අතුරුදහන් වුනු දුම්රියේ කතාව...
මගීන් 106 සමග උමගක් තුලදී අතුරුදහන් වුනු දුම්රියේ කතාව..
දුම්රිය අනතුරු ගැන ඔබ මිට පෙර අසා ඇත විවිද රට වලින් මෙන්ම ශ්‍රී ලංකා වෙන්ද වරින් වර දුම්රිය අනතුරු ගැන අසන්නට ලැබේ. දුම්රිය අනතුරු ගැන මෙසේ සදහන් වෙද්දී. දුම්බ්රිය අතුරුදහන් වීමක් පිලිබදව ලොවම මවිත කරමින් වසර 1911 දි ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා. 911 ජුලි මස 14 වන දින සනේලියානු දුම්රිය සේවා සමාගම තම නවතම දුම්රිය මාදලිය හදුන්ව දීම සදහා විශේෂ දුම්රිය ගමන් වාරයක් සන්විදානය කර තිබුනා. මේ විශේෂ ගමන් වරය සදහා ඔහුන් අරාදනා කර තිබුනේ සමාජයේ ඉතාම ධනවත් හා ප්රබූ ලෙස සැලකු පිරිසකටයි. දින සන්දයාවේ දුම්රිය මදිරි 3 කින් සමන්විත වුනු මෙම දුම්රිය 100ක පමණ මගී පිරිසකුත් 6 දෙනකුගෙන් යුත් කාර්ය මන්ඩලයකුත් සමග ගමන් ඇරබුවා..මගී පිරිස අවට සිරි නරබමින් ගමන් ගන්නා අතර ඔවුන් ලගා වෙමින් සිටියේ ලොම්බාර්ට් කදුවැටිය හරහා වැටී තිබූ උමං මාර්ගය වෙතයි.උමගට ඇතුලු වීමට පෙර දුම් රියේ වේගය බෙහෙවින් අඩු කල අතර උමග දෙසින් දිස් වූයේ ඉතා අදුරු දුමක් සහිත මීදුමක් ..උමගට ඇතුලු වූ දුම් රිය සදහටම අදුරුදන් උනා..මේ අතර දුම් රියේ අවසන් මැදිරියේ සිටි දෙදෙනකු ඉදිරියේ උමග තුල අසාමාන්‍ය දෙයක් සිදුවන බව දැන දුම් රියෙන් පිටතට පැන ගන්නට කටයුතු කර ඇත..මින් දිවි බේරාගත්තකු පසු කාලීනව ඉතාලි පුවත් පතකට පෙර වූ සිදුවීම විස්තර කර ඇත්තේ මෙලෙසයි " මට පෙනුනා දුම් රිය වසාගෙන උමග තුලින් සුදු පාට මීදුමක් ඉදිරියට පැමිණෙනවා.මුහුදු රලක් වැනි කලු දුමාරය අතරින් අමුතු ශබ්ද ඇසුනා.ඒමීදුම අතර දුම් රියේ පලමු මැදිරිය සැගවී ගියා,මම මහත් බියට පත් වුනා එම අවස්ථාවේම මම දුම් රියෙන් බිමට පැන්නා ඒ හා සමගම තවත් කෙනෙකු පිටතට පනිනවා මම දැක්කා.ඒ තමා මට අවසානයටම මතක තිබූ සිදුවීම.." ඒ සිදුවීමෙන් මෙම මගියා මහත් කම්පනයට පත් වී තිබුනා.උමග පුරා සෝදිසි කිරීම් ආරම්භ කල අතර යුධ හමුදාව හා සේවක පිරිස දහසකට ආසන්නව මෙම රාජකාරි සදහා යෙදවුනා.නමුත් දුම් රිය පිලිබදව ඔවුනට කිසිදු සලකුනක් තබා සොයාගන්නට නොහැකි විය.
සියලුම දෙනා බියට වගේම ඉමහත් පුදුමයට පත් වුනා.මෙම සිදුවීම ඉතාලිය පුරාම පැතිර ගියේ විදුලි වේගයෙන් ,මෙයින් ඉමහත් බියට පත් වුන ඉතාලියානුවන් දුම් රිය වල ගමන් ගැනීම පවා ප්‍රතික්ෂේප කරන්නට විය.පසුව මෙම උමග සදා කාලයටම වසා දැමුනා.කෙසේ නමුත් මෙම සිදුවීමෙන් බොහෝ දෙනා විශ්මයට පත් කල අතර බොහෝ දෙනා විවිධ මත පල කරන්නට උනා..ඇතමුන් පැවසූයේ මෙය භූත බලවේගයක ක්‍රියාකාරකමක් බවයි .තව ඇතමුන් පැවසූයේ මෙය ලෝක අතර කාල තරණය කල හැකි ස්තානයක් බවයි..තව සමහරු පැවසූ පරිදි මෙය හමුදාමය යුධ උපක්‍රම ක්‍රියා මාර්ගයක් බවත් සදහන් කලා ..
කාලය ගෙවී ගිය අතර මෙම සිදුවීමෙන් වසර 30 කට පමන පසු එනම් වර්ෂ 1940 දී මෙක්සිකෝවෙන් අමුතු සිදුවීමක් වාර්ථා වී තිබුනා.මෙක්සිකෝවේ ජීවත් වූ මානසික වෛද්‍යවරයකු සිය වාර්ථා වල මෙසේ සදහන් කර තිබුනා,එනම් මානසික රෝගීන් 104 දෙනෙකු එකවර මෙක්සිකෝවෙ රෝහලකට ඇතුලත් කර ඇති අතර ඔවුන් සියලුම දෙනාගේ රෝග ලක්ෂණ සමානයි.ඔවුන් සිහි විකල් තත්වයකින් පසුව තිබුනා..මොවුන් කිසිවකු මෙක්සිකානු ජාතියම්කයන් නොවන අතර ඔවුන් සියලු දෙනා ඉතාලියානුවන්..මොවුන් කිසිදු නැව් මාර්ගයකින් මෙහි නොපැමිනි බවට තොරතුරු ලැබී ඇතිඅතර ඔවුන් හැද පැලද සිටි ඇදුම් පැලදුම් පවා මීට දශක කිහිපයකට එහා බාවිත කල විලාසිතාවන් විය..ඔවුන් පවසා ඇත්තේ දුම් රියකින් මෙහි පැමිණි බවයි.මෙම තොරතුරුත් සමග බොහෝ දෙනා මෙම සිදුවීම් දෙක එකට එක ගැලපීමට උත්සාහ ගන්නට විය.එදා වසර 30 කට පෙර ඉතාලියේදී උමං මාර්ගයක් තුලදී අතුරුදන් වූ ඉතාලි ජාතිකයින් 104 දෙනා ඉන් දශක තුනකටත් පසු නැවත මෙක්සිකෝවෙන් මතු උනාද ??. ඔවුන් කාලය හරහා ගමන් කර වෙනත් තලයක කාලයක් රැදී සිට නැවත මෙක්සිකෝවෙන් මෙම ලෝකයට ඇතුලු උනාද ?? මෙම සිදුවීම ලොව නොවිසදුනු අභිරහස් ගොන්නට එකතු උනු තවත් එක් සිදුවීමකි
ඩොන්- Shyam Don
Last edited:



