අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඔයිට අඩුවෙන් දෙන එකෙක් හිටියොත් පාඩුයි
    මොකද ටෙන්ඩර් නැතුව දෙන කේස් එකක් නේද?? රජයන් රජයන් අතර ගිවිසුමක් නැතුව අයි අදානිම...
    මෝදිගේ යාලුවා ... අපේ එකත් ඉතින් මිතුරු සමාගමේනේ..🤣🤣
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.

    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)

    අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.

    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.

    කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.

    P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම. 👍
    Danna magulak katha karapan.. Ex. Baduwak gena..