අද උන සිද්ධියක්
මම දැන් ටිකකට කලින් ගම්පහ ඉස්පිරිතාලෙට ගියා පොඩි වැඩකට පයින්. ඉස්පිරිතාලේ ඉස්සරහදි වයස 28 විතර ගෑණු කෙනෙක් මන් ගාවට දුවගෙන වගේ ඇවිල්ල "අනේ මල්ලි මගේ පුතාට හොදටම අමාරුයි බෙහෙත් ටික ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න බැරිද? " ඇහුව, මට සිරාවටම දුක හිතුන. ඒ මනුස්සය නිකන් අඩන්න වගේ හිටියේ , ඒත් මම හදිස්සියේ එලියට ආවේ පර්ස් එකවත් ෆෝන් එකවත් අරන් ආවේ නෑ. ඒත් මම යන ගමනුත් කල්පනා කර කර ගියේ ඒක, අපි කාටත් අමාරු වෙලාවල් එනව නේ. මන් ගාව නෑ කියපුවම ඒ ගෑණු කෙනා නිකන් පිස්සුවෙන් වගේ දුවගෙන ගියා.
කොහොමහරි මගේ ඔලුවේ වැඩ කලෙත් ඕක නිසා මම ගිහින් එන ගමන් (විනාඩි 5න් මම ආව ) අම්මගෙන් 100ක් ඉල්ලගෙන ආවේ ආයිත් හිටියොත් ඒ මනුස්සයට දෙන්න. එතකොට ඉස්පිරිතාලේ ගේට්ටුවේ සිකුරුටි අයියල දෙන්න කෙනෙක්ට සැරෙන් වගේ කතා කරනව ඇහුන. " කෝ ළමය කොයි වාට්ටුවෙද? ඉස්පිරිතාල පොලීසියෙන් අල්ලගත්තොත් අපි දන්නේ නෑ" කියල අර ගෑනු කෙනාට යන්න දුන්න. ඒ වෙලාවෙයි තේරුනේ මෙයා මේ කරන්නේ බොරුවක් කියල. උබලත් ගම්පහ පැත්තේ එනව නම් හම්බෙයි මෙයා ගොඩක් වෙලාවට ඉන්නවලු.
හැමතැනම ඔයවගේ මිනිස්සු ඉන්නව, බස් කෝච්චි වල අනන්තවත්. හැමෝටම සල්ලි අමාරුකම් තියනව, ඒත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ අනුකම්පාව ප්රයෝජනයට අරන් සල්ලි ගරාගන්න මිනිස්සු වැඩී. අහිංසක වගේ පේන ගොඩක් මිනිස්සු කරන්නේ වංචාව. මම නම් ඔයවගේ මිනිස්සුන්ට ගොඩක් අහුවෙනව
මේ වගේම සිද්ධියක් අපේ තාත්ත කිවුව බස් එකක එනකොට medical reports අරන් ඇවිත් සල්ලි ඉල්ලපු කෙනෙක්ගේ සහතික බොරුවක් කියල බස් එකේ හිටපු දොස්තර අරන් බලල කියල.

ඕක ගැන හිත හිත මම ඒ සල්ලි වලින් විස්කිරිඤ්ඤා එකක් අරන් කකා ආව.

Last edited: