අදිවේගී මාර්ගය

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අදිවේගී මාර්ගය

    ඔන්න පොරක් අදිවේගී මාර්ගය දාපු කාලේ පොරගේ වන්ඩිය දැම්මලු පාරට, දැන් ටික දුරක් යනවලු මු හොදට ගානට වේගෙට ගියාලු කොහොමහරි පාරෙන් එලියට දාද්දි මුට traffic අය්යා කෙනෙක් නවත්තුවලු. මුට දැන් හොල්මන් වගේලු වැරද්දක් නැතුව නැවැත්තුව නිසා.
    මු ඇහුවලු ඇයි කියල.
    පොලිස් : ස්පීඩ් එක වැඩියි.
    මු: නෑ මන් ස්පීඩ් ගානට ආවේ.
    පොලිස් : නෑ ඔයා ආවේ ස්පීඩ් වැඩියි
    කියල දඩ කොලයක් ලිවලු.
    මු: එහෙම වෙන්නේ කොමද මන් ස්පීඩ් එක ගානට ආවේ මන් දැක්කනේ.
    පොලිස් : ඕව කියන්න නඩු දවසේදී
    කියල කොලේ අතට දුන්නලු.
    මු ටිකක් කල්පනා කරලා කිවලු.
    මු: මන් ඔයාට බුරුව කිව්වොත් මට තව දඩ කොලයක් දෙන්න හැකියාවක් තියෙනවද?
    පොලිස් : ඔවු මට පුළුවන්.
    මු:එතකොට මන් ඔයා බුරුවෙක් කියල හිතුවොත් එකටත් දඩ කොලයක් දෙන්න පුලුවන්ද?
    පොලිස් : හිතන ඒවාට දඩ කොළ දෙන්න බෑ
    මු: ඇත්තද, එහෙනම් මන් හිතනව උබ මෝඩ බුරු තඩියෙක් කියල
    :baffled: