අද උන සිද්ධියක්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අද උන සිද්ධියක්

    මම දැන් ටිකකට කලින් ගම්පහ ඉස්පිරිතාලෙට ගියා පොඩි වැඩකට පයින්. ඉස්පිරිතාලේ ඉස්සරහදි වයස 28 විතර ගෑණු කෙනෙක් මන් ගාවට දුවගෙන වගේ ඇවිල්ල "අනේ මල්ලි මගේ පුතාට හොදටම අමාරුයි බෙහෙත් ටික ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න බැරිද? " ඇහුව, මට සිරාවටම දුක හිතුන. ඒ මනුස්සය නිකන් අඩන්න වගේ හිටියේ , ඒත් මම හදිස්සියේ එලියට ආවේ පර්ස් එකවත් ෆෝන් එකවත් අරන් ආවේ නෑ. ඒත් මම යන ගමනුත් කල්පනා කර කර ගියේ ඒක, අපි කාටත් අමාරු වෙලාවල් එනව නේ. මන් ගාව නෑ කියපුවම ඒ ගෑණු කෙනා නිකන් පිස්සුවෙන් වගේ දුවගෙන ගියා.

    කොහොමහරි මගේ ඔලුවේ වැඩ කලෙත් ඕක නිසා මම ගිහින් එන ගමන් (විනාඩි 5න් මම ආව ) අම්මගෙන් 100ක් ඉල්ලගෙන ආවේ ආයිත් හිටියොත් ඒ මනුස්සයට දෙන්න. එතකොට ඉස්පිරිතාලේ ගේට්ටුවේ සිකුරුටි අයියල දෙන්න කෙනෙක්ට සැරෙන් වගේ කතා කරනව ඇහුන. " කෝ ළමය කොයි වාට්ටුවෙද? ඉස්පිරිතාල පොලීසියෙන් අල්ලගත්තොත් අපි දන්නේ නෑ" කියල අර ගෑනු කෙනාට යන්න දුන්න. ඒ වෙලාවෙයි තේරුනේ මෙයා මේ කරන්නේ බොරුවක් කියල. උබලත් ගම්පහ පැත්තේ එනව නම් හම්බෙයි මෙයා ගොඩක් වෙලාවට ඉන්නවලු.

    හැමතැනම ඔයවගේ මිනිස්සු ඉන්නව, බස් කෝච්චි වල අනන්තවත්. හැමෝටම සල්ලි අමාරුකම් තියනව, ඒත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ අනුකම්පාව ප්‍රයෝජනයට අරන් සල්ලි ගරාගන්න මිනිස්සු වැඩී. අහිංසක වගේ පේන ගොඩක් මිනිස්සු කරන්නේ වංචාව. මම නම් ඔයවගේ මිනිස්සුන්ට ගොඩක් අහුවෙනව :baffled:

    මේ වගේම සිද්ධියක් අපේ තාත්ත කිවුව බස් එකක එනකොට medical reports අරන් ඇවිත් සල්ලි ඉල්ලපු කෙනෙක්ගේ සහතික බොරුවක් කියල බස් එකේ හිටපු දොස්තර අරන් බලල කියල. :angry::angry:

    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව. :rofl::rofl: :P

     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thawa innawa bn kollo dennek 154 ehema national flag stickers wikunana..
    ekak Rs.30 gaane denne..wikunanne gewal paththe ground ekata gym ekak hadannalu..
    amuma amu kuddo dennek...moona dakkama penawa..
    mama mun 2nawa 2012 n me langadith dakka :growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thawa innawa bn kollo dennek 154 ehema national flag stickers wikunana..
    ekak Rs.30 gaane denne..wikunanne gewal paththe ground ekata gym ekak hadannalu..
    amuma amu kuddo dennek...moona dakkama penawa..
    mama mun 2nawa 2012 n me langadith dakka :growl:

    අප්පටසිරි කිව්වලු. උන් තාමත් විකුණනවද බන්? මට ඕකුන් set වුණේ 2010. කොල්ලෙක් වශයෙන් කොල්ලෙක්ට උපකාරයක් කරන්න කියල නේද ලඟට ඇවිත් කියන්නේ? :lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොහෙන්ද බන් විස්කිරිඤ්ඤා ගත්තෙ ???

    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව.

    :lol:

    :):):) ow dan boru karyo wahi wahala,wiskirincha kapu kalayak mathaka na :P

    දැන් ඕව හොයන්න නෑ බන්, දත් කඩාගෙන කන්න ඕන. :lol::lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අප්පටසිරි කිව්වලු. උන් තාමත් විකුණනවද බන්? මට ඕකුන් set වුණේ 2010. කොල්ලෙක් වශයෙන් කොල්ලෙක්ට උපකාරයක් කරන්න කියල නේද ලඟට ඇවිත් කියන්නේ? :lol::lol:

    ow ow..matath okama thamai kiwwe :rolleyes::) mamath gaththa ithin 1st time :frown::growl:
     

    Genghis Khan

    Member
    May 18, 2014
    51
    2
    0
    දැන් ඕව හොයන්න නෑ බන්, දත් කඩාගෙන කන්න ඕන. :lol::lol:

    mama A/L class yana kale wishkiringa packet ekayi Uswatthe Tipi Tip packet 5 hak withara genawa rata padam karanakota kanna :P wiskiringa kanne Tea eka dala,amme matahk wenakota ekale sundarayi.
     
    • Like
    Reactions: sudeewa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,587
    113
    Auckland
    ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව. :P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    e kiyanne umbata dan wayasa awurudu 45ta wadiy neda?

    tumblr_lwjb55ZMUU1qjlwaao1_400.gif
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේ මම කියන එකා නම් ගොඩක් අය දැකල ඇති දැන් අවුරුදු දෙකකට විතර කලින්.
    ඌ කියනවා කුඩු ගහල හිරේ ගිහින් හිටියේ. එලියට ආවහම පල්ලියේ ෆාදර් බිස්නස් කරන්න කියල කපුරු බෝල පැකට් දුන්න කියල ඒවා ගන්න කියනවා. ඒත් ඌ ළඟ තියෙන්නේ එක පැකට් එකයි. ඒක පෙන්නලා ලොකු කතාවක කියනවා. අනේ මල්ලියේ කවදාවත් කුඩු ගහන්න එපා කියල අඬනවා.:lol:
    බස් එකේ ඉන්න ගොඩක් ගෑනු සල්ලි දෙනවා. ඌ ඒවායින් කුඩු ගහනවා.
    උගේ තව කතාවක් තමයි ඌ නැග්ග ගමන් කියනවා "මම හිරේ ඉද්දි හිටපු ජේලර් මහත්තයෙකුත් මේ බස් එකේ ඉන්නවා. එතුමන්ව මම පෙන්නන්නේ නෑ." කියල. හැමෝම හිතනවා ඇත්ත කියල.:lol: