අදෘශ්‍යමානය වැඩසටහනේදී පැන නැගුනු තර්කය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    අනෙම් මන්ද මේ මනුස්සයා තෙපරබානවා විතරයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇත්තටම මේ අය වැඩසටහන වලට ගෙනල්ලා reach වැඩි කරගන්නවට වඩා කරන්න ඕනි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන එක
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Cracking Up Lol GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ඔය විද්‍යාකුලපති කියන දොස්තරටත් හරියට විද්‍යානුකූලව තර්ක කරන්න තේරෙන්නෙ නෑ. හුගක් වෙලාවට කරන්නෙ තරහ ගිහින් වගේ බොරුවට කෑ ගහන එක. ඔක්කොටම ඉස්සෙල්ලා හරිහට තර්ක කරන්න පුළුවන්, හොද විද්‍යානුකූල දැනුමක් තියෙන කෙනෙක් ඔය වගේ වැඩසටහන්වලට ගෙන්නන්න ඕන. නැත්නම් වෙන්නෙ ඔය ලෙඩ හොද කරනවයි, අදෘ‍ෂ්‍යමාන බලයවල් තියෙනවා කියන මානසික රෝගියන්වයි, ප්‍රෝඩා කාරයින්වයි නිකන් ප්‍රමෝට් වෙන එක. පහුගිය වැඩසටහන් බැලුවම වුණෙත් ඕක තමයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය විද්‍යාකුලපති කියන දොස්තරටත් හරියට විද්‍යානුකූලව තර්ක කරන්න තේරෙන්නෙ නෑ. හුගක් වෙලාවට කරන්නෙ තරහ ගිහින් වගේ බොරුවට කෑ ගහන එක. ඔක්කොටම ඉස්සෙල්ලා හරිහට තර්ක කරන්න පුළුවන්, හොද විද්‍යානුකූල දැනුමක් තියෙන කෙනෙක් ඔය වගේ වැඩසටහන්වලට ගෙන්නන්න ඕන. නැත්නම් වෙන්නෙ ඔය ලෙඩ හොද කරනවයි, අදෘ‍ෂ්‍යමාන බලයවල් තියෙනවා කියන මානසික රෝගියන්වයි, ප්‍රෝඩා කාරයින්වයි නිකන් ප්‍රමෝට් වෙන එක. පහුගිය වැඩසටහන් බැලුවම වුණෙත් ඕක තමයි.
    මේකට මාත් එකයි. මේ මනුස්සයා බුදු දහමේ ගැබුරු හරය හරියට කියාගන්න බැරුව තමා මේ දගලන්නේ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ වයසක කෙනා කියන දේට එකඟ නැහැ. සත්‍ය කියන දෙය සාපේක්ෂයි. මේක කිව්වහම ගොඩදෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් ඔහොම කියලා සමාජයක් පවත්වන්න පුලුවන්ද කියලා. අපහසුයි තමා. ඒ වෙනුවෙන් යම් යම් සත්‍යයන් "ඇත්තම සත්‍ය" ලෙස පනවාගන්න වෙනවා. පනවා ගැනීම තුල තමයි අපට සමාජයක් හදන්න වෙන්නෙ.

    ඉහත සාකච්ඡාවෙ දෙදෙනාටම අවශ්‍ය සත්‍ය එකයි කියන්න. එහෙමත් නැතිනම් වෛද්‍යවරයා බයයි ප්‍රසිද්ධ මාධ්‍යක "සත්‍ය සාපේක්ෂයි" කියන ප්‍රකාශය කරන්න. අර ඉහත කියපු "සමාජෙ අපිට ඕනේ විදිහට පවත්වන්න" බාධාවක් එන්න පුලුවන් කියලා හිතෙන නිසා ඒ ප්‍රකාශය නොකරනවා වෙන්න පුලුවන්. එතනින් එහාට කියපු දේවල් නම් ඉතින් යම් දුරකට හරි. නමුත් මුලින් කතාකරපු එකට අදාල නැහැ කියලා තමා දැනුනේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔය විද්‍යාකුලපති කියන දොස්තරටත් හරියට විද්‍යානුකූලව තර්ක කරන්න තේරෙන්නෙ නෑ. හුගක් වෙලාවට කරන්නෙ තරහ ගිහින් වගේ බොරුවට කෑ ගහන එක. ඔක්කොටම ඉස්සෙල්ලා හරිහට තර්ක කරන්න පුළුවන්, හොද විද්‍යානුකූල දැනුමක් තියෙන කෙනෙක් ඔය වගේ වැඩසටහන්වලට ගෙන්නන්න ඕන. නැත්නම් වෙන්නෙ ඔය ලෙඩ හොද කරනවයි, අදෘ‍ෂ්‍යමාන බලයවල් තියෙනවා කියන මානසික රෝගියන්වයි, ප්‍රෝඩා කාරයින්වයි නිකන් ප්‍රමෝට් වෙන එක. පහුගිය වැඩසටහන් බැලුවම වුණෙත් ඕක තමයි.
    මේ තියෙන්නේ ඔය කියන විද්‍යාකුලපති කියන තැනැත්තාගේ විස්තර.
    (උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්)


    මනෝ වෛද්‍යවරුන්ටත් "පිස්සු වැට්ට වූ" අපේ කාලයේ 'ඇම්ඩන් වෙදා' විද්‍යාකුලපති..!​

    -LeN අනුරාධපුර වාර්තාකරු ලියයි

    P-N-Vidyakulapathy.jpg



    (ලංකා ඊ නිව්ස් -2022.අගෝ.21, ප.ව.7.20) “මනෝ වෛද්‍යවරුන්ටත් පිස්සු හැදෙනවාද?” යන පැනය පසුගිය 11 වනදින දිනට යෙදුණු නිකිණි පුන් පොහොයෙන් පසු එළඹි දින කිහිපය පුරාම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පිරිස් වෙතින් අප රටේ වෙසෙන එකසිය පනහක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන් වෙත දිගට හරහට යොමු වන ලදී. ඊට හේතු පාදක වූයේ පසුගිය නිකිණි පුන් පොහෝ දිනයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ "අද්‍රශ්‍යමානය" නම් බෞද්ධ විරෝධී වැඩසටහනකින් පැන නැඟුණු අලකලංචියකි. මේ වන විට ජාතික රූපවාහිනිය පත් ව තිබෙන අන්ත පරිහානිය ඔස්සේ "බුදුන් විකුණා හෝ"යළි ගොඩ එන්නට වෙර දරන එහි පාලනාධිකාරිය දියත් කොට ඇති" අමෘතය වෙනුවට කසිප්පු" තාලයේ නව ව්‍යාපෘතියක ආරම්භය මෙය බව පැවසෙයි.

    නක්ෂාස්ත්‍ර ඥානිස්සර..​

    බුද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය හා ඒ හා බැඳුණු සදාචාර මාර්ගයෙන් ඉඳුරාම බැහැර වූ මිථ්‍යාව හා අවිද්‍යාව හරි හරියට සුසංයෝග වූ එම වැඩසටහනට සම්පත් ධාරීන් ලෙස තිදෙනෙක් එක් වූහ. ඉන් පළමු වැන්නා අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වශයෙන් කටයුතු කරන අතරේ ධනවතුන් ගේ නක්ෂාස්ත්‍ර කටයුතු කරමින් සහ ඔවුනට සෙත් කවි ලියමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින්, කඩවත, මහර, නුගේගොඩ සුවිසල් දෙමහල් මැදුරක් සහ අධි සුඛෝපභෝගී බීඑම්ඩබ්ලියු මෝටර් රථයක් හිමි පාතේගම ඥානිස්සර භික්ෂුව ය. ඔහු එසේ තමන් වෙතින් කේන්දර බැලීමටත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර ගැනීමටත් පැමිණෙන ධනවතුන් ගෙන් තම උපන් ගමේ දිළිඳු ජනතාවට නිවාස තනා දීමට කියමින් රුපියල් ලක්ෂ කෝටි ගණන් මුදල් සම්මාදම් කර ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. එහෙත්, ඒ මුදලින් ඔහු පාතේගම ජනතාවට මේ වන විට නිවාස කීයක් සාදා දී තිබේද? යන්න වෙනම විමසුමකට ලක් කළ යුත්තකි.

    පිළිගත් මාධ්‍යයක පුන් පෝදා බෞද්ධ වැඩසටහනකට එක් විය යුතු ධර්ම විනය ධර ගිහි පැවිදි විද්වතුන් ගේ සුළඟක් වත් එක් නොවූ එම "අද්‍රශ්‍යමානය" වැඩසටහනට එක් වූ දෙවන සම්පත්ධාරිනිය 'සෙව්වන්දි මෑණියෝ' නමින් පෙනී සිටි තරුණ ගැබිණි කාන්තාවකි. බිත්තර සහ පොල් ගෙඩි කෙලින් කිරීම වැනි ගම් මට්ටමේ තුට්ටු දෙකේ මනෝ චාලක මැජික් කිහිපයක් ඉදිරිපත් කළ ළාමක මොඩලයක් වන ඇය පිළිබඳව වැඩිදුර කතා කිරීමෙන් වචන නාස්තියකට වැඩියමක් සිදු නොවන බව මගේ වැටහීම ය. එම "අද්‍රශ්‍යමානය" (හෙවත් අමෘතය වෙනුවට කසිප්පු ) වැඩසටහන මුල් කොට "මනෝ වෛද්‍යවරුන්ටත් පිස්සු හැදෙනවාද?" යන පැනය යොමු වූයේ මනෝ වෛද්‍යවරයකු වශයෙන් ඊට එක් වූ පුද්ගලයකු ගේ අවිචාරවත් අසංවර හැසිරීම් රටාව මුල් කර ගනිමිනි.

    නොම්බර එකේ කපටි ජාවාරම් කරුවා විද්‍යාකුලපති..​

    පී.එන්.විද්‍යාකුලපති නම් ඔහු දැනට වසර ගණනාවක් තිස්සේ අප සමාජය ඉදිරියේ විශේෂඥ මනෝ වෛද්‍ය, මනෝ වෛද්‍ය, මෝහන වෛද්‍ය, මනෝ චිකිත්සක, මෝහන චිකිත්සක ආදී වෛවාරණ නම් වලින් පෙනී සිටිමින් මානසික රෝග සහ අර්බුදවලින් පෙනී සිටින්නවුන් ඔවුන් ගේ පවුල් පිටින් කබලෙන් ලිපට ඇද දමන නොම්බර එකේ කපටි ජාවාරම් කරුවෙකි. ඔහුගේ එම උමතු හැසිරීම් මුල් කොට අප රටේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් වෙත එල්ල වූ ඉහත සඳහන් පොදු ජන චෝදනාව මුල්කොට ඊට පසු දිනම ඒ වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයට සිදුවිය. ඒ නිවේදනය මෙලෙසිනි.

    "විශේෂඥ මනෝ වෛද්‍යවරු ලෙස ව්‍යාජ ලෙස ජනමාධ්‍යවල පෙනී සිටින සහ රෝගීන්ට ප්‍රතිකාර කරන විවිධ පුද්ගලයන් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය නිසා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය හා සේවය වැරදි ලෙස අර්ථ ගැන්වී ඇති අතර, නිවැරදිව සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හඳුනා ගැනීමට ජනතාවට ඇති අයිතිය ද, උල්ලංඝනය වී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත් , සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් පහත සඳහන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අන්තර්ජාල වෙබ් අඩවියේ පළ කර තිබේ . https://slmc.gov.lk/en/public/registers


    එම නිසා සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන් හඳුනාගැනීමට ඉහත ලේඛනය උපයෝගී කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටී"

