මේ දවස්වල හැමෝම කතා වෙන්නේ අසාධාරණ ලෙස බදු අයකරනවා කියලා නේ. ඇත්තටම බදු නැතිව රටක් ගෙනි යන්න බැහැ . බදු අය නොකලොත්
1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
4. ගොවියාට අවශ්‍ය රසායන පොහොර ටික නැති වෙලා යයි.
5. ලෙඩක් දුකක් අසනීපයක් හැදුනම රජයෙන් නොමිලයේ දෙන බෙහෙත් ටික නැති වෙයි. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
6. ළමයින්ට ඉගෙන ගන්න තියන නිදහස් අධ්‍යාපනය නැති වෙයි. ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් උපකරණ පවා නැති වෙයි.
7. රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම පෝෂණීය ආහාර වේලක් නැති වෙලා යයි.
8. රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සියල්ල ඇන හිටියි.
රටේ පුරවැසියෝ බදු නොගෙවුවොත් මේ වගේ අති විශාල දහස් සංඛ්‍යාත සේවා ප්‍රමාණයක් සපයන්න රජයට නොහැකි වෙයි. පහුගිය කාලේ හිටපු දේශපාලකයෝ හොරා කෑවා කියල ඒවාට බැන බැන ඉන්නේ නැතිව දැන්වත් රට සංවර්ධනය කරන්න බලමු. අර පක්ෂේ උන් මේ පක්ෂේ උන් හොරා කෑවා කියා කියා අපි කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ. ගිය දේ ගියා. හොරා කපු උන්ට නිසි දඬුවම් දෙන්න පසුවට බලමු. ඉස්සලම මේ වලෙන් ගොඩ එන්න බලමු. මේ සැරේ හොරකම් කරන්න වෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම IMF එකෙන් මොනිටර් කරනවා. එක නිසා බය නැතිව බදු ගෙවන්න.
හැබැයි බදු ගෙවනවනම් සාධාරණත්වයක් තියෙන්නේ ඕනේ. උසාවි වල ඉන්න නඩු කාරයින්ව බද්දෙන් නිදහස් කරන එක වැරදියි. හැමෝටම නීතිය එක හා සමාන වෙන්න ඕනේ. වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ. ඒ මිනිස්සු සැහෙන දුක් විඳලා සමාජයට සේවය කරන්නේ. ඒවගේම වෛද්‍යවරු රට හැර යන එක වලක්වා ගන්නත් තියන හොඳම විසඳුම වෛද්‍යවරු සහ අනෙකුත් රෝහල් සේවකයින් බද්දෙන් නිදහස් කිරීම.
බදු ගෙවීමට විරුද්ද නොවෙමු. බදු වංචා නොකර අවංකව ගෙවමු. යහපත් රටක් ගොඩනගමු. දේශපාලන ආගම ජාති බෙදා පසෙකලා අපි හැම දෙනාම එකතුව රට ගොඩ නගමු.
