අදහගත නොහැකි දේවල්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,888
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අදහගත නොහැකි දේවල්

    1. මුහුද යට වැලි වළලු

    puffer-crop-circle-1-610x383.jpg
    ​
    මේ අමුතු වළලු පළමු වතාවට දැක්කේ 1995 ජපන් වෙරළේ. මේ වළලු පෆර් කියන මාලු විශේෂය විසින් නිර්මාණය කරනව කියල හරියටම හොයාගත්තේ 2011.​
    2. මහා නිල් සිදුර

    Great_Blue_Hole-610x475.jpg
    ​
    බලීස් මුහුදේ දකින්න ලැබෙන මේ සිදුර ඇත්තටම ගුහාවක්. මුහුදේ වතුර මට්ටම වැඩි වෙන්න පටන්ගත්තම මේ සිදුර සම්පූර්ණයෙන්ම වතුරෙන් වැහුනා.​
    3. නත්තල් දූපත් වල රතු කකුලුවන්

    red-crabs2-610x458.jpg
    ​
    මෙ කකුලු විශේෂය අවුරුද්ද පුරාම වනාන්තර වල ජීවත් වුනාට එක සතියකට ඔවුන් මේ නත්තල් දූපතට එනවා. ඒ සතිය තුල මේ දූපතේ හැම කොනකම රතු කකුලුවන් දකින්න පුලුවන්.​
    4. කලු ඉර

    The_flock_of_starlings_acting_as_a_swarm._-_geograph.org_.uk_-_124593-610x392.jpg
    ​
    ඩෙන්මාක් වල දකින්න ලැබෙන පුදුම සිදුවීමක් තමා මේ. හැම මාර්තු මාසයේම පැසරීන් කියන කුරුලු වර්ගයෙන් කුරුල්ලන් මිලියනයක් පමණ එකතුවෙනවා. මේ කුරුල්ලන් ඔක්කොම එකට ගමන් කරනකොට අහසේ කලු ඉරක් පායලා වගේ තමා පෙනෙන්නේ.​
    5. මකුලු දැල් ඇතිරිලි

    spider-webs-australia-floods-clouds_49726_600x450-610x375.jpg
    ​
    ඔස්ට්‍රේලියාවේ ඇතිවුනු දරුණු ජල ගැලීම් නිසා මිනිස්සුන්ට වගේම මකුලුවන්ටත් තමන්ගේ ගෙවල් අහිමි වුනා. ඒ නිසා මේ මකුලුවන් ජීවත්වෙන්න එක විශාල මකුලු දැල් ඇතිරිල්ලක් හදාගත්තා.​
    6. කැටටම්බෝ අකුණු

    Relampago_del_catatumbo_observado_desde_bachaquero-1-610x493.jpg
    ​
    කැටටම්බෝ නදියේ ඇතිවෙන දවස් 160ක් දිග කුණාටුවේ දවසකට පැය 10ක් පමණ අකුණු දකින්න පුලුවන්.​
    7. සාඩීන් ඉර

    56795-work-Sardines_Firework-610x458.jpg
    ​
    සාඩීන් මාලුවන්ගේ අරුම පුදුම ගමන් කිරීමක් තමා මේ. හැම අවුරුද්දේම දකුණු අප්‍රිකාවේ මුහුදේ මේ මාලු වර්ගයෙන් බිලියනයකට වැඩි ප්‍රමාණයක් එක රැලක් හැටියට පීනනවා.​
    8. බයෝලුමිනසෙන්ස්

    enhanced-buzz-wide-19789-1383926881-12-610x409.jpg
    ​
    බයෝලුමිනසෙන්ස් කියන්නේ ඕනෑම සත්ව විශේෂයක් විසින් ස්වහාවිකම එළියක් නිකුත් කිරීමයි. මේ විදිහේ ලස්සනම එළි නිකුත් කරන සත්ව විශේෂයක් මාලදිවයිනේ ජීවත් වෙනවා.







    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)​
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එල එල...තව information ටිකක් වැඩිපුර දැම්ම නම් තම පෝස්ට් එක ලස්සන.. එත් හොද උත්සාහයක්...දිගටම කරමු rep ++
     
    • Like
    Reactions: charith077

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හොඳ පොස්ට් එකකට රෙප් දෙන්න බැරි උන එක ගැන කණගාටුයි යාලුවා...:)
    (You have given out too much Reputation in the last 24 hours, try again later.:()​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,342
    113
    Dubai
    Good post machan.. kalin rep deela nisa denna barilu :dull:

    You must spread some Reputation around before giving it to charith077 again.