අතුරුදහන් වූ දැරිය සොයන්න මග පෙන්නූ කරුව&#3517

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අතුරුදහන් වූ දැරිය සොයන්න මග පෙන්නූ කරුව&#3517

    mevaa පිළිගන්න අය ඉන්නවා පිළිනොගන්න අය ඉන්නව කලින් පිළිනොගෙන තමන් දැක්ක සිදුවීම් වලින් පස්සේ පිළිගන්න අය ඉන්නවා.

    මේ ලිපිය මම උපුටා ගත්තේ nethfm එකෙන් nethfm එක උපුටාගෙන තියෙන්නේ දිවයින පත්තරෙන් :rofl:

    දිනපතාම වාගේ අලුත් ප්‍රවෘත්ති සොයමින් සිටින අපිට නොයෙක්‌ ප්‍රවෘත්ති ගැන ලියන්නට ලැබෙන්නේය. ත්‍රාසය භීතිය මුසුවූ පුවත් එදා බොහෝ විට අපට ලියන්නට ලැබෙන්නේ නගරයේ සිටය. නමුත් අද ඈත පිටිසර ගම්මානවලින් අසන්නට ලැබෙන ඇතැම් පුවත් ලොවම මවිත කරවන තරම්ය.


    වයස අවුරුදු තුනක දැරියක්‌ හුදකලාවේ අලි, කොටි, වළසුන්ගෙන් ගහණ වනයක්‌ මැද කිලෝ මීටර් 15 ක්‌ ඇවිද ගොස්‌ අතරමංව පසුව මධ්‍යම රාත්‍රිය ද පසුව තිබියදී සොයාගත් පුවතින් ත්‍රාසය, භීතිය මෙන්ම විමතිය ද එක්‌කොට ඔබට කියන්නට අපට අවස්‌ථාව ලැබුණේය. මේ සිදුවීම පුවතට එහා ගිය යම් සිදුවීමක්‌ ඇති බව අප තේරුම් ගත්තේ එම පුවත පුරාවට මතුව පෙණුන අද්භූත සිදුවීම් පෙළක්‌ නිසාය. ලොව වෙනත් රටවලට වඩා අපේ රටේ පාඨකයන් පුවතක්‌ පසුපස හඹා යමින් එහි "අලගිය මුලගිය" තැන් කියවන්නට දක්‌වන රුචිය නිසාම අපි මේ පුවතට පසුබිම් වූ කරුවලගස්‌වැව ප්‍රදේශයට පෙරේදා (07 ) ගියේ ඒ යටගියාව මතු කර ඔබට කියන්නටය.


    පාන්දර 4.20 ට හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට යන බසයකට මම පිටකොටුවෙන් ගොඩ වීමි. කරුවලගස්‌වැවට ගියෙමි.


    නගරයේ පොලිසියට වඩා ගමේ පොලිසිය කොතරම් වෙනස්‌ද? කතා බහ, පිළිගැනීම, ආගන්තුක සත්කාර මට මහත් සැනසීමක්‌ විය. පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතාගේ ආගන්තුක සත්කාරවලින් උදේ ආහාර වේල පිරිමසා ගත් මම ඔහුගේ සහයද ඇතිව දිනිති දැරිය කැලයේදී සොයා ගැනීමට කැප වූ පොලිස්‌ නිලධාරීන් සමඟ ද කතා බස්‌ කළෙමු.


    "අපි එදා රාත්‍රී රාජකාරි සඳහා සූදානම්ව ඉන්නවිට 6.30 විතර කෙනෙක්‌ ඇවිල්ලා ළමයෙක්‌ අතුරුදන්වෙලා කියල කීවා. අතුරුදන්වෙලා තිබුණේ ගෑනු දරුවෙක්‌. මම ඒ වේලාවේ අනෙක්‌ රාජකාරි පසෙක තියලා නිලධාරීන්ට තුවක්‌කු සමග සූදානම් වෙන්න උපදෙස්‌ දුන්නා. අපි මේ දැරියගේ නිවසට යන කොටත් රාත්‍රි 7.00 පමණ උනා. මුළු ගමම එකතුවෙලා දරුවා හොයනවා. දැරිය කැලේට රිංගල කියලා අපිට දැනුණා. ගම්මු කැලේ ඇතුළේ රෑට ඇවිදින්න බයයි. දහවලටත් අලි මෙන්ම වෙනත් වන සතුන් ගැවසෙන කැලයක්‌ මේක. නමුත් මම ගම්මු උනන්දු කළා. පොලිසිය ඉන්න නිසා බය වෙන්න එපා. අපිත් එක්‌ක යමු කියලා. කැලේ ඇතුළේ අඩි පාරවල් කීපයක්‌ තිබුණා. ඒ නිසා පොලිසියත් ගම්මුත් කණ්‌ඩායම් තුනකට බෙදලා තුන් පැත්තකට කැලේ ඇතුළේ ගමන් කළා.


    මේ අතරේ තමයි ගම්මුන් ගමේ තියෙන දේවාලයකට ගිහිල්ල ශාස්‌ත්‍ර අහලා තිබ්බේ. ශාස්‌ත්‍ර අහපු අයට දේවාලයෙන් කියල තිබුණා කැලේ නැගෙනහිර පැත්තට තමයි දරුවා ගමන් කරන්නෙ කියලා. ඒ පැත්තට පොලිසියේ අමිල ඇතුළු පිරිසක්‌ පිටත් කළා. එදින ප්‍රදේශයේ පින්න වැටුණු දිනයක්‌ නිසා පොළොව තෙත් වෙලා තිබුණේ. ඒ නිසා දැරිය කැලේ ඇතුළේ ගියත් අඩි සලකුණු තියෙන්න ඕනේ. දේවාලයෙන් කියපු විදිහට ගම්මු කැලේ ඇතුළට යනකොට අඩි සලකුණු දකින්න ලැබිලා. ඒ අඩි සලකුණු ඔස්‌සේ අපේ කණ්‌ඩායම් ඉදිරියට ගියා. එක තැනක දිය කඩිත්තක්‌ තිබුණා.


    අපේ අය ඒකට බැස්‌සාම අපේ දණහිසටත් උඩින් වෙන්න දිය කඩිත්ත ගැඹුරුයි. එතැනින් ගොඩවෙලා බැලුවාම ආයෙත් දැරියගේ පා සලකුණු තිබුණා. අඩි 3 ක්‌ පමණ උස වයස අවුරුදු 3 ක දැරියක්‌ මේ ගැඹුරු දිය කඩිත්තෙන් එගොඩ උනේ කොහොමද? අපිට කැලේ ඇතුළේදී හැඟුණේ පොලිසිය නොමග යවලා අපිත් අමාරුවේ දාන්න කවුරු හරි කටයුතු කරලාද කියලයි. අපි ඒ ගැන ගම්මුන්ට නොකියා ඕනෑම දේකට සූදානමින් දැරියගේ අඩිපාර දිගේ ගියා. නමුත් කැලේ ඇතුළේ තණබිස්‌සක්‌ හම්බ වෙනවා. මිසක්‌ එතැන අඩි පාර නෑ. දැන් ආයෙත් අපි අසරණ වුණා.


    මේ අතර ආයෙත් ගම්මු දේවාලයේ ශාස්‌ත්‍ර අහන්න ගිහින්. ඔන්න දැන් කියනවා ශාස්‌ත්‍රයට කෙලින්ම තණබිස්‌සේ ඉදිරියට යන්න කියලා. දැන් ශාස්‌ත්‍රකාරියත් අපත් අතර සංවාදය ජංගම දුරකථන හරහා තමයි සිද්ධ වෙන්නෙ. ඒ අනුව අපි ඉදිරියට ගියා. දේවාලයේ ඉන්න අය කීවා ගම්මුන්ට දැරිය ගල්තලාවක්‌ ළඟ කටු පඳුරක්‌ අස්‌සේ ඉන්නෙ කියල. අපි ඉදිරියට ගියාම ගල්තලාව හමු වුණා. මේ වෙන කොටත් අපි කිලෝ මීටර් 12 කට වැඩිය ඇතුළට ඇවිල්ලා හිටියේ. වේලාව රාත්‍රි 2.00 ට පමණ. දේවාලයෙන් කියල තිබුණේ දැරිය පිපාසාවෙන් ඉන්න නිසා වතුර බොන්න වැවට යන්න පුළුවන්. එහෙම උනොත් දැරිය හොයා ගන්න බැරි වෙයි කියලයි. අපි ගල්තලාව ළඟ පුංචි වනරොද සම්පූර්ණයෙන් වට කළා. ඒ තුළ හිටපු දැරිය අපිට බේරාගන්න පුළුවන් උනා.


    කවුරු මොනවා කීවත් මේ පොලිසියට මග පෙන්වීම ලැබුණේ දේවාලයෙන්. මේක අද්භූත සිද්ධියක්‌ කියලයි අපි හිතන්නේ. ඒ මොකො වුණත් විවිධ පැති ඔස්‌සේ අපි පරීක්‍ෂණ කර ගෙන යනවා. කොහොම නමුත් දැරිය බේරා ගන්න ලැබුණේ එයාගේ පිනක්‌ තිබුණු නිසාත් අපේ නිලධාරීන් ගම්මුන්ද ධෛර්මත් කර රාත්‍රි පුරාවට කැලයේ සෝදිසි කළ නිසාත් කියලයි මම හිතන්නේ. තව රසවත් අද්භූත කතා ගමේ අය දන්නවා. ගමට ගිහිල්ලම දැන ගන්නකෝ. මේ විස්‌තරය කළ පොලිස්‌ ස්‌ථානාධිපති නුවන් පෙරේරා මහතා අවසානයේදී කීවේය.


    "මම ඔහුගෙන් සමු ගත්තේ ඔහු මට හඳුන්වා දුන් මග පෙන්වන්නා සමග පහරිය ගම ඇතුළට යන්නටය. පොලිසීයේ සිට කිලෝ මීටර් 15 කට වැඩිදුරක්‌ ගමට යා යුතුයි. අපි මෝටර් බයිසිකලයකින් ගමන ඇරඹුවෙමු. බසයක්‌ ධාවනය නොකරන මේ මාර්ගයේ ගම්මුන් නගරයට එන්නේ ත්‍රිරෝද රථ හෝ බයිසිකල් වලිනි. සැබැවින්ම මෙය හුදෙකලා ගමක්‌ බඳුය. අප යන අතරේ අතර මග හමුවූ ගම්මුන්ට මගේ මිත්‍රයා මාව හඳුන්වා දුන්නේ "මේ මහත්තයා පත්තරෙන්. අර ළමයා කැලේ අතරමං වෙච්ච කතාව ගැන ලියන්න ඇවිල්ලා. අපි දැන් ගමේ දේවාලයට යන්නෙ"යනුවෙනි.


    අපි දේවාලයට යන විටත් එහි බොහෝ පිරිසක්‌ ඇති බව තේරුම් ගියේ දේවාලයට ඇතුල් වන අඩි පාර ආරම්භයේ වාහන, බයිසිකල් කීපයක්‌ම නතර කර තිබූ බැවිණි. අප අපේ මෝටර් බයිසිකලය එහි නතර කර පා ගමනින් දේවාල භූමියට පියමැන්නෙමු. කැලෑ බදව පිහිටි මේ දේවාලය කුඩා කාමරයක පවත්වා ගෙන යන්නෙකි. දේවාලය ඉදිරිපස කැලේ රූස්‌ස ගසකි. නමුත් එහි අතු කපා දැන් කුඩා අතු ඉති විහිදී ඇත. ගස පුරාම ලෙලි පොල් එල්ලා ඇත. ගසේ එක්‌ පසෙක පහනක්‌ තැබීමට රතු තිර යොදා සකස්‌ කළ කුඩා කුටියකි. ඈත දුර ප්‍රදේශවලින් මෙන්ම ගම්මුද අප එහි යනවිටත් තම දුක්‌ ගැනවිලි දෙවියන්ට කියා පිහිට ලබා ගැනීමට පැමිණ සිටියහ. මට දේව ගැති මෑණියන් සමග කතා කරන්නට ඕනෑ විය. නමුත් ඇය දේවාලයේ රාජකාරි නිම කරන්නට තවත් හෝරා කීපයක්‌ ගත වන බව එහි ආවතේව කරන තරමක තරුණ කාන්තාව කීවාය. මේ නිසා මම එහි සිටි ගැමියන් සමග දැරියගේ කැලය මැද අද්භූත ගමන ගැන කතා කළෙමි.


    මැය එහිම පදිංචිකාරියකි. දැරිය නැතිවූ දින ඇය සොයා ගන්නට දේවාලයේ සහය ලබා ගැනීමට රාත්‍රි 12.00 ට දේවාලයට පැමිණ ඇති ඇය නමින් ඩී. එම්. ඉනෝකා ය. වයස අවුරුදු 24 කි. මේ ඇය අපට කියූ කතාවය.


    "සිද්ධිය වූ දිනයේ හවස 4.00 ට විතර අපිට ආරංචි උනා. සුද්දී (දිනිති දැරියට කියන සුරතල් නම) ගෙදර නෑ කියලා. අපිත් ගියා. ගෙදර වටේ කැලෑව හැමතැනම බැලුවා. හිටියේ නෑ. ඒ අතර අපි ළමයි දෙන්නෙක්‌ ගමේ දේවාලයට යවලා බලන්න කීවා. තවත් කෙනෙක්‌ පොලිසියට පැමිණිලි කරන්න ගියා. පොලිසියෙන් එන කොටත් ගම්මු කැලේට ගිහිල්ලා දරුවා සොයා ගන්න බැලුවා. රාත්‍රි නිසා සත්තු ඉන්න කැලේක ගම්මු ඇතුළට යන්න බය උනා. නමුත් පොලිසියේ මහත්වරු ඇවිත් ගම්මු උනන්දු කරවා ගෙන කැලේට ගියා. ඔය අතර දේවාලයට ගිය අයට කියලා තිබුණා දරුවා කැලේ ඇතුළේ නැගෙහිර දෙසට ගමන් කරනවා කියලා. පිරිමි අයට කතා නොකර ගෑනු කෙනෙක්‌ කතා කරන්න කියලා. දේවාලයෙන් පොල් ගෙඩියක්‌ පහනක්‌ දීලා තිබුණා. පොල් ගෙඩිය ළමයා මුණගැහුණාම ආපසු දේවාලයට අරන් එන්න කියලත් තිබුණා. නමුත් ගිය ළමයි අතින් පොල් ගෙඩිය බිඳිලා. දැන් වේලාව රාත්‍රී 12.00 ට විතර ඇති. මුළු ගමම පොලිසිය එක්‌ක කැලේ ඇතුළේ.


    මම ආයෙත් දේවාලයට ආවා. ඒ මෑණියෝ වයසයි. එයා ගෙදර නිදාගෙන හිටියේ. බයිසිකලේකින් ඒ මෑණියෝ දේවාලයට එක්‌කර ගෙන ඇවිල්ලා තමයි රුපියල් 5/- ක්‌ බුලත් කොලේක තියල දීලා ශාස්‌ත්‍ර ඇහුවේ. ඒ එන කොට ළමයා කැලේ නැගෙනහිරින් උතුරු පැත්තට ගිහිල්ල කීවා. අඩි සලකුණු තියෙනවා. කීවා. අපි ඒ තොරතුරු කැලේ ඉන්න අයට දුරකථනයෙන් කීවා. නමුත් අඩිපාර තණ පිට්‌ටනියකදී නැතිsවෙලා කියල කැලේ ඉන්නඇයට කීවාම ආයේත් අපි දෙවියන්ගෙන් ඇහුවා. ඒ පාර තමයි ඒ තණපිටිය මැදින් කෙළින්aම ගමන් කරන්න කීවේ. දැරිය තණ බිමේ තුන්පොළක සෙම දාලා කියලත් කීවා.


    තණ බිම කෙළවරේ කැලය ඇතුළේ ගල් තලාවක්‌ පාමුල කටුපඳුරු අස්‌සේ දැරිය ඉන්නවා කීවා. අපි ඒ තොරතුරු කැලේ ඉන්න අයට කියන ගමන් දේවාලයෙන් දුන්නු පහනක්‌, පොල්ගෙඩියක්‌ සහ දෙහි ගෙඩියත් අරගෙන දැරියගේ ගෙදරට ගියා. පහන නිවෙන්නෙ නැතුව ආරක්‍ෂා කළා. ඒ වගේම දේවාලයෙන් කීවා දැරියට ගෑනු කෙනෙක්‌ කතා කරන්න කියලා. එවිට දැරිය කතා කරයි කියලා. අපි කැලේ හිටිය අයට ඒ සියල්ල තේරුම් කරලා දුන්නා. දේව හාස්‌කමට තමයි දරුවා හම්බ උනේ. දේවාලයෙන් කීවා හරි. දරුවා ඉඳලා තියෙන්නේ අංජනමෙන් කී විදියටම කටු ගොන්නක්‌ අස්‌සේ.


    මේ දරුවාට කැලේදී කතා කළේ මනෝරි සේනාරත්න මහත්මියයි. ඇය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික කුමාර ජයලත් මහතාගේ බිරිඳයි. ඇය සමග අපි ඇගේ අත්දැකීම බෙදාගත්තෙමු. දරුවා නෑ කීවාම අපිත් ගියා. ඒ වෙලාවේ අපි දෙන්නා නාන්න වැවට ගිහිල්ල හිsටියේ. දරුවා අතුරුදන් කීවාම අපි දෙන්නා ඒ පැත්තට යන කොටත් ගමේ අය පිරිලා. පොලිසියත් ආවා. අපි දෙන්නත් පොලිසියත් ගමේ අය එක්‌ක කැලේට ගියා. මමත් මගේ මහත්තයත් වාසනාවකට වගේ දැරිය ගිය පැත්තට යන කණ්‌ඩායමට තමයි එකතු වුණේ. මුලදී කණ්‌ඩායම් තුනකට බෙදිලා තමයි කැලේට ගියේ. දේවාලේ තොරතුරුවලට අනුව දැරියගේ පා සටහන් තිබුණේ අපේ කණ්‌ඩායම ගිය පාරේ.


    දේවාලයේ ඉන්න අය අපිට දුරකථනයෙන් දුන් උපදෙස්‌ අනුව ගල්තලාව ළඟට ගිහිල්ලා මම "සුද්දී මගේ පුතේ ඔයා කොහේද?" කියල ඇහුවා. එතකොට වනයම දෙදරුම් කන තරමේ දොaංකාරයක්‌ එක්‌ක "එන්නකෝ" කියල කීවා. ඒ ශබ්දයට අපි හැමෝම බය වුණා. ඇඟේ හිරිගඩු පිපුණා. පොලිසිය අවි අමෝරා ගෙන අපේ බය නැති කළා. ඔවුන් ඒ ශබ්දය ආව ප්‍රදේශය ගම්මු එක්‌ක වට කළා. මම ආයෙත් "සුද්දී, පුතා ඔයා කොහේද?" කියල ඇහුවා. ඒකට හඬක්‌ ආවෙ නෑ. මම නැවතත් කතා කළා. ඒ පාර "ඕ" කියල අපි හිටිය ළඟම කටු කැලේ අස්‌සෙන් ශබ්දයක්‌ ආවා. පොලිසියත් අපේ කට්‌ටියත් එක්‌ක ඒ තැන වට කරලා බලන කොට කටු කැලේ අස්‌සෙ හුඹසක්‌ වගේ තැනක දරුවා හිටියා. මගේ මහත්තයා එක පාරට පැනල කටු කැලේ අස්‌සෙන් ළමයා එළියට ගන්නකොට ළමයා ගැහෙන්න ගත්තා.


    ඒ වේලේ ළමයා මගේ අතට ගත්තාම ගැහිල්ල නතර උණා. ළමයාගේ ඇඟේ මඩවත්, තෙතමනයවත්, තුවාලවත් තිබුණේ නෑ. අපි ළමයත් අරගෙන කැලෙන් එළියට එනකොටත් වේලාව පාන්දර 3.00 ට විතර ඇති. එදා දවසේ කෑමක්‌වත් වතුර ටිකක්‌වත් නැතිව ගමේ අයයි පොලිසියේ අයයි මහන්සි වෙලා දරුවා හොයා ගත්තෙ දේවාලයේ මෑණියන්ගෙන් හරියට තොරතුරු කිය වුණ නිසා යෑයි මනෝරි කීවාය.


    දේවාල භූමියේ තවමත් අපි රැඳී සිටියෙමු. තවමත් දේවගැති මෑණියන්ගේ දේව රාජකාරිය ඉවර නැත. නමුත් ඇගේ කටයුතු නිම වනතුරු සිටිය නොහැකි නිසා ඒ වනවිටත් පෝලිමේ සිටි අයගෙන් අවසර ගෙන මම ද බුලත් අතක රුපියල් 100 ක්‌ තබා දේව මැණියන්ගෙන් තොරතුරු විමසන්නට අවස්‌ථාව ලබා ගත්තෙමි. (මා බුලත් අත ඉල්ලා ගත්තේද එහි පැමිණ සිටි අයකුගෙන්ය.)


    (ජයසූරිය උඩුකුඹුර - දිවයින පුවත්පත)
    - See more at: http://offair.nethfm.com/article/27244#sthash.w6YR13ew.dpuf



    කරුවලගස්‌වැව කළුවර අතරින්
    අංජනම් එළිය සොය ගිය ගමන - II


    මෙහි මුල් කොටස ඊයේ පළවිය




    දේවගැති මෑණියන් දේවාරූඪයෙන් මට කී කාරණා පටිගත කර ගැනීමටද මම වග බලා ගත්තෙමි. ඇය මා හට සඳහන් කළ තොරතුරු අනුව දරුවා කැලේට ගොස්‌ ඇත්තේ කම්පනයකින් සිත තුළ ඇති වූ බියකින්ය. නමුත් අසිහියෙන් නොවේ. කැලේදී ඇය අසනීපව ඇති බවද පාන්දර 3.00 ට පෙර දරුවා සොයා ගැනීමට අපහසු වූයේ නම් දරුවා ජලය ලබා ගන්නට වැවට ගොස්‌ සතුන්ට බිලි වී විනාශ වන බව මෑණියෝ කියූහ.

    මේ දේවාරූඪයෙන් කී ඇතැම් කරුණු පොලිස්‌ පරීක්‍ෂණවලට බාධාවක්‌ විය හැකි බැවින් මෙහි සඳහන් නොකිරීමට වග බලා ගත් නමුත් ඒ තොරතුරු මා පොලිසියේ බුද්ධි අංශය සමඟ කතාබහ කිරීමේදී ඔවුන් ද තහවුරු කිරීම පුදුම සහගතය.

    අප දේවාලයේ ශාස්‌ත්‍ර කීම අසා යළිත් වනයේ අද්භූත සිදුවීම් ගැන කතා කළෙමු. මේ ඉන්දික කුමාර ජයලත් මහතා අපට කී කතාවය.

