කිවහැකි කිසිදු නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණය වී නොමැත.

    ගුවන් යානය සෙවීම සඳහා ගුවන් යානා 34ක්, නෞකා 40ක් යොදවා ඇති අතර වියට්නාමය, ඕස්ටේ‍්‍රලියාව, චීනය හා ඇමෙරිකානු ආරක්ෂක අංශ මෙහි පරීක්ෂණ සඳහා දායක වී සිටියි.

    9a4e69fceb9b40485256d2b0f3474fa4ae4d5ba6.jpg

    6c8248a7-f270-46ab-b406-9476dcd28593-big.jpg

    5f6ece412dc88f8cfb3d05189a01959e62d0e6f3.jpg

    Old News::
    අතුරුදන් මලයාසියානු මගී ගුවන් යානයේ රේඩාර් සංඥා නිකුත් වෙයි :shocked:

    missing%20piolots.jpg

    මගීන් 239දෙනකු සම`ග ගුවනේදී අතුරුදන්ව ඇති බෝයිං 777 ගුවන් යානයේ රේඩාර් සංඥ නිකුත් වෙමින් පවතින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

    යානය අතුරුදන්වීමට පෙර එය ආපසු හරවා එන්නට ඇති බවට දැන් දැන් සැකපළ කෙරෙන බව ඔහු පැවසූ බවට ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කරයි.

    මේ වනවිට යානයේ පර්යේෂණ කටයුතු එෆ්.බී.අයි. වෙත භාරදී තිබේ.

    මගීන් 227ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනකු සමඟ ඊයේ දිනයේ දී ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගිය ගුවන් යානය බීජිං ගුවන් සීමාවේ දී ගොඩබිම ප‍්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටී අතුරුදන් වී තිබිණ.

    එය වියට්නාම මුහුදේ වැටී ගිලී ඇතැයි ඊයේ රාත‍්‍රියේ ඉඟි පළවී තිබුණ ද එය සොයා මුහුදේ පරීක්ෂණ ආම්භ කිරීමට වියට්නාම, ඇමෙරිකා යුද නෞකා යොදවා තිබිණ.

    නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

    කෙසේවෙතත් මෙම යානයේ ගොස් ඇති බවට සටහන් වූ මගීන් දෙදෙනකු ගොඩබිම සිටින බවට අනාවරණය වූ අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් සොරකම් කොට වෙනත් පුද්ගලයන් දෙදෙනකු එම යානයේ ගමන් කර තිබෙන බවට ද තොරතුරු පළවිය.

    බලපත් සොරකම් කොට යානයේ ගමන් ගත් දෙදෙනා ත‍්‍රස්තයන් බවට ද සැක පළකෙරිණ.

    චීන සහ තායිවාන ජාතිකයන් 154ක්, මලයාසියානු ජාතිකයන් 38ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 12ක්, ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් 7ක්, ප‍්‍රංශ ජාතිකයන් 3ක්, ඇමෙරිකානු ජාතිකයන් 4ක්, නවසීලන්ත ජාතිකයන් 2ක්, යුක්රේන ජාතිකයන් 2ක්, කැනඩා ජාතිකයන් 2ක්, රුසියානු, ඉතාලි, නෙදර්ලන්ත හා ඔස්ටි‍්‍රයානු ජාතියකු බැගින් එම ගුවන් යානයේ සිටි බව අදාළ ගුවන් සේවය පවසා ඇත.

    ගුවන් නියමු මැලේසියානු ජාතික කැප්ටන් සහාරි අහමඞ් ෂාහ් විසින් මෙම යානය ගුවන් ගත කර ඇත. 53 හැවිරිදි ඔහු 1981 දී මලයාසියානු ගුවන් සේවයට බැඳුණු 18,365ක ගුවන් කාලය හිමි නියමුවෙකි.

    මෙම ගුවන් යානයේ සහයක නියමුවා ලෙස කටයුතු කරනු ලබන්නේ මැලේසියානු ජාතික ෆාරික් අබ්හමීඞ් නමැති 27 හැවිරිදි අයකු වන අතර, 2007 වසරේදී ඔහු මලයාසියානු ගුවන් සේවයට සම්න්ධ වී ඇති අතර ඔහු සතු මුළු ගුවන් කාලය 2763කි.

    Source: Rivira
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

    Source: Rivira

    :oo::oo::oo::oo:

    mona gon kathawakda ban meka..???
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    Flight eka Crash wela nathi kathandarayak thama yanne. eath sure na. hijack case ekak kiyalath kiyanawa.. :baffled:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Mehema wenna one wade wela thyienne ara ticket horakam karapu dial 3k da koheda inne un plane ekaa penala yanagaman magadi redar serama kadanna athi disconenct wena widiyata ethakota un koheda yanne hoyanna bane??? eta passe mun place un ussala kohe hari geniyanna athi plane eke inna un baya karala nattam unwa maranna athi :O marala muhudata damamda danne na :O