    විද්‍යාකුලපති නම් ඇම්ඩාගේ කෙරුවාව...​

    පී.එන්. විද්‍යාකුලපති යනු බටහිර විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී මනෝ වෛද්‍යවරයකු තබා සාමාන්‍ය උපාධිධාරී තබා උපාධිධාරී නොවන ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකු වත් නොවේ. ඔහු මුලින්ම ජනතාව අතරට පැමිණෙනුයේ "මෝහනය මගින් සමලිංගිකතාව දුරු කළ හැකි බව"ට පළකරන පුවත්පත් දැන්වීම් මගිනි. ඒ සඳහා ඔහු අහංගම ශ්‍රී සෙත් ක්ලින්ක් නමින් ආයතනයක් පවත්වාගෙන යයි. නවීනතම බටහිර වෛද්‍ය විද්‍යා මතයට අනුව ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකතාව ජෛව රසායනික පදනමක් යටතේ සිදුවන සාමාන්‍ය මානව චර්යාවක් මිස මානසික රෝගයක් හෝ අර්බුදයක් නොවේ. ඔය අතරේ මෙම විද්‍යාකුලපති අප සමාජයේ අමනුෂ්‍ය බලපෑම් ලෙස හැඳින්වෙන මානසික අර්බුද සඳහා ද සරල මෝහන පිළියම් යොදමින් මුලු ලෝකයේවත් නොමැති "මෝහන වෛද්‍ය" යන නාමයෙන් සමාජය හමුවේ පෙනී සිටි ශාන්ති කර්ම රටාවේ නොවිධිමත් පිළියම් වෙනුවෙන් ඒවාට බඳුන් වන්නවුන් ගේ සමාජ තරාතිරම නොතකා රුපියල් ලක්ෂ ගණනින් පවා මුදල් අය කරන්නට පුරුදු විය.

    එමෙන්ම ඔහු ගේ මෙම අමනුෂ්‍ය බලපෑම් නමින් හැඳින්වෙන සරල මානසික අර්බුද දුරු කරන සරල ක්‍රම සම්බන්ධයෙන් අප රටේ සාමාන්‍ය ජන සමාජය තුළ පැවැති නොදැනුවත්කම මුල් කොට ඇතැම් ජනමාධ්‍ය ද මේවා මහත් හාස්කම් වශයෙන් ජනතාව වෙත ඉදිරිපත් කරන ලදී. පසුව එය තමන් ගේ "හොද්ද බොරකර ගැනීමේ" කදිම උපාය මාර්ගයක් බව වටහා ගත් ඔහු තමන් ගේ එම භූත විද්‍යා ගවේෂණ සඳහා යන ගමන් වලට මාධ්‍ය කරුවන් ද එක්කර ගත් අතර ඔවුනට අතමිට දිග හැර වියදම් කිරීමට ද පෙළඹණි.


    2015 වසරේ ජූනි මාසයේ අපගේ උපන් ගම සමීපයේ පිහිටි තඹුත්තේගම රාජපක්ෂගමේ කිහිප දෙනකු කිසියම් අමනුෂ්‍යයකු විසින් සූරාකන බවට රාවයක් පැතිරුණි. මෙම සිද්ධිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් වාර්තා කරනු ලදුව එවක මාධ්‍ය වල ප්‍රකාශ විය. ඒ අතර අනුරාධපුර සහ ඒ අවට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත අප්‍රකට පණිවිඩයක් එවූ මෙම විද්‍යාකුලපති නම් ඇම්ඩන් තෙමේ ඒ සඳහා අසවල් දින අසවල් වේලාවට තමන් එහි පැමිණෙන බවත් තමන් ගේ එම චාරිකාවට එක් වන මාධ්‍යවේදීන්ට "සැලකීමක්" කරන බවත් දන්වා තිබිණ. ඒ අනුව අප දන්නා මාධ්‍යවේදියකු ද එම චාරිකාවට එක් වූ අතර එය අවසානයේ විද්‍යාකුලපති ඔවුනට පවසා ඇත්තේ ඒ සූරා ගැනීම් කිසියම් අමනුෂ්‍යයකු විසින් නොව තමන් විසින්ම කර ගත් ඒවා බව මනාව තහවුරු කරගැනීමට තමන්ට හැකි වූ බව ය. එය යථාර්ථවාදීව සිතන ඕනෑම පොඩි එකෙකුට වැටහෙන දෙයක් මිස "අමුතු බණක්" නොවේ. එහි දී ඒ කෙසේද? යන්න මාධ්‍යවේදීන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ තමන් එසේ සූරා ගනු ලැබූ ගැමියන්ගේ නියපොතු පරීක්ෂා කළ බවත් එවිට ඒ නියපොතු තුළ රැඳී ඇත්තේ ඒ පුද්ගලයාගේම සමෙහි අංශූන් බව තමන්ට "දැක ගත හැකි වූ" බවත් ය.

    එහිදී ඔහුගේ එම ‘ඔල්මොරොන්දන්’ කතාව එහි සිටි විකල්ප මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ සිනාවට ලක් වූ අතර ඉන් කෝපයට පත් විද්‍යාකුලපති ඔවුනට කිරීමට නියමිත ‘සංග්‍රහය’ ක්ෂණිකව අත්හිටවූ බව ද එම අත්දැකීමට මුහුණ දුන් මධ්‍යවේදියා මා හා කීය. නමුත් විද්‍යාකුලපති ගෙන් ව්‍යවහාරික වදන් වලින්ම කිවහොත් ‘ජරාව කෑ’ සෙසු මාධ්‍යවේදීන් ඔහු තම ඇස් මට්ටමින් දුටු බව කියන ගැමියන් ගේ නියපොතු තුළ ඔවුන් ගේ සමේ කොටස් රැඳී තිබූ බව පැවසෙන අපභ්‍රංසය තමන් සේවය කරන පුවත් පත් වලට වාර්තා කළහ. ඒ අනුව එය ඊට පසු පුවත් පත් කිහිපයකම පළ වී තිබූ අතර ඒ සඳහා එම ‘ජරාවෙන්’ යම් කොටසක් ඒවායේ සංස්කාරක වරුන් ගේ මුව තුළට වැටී ඇතැයි යන්න අපගේ සාධාරණ අනුමානයයි.

    කෙසේ හෝ විශේෂඥ මනෝ වෛද්‍ය යන සාවද්‍ය හැඳින්වීම යටතේ ඔහු සහභාගී වූ වැඩසටහන් ඉන් පසුව රූපවාහිනී සේවා වලින් ද ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳ පසුබිම් කතාව කෙබඳු වන්නට ඇත්දැයි මා අමුතුවෙන් කිව යුතු නැත.


    අසරණ රෝගීන් ගෙන් නිරතුරුව සිදු කෙරෙන මුදල් ගසා කෑම් ඔස්සේ අහංගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ ශ්‍රී සෙත් ක්ලිනික් නම් නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානය වෙත නීතිමය අංශවල අවධානයට යොමු වනු ලදුව පසුව තමන් වෙත නීතිමය උපද්‍රවයන් කඩා වැටීමේ මුක්කුවක් ලෙස ඔහු තම සොයුරකු බව කියන අසංක කුලපති නම් රජයේ වෛද්‍යවරයෙකු එම වෛද්‍ය මධ්‍යස්ථානයට සම්බන්ධ කර ගන්නේ ‘මසාජ් ක්ලිනික්’ වල නීති විරෝධී භාවය පිටුදැකීම පිණිස ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු එම ආයතන වලට මූට්ටු කර ගන්නා නියාමය අනුව ය. එමෙන්ම ඒ වන විට ද මෙම විද්‍යාකුලපති අයථා ලෙස උපයාගත් ධනයෙන් කෝටි පතියකුව සිටි බැවින් දේශමාන්‍ය නමින් වන නම්බු නාමයක් "මිලට ගෙන" තව දුරටත් තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට ද ඔහුට හැකි විය.

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    ආයුර්වේද සභාවේ සිදුරක්..​

    ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික වෙදුන් ලියාපදිංචිය ලබා දීමේ ප්‍රායෝගික ක්‍රියාවලිය එහි තනතුරු දරන්නවුන් ගේ කල් ක්‍රියාව මත වරින් වර වෙනස් වන්නක් බව බොහෝ දෙනා දනිති. එහි දී පාරම්පරික වෛද්‍ය ක්‍රමය නොනැසී පවත්වාගෙන යනු පිණිස එම වෛද්‍ය වරුන් ගේ දරු මුනුපුරන්ට අධ්‍යාපන හෝ වෙනයම් වෘත්තීය නිපුනත්වයක් පළපුරුද්දක් නොමැතිව තම ප්‍රවේණිගත දැනුම පදනම් කර ගනිමින් ලියා පදිංචියක් හිමි කර ගැනීමේ පහසු අවස්ථාවක් හිමි වෙයි. එහෙත් දේශීය හෝ ආයුර්වේද පරපුරකට කිසිම සබැදියාවක් හෝ දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය වෘත්තිය පිළිබඳ කිසිදු දැනුමක්, නිපුනත්වයක් නොමැති විද්‍යාකුලපතිට ද මේ ‘සිදුරෙන් රිංගා’ මානසික රෝග විශේෂ යන හැඳින්වීම යටතේ ආයුර්වේද සභාවේ ලියාපදිංචියක් ලබා ගැනීමට හැකි විය. ඔහුගේ එම සටකපට ක්‍රියාව ඊට සම්බන්ධ පුද්ගලයන් ගේ නම් ගම් ද සහිතව හෙළි කිරීමේ හැකියාවක් පවතින අතර මෙම ලිපිය දීර්ඝ වන බැවින් එය මතුවට කල් තබමි.

    මේ අතර මෙම විද්‍යාකුලපති කපටි කයිරාටිකයා විසින් සිදු කරන ලද අසරණයන් මුලා කිරීම් සම්බන්ධ ජනතාවගෙන් ලැබුණු තොරතුරු රැසක් මුල් කොට ගත් "බැලුම්ගල" වැඩසටහනක් නෙත් එෆ් එම් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අතර මෙම විද්‍යාකුලපති තමන් විසින් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සොරා ගන්නා ලද එම ඊනියා සුදුසුකම පදනම්ව නෙත් එෆ් එම් ගුවන් විදුලියට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බවට එහි නිෂ්පාදක නිලූප සංජයට අනතුරු අඟවා තිබිණ.

    පසුගිය කාලයේ රුපියල් මිලියන ගණනක් වැය කොට ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධිය ලබාගත් මනෝ වෛද්‍යවරයකු වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි කුමා ඉද්දමල්ලෙන නමැත්තා ද මෙවැනිම කූටෝපායකින් ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික විශේෂ වෛද්‍ය ලියාපංදිචියක් ලබා ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

    නමුදු ආයුර්වේද පනත ප්‍රකාරව කිසියම් වෛද්‍යවරයකු තම වෘත්තීය භාවය ප්‍රචාරය කිරීමේ දී ඊට අදාල තම සුදුසුකම් සහ ලියාපදිංචි අංකය ද ප්‍රසිද්ධ කළ යුතුව තිබේ. ඒ අනුව මෙම විද්‍යාකුලපති විසින් එම වෛද්‍ය ලියාපදිංචිය සොරකම් කිරීම පසෙක තිබිය දී ඔහු තම වාත්තීය සුදුසුකම් ඉදිරිපත් කළ යුතුව තිබිණ. පාරම්පරික උන්මාද රෝග (හෝ) මානසික රෝග විශේෂ” යන හැඳින්වීම යටතේ ය. මෙහි ‘විශේෂ’ යන්නෙන් කිසිදු "විශේෂඥතාවයක්" නොහැඟවෙන අතර එමගින් විශේෂයෙන් අවධාරණය කරනුයේ ඔහුට ඊට අදාල රෝග ඛාණ්ඩයට මිස සෙසු රෝග ඛාන්ඩ සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසුකමක් නොමැති බවකි. එහෙත්, මෙම විද්‍යාකුලපති රටේ වෛද්‍ය එම විශේෂ යන්නට ‘ඥ’ යන වලිගයකුත් ඇඳාගෙන දිගු කලක් තම ජාවාරම පවත්වාගෙන ගිය අතර මේ වන විට ඔහු මනෝ චිකිත්සක වෛද්‍ය ආදී නමින් මගින් තමන් බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ බව අඟවමින් තම ජාවාරම ගෙන යනු පෙනේ.

    කුකුළකු කියා ඇටි කුකුළකු පෙන්වා..​

    වෛද්‍ය යන නමින් පෙනී සිටිමින් පසුගිය නිකිණි පුන් පෝදා ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ අද්‍රශ්‍යමානය නම් (අ) බෞද්ධ වැඩසටහනේ දී සෙව්වන්දි මෑණියෝ නමින් පෙනී සිටි කාන්තාව ගේ තුට්ටු දෙකේ සෙප්පඩ විජ්ජාව පිළිබඳව අදහස් දැක් වූ විද්‍යාකුලපති "රටේ වෙදා" එම අතීතයේ Hysteria නමින් හඳුන්වනු ලැබූ බවත් මේ වන විට මෙම තත්වය Dissociative disorder නමින් හැඳින්වෙන බවත් පවසමින් තමන් බටහිර මනෝ වෛද්‍යවරයකු ලෙස ජනතාවට හැඟවීමට සියුම් උත්සාහයක් දරා තිබේ. එහෙත් ඔහුගේ එම Dissociative disorder විග්‍රහය ද කුකුළකු වශයෙන් ඇටි කුකුළකු ඉදිරිපත් කිරීමක් බඳු බව පවසන විශේෂඥ මනෝ වෛද්‍යවරු එවන් වැරදි අර්ථදැක්වීම මගින් මානසික සෞඛ්‍ය පිළිබඳ වැරදි මත සමාජ ගත විය හැකි බව ද පෙන්වා දෙති. ඒ අනුව විද්‍යා කුලපති ඇම්ඩා බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන ඇත්තේ අප ගම් ප්‍රදේශයේ හිඳින සාක්ෂරතාව නොමැති නයි නටවන්නන් රේස් කොලය බැලීමට ඉගෙන ගත් ක්‍රමයට විය යුතු ය.

    අපගේ පෞද්ගලික විශ්වාසය අනුව තමන්ට ප්‍රචාරයක් ලබා ගත හැකි අනේක විධ උපාය මාර්ග සොයමින් දිවා රෑ ඉව අල්ලන විද්‍යාකුලපතිට පසුගිය නිකිණි පොහොය දිනයේ ජාතික රූපවාහිනී මැදිරියකට රිංගා ඒ කස්තිරම ඇල්ලීමට ඉඩ ලැබී ඇත්තේ ජාතික රූපවාහිනියේ කිනම් හෝ පාර්ශවයකට සැළකිය යුතු මුදලක් පූජා කිරීමෙනි. එහෙත්,ජන කතාවක එන අන්දමට සිංහ සම පොරවා ගත් නරි නයිදේට තම ස්වභාවික නාද රටාව සඟවා ගෙන සිටීමට නොහැකි වූ ලෙසින් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වශයෙන් ව්‍යාජ රඟපෑමක් කරමින් සිටි ඔහු සෙව්වන්දි මෑණියන් නමින් පෙනී සිටි ගැබිණි මවගේ ගේ එක් බොළඳ ළාමක හැසිරීමක් ඔස්සේ තමන්ගේ සැබෑ ස්වභාවය අමතකව ගොස් උන්මාදයෙන් හැසිරෙන්නට වූයේ ශ්‍රී ලංකාවේ සමස්ත විශේෂඥ මනෝ වෛද්‍ය සංහතියම දරුණු අවමානයකට ලක් කරමිනි. අප රටේ මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන නිල ආයතනය වන ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන් ගේ ආයතනය විසින් විද්‍යාකුලපති ගේ නම නොකියා ඔවුන් බඳු සොරුනට නොරැවටෙන ලෙස ඊට පසුදාම ඉහත සඳහන් නිවේදනය නිකුත් කරන ලද්දේ ඒ අනුව විය යුතුය. නමුදු විද්‍යාකුලපති නම් රටේ වෙදා සම්බන්ධයෙන් අප දකින විශේෂ වැදගත් කමක් ද මෙහි දී හෙළි කළ යුතුම ය.


    එනම් විද්‍යාකුලපති යනු මෙරට සියලුම මනෝ වෛද්‍යවරුන්ටත් පිස්සු වැට්ටවීමට තරම් සූර වූ අපේ කාලයේ ‘පට්ටම පට්ට ඇම්ඩන් මාදිලියේ ඩයලයක්’ බවකි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌ කටපාඩම් කරගත්තා ආගමක් එක්ක විද්‍යාව පටලවා ගෙන් තෙපරබානවා

    ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
    දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො

    ---------------

    Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    This guy has a point but he is struggling to communicate it clearly that's why it's sounds like some made up bullshit. What he is trying to say is everything is based on our mind no matter what we find through science or anything else is not going to matter, ultimately everything is going to be end up in the control of our mind. if you can control your mind the way you want, everything in this world is not going to matter. This is the ultimate truth and only truth not many people can understand this it's the core of Buddhism philosophy.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විද්‍යකුළපති ඔතනට මහසෝන ආවත් පිලිගන්නෙ නෑ, හාමුදුරුවො ධර්මයට පිටින් දෙයක් පිලිගන්නෙ නෑ..ඕකට එන අනිත් ගොඩක් අය ඔක්කොම mix කරගත්ත නට්ලූස් පොරවල් නැත්නම් බොරුකාරයො! 😊

    පෙරේත ආත්ම වලට දුර්වල හිතක් තියෙන මිනිස්සුන්ගෙ ඇඟට(සිතට) ඇතුලුවෙන්ඩ පුලුවන්, බලපෑම් කරන්ඩ පුලුවන් කියල මම නම් විශ්වාස කරනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඔය විද්‍යාකුලපති කියන දොස්තරටත් හරියට විද්‍යානුකූලව තර්ක කරන්න තේරෙන්නෙ නෑ. හුගක් වෙලාවට කරන්නෙ තරහ ගිහින් වගේ බොරුවට කෑ ගහන එක. ඔක්කොටම ඉස්සෙල්ලා හරිහට තර්ක කරන්න පුළුවන්, හොද විද්‍යානුකූල දැනුමක් තියෙන කෙනෙක් ඔය වගේ වැඩසටහන්වලට ගෙන්නන්න ඕන. නැත්නම් වෙන්නෙ ඔය ලෙඩ හොද කරනවයි, අදෘ‍ෂ්‍යමාන බලයවල් තියෙනවා කියන මානසික රෝගියන්වයි, ප්‍රෝඩා කාරයින්වයි නිකන් ප්‍රමෝට් වෙන එක. පහුගිය වැඩසටහන් බැලුවම වුණෙත් ඕක තමයි.
    පොර දොස්තර කෙනෙක් නෙවෙයි එයත් ඔය වගේම වැඩ කරගෙන ආපු ඩයල් එකක් කියල තමා කලින් පොල් ගෙඩි වලියෙදි එලියට ආවෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔතන සින්හලුන්ට කෙල උනේ science කියන එකට විද්‍යාව කියන වචනේ දාපු එක
    දැන් පිස්සු බල්ලො වගේ දෙගොල්ල මරාගන්නො

    ---------------

    Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ
    මාටිං ආතා කරපු වැඩ තමයි ඔය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඔය විද්‍යාකුලපති කියන දොස්තරටත් හරියට විද්‍යානුකූලව තර්ක කරන්න තේරෙන්නෙ නෑ. හුගක් වෙලාවට කරන්නෙ තරහ ගිහින් වගේ බොරුවට කෑ ගහන එක. ඔක්කොටම ඉස්සෙල්ලා හරිහට තර්ක කරන්න පුළුවන්, හොද විද්‍යානුකූල දැනුමක් තියෙන කෙනෙක් ඔය වගේ වැඩසටහන්වලට ගෙන්නන්න ඕන. නැත්නම් වෙන්නෙ ඔය ලෙඩ හොද කරනවයි, අදෘ‍ෂ්‍යමාන බලයවල් තියෙනවා කියන මානසික රෝගියන්වයි, ප්‍රෝඩා කාරයින්වයි නිකන් ප්‍රමෝට් වෙන එක. පහුගිය වැඩසටහන් බැලුවම වුණෙත් ඕක තමයි.

    සිරාවට බන්. තරහ ගිහින් වගේ තමයි ඌ හැමදාම කතා කරන්නෙ. අරමුණ හොඳ උනාට බලන් ඉන්න අයට පේන්නෙ බනින්න වගේ බලෙන් තමන්ගෙ මතේ කියන්න හදනව වගේ.
     

    Similar threads