    "ඔය සිද්ධියට මුහුණ දුන් දරුවා මගේ ඥති දියණියක්‌. මීට වසර 30 කට පමණ කලින් අපේ අම්මාගේ අම්මා කෙනෙක්‌ ද ඔය කැලේ අතරමං වෙලා තියෙනවා. අදටත් ඇය ගැන තොරතුරක්‌ නෑ. ඇය එදා වැවට නාන්න ගිහිsල්ල බඩේ අමාරුවකට ළඟ ගෙදරකට ඇවිල්ල වැසිකිළි යන්න වතුර ටිකක්‌ ඉල්ලලා. එදා ඒa ගෙදර අය ලොකු පොල්කට්‌ටකට වතුර ටිකක්‌ දීලා. ඒ පොල්කට්‌ට කහ දියර සකස්‌ කළ එකක්‌ලු. ඒ පොල් කට්‌ටට වතුරත් අරගෙන ගිය උන්දෑ අදටත් ආපසු ආවේ නෑ. කැලේ හොයල බලන කොට ඔය දියණිය හමු වූ තැනට එහායින් ඇති ගල්තලාව ළඟ තිබී පොල්කට්‌ට හම්බ වුණා කියලයි කියන්නේ.

    තවත් රසවත් කතා කැලේ ගැන අතීතයේදී අහන්න ලැබුණාලු. ඔය කැලේ අතරමං වෙලා බඩගිනි උනාම පලතුරු ගස්‌ මැවිලා ඒ අයට පලතුරු කන්න ලැබෙනවාලු. පලතුරු කාලා බඩ පුරවා ගෙන ආපසු එන්න සුදු ඇඳගත්තු "ශාන්ත" සීයා කෙනෙක්‌ පාර පෙන්වනවාලු. මේ කතා දැන් අය දන්නෙ නෑ. මමත් අපේ සීයල කියල තියෙනවා අහලයි දන්නෙ.

    ඒ අබිරහස්‌ කැලේ අතරමං වූ දරුවා දිනිති (සුද්දී) ගැන ද ඇතැම් කරුණු අබිරහස්‌ ය. ඇය ගමන් කර ඇති මාර්ගයේ හමුවන දිය කඩිත්තෙන් ඇය එගොඩ වූයේ කෙසේද? ඒ දිය කඩිත්ත සාමාන්‍ය වැඩුණු තරුණයකුගේ දණහිසට ඉහළින් ගැඹුරුය. එමෙන්ම ඇය ගිය මාර්ගයේ බැඳි තුවක්‌කු දෙකක්‌ එකට එකක්‌ ළඟින් තිබී ඇත. ඒවායින්ද බේරී ඇය ගියේ කෙසේද?

    මළපොතේ අකුරක්‌ නොදන්නා දේවාලයේ දේව ගැති මෑණියන් හරියටම දියණියගේ ගමන්මඟ පවසා ඇය බේරා ගැනීමට පොලිසියටත් ගම්මුන්ටත් දුන් සහාය අවතක්‌සේරු කොට බැහැර කළ හැකිද?

    මේ සියලු කාරණා සමඟ මෙවැනි සිද්ධියකින් පසුව ඇතිවන අතුරු කතාබහක්‌ ද පහරිය ගමේ දැන් අසන්නට ඇත. ඒ දේවාලයේ ද සහාය ඇතිව දියණිය අසිහියෙන් කැලයට රැගෙන ගොස්‌ නිධන් ගන්න උත්සාහයක්‌ ගෙන ඇති බවට පැතිර යන කතාවය. මේ කතාවට ගම්මු කෝප වී ඇති අතරම ඇතැම් මාධ්‍යයන් දිනිති දියණිය ගල් ගුහාවක සිට හමුව ඇති බවට වාර්තා කර තිබීම ගැන ද අප සමඟ දොස්‌ නැඟීය. ගම්මුනට දේවාලය ගැන ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ නිසා ඔවුන් දේවාලය ඉදිකර දෙන්නට සූදානම් වන බවද අප සමග කීවේය. එමෙන්ම මෙම සිද්ධියෙන් පසු දේවාලයේ දේව ගැති මෑණියන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින සමච්චල් කරන දුරකථන ඇමතුම් ලැබී ඇති බවද ඒවා පොලිසියට බාර දී පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටින බවද ඔවුහු කීහ.

    කෙසේ වුවද මෙම දියණියගේ කැලෑ ගමනට හේතුව පවුලෙන් පිට ඥතීන්ගේ ආරවුලක්‌ නිසා බහින් බස්‌වීමක්‌ හා බැඳුණු සිදුවීමක්‌ බවට පොලිසියේ බුද්ධි අංශ දැනටමත් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

    ඉතා අසරණ එක කාමරයක්‌ සහිත දොරගුළු නැති ගෙදරක ජීවත් වී ඇති දිනිති හා ඇගේ දෙමාපියන් ගමේ කිසිවකුටවත් කරදරයක්‌ නැති අහිංසක පිරිසක්‌ බව ගම්මු අපට කීවේ ඔවුන්ගේ දරුවා පැහැර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන බව පවසමිනි.

