අතුරුපස

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දවල් කෑම වෙලාවට අනාරාධිතව අමුත්තෙන් ගෙදරකට ආවොත් අපේ ලංකාවේ තාලෙට අපි බත් කටක් නොදී යවන්නෙ නෑනෙ. ඒත් අතුරුපසට දෙන්න දෙයක් තමා කලබලේට හදාගන්න බැරි වෙන්නෙ. මේ එහෙම කලබල වෙලාවක නැත්නම් තමන්ට කම්මැලිකමට ඉක්මණින් හදාගන්න පුළුවන් අතුරුපස රෙසිපි 5ක්. විනාඩි 10කට 15කට වඩා නම් යන්නෙ නෑ මේ දේවල් හදාගන්න. ඉන්දියන් වගේම ලෝකල් තාලෙටත් හදාගන්න පුළුවන් ලේසිම ලේසි අතුරුපස ටිකක් මේ.


    1. Chocolate Mousse



    Chocolate-Mousse-aniwa-01.jpg




    1. කුකින් චොකලට් 270g
    2. වතුර 240g
    3. සීනි මේස හැඳි 4


    • තරමක් ලොකු භාජනයකට අයිස් කැට සහ වතුර ටිකක් දමාගන්න. ඊට කුඩා බඳුනක් ඒ තුලින් තබාගන්න.
    • වෙනම බඳුනකට ඉහත ද්‍රව්‍ය 3ම දමා අඩු ගින්දරේ චොකලට් සහ සීනි දියවෙන තුරු හැඳි ගාමින් රත් කරගන්න.
    • දියවූ පසු අයිස් වතුර මත තබාගත් බඳුනට දමා ඝණ වනතුරු විස්ක් කරගන්න. ඝණ වූ පසු පිළිගන්වන බඳුන් වලට දමා එවලේම පිළිගන්වන්න.


    2. Sandesh – Indian Dessert



    Chocolate-Mousse-aniwa-02.jpg




    1. පනීර් කප් 1
    2. සීනි මේස හැඳි 3
    3. කුරුඳු කුඩු පින්ච් එකක්


    • පනීර් වලට කුරුඳු කුඩු සහ සීනි එක් කර මෘදු වන තුරු අනාගන්න. එය බඳුනකට දමා අඩු ගින්දරේ ලිප තබා ගන්න. තෙත ගතිය ඉවත් වී මෘදු බෝලයක් වන තුරු කලවම් කරන්න.
    • රස්නය තිබියදීම කුඩා කැබලි වලට කඩා කුඩා බෝල සාදා තරමක් අතින් පැතලි කරගන්න.
    • අවශ්‍ය නම් ශීත කර හෝ මේ ලෙසම පිලිගන්වන්න.


    3. Grilled Banana with Jaggery



    Chocolate-Mousse-aniwa-03.jpg




    1. ඉඳුණු කෙසෙල් ගෙඩියක්
    2. කුරුඳු කුඩු ස්වල්පයක්
    3. ගාගත් හකුරු මේස හැඳි 2 ක්
    4. කිතුල් පැණි හෝ මී පැණි ටිකක්


    • කෙසෙල් ගෙඩියේ ලෙල්ල හැර එය මැදින් දික් අතට වෙන් නොවෙන්න පැල්මක් දමා ගන්න. ඒ මැදට ගාගත් හකුරු සහ කුරුඳු කුඩු දමා ෆොයිල් පේපර් එකකින් ඔතාගන්න.
    • සෙල්සියස් 180ට විනාඩි 7ක් බේක් කරගන්න. නැති නම් පෑන් එකක තබා ග්‍රිල් කරගන්න.
    • කිතුල් පැණි හෝ මී පැණි උඩින් දමා පිලිගන්වන්න. විශේෂයක් අවශ්‍ය නම් උඩින් කපාගත් කජු ටිකකුත් ඉසගන්න.


    4. Pineapple Custard Pie



    Chocolate-Mousse-aniwa-04.jpg




    1. පොඩි කරගත් ඉදුණු අන්නසි කප් 2 ක්
    2. යෝගට් හෝ සවර් ක්‍රීම් කප් 1/4 (මෙෂරින් කප්)
    3. කස්ඩට් පව්ඩර් 100g
    4. ක්‍රැකර් හෝ මාරි බිස්කට් පැකට් 1
    5. ෆ්‍රෙශ් මිල්ක් කප් 1
    6. බටර්


    • කිරි වලට කස්ටඩ් පව්ඩර් එක් කර ලිප තබා උතුරුවා ගන්න. එයටම අන්නසි ටික එක් කර රස අනුව අවශ්‍ය නම් සීනි එක් කරගන්න. එයට යෝගට් ටිකද මිශ්‍ර කරගෙන නිවෙන්න පසෙකින් තබා ගන්න.
    • බිස්කට් ටික කුඩු කරගෙන එයට මෘදු බෝලයක් සාදා ගැනීමට අවශ්‍ය තරම් බටර් දිය කර එක් කර හොඳින් කලවම් කරගන්න.
    • බඳුනක් ගෙන එයට බිස්කට් මිශ්‍රණය ලේයර් එකක් වන ලෙස දමා ගන්න. එයට උඩින් නිවෙන්නට තබාගත් කස්ටඩ් අන්නසි මිශ්‍රණය දමා ශීත කර පිලිගන්වන්න. කැමති නම් විපින් ක්‍රීම් තට්ටුවක් උඩින් දමාගන්න.



    5. Microwave Brownies



    Chocolate-Mousse-aniwa-05.jpg




    1. බටර් මේස හැඳි 2
    2. සීනි මේස හැඳි 2
    3. දුඹුරු සීනි මේස හැඳි 1
    4. වැනිලා තේ හැඳි 1\4
    5. ලුණු පින්ච් එකක්
    6. බිත්තර කහ මද 1
    7. පිටි මේස හැඳි 4
    8. කොකෝවා පව්ඩර් මේස හැන්දයි
    9. කුඩාවට කපාගත් කුකින් චොකලට් මේස හැඳි 2


    • බටර් ටික බඳුනක දමා දිය කරගන්න. එයට සීනි, ලුණු සහ වැනිලා එක් කර කලවම් කරගන්න. එයටම බිත්තර කහ මදය එක් කරගන්න. පිටි සහ කොකෝවා පව්ඩර්ද එක් කර හොඳින් කලවම් කරගන්න.
    • අවසානයට කුකින් චොකලට් ටික එක් කරගන්න.
    • මයික්‍රොවේව් සේෆ් මග් එකක දමා මයික්‍රොවේව් උඳුනක තප්පර 45ක් පිසගන්න.


    aniwa.lk