    කෙසේ වුවද භෞතික අඩු පහසුකම් සහිත නමුත් එඩිතර පොලිසියේ ගෞරවය හා වගකීම මැනවින් ඉටු කරමින් දිනිති දැරිය බේරා ගැනීමට ගම්මුන් ද උනන්දු කරවමින් මහ රෑ වන සතුන් බහුල වනාන්තරයේ සැරිසැරූ කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් ඇගයීම පොලිස්‌පතිතුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ වගකීම යෑයි අපි අවධාරණය කරන්නේ සේයා දැරියගේ පරීක්‍ෂණවලදී පොලිසියට එකතු වී ඇති කළු පැල්ලමට තවත් කළු පැල්ලම් එකතු නොකර බුද්ධිමත්ව හා ක්‍රියාශීලීව දිනිති දැරිය පණ පිටින් බේරා ගැනීමට පොලිසිය පෙරමුණ ගැනීම නිසාය.

    එමෙන්ම වයස 66 ක්‌ වයසැති වැන්දඹු කාන්තාවක්‌ වූ ඩී. එම්. ඒ. රම්මැණිකා මාතාව මහ රෑ තම වයස හා වෙහෙස නොබලා දේවාලයට පැමිණ දේව කාරිය ඉටු කරමින් දියණිය බේරා ගැනීමට සහාය වීම සංස්‌කෘතික අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු කාර්යයක්‌ යෑයි ද අපි විශ්වාස කරමු. අතීතයේ මෙන්ම අදත් පවත්නා මේ ශාස්‌ත්‍ර කීම් විශ්වාස කිරීම හෝ නොකිරීම වෙනම කරුණකි. එහෙත් දිනිති දැරිය බේරාගැනීමට මඟ පෙන්වූ යථාර්ථය ඒ කිසිදු වාදයක්‌ නිසා අවලංගු නොවන්නකි.

    මේ ගමනේදී අප දුටු තවත් ගැටලු කීපයක්‌ ද බලධාරීන්ගේ අවධානයට යොමු කරවීම ඒ ගැටලුවලට මුහුණ දී සිටින එගම්වැසියන්ට සාධාරණය ඉටු කරවා ගැනීමට මග පෙන්වීමක්‌ වනු ඇතැයි සිතමි.

    පහරියගම පාරම්පරික ගම්මානයක්‌ නොව විවිධ ප්‍රදේශවලින් පැමිණි අය පදිංචි ගම්මානයකි. කරුවලගස්‌වැව සිට පහරිය හන්දිය දක්‌වා බස්‌ රථයකින් පැමිණිය හැකි නමුත් එතැන් සිට ගම තුළට කිලෝ මීටර් 16 ක්‌ පමණ පෞද්ගලික බස්‌ රථයක්‌වත් ධාවනය නොවන මාර්ගයකි. කොන්ක්‍රීට්‌ අතුරා සකස්‌ කර ඇති මේ මාර්ගයේ බස්‌ රථයක්‌ ධාවනය කළ හැකි බව පෙනේ. එසේ කළ හැකි නම් මේ ගම්මුන්ට එය මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත.

    එමෙන්ම අලි වැට ඉදිකර එය රැක බලා ගැනීමට සිවිල් ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් යොදවා සිටිය ද අලි කරදර අඩුවක්‌ නැති බව ගම්මු කියති. අලි වැට ඉදිකිරීමට යොදා ගෙන ඇති කණු අලින් බිම දමන්නේ ඔවුන්ගේ කකුලෙන් තල්ලු කරමින් බව ද ඔවුහු කියති.

    අලිමංකඩක ඉදිකර ඇති උදාගමක්‌ මේ වනවිට අලින් විනාශ කර දමා ඇති අයුරු අපි දැක්‌කෙමු. ගෙවල් කඩා බිඳ දමා ඇති මෙම නිවෙස්‌වල පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත්වී ගොසිනි.

    කරුවලගස්‌වැව පොලිසිය ද ගමේ ප්‍රජාශාලා ගොඩනැගිල්ලක්‌ බඳුය. "ලබුගෙඩියේ කංකාරිය" සේ මේ පොලිසියේ මහත්වරුන්ට සිය රාජකාරි සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව එහි යනෙන අයට මැනවින් පෙනෙන දෙයකි. ජල පහසුව පවා නොමැති මෙම පොලිසියේ සේවය කරන නිලධාරීන් මුහුණ දී ඇති අපහසුතා රැසක්‌ ඇති බව අපට නිරීක්‍ෂණය වූයේ අප මෙම පොලිස්‌ ස්‌ථානයේ බොහෝවේලාවක්‌ කල් ගත කළ නිසාවෙනි.

    මේ පොදු ගැටලුවලට විසඳුම් ලබා දීමට ද බලධාරීන් මැදිහත් වන්නේ නම් එය මේ ප්‍රදේශයේ ජනතාවට මහත් අස්‌වැසිල්ලක්‌ බවද සඳහන් කරනු කැමැත්තෙමි.

    මේ චාරිකාවේදී සහය වූ සැමට ස්‌තුතියි.

    * ජයසූරිය උඩුකුඹුර
     
    Last edited:
    • Like
    Reactions: Sry.com and MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,238
    780
    113
    අපි හැම දේ ගැනම බලන්නේ ඉන්ටෙර්නෙට් මානසිකත්වයෙන්. ඇත්තටම ලංකාවේ පිටිසර පැතිවල සංස්කෘතිය, ජිවන රටාව අපි කොළඹ පැතිවල දකිනවට වඩා පුදුම විදිහට වෙනස්. අත්භූත දේවල් එමටයි. අනික දෙවියන්ට යක්කුන්ට මාර තැනක් තියෙන්නේ.

    rep++
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දේවාලෙ කපුවගෙ වැඩක් වෙන්න ඇති:nerd:

    වෙන්න බැහැ. පොඩි ළමයෙක් ව එච්චර දුර ඇවිදගෙන අරන් යන්න බැහැ. ළමය තනියම යනවා දැකපු ගමේ අයත් ඉන්නවා. කටු අකුලක් ඇතුලේ අවුරුදු 3 ක ළමයෙක්ව තියල ගියත් ඒ ළමය එතනම ඉන්නේ නැහැ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    prabhakaran inna thana kiyanna bari wuna anjanam karayo gana mona kathada :lol:

    ප්‍රභාකරන් ඉන්න තැන කිව්වත් army එක කිසිම confirm එකක් නැතුව බෝම්බ දාන්න යන්නේ නැහැ. athiest ල හරිනම් සමාජේ දිහා විවෘතව බලන්න ඕනේ . එහෙම නැතුව මේ හැමදෙයක්ම බොරු. හොල්මන් එකෙක් දැක්කොත් හිස්ටිරියා. ගොඩක් අය දැක්කොත් මාස් හිසිටිරියා කියල හිත හදාගන්න එක නෙමෙයි
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ෙම්ව ෙබාරු කියන්න බැ ෙමතන ෙදවිෙයා ෙනෙමයි කථා කරන්ෙන පිං ලබාගන්න බලාෙපාෙරාත්තුෙවන් ඉන්න ප්‍ර්තෙයා් ...මම නම් ෙම්ව විශ්වාස කරනව 100% අත්දැකීමුත් තිෙයනව... :) හත අටකට කිට්ටු ෙවන්න :) අහන්න නම් ඒපා :)
     

    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    ෙමතන ෙදවිෙයා ෙනෙමයි කථා කරන්ෙන පිං ලබාගන්න බලාෙපාෙරාත්තුෙවන් ඉන්න ප්‍ර්තෙයා් ...



    ai ban ප්‍ර්තෙයා් camera ekata ahu wenne natthe? :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විශ්වාස - මිනිසාව දුවවන උත්තේජනය

    හොඳ දේවල් විශ්වාස කරොත් හොඳක්ම වෙයි :) නරක දේවල් විශ්වාස කරොත් නරකක්ම වෙයි :)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දේවාලෙ කපුවගෙ වැඩක් වෙන්න ඇති:nerd:

    "ඒ මෑණියෝ වයසයි. එයා ගෙදර නිදාගෙන හිටියේ."

    ඒ නාකි ගෑණිට නිකං බොරුවට චෝදනා කරන්න එපා බං
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ෙම්ව ෙබාරු කියන්න බැ ෙමතන ෙදවිෙයා ෙනෙමයි කථා කරන්ෙන පිං ලබාගන්න බලාෙපාෙරාත්තුෙවන් ඉන්න ප්‍ර්තෙයා් ...මම නම් ෙම්ව විශ්වාස කරනව 100% අත්දැකීමුත් තිෙයනව... :) හත අටකට කිට්ටු ෙවන්න :) අහන්න නම් ඒපා :)
    ඔව් බන් මුන්ට කියලා වැඩක් නැහැ.. තේරුම් ගන්නේ නැහැ.. අපි මොනා කරන්නද. ඒ උන්ගේ අයිතියලුනේ.. :no: